අලුත් අවුරැද්ද නව ආරම්භ, නව සිහින සහ නව බලාපොරොත්තු සමගම ලැබෙයි. ඉතාලියේ පිට්සා වෘත්තීය තරගවලදී ජයග්‍රහණ ලබමින් ලාංකීය නම ගෞරවයෙන් ලෝක සිතියමට තබා දුන් තරැණයෙකුගේ කතාව, අප සියල්ලටම ආදර්ශයක් වෙයි. රටෙන් දුර ගියත්, තම උත්සාහය, කැපවීම සහ ලාංකීය උරැමය රුගෙන ගිය ඔහුගේ ගමන, අලුත් අවුරැද්දේ සිහින සැබෑවෙන හැටි අපට මතක් කරවයි.
ඔහු නමින් අමල් සතරසිංහය. බොහෝ තරැණයන්ගේ හීනයක් වන විදේශගත වීමේ ආසාව අමල්ගේ හදවතේද කාලයක් තිස්සේ පැවතිණ. එම හීනයට මුල් පියවර තබමින් ඔහු මුල්වරට ශ්‍රී ලංකාවෙන් පිටත් වූයේ ජපානයටය. ඒ වැඩිදුර අධ්‍යාපනය සඳහාය.
ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර, ජීවිතය ස්ථාපිත කර ගැනීම සඳහා අමල් විවිධ රුකියාවලද නිරත විය. අධ්‍යාපනය හා කාර්යභාරයන් සමබර කරගෙන ගිය ඔහු, වසර තුනකට ආසන්න කාලයක් ජපානයේ ගත කළේ අත්දැකීම් හා දැනුම සම්පූර්ණ කරගනිමින්ය.
එහි පසුකාලීනව, තවත් උසස් අධ්‍යාපන අවස්ථාවක් සොයාගෙන අමල් ස්විට්සර්ලන්තයට ගමන් කළේය. එහිදී ඔහුට අධ්‍යාපනයට අමතරව රුකියා කිරීමට වැඩි කාලයක් නොලැබුණි. ඒ හේතුවෙන් ඔහුගේ සම්පූර්ණ අවධානය හා කාලය වෙන් වූයේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමටය.
2003 වසරේදී අමල්ට ඉතාලි රටට යාමට අවස්ථාව ලැබිණ. ඒ රටට යන තුරැ කළ යුතු රුකියාව සම්බන්ධයෙන් ඔහුට නිශ්චිත බලාපොරොත්තුවක් තිබුණේ නැත. වර්තමානයේ" පිට්සා නම් අමල්- අමල් නම් පිට්සා "තත්ත්වයට පත් වුවද එකල ඔහු තුළ පිට්සා සම්බන්ධයෙන් කිසිදු දැනුමක් තිබුණේ නැත. අඩුම තරමේ පිට්සා සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳව හෝ දැනුමක් ඔහුට නොවීය. පිට්සා සම්බන්ධයෙන් ඔහුට තිබුණේ එය ඉතා රසවත් ආහාරයක් බව දැනීම පමණි.
ඉතාලියට ගිය අමල් ලංකාවේ තරැණයන් නියැලෙන සාමාන්‍ය රුකියාවල නිරත වූයේය. ඔහු වරක රෙස්ටොරන්ට් එකක සේවය කළේය. තවත් වරක හෝටලයකට සේවය කළේය.මේ රුකියා සඳහා ඉතා හොඳ වැටුපක් ඔහුට ලැබුණි. නමුත් ඉතාලියේදී එකල ඔහුට ස්ථීර රුකියාවක් තිබුණේ නැත. අමල් තුළ උනන්දුව කැපවීම තිබිණ. ඔහු තම මිතුරෙකු මාර්ගයෙන් පිට්සා නිෂ්පාදන කරන ආයතනයක අර්ධකාලීන රුකියාවක් සොයාගත්තේය. මුල් කාලයේදී පිට්සා ආයතනයේ සේවය කිරීමෙන් ඔහුට කිසිදු ගෙවීමක් ලැබුණේ නැත.ඔහු ඒ සම්බන්ධයෙන් විමසුවේද නැත. ඔහුට අවශ්‍ය වූයේ පිට්සා සෑදීම සම්බන්ධයෙන් නිසි අවබෝධයක් හා දැනුමක් ලබා ගැනීම පමණි. අමල්ගේ පවුලේ පරිසරය තුළ ආහාරපාන සම්බන්ධයෙන් යම් සම්බන්ධතාවක් පැවතිණ. ශ්‍රී ලංකාවේ ඔවුන් සතුව පවුල් අවන්හල් කිහිපයක්ම තිබිණ. ඒ නිසාම දෝ ආහාරපාන සම්බන්ධයෙන් යම් කැමැත්තක් අමල්ට තිබිණ. නමුත් ඉතාලියේදී මේ තරම් දුරක් ගෙනයාවි යයි කිසිම දාක ඔහුට සිතී නැත.
මාස කීපයක් තුළදී පිට්සා සෑදීමේ මූලිකම ක්‍රමවේද පමණක් ඉගෙන ගැනීමේ හැකියාව අමල්ට ලැබිණ. නමුත් එය ඉතාලිය වැනි රටක පිට්සා නිෂ්පාදනය කිරීමේදී ප්‍රමාණවත් වූයේ නැත. විවිධ රුකියා කරන අතරතුර පිට්සා ඉගෙන ගැනීම එක්තරා අභියෝගයක් විය. ඉතාලියේ වැඩ කළ හොත් ජීවත්වීමේ හැකියාව ලැබෙයි. ඉතාලි ජීවිතයේ ස්ථාවර තත්ත්වයක් සාදාගන්නා තුරැ අමල් අසීමිතව දුක් වින්දේය.පැය ගණන් එක දිගට ඔහු රුකියා කළේය.ඇතැම් දිනවලදී අර්ධකාලීන රුකියා දෙක තුන එක දිනකට කළ දිනයන්ද අමල්ගේ ජීවිතයේ අතීත ගමනේ ඇත. ඔහුට වැඩ කිරීමට අවශ්‍ය විය. ඉතාලියේ යම් දිනක ස්ථාවර වන්නට ඔහුට අවශ්‍ය විය.
අමල් තමන් සේවය කළ පිට්සා ආයතනයෙන් ඉවත් විය. ඒ වෙන විටත් පිට්සා සෑදීමේ මූලික ඉගැන්වීම් සම්බන්ධයෙන් යම් දැනුමක් ඔහුට තිබිණ. ඒ නිසාම ඔහු මේ සම්බන්ධයෙන් ඉතාලියේ පිහිටි ප්‍රධාන පෙළේ පිට්සා පාසලකට ඇතුළත් විය. එහි වැඩි පිරිසක් වූයේ ඉතාලි ජාතිකයන්ය. තවත් පිරිසක් යුරෝපා ජාතකයන්ය. ඔවුන් අතරින් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් සිටියේ දෙදෙනෙකු පමණි. එයින් කෙනෙකු වූයේ අමල්ය. ආසියානු ජාතිකයන්ට මේ පිළිබඳව ඉගෙනීමට අවශ්‍ය වුවද මූලික දැනුම ලබා එයින් ඉදිරියට යාමේ අවස්ථාව ලැබෙනුයේ ඉතා සුළු පිරිසකට පමණි.
පිට්සා පාසලෙහි ඉගෙනුම ලැබූ විදේශකයන් බොහොමයකට ශ්‍රී ලංකාව පිළිබද අවබෝධයක් තිබුණේ නැත. එය පිට්සා ලෝක කුසලාන සම්මාන උලෙළ සංවිධානය කරනු ලබන ආයතනයයි. ඒ නිසාම වෙනත් රටවල් බොහොමයක් පැමිණියද ලංකාවේ නාමය එහි නියෝජනය වූයේ දෙදෙනකු අතරේ පමණි. එම පාසලෙන් විවිධ අංශ යටතේ තිබූ පාඨමාලා කිහිපයකටම අමල් සහභාගි වූ අතර එයින් සහතිකද ඔහුට ලැබිණ.ඒ අතර පිට්සා උපදේශකවරැ ලෙසද ඔහුට උසස්වීමක් ලැබුණ. මේ සම්බන්ධයෙන් ඉන්නා එකම ශ්‍රී ලාංකිකයා වන්නේ ද අමල් සමරසිංහය.
වෙනත් රුකියාවක් කරන අතරතුරේ පිට්සා ඉගෙන ගැනීම අභියෝගයකි. පිට්සා පාසලෙන් අමල් හා ඉගෙනුම් ලැබූ ශ්‍රී ලාංකිකයා ඔහුට උදව් කළේය. ඒ හැර කිසිම කෙනෙකුගෙන් එරටේ දී අමල්ට මුල් කාලයේදී උදව් ලැබුණේ නැත. මේ ආ ගමනේදී අමල්ට බොහෝ බාධකවලට මුහුණ දෙන්නට සිදු විය. මේ හැමදේම අතහැර ඉතාලියේ සාමාන්‍ය රුකියාවක් කොට ජීවිතය ගෙවන්නට සිතන තැන් බොහෝය. පැය ගාණක් රුකියාවේ නිරත වී රාත්‍රී කාලයට පිට්සා පාසලේ ඉගෙනීමට යාම ඉතා දුෂ්කරය. අමල් තරගවලට ඉදිරිපත් වූ මුල් කාලයේදී ඔහුට ඇයදුම්පත් දැමීමේ සිට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෑනීම, ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට යාම, ඒ කාලසීමාව තුළදී නවාතැන් පහසුකම් ගැනීමේ පටන් සෑම කෑම වේලක් සඳහාම වියදම් කරන්නට සිදුවූයේ තමන්ගේ අතේ මුදලිනි. එය ඉතා විශාල මුදලකි. ඇතැම් විට රුකියාවලින් ලබාගන්නා වැටුපටත් වඩා වැඩි මුදලක් මෙවැනි එක් තරගයක් සඳහා වැය කිරීමට ඔහුට සිදුවිය. වර්තමානයේදී ඒ සියල්ල සඳහා අනුග්‍රාහකයන් සිටියද එකල ඒ සියල්ල තම වියදමින් කිරීමට ඔහුට සිදුවිය. මුල් කාලයේදී ඉතාලි සහ යුරෝපා රටවල විනිශ්චකරැවන්ගෙන් මෙම ශ්‍රී ලාංකික තරගකරැවාට යම් යම් අසාධාරණකම් සිදුවිය. සමේ පැහැයට,භාෂාවට ඔවුහු යුරෝපා තරගකරැවන්ව ජයග්‍රහණය කරා රුගෙන ගියහ. අමල් ඒ කිසිම මොහොතක පරාජයට පත් වූයේ නැත. තරගාවලිය ඉදිරිපත්ව සාධාරණ තැනක් නොවුව ද තම හෘද සාක්ෂිය තුළ අමල් සෑම මොහොතකම ජයග්‍රහකයකු විය. නොලැබෙන ජයග්‍රහණ ගැන දුක්නොවුණු අමල් එයටත් වඩා පිළිගත් පිට්සා තරගාවලියකට ගොස් ජයග්‍රහණය ලබා ගැනීමට උත්සාහ දැරීය.
මිනිසුන් ඔහු දුර්වල කරද්දී ඔහු තව තවත් හිත හයිය කරගත්තේය.මේ ගමනේ මුල් කාලයේදී ඔහුගේ ගමනට තිබූ ප්‍රධාන බාධාවක් වූයේ භාෂාවය. ඉතාලියට ආ මුල් කාලයේදී අමල් ඉතාලි භාෂාව දැන සිටියේ නැත. එකල අද මෙන් භාෂා තනිවම ඉගෙන ගැනීමට අන්තර්ජාල පහසුකම් තිබුණේද නැත. මේ නිසාම ඉතාලි භාෂා පොත්පත් කියවා මුල් කාලයේදී ඔහු තනිවම ඉතාලි භාෂාව ඉගෙන ගත්තේය. ඒ ඇහෙන වචන හුරැවත් සමග ඔහු ඉතාලි භාෂාව ටිකෙන් ටික ඉගෙන ගත්තේය. නමුත් පිට්සා තරගවලට ටිකෙන් ටික සම්බන්ධ වීමත් සමඟ ඔහු ඉතාලි පාසලකට සම්බන්ධ වී ඉතාලි භාෂාව ඉගෙන ගත්තේය. ඒ ඉතාලියට ගොස් වසර නවයකට පමණ පසුවය. අද වනවිට ඔහු ඉතාලි විශ්ව විද්‍යාල සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයෙකි.
වර්තමානය වන විට අමල් පිට්සා තරගාවලි බොහොමයකම ජයග්‍රහණ ලබා ඇත. අදටත් ඔහුට දිනූ පළමු ජයග්‍රහණය මතක ය. ඒ ප්‍රාන්ත තරඟයකි. එම ප්‍රාන්ත තරගාවලියේ තරගකරැවන් අනූවකට වැඩි පිරිස අතරින් ඔහුට සිවුවැනි ස්ථානය හිමිවිය. එම තරගයේදී පළමු,දෙවන, සහ තෙවන ජයග්‍රාහකින් වූයේ ඉතාලි ජාතකයන්ය. එතැන් සිට පිට්සා කප් ගැසූ ඉතාලි ජාතකයන් පරදා අපේ ශ්‍රී ලාංකික තරගකරැවා ජයග්‍රහණ බොහොමයක් අත්පත් කරගත්තේය. මේ වන විට ඔහු ගණන් කළ නොහැකි තරමට ඉතාලියේ තරගකරැවන් පරදා ශ්‍රී ලාංකිකයෙකු ලෙස පීට්සා තරග ජයග්‍රහණය කොට ඇත.
2023 පැවැත්වූ ලෝක ශූරතා තරගාවලියට ද අමල් සමරසිංහ ඉදිරිපත් වුණි. එයින් ඔහු තෙවන ස්ථානය දිනා ගත්තේය.ඒ ජයග්‍රහණයේ සතුට ගැන කියන්නට අදටත් ඔහුට තේරෙන්නේ නැත. හයසියකටත් අධික තරගකරැවන්ගේ තෙවැන්නා වීම විශාල ජයග්‍රහණයකි.
අමල් සතරසිංහ ජීවත්වන්නේ ඉතාලියේ Lucca වලය.ඔහු විවාහකය. දරැවන් දෙදෙනෙකුගේ පියකි. ඒ සියලු දෙනා අද ජීවත් වන්නේ ඉතාලියේය. ශ්‍රී ලාංකිකයකු වූ අමල් අද ඉතාලියේ ස්ථාවර ය. නමුත් ඔහු ආ ගමන අතිශය දුෂ්කරය.මීට වසර තිහකට පෙර අමල්ගේ පියා මියගොස් ඇත. එතැන් සිට ඔහුට හයිය වූයේ මවය. අමල් විවාහ වූයේ ඉන්දු ජයවික්‍රම සමගය. ඇයගෙන් ලැබෙන සහයෝගය මේ හැම ජයග්‍රහණයකටම ප්‍රධාන හේතුව බව ඔහු පවසන්නේය.
"මට මේ තරගයට යන්න බැහැ" කියන හැම මොහොතකම ඔහුගේ ලොකුම හයිය වන්නේද ඔහුගේ බිරිඳය. " ඔයා ඒක කරන්න. ඔයාට ඒක පුළුවන්" ඉන්දු දිරි ගන්වයි. ඒ දිරිය මේ සියලු ජයග්‍රහණවල ප්‍රධාන හේතුවයි. අමල් පීට්සා සූපවේදියකු පමණක් නොව ඉතාලියේ ක්‍රිකට් විනිසුරැවරයෙකු ලෙසද කටයුතු කරයි. අමල්ගේත් ඉන්දුගේත් වැඩිමල් පුතුණුවන්ට වයස් අවුරැදු දහසයකි. දියණියට අවුරැදු එකොළහකි. අමල් පවසන පරිදි ඔහුගේ ප්‍රධානම විවේචකයන් දෙදෙනා වන්නේ ද ඔවුන්ය. මේ වන විට ඔහු ඉතාලියේ පීසා ආයතනයක එක් ජාලා මධ්‍යස්ථානයක් භාර කළමනාකාරවරයකු සහ ප්‍රධාන සූපවේදියෙකු ලෙස කටයුතු කරයි. මේ නව වසරේදි ලෝක ශූර කුසලාන තරගාවලි දෙකක් පවතින අතර ඒවාට ඉදිරිපත් වීම අමල්ගේ බලාපොරොත්තුවයි. සුද්දන් පරදා සුද්දන්ගේ කෑම වලින් ජයගත් අපේ ආසියානුවාට සුබ පැතුම්.
දිශානි ජයමාලි කරැණාරත්න.
COMMENTS
අමල් ඔබට මාගේ හද පතුලෙන්ම සුභපැතුම්! ඔබ ශ්‍රේෂ්ටයෙක්.
ඇත්තටම ඔහු ශ්‍රී ලාංකිකයකු වීමත්, ධෛර්යය සහ කැපවීමත් තම ජීවිතයට ජයක් අත්කර ගැනීමට හැකිවිය.
ඔහුගේ ධෛර්යය අපට ලොකු ගෞරවයක්... ශ්‍රී ලාංකිකයකු වීමත් වාසනාවක්...