ආණ්ඩු විරෝධී විවේචන බොරුවීම සිලින්ඩර් පක්ෂය යනුවෙන් බොහෝ දෙනා පහසුව පිණිස හඳුන්වන මෙවර ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායකත්වය දෙනු ලැබූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ තුළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මතු වී ඇති අවුල තවමත් විසඳී නැත. 30 November 2024
දුරදිග නොබලා ආණ්ඩුවට දුන් පොරොන්දු ආණ්ඩුවට කිසිදු දෙයකට සැලසුමක් නැති බව එහි හැසිරීම දෙස සාමාන්‍ය බැල්මක් හෙළන කෙනකුට පවා පෙනී යන්නකි. ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචාර කරමින් ආණ්ඩුව නිධානයක් හෑරුවේ ය. ආණ්ඩුවේ ම මාධ්‍ය නාලිකා ප්‍රචාරය කළේ ලංකාවේ පළමු වරට ආණ්ඩුවේ නියෝගයක් මත නිධානයක් හාරන බවයි. ඉන් මුළු රටේ ම ණය ගෙවා දැමිය හැකි බව ද ප්‍රචාරය කළේය. 29 November 2024
සංචාරක ව්‍යාපාරයේ පෙරැළියක් ඕනෑ ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙරෙහි අවධානය යොමු කිරීමේදී මෙරට සංචාරක කර්මාන්තයට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. 28 November 2024
ප්රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 27 November 2024
අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් මීට අදාළව ශ්‍රී ලංකාව සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළඹීමට හැකි වූ බව ප්‍රකාශ කළේය. 27 November 2024
ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත මගින් සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කර ඇත. 26 November 2024
ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළ පරිදි ලබා ඇති සාර්ථකත්වය මත වැඩසටහන යටතේ එන හතර වැනි වාරිකය වන ඇ.ඩොලර් 330 පමණ මුදලක් නිදහස් කිරීමට අදාළ කර්ය මණ්ඩල එකඟතාව ලබාදී ඇත. එම සමාලෝචනයෙන් පසුව පවත්වන ලද මධ්‍ය සාකච්ඡාවේදී සමාලෝචනයට අදාළ ඇතැම් කරුණු සාරංශව ඉදිරිපත් කරන ලදී. 26 November 2024
උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුවෙමු. 23 November 2024
මාලිමාවේ ජයෙන් ඔබ්බට මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්තිමත්ව පිළිගෙන ඇත. මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මෙම නව දේශපාලන බල ව්‍යාපෘතියේ ස්වභාවය සහ ගමන් මග පිළිබඳවය. 22 November 2024
එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැනීම වෙනස් කිරීමට කාලය එළැඹෙමින් තිබේ. එයට හේතු වන්නේ අද වෙළෙදපොළේ පොල් ගෙඩියක මිල ඇසූ විට එලොව පොල් පෙනෙන නිසාවෙනි. පොල් යනු මෙරට වගාකරන බෝගයක් නොව මෙරටට ආනයනය කරනු ලබන නිෂ්පාදනයක් මෙන් පොල් මිල ඉහළ ගොස් ඇත. 21 November 2024
ජයග්‍රහණ ජනසතුවේ අභියෝග ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩ නැගීම වෙනුවෙන් තමන්ට ශක්තිමත් බලයක් අවශ්‍ය බවයි. 21 November 2024
පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරමට ධාන්‍ය ගබඩා කර නැතහොත් නිපදවා ඇත්තේ මේ රට තුළය. 20 November 2024
ආණ්ඩුවට භාරදූර වගකීමක් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බලවේගය මන්ත්‍රී ආසන 40කට සීමා කිරීමටත් සෙසු ප්‍රධාන පෙළේ පක්ෂ සියල්ලම සුළු පක්ෂ බවට පත් කිරීමටත් මෙම මැතිවරණ ප්‍රතිඵලය හේතු විය. 19 November 2024
ජයග්‍රහණය අබියස අභියෝගය ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔවුන්ගේ ජයග්‍රහණයට සුබ පතා මේ සටහන නොතබන්නේ නම්, මෙය මේ මොහොතට තරම් වටිනා සටහනක් නොවනු ඇත. 18 November 2024
ජනතාවාදී ජයග්‍රහණයක ප්‍රතිඵලයක් මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය. 16 November 2024
එදා - මෙදා දේශපාලක අමුතු කතා මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබුණේම නැත. සියලු අතින් ඈලි මෑලි ගතියක් මුළු ලංකාව පුරා පැවතුණි. 15 November 2024
නුවණ නැත්තෝ දහම් රස නොදන්නෝය තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්රකටය. එම දේශනා ක්‍රම අතර උපමා උපමේය භාවිතය ද ජනප්‍රිය අංගයක්ව පැවැති බව පැහැදිලිව දක්නට ලැබේ. 15 November 2024
අලි සංගණනයටත් තාක්ෂණික බාධා ලංකාවේ අපට අලි-ඇතුන් සමග ඇත්තේ දිගු අතීතයකට දිවෙන සම්බන්ධතාවකි. මෙරට ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික හරපද්ධති සමග අලි ඇතුන් තදින් බද්ධව ඇත. එහෙත් ශ්‍රී ලංකාව තුළ මේ වනවිට අනතුරු හේතුවෙන් මරණයට පත්වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. 14 November 2024
අද ඡන්දෙන් ජනතා මතය ජය ගන්වමු අද පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය රටේ ජනතාවට ඉතාමත් වැදගත් වන්නේ ජාතික ව්‍යවස්ථාදායකය වන ලංකාවේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 196 දෙනකු ජනතාවගේ ඡන්දයෙන් පත්කරගනු ලබන මැතිවරණයක් වීම නිසාය. මෙම මැතිවරණයෙන් ව්‍යවස්ථාදායකයට සභිකයන් පත් කර ගැනීමට අමතරව ආණ්ඩුවේ එක් කොටසක් සම්පූර්ණ කර ගැනීමද සිදු වේ. 14 November 2024
ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු සිසුවාගේ මව කතා කරයි - ජිවෝන් දිවිනසා ගත්තේ නැහැ කොම්පඤ්ඤ වීදිය ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවා සහ සිසුවිය සිද්ධිය අප කාගේත් හදවත් සසල කළ බව අමුතුවෙන් කිව යුතු නැත. 13 November 2024
ඉල්මහ විරුවෝ තිස්පස්වැනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ශ්‍රී ලංකාව 1815 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්වීමෙන් පසු 1818 දී සහ 1848 දී වශයෙන් කැරලි දෙකක් පැන නැගුණ බව ඉතිහාසයේ සඳහන් වේ. එම අරගල දෙකම තුවක්කුවෙන් සහ වෙනත් ආයුධ මගින් මර්දනය කර දැමීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ. 13 November 2024
පුංචි එංගලන්ත තැපැල්හලේ ඉරණම කුමක් වේද? විශ්ව තැපැල් සංගමයේ ප්රමිතීන් සහ ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒම සඳහා ප්‍රසන්න වැඩ පරිසරයක් තුළ අභිප්‍රේරිත කාර්යමණ්ඩලය හා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් සැපයීම යන මෙහෙවර පෙරටු කරගනිමින් තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ. 13 November 2024
ප්‍රමුඛත්වය ඡන්දයද? ආර්ථිකයද? ජනාධිපතිවරණය අවසන් විය. හෙට මහමැතිවරණය අවසන් වේ. එසේ වුවද ඡන්ද පැවැත්වීම එතැනින් නවතින බවක් පෙනෙන්නට නැත. මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සිදුව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම වරදක් බවත් එම මැතිවරණය වහාම පැවැත්විය යුතු බවටත් නියෝග කර තිබේ. 13 November 2024
නිසඳැස පිටුදැකීම අමරසේකරගේ දුර්මතයක් නූතන කෙටිකතාව නවකතාව කවිය ඇතුළු සාහිත්‍යාංග අරභයා විමර්ශන කෘති රැසක් ලියා පළකොට නූතන සිංහල සාහිත්‍ය විචාරය පෝෂණය කිරීමට ප්‍රබල දායකත්වයක් සපයමින් සිටින සිංහල විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා ගේ නවතම විමර්ශන ග්‍රන්ථය පසුගියදා එළි දැක්වුණි. ඒ ගුණදාස අමරසේකර සාහිත්‍ය විචාර ක්‍රමවේද නමිනි. ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ විචාර භූමිකාවේ අනන්‍යතා හෙළි කිරීම මෙහි අරමුණ වී ඇති බව පෙනේ. 12 November 2024
ආර්ථිකයට වරායෙන් උත්තර අවුරුදු දෙදහසකට අධික ඉතිහාසයක් කොළඹ වරාය සතුව ඇත. අරාබි, චීන සහ රෝම ජාතික නාවිකයෝ වෙළෙඳාම සඳහා මෙහි පැමිණියහ. පසුව ලන්දේසි, පෘතුගීසි හා ඉංග්‍රීසි ජාතිකයෝ වරාය කේන්ද්‍ර කරගෙන කටයුතු කර ඇති බව ඉතිහාසය දක්වයි. නිදහස ලැබීමෙන් පසු වරාය මෙහෙයුම් දියුණු තියුණු වී තිබේ. 12 November 2024
ට්‍රම්ප් ඝාතන තැතේ සුලමුල රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප්, යළිත් වරක් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් විය. එය සැබැවින්ම සුවිශේෂී ජයග්‍රහණයකි. ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ධුර කාල දෙකකි. ට්‍රම්ප් පළමු වරට ජනාධිපති ධුරය හෙබවූයේ 2016 සිට 2020 දක්වා කාලයේය. 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප්, ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ජෝ බයිඩන්ට පරාජය විය. ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එක් ධුර කාලයක් ඉතිරි වී තිබුණු බැවිනි. 11 November 2024
සහල් මිල ප්‍රශ්නයට විසඳුමක් ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු විෂයත් අගමැති හරිනි අමරසූරියගේ අධීක්ෂණය යටතේ පවතී. එම නිසා කෘෂිකර්මය සම්බන්ධ දේ නිපදවීම හා බෙදාහැරීම මත පහසු මිල ගණන්වලට ආහාර මිලදී ගැනීමේ හැකියාව පමණක් නොව ආහාර සුරක්ෂිතතාවට මෙන්ම දරිද්‍රතාව හා මන්දපෝෂණය පිටු දැකීමේ හැකියාවද රදා පවතී. 11 November 2024
වෙනසක් වෙනුවෙන් ඉවසීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවට මේ දිනවල සිදුවී ඇත්තේ රට මුහුණ දී ඇති ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවක් නැතිව ඇමැතිවරුන් තුන් දෙනකුගේ කැබිනට් මණ්ඩලයකින් විසඳුම් සෙවීමට වඩා පරාජිත දේශපාලනඥයන් නඟන පදනමක් ඇති හා නැති විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දීමටය. 09 November 2024
සාධාරණ සමාජයක් පැතූ මාදුළුවාවේ සෝභිත නාහිමි මාදුළුවාවේ සෝභිත මහනාහිමිපාණන් වහන්සේගේ දුරදර්ශීත්වය නොවුවේ නම්, උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය නොපැවතියේ නම් උන්වහන්සේගේ අති දැවැන්ත නායකත්වය මේ සමාජයට ලබා නොදුන්නේ නම් 2015 ජනවාරි මස 08 වැනිදා මේ රටේ ජනතාව ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය බොහෝ දුරට සිහිනයක් වන්නට ඉඩ තිබුණි. 08 November 2024
අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු ඇත. දශක හතක ඉතිහාසය තුළ පැවැති ප්‍රධාන ධාරාව ප්‍රතික්ෂේප කළ ජනතාව මාක්ස්වාදී නැඹුරුවක් සහිත පක්ෂයක් තෝරා ගෙන තිබේ. 08 November 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026