IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඖෂධ මිල අඩු කිරීමේ තීන්දුව ජනතාවට සහනයක්

ඖෂධ මිල මේ මස 15 වැනි දින සිට සියයට 16 කින් අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

ප්‍රබෝධය රැගෙන එන ප්‍රවෘත්තියකි. ‘ආරෝග්‍යා පරමා ලාභා’ හෙවත් නිරෝගී බව පරම ලාභයක් යැයි ධර්මයේ සඳහන් වුවද රෝගී පරිසරයක ජීවත් වන ජනයාට එම පරම ලාභය අහිමිය. වැසි සමයේ මෙම තත්ත්වය තවත් දරුණුය. විවිධ වසංගත රෝග වාත වේගයෙන් පැතිර යාම වැසි සමයේදී බලාපොරොත්තු විය යුතුය. කොරෝනා උවදුරේ බලපෑම සහමුලින්ම තුරන් වී නැත. වයිරස් උණක් ද වේගයෙන් පැතිර යයි. මානව සමාජය කෙතරම් බරපතළ ආපදාවකට ගොදුරු වී ඇද්ද යන්න පැහැදිලි වන්නේ හඳුනා නොගත් රෝගවලින් මිනිසා මිය යාම වේගවත් වී ඇති හෙයිනි.

‘රෝගවලට බිය වී ජීවත් විය නොහැක.’ යන්න සමාජයේ ප්‍රචලිත මතයකි. එහෙත් සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම රෝගවලට බිලි නොවී සිටීමට ඇති ප්‍රධාන මාවතකි. එය එසේ වුවද රෝගාබාධ පැමිණෙන්නේ කල්ඇතිව දැනුම් දී නොවේ. එයට ශක්තිමත්ව මුහුණ දීමට මිනිසා සූදානම් විය යුතුය. ඉන් එපිට විකල්පයක් මිනිසාට නැත.

රෝගාබාධවලට ශක්තිමත්ව මුහුණ දීමට නම් රෝහල් පද්ධතිය නිරෝගීව තිබිය යුතුය. එහෙත් රෝහල් පද්ධතියට අදාළව මෑත කාලයේ වැඩි වශයෙන්ම වාර්තා වූ පුවත්වලින් කියැවුණේ රෝහල් පද්ධතිය මරණ මංචකයේ බවය. එක් අතකින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් රට හැර යාමය. තවත් අතකින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතළ හිඟයක් තිබෙන බවය. මිලදී ගැනීමට ඇති ඖෂධ මිල ගුවන්ගත වන බවය. මෙම පරිසරය තුළ තරාතිරම් බේදයකින් තොරව ජනයාට දිවංගත වීමේ මාවත තෝරා ගැනීමට සිදුවී තිබේ.

‘රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් ලෙඩක් තමයි’ යැයි පැවසුවද ඉන් ආරක්ෂා විය හැකි ක්‍රමයක් නොමැති පරිසරයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව ලෙඩක් දුකක් පිළිබඳ තොරතුරක් වාර්තා වීමට ජනයාට ක්ලාන්තය සෑදීමට හේතුවකි. මෙම ඛේදනීය පරිසරය තුළ ලබන 15 වැනිදා සිට ඖෂධ මිල සියයට 16 කින් අඩුවීමේ ප්‍රවෘත්තිය ශුභාරංචියක්ම වීම ස්වාභාවිකය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ඩොලරයේ අගය පහළ යාම නිසා ආනයනික ඖෂධවල මිල පහත යා යුතු බවය. එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල සමසේ පහත හෙළන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

අවධාරණය විය යුතු ප්‍රධාන කාරණාවක් තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදන මගින් පහත හෙළන භාණ්ඩවල මිල වෙළෙඳපොළේ පහත නොබැසීමේ ප්‍රවණතාවක් තිබේ. ඖෂධ මිල සියයට 16 කින් පහත හෙළීමේ ශුභාරංචිය වාර්තා කළ අප පුවත්පතේම එම පිටුවේම වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය විශාල වශයෙන් පහළ ගියත් ඖෂධ මිලෙහි කිසිදු අඩුවීමක් සිදුවී නැතැයි ජනතාව චෝදනා කරන බවය. ඩොලරයේ අගය ඉහළ යන බව පවසමින් පසුගිය දිනවල ඖෂධ විශාල වශයෙන් ඉහළ දැමූ බවත් ඇතැම් ඖෂධ තුන්හතර ගුණයකින් ඉහළ ගිය බවත් ජනතාව ප්‍රකාශ කරන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

කළුකඩ මාෆියාව සහමුලින්ම පරාජය කළ යුතුය. එහෙත් මෙම කළුකඩ මාෆියාව ආණ්ඩුවට වඩා බලවත්ය. පොලිසියට වඩා බලවත්ය. එම මාෆියා ඉතා සූක්ෂම මෙන්ම නග්න සහ වියරු ලෙස ක්‍රියාත්මක වේ. ඇතැම් දිළිඳු ජනයා අත ඇති මුදලට ඖෂධ මිලදී ගන්නා අසරණ තත්ත්වයට පත්ව සිටිති.

 රෝහල්වල සායනවලින් පවා ඇතැම් ඖෂධ නොලැබෙන බැවින් ඖෂධ මිලදී ගැනීමට යාමේදී තමන් දැඩි දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන බව ජනතාව අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. රුපියලට සාපේක්ෂව ඩොලරය 190 සිට රුපියල් 170 දක්වා අගය වැඩි වූ විට ඖෂධ මිල ඉහළ ගිය ආකාරයට ඩොලරයේ අගය විශාල ලෙස පහත බසිමින් තිබෙන තත්ත්වයක් තුළ ඖෂධ මිල එයට සාපේක්ෂව අඩුකළ යුතු බවත් ජනතාව කියති. එහෙයින්ම ජනතාවට ලැබිය යුතු සහන ජනතාවට නොදෙන ජාවාරම්කාරයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුය.

(***)



අදහස් (2)

ඖෂධ මිල අඩු කිරීමේ තීන්දුව ජනතාවට සහනයක්

දාස Sunday, 11 June 2023 06:18 AM

සහනයක් වෙයි වැඩිවෙන්නට පෙර තිබුණු ගානට ගෙනාවොත් මොකද මිනිසුන්ගේ ආදායම තාමත් එක තැනමයි..

:       0       2

prasanna Sunday, 11 June 2023 10:47 AM

මේකත් සුරංගනා කතාවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1731 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1432 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site