මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල්ලා, හිස්බුල්ලා සංවිධානයේ නායකයා පමණක් නොව, මැදපෙරදිග කලාපයේ කැපී පෙනෙන, බලගතු පුද්ගලයෙක් විය.