උඩරට රාජධානියේ අවසන් සමයයි. බලන කඳු බෑවුමේ කැටලේඇළ නමැති ගම්මානයේ වෙසෙන හේතුහාමි තම රාජකාරි උරුමය අනුව කන්දේ නුවර මහ වාසලේ වෙසෙන කන්දේ දෙයියන්ගේ රාජකීය වාහනය වූ කූණම හෙවත් දෝලාව කරගැසීමේ රාජකාරියට පිටත්ව යනවා. ඔහුගේ පෙම්වතිය වූ ළසඳා නෑනන්ඩිය ඒ පුවත ග්‍රහණය කරගන්නේ මේ ආකාරයටයි.
‘මට නං හරි ආසයි දෝලාවක යන්න..‘
‘දෝලාවක යන්න..? දෝලාවෙ යන්නෙ කන්දෙ දෙයියොයි බිසෝවරුයිනෙ.. ඔයත් බිසෝ කෙනෙක් වුණොත් නම් ගියෑකි..‘
‘අනේ අපිට මොන බිසෝකම්ද.. මට නං කන්දෙ නුවර මහ වාසල ජීවිතේට දකින්නවත් ලැඛෙයිද කියා සැකයි හේතු අයියේ..‘
බලසම්පන්න කන්දේ දෙයියන් තම රාජ්‍යය තුළ සිටින රූබර කාන්තාවන්ගෙන් තමාගේ අන්තඃපුරය පිරවීමට තීරණය කළේ මේ අතරවාරයේය. ඒ සමගම රාජ්‍ය නිලධාරීන් රූබර කාන්තාවන් දඩයම් කිරීමද ආරම්භ කළා.
රූබර ළසඳාද මේ දඩයමෙන් ගැලවෙන්නේ නෑ. බලන කඳු බෑවුමේ උපන් ළසඳා කන්දේ දෙයියන්ගේ යකඩ දෝලියක ලෙස අන්තඃපුරයට පැහැරගෙන ආපසු ඇගේ පෙම්වතා වූ හේතුහාමිට ඇය රැගත් දෝලිය කර ගහන්නට සිදුවන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.
කන්දේ නුවර කතරගම දේවාලයේ රූබර දේවදාසියක පැහැරගෙන අන්තඃපුරයට ගෙන ඒමට ගිය කන්දේ දෙයියන් ඇගේ සාපයට හසු වනවා. දින 14 කින් කිරුළ අහිමි වන බවට ඇය කී අනාවැකිය ඉටු වන්නේ යකඩ දෝලියේ බිසවක වූ ළසඳාටද කිරුළ අහිමිව් ගමට යාමට සිදුවීමයි.
යකඩ දෝලියේ රැකියාව අවසන් වී ගම්රට බලා එන ළසඳාට ගමේ ආරච්චිගෙන් ගැලවීමක් ලැඛෙන්නේ නෑ...
‘මං වෙන මිනිහෙකුගේ අප්පෝ.. මං වෙන මිනිහෙකුගේ..‘
‘ඒක මං නොදන්නවැයි.. තෝ වගේ මඩමක හිටිය එකියක් බදා නොගත්තාට ඒකාට ගන්න වෙන ගෑනු මේ කන්දෙ නැතැයි..‘ ආරච්චිලගේ හ~ද සුළෙඟ් රටාවම ගත්තේය.
‘එහෙම කියන්න එපා නිලමේ.. ඒ රත්තරං මිනිහා තමයි අනාථ වෙච්ච මට පිහිටක් වුණේ.. අනේ මාව අත් අරින්න නිලමේ.. ඔබ වහන්සේට බුදු බව අත්වෙයි..‘
‘බුදු බව කොහෙද බොල මං වාගෙ උන්ට.. තෝහිිතනවද මහ වාසලේ ලැග්ග වඩුගයට බදා ගන්ට ගෑනු හොයල දුන්න මට බුදුකම ලැඛෙයි කියලා.. මහ වාසලෙන් ගෑනු ඉල්ලපුවම මැස්සෙක්වත් නොවහපු එකියො දෙන එක මගේ රාජකාරිය බොල.. එහෙම නොකළා නම් මං වෙනුවට වෙනින් එකෙක් දාවි.. එහෙම නොවුණා නම් මගේ ඛෙල්ල කපලා දාවි.. ඒකෙන් උඹට වැඩක් නෑ.. තෝ දැනගං මගේ වැයික්කියෙ මං කියන දේට පිටින් එක ගෑනියෙක් ගිහින් නෑ.. කෝරාල අහන්නෙත් සුදු මුලාදෑනි අහන්නෙත් මං කියන දේ.. මට පුළුවන් ඕනෙ නම් තෝ උන්ට පාවා දෙන්න. කන්දෙ දෙයියන්ගේ පාරිභෝගික වස්තුවක් අල්ල ගත්ත කීවම සුදු මුලාදෑනිත් උඩින් සතුටු වෙයි.. හැහ්.. හැහ්..‘ ආරච්චිල කීවේය.
ආරච්චි කලබල කාරයකු නොවේ. මුව පැටික්කියක් කවදාවත් සිංහයෙකුට පහර නොදුන් බවද ඒ වගේම සිංහයා වනයේ හිස කෙළින් කරගෙන ඉන්නේ ගර්ජනාවෙන් බවද ආරච්චි හොඳින් දැන සිටියේය. ඒ වනවිට ළසඳා සිටියේ ඉකිලමින් නොව හූල්ලමිනි. ඉකිලෑම නොව හීල්ලීම යනු අවනත වීම බව දත් නොවැටුණු මහලූ සිංහයා හොඳින් දැන සිටියේය. ඔහු ළසඳා දෙස බලා සිටියේ ආදරයෙනි. කෙල්ල මහ වාසලට අල්ලා දුන් දාට වඩා දැන් පාට වැටී ආරාවිත් තිබේ. වසමේ අනික් එකියන්ට වඩා දෙයියන්ගේ දෑතට මැදිව සිටි නිසාය. කන්දේ දෙයියන්ගේ පැ‚ වරකා වත්ත ද දූරියං වත්තද හිමි තමාට තම වසමේ සිටින යකඩ දෝලිය අයිති කර ගත නොහැක්කේ කුමක් නිසාද?
තමා සමග පොර බැදීම නිසා එහෙ මෙහෙ වුණු වස්ත්‍ර අතරින් පෙනෙන ඇත් දළ පැහැය දෙස ඔහු බොහෝ ආසාවෙන්් බලා සිටියේය. එය ආලවන්ත හැඟීම් වඩවන සුළු ඇත්දළ පැහැයකි. වැඩි දෙකන=ගේ අතට මැදි නොවූ මලක පැහැයකි. මෙවැනි මල් නෙළා ගත යුතු ආකාරය ආරච්චි හොඳින් දැන සිටියේය. පළමු වතාවට ඔහු ඇයට කතා කළේ ආදරයෙනි.
‘මේ බලපං කෙල්ලෙ.. උඹ ඇ~ුවයි කියලා මට එරෙහිව එන එකෙක්වත් මගේ වැයික්කියේ නෑ.. මොකද කියන්නෙ.. මං හෙට හිමිදිරියෙම ගිහින් කන්දෙ නුවර මුලාදෑනීන්ට කියන්නද..?‘
‘එපා නිලමේ.. එපා..‘
ළසඳා යළිත් හූල්ලන්නට පටන් ගත්තාය.
අලූත් පාලන ක්‍රමය යටතේ විලියම් ප්‍රැන්සිස් ඩෝසන් පෑලියගොඩ සිට මහනුවර දක්වා කැපීමේ ආණ්ඩුකාරයාගේ නියෝගය ලබා එහි එයි. කපිතාන් ඩෝසන් මාවනැල්ල ආරුක්කු පාලමද තනා බලන කඳු බෑවුම දිගේ කරත්ත පාරක් කපන්නේ කෝපි අස්වනු කොළොම්තොට කරා ගෙන යනු පි‚සය. ආරුක්කු පාලමද කඳු අතරින් දිවෙන පාරද තැනීම සඳහා ගෙන එන ප්‍රථම ඉන්දියානු කම්කරුවන් දහස් ගණන අතරින් සිය ගණනක් දෙනා මාවනැල්ල සිට ගන්නොරුව දක්වාම අඩි හයක් පස් යට සදාකාලිකව නින්දට වැටෙන්නේ කැලෑ උණට බිලිවීමෙන් සහ හදිසි අනතුරුවලිනි.
පාර කපා අවසන් වන්නට ටික දිනකට පෙර කපිතාන් විලියම් ප්‍රැන්සිස් ඩෝසන් කඩුගන්නාව කඳු බෑවුමේ සර්ප දෂ්ටයකින් මිය යන්නේ ජන වන්දනයට පාත්‍ර වූ බෝධීන් වහන්සේ නමක් කපා ඉවත් කළ නිසාද?
දෝලි ප්‍රේමකීර්ති රණතුංග ගේ 12 වැනි නවකතාවයි
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
අලුත් පොත් : ප්‍රේමකීර්ති රණතුංගගේ දෝලි
අයිකේඑස් චන්ද්‍රසිරි Wednesday, 31 August 2016 03:01 PM
අපි පොඩි කාලේ නවකතා තුළම ජීවත් වුණේ. ඵෙතිහාසික කතා කියවනකොට අපි ඒ ලෝකවලට යනවා. මේ ලිපිය කියෙව්වාම ආයෙත් අතීතයට ගියා වගේ දැනුණා (බ)
සෙනරත් බණ්ඩාර Monday, 05 September 2016 03:23 AM
වැඩවසම් යුගයේ කාන්තාව විදිදුක් ගැහැටත් අද ලෝකයේ කාන්තාවට හිමි මානව හිමිකමත් තේරුම්ගත හැක (නි)
සමරේ Sunday, 04 September 2016 12:32 PM
ලස්සන සටහනක්! (නි)
සමන් දිසානායක Monday, 17 October 2016 03:01 PM
තවමත් ගන්න බැරි වුනා ළඟදි කොළඹ එනවා අවම ගන්නවා (හේ)