ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරකිනි. පෙරේදා (1) රාත්‍රියේත්, ඊයේ (2) අලුයම් කාලයේත් මල් වෙඩි සංදර්ශනයක් සේ ඉරාන විප්ලවීය හමුදාව, ඔවුන් සතු මැද දුර බැලැස්ටික මිසයිලවලින් ඊශ්‍රායලයට පහර දුන්නේය.