IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තීරණය කර ඇත. ඉතාලියේ දේපළ වෙළඳාම් සමාගමක් වන ඩ්‍රිමර් රියල් ස්ටේට් වෙත ‘‘පල්මියෙරි විලා” වෙත විකිණීමේ වගකීම පැවරී තිබේ.

ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයට ආසන්නයේ කඳුකරයේ පිහිටි පල්මියෙරි සංචාරක නිවහන ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස ද සැලකෙන අතර පල්මියෙරි සංචාරක නිවහන මිලදී ගන්නකුට බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයෙන් කොටසකට උරුමකම් කීමට හැකියාව ලැබෙනු ඇත.

වික්ටෝරියා රැජින බ්‍රිතාන්‍ය රජ කිරුළ හෙබවූවත් ඉතාලියේ සුන්දරත්වය සහ සන්සුන්භාවයට බෙහෙවින් ඇලුම් කර ඇති අතර 1888 වසරේ දී ප්‍රථම වරට ඇය පල්මියෙරි සංචාරක නිවහනට පැමිණ තිබේ. පල්මියෙරි සංචාරක නිවහනේ වටපිටාවට වික්ටෝරියා රැජිනගේ සිත් ඇද බැඳ තබා ගැනීමට හැකිවීම හේතුවෙන් එම අවස්ථාවේ දී ඇය මාසයක නිවාඩු එහි ගතකර ඇත.

ඇය නැවත වරක් 1893 සහ 1894 වසරවලදීද නිවාඩුවක් ගත කිරීම සඳහා පල්මියෙරි සංචාරක නිවහනට පැමිණ තිබිණි. සිය රාජකීය වගකීම්වලින් මොහොතකට මිදී උතුරු ඉතාලියේ ස්වභාව සෞන්දර්ය අත් විඳීම පල්මියෙරි සංචාරක නිවහන කදිම අවස්ථාවක් ලබාදී ඇතැයි ද පැවැසෙයි.

වික්ටෝරියා රැජින පල්මියෙරි සංචාරක නිවහනේ නවාතැන් ගැනීම සැමරීම සඳහා එහි ගෙවත්තේ තිබෙන ගස්වල නාම පුවරු එල්ලා ඇති අතර ඒවා අදටත් දැකගත හැක.

පල්මියෙරි සංචාරක නිවහන වික්ටෝරියා රැජිනගේ නිවසින් පිට නිවහන වී ඇති බවත් ඇයගේ නිවසේ තිබු පහසුකම් සියල්ල පල්මියෙරි සංචාරක නිවහනේ ද තිබී ඇති බවත් පැවැසෙයි. පල්මියෙරි සංචාරක නිවහනේ පළමු මහලේ වික්ටෝරියා රැජිනගේ පෞද්ගලික මහල් නිවාසය පිහිටා ඇත. එම මහල් නිවාසය වින්ඩ්සර් මාලිගය විසින් සරසා ඇති අතර එහි තිබූ ගෘහ භාණ්ඩ සියල්ල, නාන කාමර උපාංග සහ ඇඳ වික්ටෝරියා රැජින විසින් එංගලන්තයේ සිට එවා ඇති බව ද පැවැසෙයි. වික්ටෝරියා රැජිනගේ පෞද්ගලික මහල් නිවාසයේ ගෘහ භාණ්ඩවලට අමතරව පුටු දෙකක්, සෝෆාවක්, ලියන මේසයක් එහි තිබී ඇති බවත් නාන කාමරයක් සෑමවිටම සූදානම්ව තිබී ඇති බව ද සඳහන් වේ. එසේම ඇයගේ නැසී ගිය සැමියා වන ඇල්බට් කුමරුගේ ඡායාරූප දෙකක් ද එහි තබා තිබිණි. ඇල්බට් කුමරුගේ ඡායාරූපවලට අමතරව රජ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ ඡායාරූප ද ඇය එහි ගෙනවිත් ඇත. වික්ටෝරියා රැජිනගේ ඇඳ ඇල්ලීම ටස්කන් සංචාරක නිවහන පිරිසිදු කරන සේවකයන්ට සපුරා තහනම් වී ඇති බවද පැවැසෙයි. වික්ටෝරියා රැජිනගේ පොත් එකතුවක් ද පල්මියෙරි සංචාරක නිවහනේ තිබී ඇත.

පල්මියෙරි සංචාරක නිවහන ගෙනදෙන රාජකීය හැඟීමට වික්ටෝරියා රැජින බෙහෙවින් ඇලුම් කර ඇතැයි ද සඳහන් වේ. වික්ටෝරියා රැජින ඉර හොඳින් පායා ඇති දිනවල දී අත්වැටවල් මත මල් පිරුණු බඳුන් එල්ලා ටෙරසයේ කුඩාරමක් අටවා ගෙවත්ත දෙස බලා සිටීමට දැඩිව ප්‍රිය කර ඇති බව ද පැවැසෙයි.

වර්ග අඩි 43,000 ක් පුරා විහිදී ඇති මෙම සුඛෝපභෝගී සංචාරක නිවහන නිදන කාමර 23 කින් සහ නාන කාමර 19 කින් සමන්විත වේ. එසේම පල්මෙයිරි සංචාරක නිවහන අක්කර 22 ක ගෙවත්තකින් යුත් අතර එහි ටෙනිස් ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩාපිටියක් ද, නිවහන තුළ ඓතිහාසික නාන තටාකයක් ද, හෙලිකොප්ටර් නැවැත්විය හැකි ස්ථානයක් ද තිබේ.

පල්මෙයිරි සංචාරක නිවහන 14 වැනි සියවසේ දී ඉතාලියේ ෆිනි පවුලට අයත්වී ඇති අතර 1454 වසරේ දී මතායෝ ඩී මාර්කෝ පල්මෙයිරි විසින් පල්මෙයිරි සංචාරක නිවහන මිලදී ගනු ලැබ ඇත. පල්මෙයිරි සංචාරක නිවහන පල්මෙයිරි යන නම ලැබී ඇත්තේ ඔහුගෙන්ය.

එය 1760 වසරේදී බ්‍රිතාන්‍ය අර්ල් කූපර් විසින් මිලදී ගැනීමත් සමඟ පල්මෙයිරි සංචාරක නිවහන ඉංග්‍රීසින්ගේ අතට පත්වී ඇති අතර ඉන් පසුව වික්ටෝරියා රැජින ඇතුළුව රදල ඉංග්‍රීසි පවුල් කීපයක් එහි හිමිකාරීත්වය දරා ඇත. පල්මෙයිරි සංචාරක නිවහන ෆ්ලෝරන්ස් නගරයේ දී දෙවැනි විශාලතම උද්‍යාන භූමියට ද හිමිකම් කියයි.

වරක් පල්මෙයිරි සංචාරක නිවහන වික්ටෝරියා රැජිනගේ පෞද්ගලික නිවහන වී ඇති බව ද පැවසෙයි.

වික්ටෝරියා රැජින පල්මෙයිරි සංචාරක නිවහනට සම්බන්ධ වීමට ප්‍රථම පල්මෙයිරි සංචාරක නිවහන ඉතාලියේ සුප්‍රසිද්ධ ලේඛකයකු වන ජුවානි බුකචියෝගේ නම සම්බන්ධ වී ඇති බවත් ඉතාලි සාහිත්‍යයේ විශිෂ්ට කෘතියක් ලෙස සැලකෙන ”ඩෙකමෙරොන්” හි පල්මෙයිරි සංචාරක නිවහන මනාව විස්තර කර තිබේ. ඉතාලි ඉතිහාසයේ නටබුන් තවමත් චිත්‍ර, පිළිම අාකාරයෙන් පල්මෙයිරි සංචාරක නිවහනේ තිබෙන බව ද පැවැසෙයි.

වර්තමානයේ පල්මෙයිරි සංචාරක නිවහන ජිවෙන්චි එකතුවට නිවහන වී ඇති අතර විවාහ උත්සව පැවැත්වීම සඳහා පල්මෙයිරි සංචාරක නිවහන ඉතාමත් ප්‍රසිද්ධය.

ඉතාලි සාහිත්‍ය අනුව ඉතාලි ඉතිහාසයේ පල්මෙයිරි සංචාරක නිවහනට ඉතා වැදගත් ස්ථානයක් හිමිවන අතර යුරෝපයේ වංශාධිපති අතීතයට ද පල්මෙයිරි සංචාරක නිවහනට සෘජු සම්බන්ධතාවක් ඇත.

 

(***)

විමුක්ති එස්. රුද්‍රිගු



අදහස් (0)

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site