ශාස්ත්රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලිවරයා උපන්නේ මෙම වලව්වේය. එසේම එම වලව්වේ උපත ලැබූ අනිත් ශ්රේෂ්ඨතමයා වන්නේ නිදහස් ශ්රී ලංකාවේ ප්රථම අධිකරණ ඇමැතිවරයා වූ ශ්රීමත් ලලිත අභය රාජපක්ෂ මහතාය.