IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


2015 ලෝක කුසලානය මෙවර කාටද?

sdgh

 

 

Untitled-1ලෝක කි‍්‍රකට් කරළියේ සොඳුරුතම අවස්ථාව වන්නේ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියයි. වසර හතරකට වතාවක් පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 11 වැනි වතාවටය. 1975 දී පැවැත් වූ ප‍්‍රථම එක්දින ලෝක කුසලානයේදී ශූරතාවය දිනා ගනු ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව්වන් විසිනි. කොදෙව්වන් දෙවැනි වතාවටද එම මිහිරි කුසලානයේ ජය පැන් බිව්වේ 1979 දීය.

 

 

පිට පිට දෙවතාවකදී ජයපැන් බොමින් තෙවැනි ලෝක කුසලානය ලැබීමේ අපේක්ෂාවෙන් කොදෙව් යෝධ ?න 1983 දී නැවත තරග බිමට පැමිණියද එවර ඒ සොඳුරු කුසලානයේ මිහිර විඳ ගත්තේ බටහිර වෙනුවට පෙරදිග කලාපයේ ඉන්දීය කණ්ඩායම විසිනි. එනයින් එදා සිට මේ දක්වා පැවැත්වූ ලෝක කුසලාන තරගාවලි 10 දී සොඳුරුතම ලෝක කුසලානයේ මිහිර විඳි රටවල් වන්නේ බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ නැවතත් පිට පිට තෙවතාවකදී  ඕස්ටේ‍්‍රලියාව සහ අවසන් වතාවට ඉන්දියාවය.


මෙහිදී දැකගත හැකි අරුමය මෙන්ම අපූරු සිදුවීම වන්නේ තරගාවලි 10ක් පැවැත්වුවද කි‍්‍රකට් කී‍්‍රඩාව ලොවට තිළිණ කළ එංගලන්තයට තවමත් එහි කිරුළ හිමි නොවීමය. එමෙන්ම කි‍්‍රකට් ලොව ප‍්‍රබල කණ්ඩායමක් වන දකුණු අපි‍්‍රකාණුවන්ට මෙන්ම වඩා කී‍්‍රඩාශීලී නවසීලන්තයට සහ සිම්බාබ්වේ ඇතුළු බංග්ලාදේශ කණ්ඩායමටද තවම මේ මිහිරි කුසලානයේ රස බැලීමට අවස්ථාවක් උදාවී නොමැත. එය එසේ තිබියදී මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අයුරු කෙසේද කියා අපි මොහොතකට විපරම් කර බලමු.


එකොළොස් වැනි ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයයි. මෙම 11 වැනි තරගාවලි අවස්ථාව වන විට කි‍්‍රකට් කී‍්‍රඩාව මෙන්ම ඒ වටා බැඳී ඇති සියලූ දේ වඩාත් දියුණු වී ඇත. විශේෂයෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ සුඛෝපභෝගී පහසුකම් රැුසක් යටතේය. එදා 1975 වසරේදී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූයේ එංගලන්තයේදීය. එම ප‍්‍රථම ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් 8 ක් සහභාගි වූ අතර ටෙස්ට් වරම් ලබා නොසිටි ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අපි‍්‍රකාවද ඊට ඇතුළත් වූහ. අවසන් මහා තරගය දක්වා තරග 15ක් පැවැත්විණි.


එකී සියලූ තරග නැරැුඹීම සඳහා සහභාගිවී ඇත්තේ 1,58,000ක පමණ නරඹන්නන් පිරිසකි. එක් තරගයක් නැරැුඹීම සඳහා අඩු තරමින් දස දහසක පමණ පිරිසක් සහභාගිවූහ. එම තරගාවලියේදී වැඩිම ලකුණු ලබාගත් කී‍්‍රඩකයා වූයේ නවසීලන්තයේ ග්ලේන් ටර්නර්ය. (ලකුණු 333) වැඩිම කඩුළු ප‍්‍රමාණයක් ලබා ගත්තේ  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක හැරී ගිල්මෝය. (කඩුළු 11කි). එදා එම තරගාවලිය පැවැත්වූයේ  ඕවර 60 ක තරග ලෙසිනි. එදා මෙදා තුර ලෝක කුසලාන තරගයකදී ලද මන්දගාමී ඉණිම වාර්තා වූයේද මෙම තරගාවලියේදීය. ඒ එංගලන්තය හා පැවැති තරගයේදී ඉන්දීය සුපිරි පිතිකරුවකුවූ සුනිල් ගවස්කාර් ලබාගත් ලකුණු 36 වේ. ඔහු එම ලකුණු 36 ලබා ගත්තේ පන්දු 174 කට මුහුණ දෙමිනි. එහි තවත් විශේෂත්වයක් වූයේ පන්දුවාර 60 අවසාන දක්වාම ගවස්කාර් පිටියේ රැුඳී සිටීමය.


එදා පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැති තරගයේදී මුලින්ම පිතිකරණයේ යෙදුණේ පාකිස්ථානුවන්ය. ඔවුන්  ඕවර 60 අවසන කඩුළු 7 ක් බිඳ වැටී ලකුනු 266ක් ලබා ගත්හ. පසුව ඒ ලකුණු ප‍්‍රමාණය හඹා යමින් සිටි කොදෙව්වන්ගේ කඩුළු නවයක් ලකුණු 202 කට බිඳ වැටී තිබිණි. බල සම්පන්නවූ කොදෙව්වන් පරාජය අබිමුව සිටියදී පාකිස්ථානුවෝ උද්දාමයෙන් පසුවූහ. ඒ වනවිට අවසන් කඩුල්ල සඳහා පිටියේ රැඳී සිටියේ ඩෙරික් මරේ සහ ලොව මෙතෙක් බිහිවූ වේගවත්ම පන්දු යවන්නෙකු වූ ඇන්ඩි රොබර්ට්ස්ය. ඇන්ඩි සහ මරේ එක්ව අවසන් කඩුල්ල සඳහා නොබිඳි ලකුණු 64ක් වාර්තා කරමින් පාකිස්ථානු කණ්ඩායම මළ ගෙයක් බවට පත් කළහ. එලෙසින් නිමාවූ පළමු ලෝක කුසලාන තරගාවලිය යනු කි‍්‍රකට් වාර්තා පොතේ අලූත් පිටු එකතු කළ තරගාවලියක් විය.


එතැනින් ඇරැුඹි ලෝක කුසලාන තරගාවලි ජයග‍්‍රහණයේදී  ඕස්ටේ‍්‍රලියානුවන් යනු අසමසම ශූරයින් ලෙස නම් කළ හැකිය. මේ දක්වා පැවැති තරගාවලි 10න් 4කම කිරුළ ඩැහැගෙන ඇත්තේ ප‍්‍රබල කැන්ගරුවෝය. එදා ප‍්‍රථම ලෝක කුසලාන සමස්ත තරගාවලියම නැරැුඹුවේ එක් ලක්ෂ පනස් දහසක පමණ පිරිසක් බව අපි මෙහි සටහන් කළෙමු. අද  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ ඇති කි‍්‍රකට් පිටි දෙස බැලිමේදී එම පිරිස එක් පිටියකට පමණක් සීමාවන තරම්ය.

විශේෂයෙන්ම  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩාංගණ වඩා විශාල ප‍්‍රමාණයේ ඒවාය. මෙවර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණය යනු එක් ලක්ෂ විසිපන්දහසක් ඉක්මවූ නරඹන්නන් පිරිසකට ඉඩ පහසුකම් ඇති අති විශාල කී‍්‍රඩාංගණයකි. අද වනවිට කි‍්‍රකට් යනු හුදු කී‍්‍රඩා තරගාවලියක්ම නොවේ. විටෙක එය මහා පරිමාණ වෙළෙඳ ප‍්‍රචාරණ කටයුත්තක් මෙනි. එනිසාම මෙම දැවැන්ත කී‍්‍රඩාංගණ පිළිසකර කර නවීකරණය වී ඇත්තේ සුපිරි ප‍්‍රචාරණ කලාප ලෙසය. සුපිරි පහසුකම් සපයා ඇත්තේද එනිසාමය.


මීට පෙර  ඕස්ටේ‍්‍රලියාවේදී සහ නවසීලන්තයේදී පැවැති ලෝක කුසලාන තරගාවලිය නැරැුඹීමට පැමිණි පිරිසට වඩා අති විශාල පිරිසක් පැමිණෙතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති. එය දැනටමත් යථාර්ථයක් බවට පත්ව තිබේ. ආසියාකරයේ ඇති  ඕස්ටේ‍්‍රලියා සහ නවසීලන්තය කරා ගුවන් ගමන් මෙහෙයවන සමාගම් පවසන්නේ දැනටමත් ඉදිරි මාස දෙකක කාලය සඳහා සියලූ ආසන වෙන් කෙරී ඇති බවය. දකුණු ආසියානු කලාපයේ සිට කි‍්‍රයාත්මක වන සමහර ගුවන් සමාගම් ආසන නොමැති බවට දැනටමත් ප‍්‍රකාශකර තිබේ.


මේ වනවිට 2015 ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග රැුසක් නිමවී තිබේ. මේ සති අන්තයේ සිට මූලික වටයේ තරග පැවැත්වීම ආරම්භ වේ. මෙහිදී පෙරහුරු තරග නැරැුඹීමටද වෙනදාට වඩා විශාල පිරිස් සහභාගි වීම අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයට මහත් සතුටට කරුණක්ම වන්නට ඇත. 2003 වසරේදී පැවැති ලෝක කුසලානය සඳහා ජයග‍්‍රාහකයින් වෙත පිරිනැමූ ත්‍යාග මුදල වූයේ ඩොලර් මිලියන 2 කි. 2007 දී එය ඩොලර් මිලියන 2.4 ක් විය. ඉන්පසු 2011 දී 3.2 ක අති විශාල මුදලක් පිරි නැමිණි. මෙවර ශූරයින් වෙනුවෙන් පිරිනැමීමට නියමිත මුදල වන්නේ ඩොලර් මිලියන 4 ක සුවිශාල මුදලකි. එය කි‍්‍රකට් ඉතිහාසයේ මේ දක්වා පිරිනැමෙන ඉහළම මුදල වන්නේය.


සමස්ත තරගාවලිය සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාව වෙන් කළ මුදල ලෙස වාර්තා වන්නේ ඩොලර් මිලියන 13 කි. අර්ධ පූර්ව තරගවලදී සුදුසුකම් ලබන කණ්ඩායම් සඳහා එක් කණ්ඩායමකට ඩොලර් ලක්ෂ 5 බැගින් පිරිනැමේ. අර්ධ අවසන් පූර්ව වටයේ කණ්ඩායමකට පිරිනැමෙන මුදල වන්නේ ඩොලර් ලක්ෂ 9 කි. අවසන් තරගයේ පරාජිත කණ්ඩායමට ඩොලර් මිලියන 1.8 ක මුදලක් හිමිවේ. මේසා අති විශාල මුදල් සම්භාරයකට හිමිකම් කියන අතරේ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය යම්කිසි ලෙසකින් ශ්‍රී ලංකාව මෙම තරගාවලිය ජයගතහොත්? රුපියල් කෝටි 13 ක මුදලක් පිරිනැමීමට තීරණයකර තිබේ. එය එසේ සිදුවේ නම්? ශ්‍රී ලංකාව මෙම තරගාවලිය ජයග‍්‍රහණය කරාවීද? නොඑසේ නම් කවුරුන් මෙම ජයග‍්‍රහණය ලබා ගනීවිද? මීළඟට අපි ඒ ගැන විමසුම් කර බලමු.


මේ දක්වා පැවැත්වූ පෙරහුරු තරග දෙකකදීම ශ්‍රී ලංකාවට පරාජයේ අමිහිරි බව අත්විඳීමට සිදුවිය. එහිදී වූ විශේෂත්වය වන්නේ කිසිවෙකු ලංසු නොතැබූ (ජයග‍්‍රහණය වෙනුවෙන්* කි‍්‍රකට් ඇතත් පරිපාලනයක් නැති රටක අතරමං වූ කී‍්‍රඩාවක් බවට කි‍්‍රකට් පත්ව ඇති සිම්බාබ්වේ වෙතින් ගියවර ලෝක කි‍්‍රකට් කිරුලේ අනුශූරයින් වන අප පරාජය ලැබීමය. ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාව දකුණු අපි‍්‍රකාවටද පරාජය වුණි. මෙලෙසින් පෙරහුරු තරගද පරාජය වූයේ පසුගියදා නවසීලන්තයේදී ලැබූ අමිහිරි පරාජය වියැකෙන්නටත් පෙරවීම චිත්ත පීඩාව ඇති කරවන දෙයක්ම වන්නේය. නමුත් මතක තබා ගත යුතු කරුණක් තිබේ. සිංහයා යනු විටෙක මහා කම්මැලි සතෙකි. නිදා සිටි සිංහයින් ඇවිස්සීම නුවණක්කාරයින් නොකරන දෙයකි. මෙම පරාජය කිරීම් වෙතින් සිංහයාට රිදවා තිබේ. සිංහයා රිදෙන්නට විඳවන්නට අකමැතිය. එනිසා අවදිවීම අතිශයින්ම සොම්නසට කරුණක් වේවි.


නමුත් ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාව සහ ආසියානු කලාපයේ කී‍්‍රඩකයින් හමුවේ ඇති බියකරු අභියෝගය වන්නේ  ඕස්ටේ‍්‍රලියානු සහ නවසීලන්ත කලාපයේ ඇති පන්දුව වේගයෙන් ඉපිලී එන තන තීරුය. ඉන්දියානුවන් මේ වනවිටද ඒ අභියෝගයට යම්තාක් දුරකට සාර්ථකව මුහුණදී තිබේ. පාකිස්ථානුවන් මෙන්ම සිම්බාබ්වේ පවා තරමක් දුරට ඒ අභියෝගය ජයගෙන තිබේ. නමුත් එකක් මතක තබාගත යුතුය. මේ පෙරහුරු තරග පැවැත්වෙන්නේ සහ මේ දක්වා පැවැත්වූවේ නිල තනතීරු මත නොවීමය. ඒවායේ ස්වභාවය ගැන කිව හැකි වන්නේ තරග පැවැත්වෙන ආකාරයටය.


පසුගියදා ඉපිලී ආ පන්දුවක් හිසේ වැදීම නිසා  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක පිල්හියුස් මිය යාම සමහර ප‍්‍රවීණයින් දකින්නේ අහම්බයක් ලෙස නොවේ. වෙනදාට වඩා පන්දුව ඉපිලී එන අයුරින් තණ තිලි සකස් කෙරෙමින් තිබූ නිසා ඒවාට අනුගත වීම වෙනුවෙන් කි‍්‍රයාත්මකවීමේ ඵලයක් ලෙස එය ගෙන හැර දැක්විය හැකිය. එලෙසින් සුපුරුදු පරිසරයේදී පිල්හියුස් අවාසනාවන්ත ලෙස මිය යාමත් සමග ආසියානු කලාපයේ කී‍්‍රඩකයින්ට එය තවත් භීතියකට හේතුවක් වී තිබේ. කෙසේ වෙතත් මෙම ලෝක කුසලාන තරගාවලියේ වැඩි වාසිය සතු වන්නේ  ඕස්ටේ‍්‍රලියානුවන්ටය.


ඉන්දියාව තම කිරුළ රැුක ගැනීමට ප‍්‍රබල උත්සාහයක යෙදේවී යන්න සමහර විචාරක මතය වේ. නමුත් මෙවර තරගාවලියේ භයානකම කණ්ඩායම් ලෙස එංගලන්තය, පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය නම්කර තිබේ. දකූණු අපි‍්‍රකාණුවන්ටද මෙම පිටි නුහුරු නුපුරුදු නොවන නිසා ඔවුන්වද අමතක කළ නොහැකිය. නමුත් කි‍්‍රකට් විශාරදයින් පෙන්වා දෙන්නේ අර්ධ පූර්ව තරගය සඳහා  ඕස්ටේ‍්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, පාකිස්ථානය, දකුණු අපි‍්‍රකාව සහ එංගලන්ත කණ්ඩායම් ප‍්‍රවේශ වන බවය. අවසාන පූර්ව තරග සඳහා  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, පාකිස්ථානය සමග දකුණු අපි‍්‍රකාවද, ඉනික්බිතිව අවසන් තරගය සඳහා  ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව සුදුසුකම් ලබාවී යැයි සඳහන්වේ.


නමුත් තවමත් එක්දින කි‍්‍රකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලද ශ්‍රී ලංකාව ගැන කිසිවෙකුට අඩුවෙන් තක්්සේරු කළ නොහැකිවේ. දැනට ලොව සිටින ජ්‍යෙෂ්ඨතම, ශ්‍රේෂ්ඨතම පිතිකරු යුගලය වන සංගාxමහේල මෙන්ම එක්දින පිටියේ වර්ග කිරීම අනුව මැතිව්ස් සහ ප‍්‍රවේගකාරි පිතිහරඹයක යෙදෙන ඩිල්ෂාන් ද ලකුනු අතර සිටී. මාලිංග දත කට මැදගෙන සිටින්නේ හෙණ පත්තු කිරීමටය. ලෝක එක් දින කි‍්‍රකට් පිටිය උඩු යටිකුරු කළ සනත් කි‍්‍රකට් තේරීම් ප‍්‍රධානියා වේ. ජයග‍්‍රහණය නිතර සළකුනු කළ වාස් ද පුහුණුකරුවෙකි. මාවන් තාක්ෂණය ගැන හොඳ හැටි දනී. සංගාට, මහේලට, ඩිලීට, මාලිංගට කි‍්‍රකට් ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය තීව‍්‍ර කිරීමට මේ හොඳම අවස්ථාවකි. ශ්‍රී ලංකා කි‍්‍රකට් ඔවුනට පිරිනැමීමට නියමිත රුපියල් කෝටි 13ක මුදල ලංසුවකි. නමුත් ජයග‍්‍රහණය යනු මිල කළ නොහැකි දෙයකි. ඒ ගැන සිතා මේ කී‍්‍රඩකයින් තම උපරිමය ශ්‍රී ලාංකීය කි‍්‍රකට් වෙත කරනු බව නොඅනුමානය.


සියල්ල එසේ සටහන් වුවද මේ ලබා ඇත්තේ ජෝතිෂයට අනුව සෙනසුරු මාරුවය. කපුටාගේ ගින්න නිවීමට එළඟිතෙල් සහිත බත් ගුලි දිය යුතුය. කපුටාගේ පාට රැුගත් නවසීලන්ත පිල යනු මෙම තරගාවලියේදී ලොකුම පෙරළිය කරන කණ්ඩායම විය හැකි වන්නේ සෙනසුරු ඔවුනට හොඳවී ඇති නිසාය. එහෙත් ප‍්‍රකට අනාවැකි පවසන්නන් ප‍්‍රකාශ කරන්නේ වාසනාවට බුද්ධියට වඩා සටන්කාමීත්වයෙන් කී‍්‍රඩා කරන කණ්ඩායම ජය ලබන බවය. ඒ සටන්කාමී කණ්ඩායම කවුරුන්ද කියා නිශ්චිතව කිව නොහැකි වන්නේ සෑම කණ්ඩායමක්ම එලෙසින් කි‍්‍රයා කරන හෙයිනි. එහෙත් ලෙදර් පන්දුව ටෙනිස් බෝලයක් මෙන් සැහැල්ලූවට ගෙන පන්දුවට පහර දෙන බ‍්‍රයන් මැක්මිලන් සතු නවසීලන්තයට ප‍්‍රබලයා පරාජය කිරීමේ හැකියාව ඉහළින්ම ඇති කණ්ඩායමකි.


එලෙසින් අනාවැකි කිව හැකි මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ආසියානු කලාපයේ කී‍්‍රඩකයින් සතු ප‍්‍රධාන වගකීම වන්නේ අනතුරු ආබාධවලට මුහුණ දීමේ ප‍්‍රවණතාවය වෙනදාට වඩා ඇති බවය. නමුත් ශ්‍රී ලංකාව බොහෝ විට ප‍්‍රබල  ඕස්ටේ‍්‍රලියානුවන් පරාජය කර ඇත්තේද එවැනි පරිසරයකදීය. මෙනිසා ශ්‍රී ලංකාව අවසන් තරගයට පැමිණීම අරුමයක්ම නොවන්නේය. ඒ අරුමයේ උරුමය ලැබීමේ වාසනාව මාර්තු මාසයේදී අපට තිබේ. 1996 මැදින් මහේදී ලැබූ ඒ සදාතනික උරුමය යළි ශ්‍රී ලංකාවට ලැබේවායි අපි ප‍්‍රාර්ථනා කරමු.

sandun 01



අදහස් (0)

2015 ලෝක කුසලානය මෙවර කාටද?

සොයිසා Thursday, 19 February 2015 01:43 AM

ක්‍රිකට් වලටත් ගියේ රටේ අනෙක් දේවල් වලට ගිය කලම තමයි.වෙනසක් නැහැ. (නි)

:       0       0

චමින්ද Saturday, 21 February 2015 07:41 AM

ඔස්ට්‍රේලියාව එක්ක නවසීලන්තය අවසන් වටයට එනවා. එහෙම නොවුනොත් ටිකට් විකුණගන්න අමාරුයි නේද ? හැම දෙයක් දිහාම කල්පනාවෙන් බලන්න එතකොට තේරුම් ගන්න ලේසියි. (නදී)

:       0       0

විකුම් Monday, 23 February 2015 07:03 AM

මෙවර ඔස්ට්‍රේලියාව ගනියි.(හේ)

:       0       0

ෆෙබී Wednesday, 25 February 2015 02:59 AM

මෙවර ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගන්නේ ශ්‍රී ලංකාවද නවසීලන්තයද? මට අනාගතේ ගැන හිතන්න පුලුවන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් අවසන් තරගයට පිවිසෙනවා. නමුත් පැරදෙනවා. (බ)

:       0       0

සංජය Thursday, 19 February 2015 03:53 AM

කෝ ජ්‍යෝතිෂවේදීන්ගේ අදහස් එහෙම නැද්ද? (නි)

:       0       0

චාන්දනී Monday, 23 February 2015 09:59 AM

සුමනපාල මහත්තයගෙන් අහමු ද ? . (නදී)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 12:19 PM

සුමනදාස මහතාගේ මතේ කුමක්ද . (නදී)

:       0       0

චන්දන Monday, 23 February 2015 11:12 AM

සුමනදාස මහත්තය මොකද කියන්නේ අහල බලමු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

හදිසියේ ඉස්මතු වූ ජනපති සටන
2024 පෙබරවාරි මස 28 1872 2

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විවිධ ස්වරූප නව මානයකින් ප්‍රදර්ශනය වීමට පසුගිය සතියේ සිට පටන්ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය සඳහ


සම්මාන මේනියාවෙන් රෝගී අපේ ප්‍රභූවරු
2024 පෙබරවාරි මස 28 295 0

‘සම්මාන මේනියාව’ අප රටේ බොහෝ දෙනකුට වැළඳෙන රෝගයකි. එය බොහෝ දේශපාලනඥයන්ට වැළඳෙන ‘රථගාය’ බඳු ය. ධනය ලැබූ පසු බොහෝ දෙනෙක් බලය පසුපස හඹායති. ඒ ගමනට සම්මාන ල


රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය එකම විසඳුමද?
2024 පෙබරවාරි මස 27 351 6

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ඉතිහාසය නිදහසින් පසු ආණ්ඩු ආර්ථික සංවර්ධනයේ සහ ජාතිය ගොඩනැගීමේ මාවතකට අවතීර්ණ වූ යුගය දක්වා දිව යයි. 1950 සහ 1960 ගණන්වල ජනසතු


මල්වතු මහ නාහිමි ප්‍රකාශය අගයමු
2024 පෙබරවාරි මස 27 494 1

වර්තමාන පාලකයන් ඡන්දය කල් දැමීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොතබන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් පසුගියදා සඳහන් කර ත


​ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි?
2024 පෙබරවාරි මස 26 379 3

ජනපතිවරණය, හැදෙන නව සන්ධාන සහ රට ගොඩනගන ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්‍ඡාව මෙවර සඳු


හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද?
2024 පෙබරවාරි මස 26 307 2

අප රටේ ජනයා කවර කලෙක කළ පාපකර්මයක් ගෙවා දමමින් සිටින්නේදැයි සිතා ගත නොහැකි තරම්ය. නයන පිනවන මේ රන් දිවයිනේ ඉපදීම සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් විය


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 395 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 338 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site