IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

තලල්ලේ චන්දකිත්ති  ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංසාර පුරුද්ද ප්‍රකට කරමින් 1988 වර්ෂයේ සැප්තැම්බර් මස 25 වැනිදා උදෑසන 9.45 ට මාතර මැද්දවත්ත සිරි වජිරඤාණ ධර්මායතනයේ බෝධිසත්ව ගුණෝපේත  මඩිහේ සිරි පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ උපාධ්‍යායව, අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේ ආචාර්යව උතුම් පැවිදි බිමට ඇතුළු වූහ.  එසේම තලල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ වැනි යතිවරයන් වහන්සේලාගේ ද ආශ්‍රය නිශ්‍රය ලබමින් සුවඳ පතුරවන සඳුන් ගසක් මෙන් තමන් වහන්සේ ද අවට සමාජය ද ගම ද රට ද පමණක් නොව ලොව ද ගුණ සුවඳින් සුවඳවත් කරමින් උතුම් යතිවරයන් වහන්සේ නමක් බවට පත්වූහ.

සම්මා සම්බුද්ධ ශාසනය යනු ගුණවත් උතුමන්ගේ ශාසනයයි. එහි සුවිශේෂී ලක්ෂණය කුරා කුහුඹුවන්ගේ සිට සියලු සත්ත්වයන් කෙරෙහි දක්වන අතිමහත් කරුණාවයි. තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ දහම් ස්වරය ලොවක් තුළ පැතිර යාමට මූලික හේතුවක් වූයේ ද ස්වාමීන් වහන්සේ සතු කාරුණික හදවතයි.  බොහෝ දුක් කම්කටොළුවලින් වෙහෙසට පත්ව සිටින වැඩිහිටියන්ට, තරුණ වියේ ආවේග තුළ අසරණව සිටින තරුණ තරුණියන්ට හරි මග සොයන දරුවන්ට ස්වාමීන් වහන්සේ ඉතා සංවේදීය. තමන් වහන්සේගේ දැන උගත්කම්, භාෂාමය ඥානයන්, ගෞරව නාමයන් පසෙකලා ඉදිරියේ සිටින ශ්‍රාවකයන්ගේ මෙලොව,  පරලොව දුක් නැති කිරීමටම දේශනා කෞෂල්‍ය භාවිතා කිරීම ස්වාමීන් වහන්සේගේ  කාරුණික බවේ  සංකේතයක් බඳුය. වැරදි වන ස්වභාවයේ මිනිසුන්ට වැරදි පෙන්වීම ඉතා අපහසුය. මන්ද ලොව කිසිවෙක් කිසිවෙකු තමන්ගේ වැරදි පෙන්වනවාට කැමති නොවේ. නමුදු මද සිනහවෙන් මුව සරසාගෙන කරුණාව දයාව පෙරදැරි කරගෙන ස්වාමීන් වහන්සේ ධර්ම අවවාද ලබාදෙන විට අසන්නාට එය දැනෙන්නේ ග්‍රීස්ම කාලයක ශරීරයට වැටෙන දිය දහරාවක් මෙනි.

 සත් පුරුෂ ආශ්‍රය නිසා  ප්‍රාණඝාතයට යොමුවූ මිනිස්සු ප්‍රාණඝාතයෙන් වැළකෙති. සොරකමට කාම මිථ්‍යාචාරයට යොමුවූ මිනිස්සු එම දුසිල් බවින් අත් මිදෙති.  බොරුවට පරුෂ වචනයට, කේලමට, වෛරයට, දැඩි ආශාවන්ට ගොදුරු වූ මිනිස්සු එම පාපයන්ගෙන් ද අත් මිදෙති.  මිත්‍යාදෘෂ්ටික අදහස් දැරූවන් සම්මා දිට්ඨික අදහස් ඇති අය බවට පත්වෙති.  ස්වාමීන් වහන්සේගේ උතුම් ශාසනික මෙහෙවර තුළින් ප්‍රාණඝාතාදී පාපයන්ගෙන් අත්  මිදුණු ප්‍රමාණය මෙපමණකැයි ගණනය කළ නොහැක.  ඉවසීම, දයාව, කරුණාව, ප්‍රඥාව, අධිෂ්ඨාන ශක්තිය උපදවා ගත් වැඩි දියුණු කරගත් ප්‍රමාණයද ගණනය කළ නොහැක, නිවැරදි  ගුරු ඇසුර තුළින් දැනුම සමඟ විනයද විනය සමඟ ගුණයද ඇතිව සඳුන් ගසක් සේ සුවඳ පතුරවන ගෞරවනීය ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ වැනි ගුණගරුක ධර්මගරුක ස්වාමීන් වහන්සේලා සම්මා සම්බුද්ධ ශාසනයේ මතු යහපත වෙනුවෙන් ලොවට දායාද කරන්නට ගන්නා උත්සාහය ද කරන කැපවීම් ද අප ගෞරවයෙන් සිහිපත් කළ යුතුමය.

සම්මා සම්බුද්ධ ශාසනය තුළ තරු ලකුණක්  වෙමින් රටට ලොවට ගුණ සුවඳ පතුරවමින් වැඩ වාසය කරන අප ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේට චිරාත් කාලයක් සසුනඹර තුළ වැඩ වසන්නට අවැසි ආයුරාරෝග්‍යසම්පත්ති ලැබේවායි උතුම් පැවිදි දිවියේ සදානුස්මරණීය  දිනයෙහි අප සැවොම එක්ව ප්‍රාර්ථනා කරමු.       

(***)                                  

පුහුල්වැල්ලේ සාරද හිමි



අදහස් (1)

පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ

Anoma Wednesday, 25 September 2024 10:56 PM

ඔබ වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර කිරීමට ලැබේවා...!

:       8       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site