අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වීමට සිංහල සාහිත්‍ය සංගමයේ සන්නිවේදන පර්ෂදය කටයුතු යොදා තිබේ. මෙවර ‘රවීන්ද්‍ර අභිනන්දන – අඩසියවසක රංග ප්‍රත්‍යවලෝකන’ ලෙස එය නම් කර තිබේ.
1974 වසරේදී ‘කළුදිය දහර’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට ප්‍රවිෂ්ඨ වී අඩ සියවසක් සපුරන ජ්‍යෙෂ්ඨ රංගවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය කලාකරුවා වෙනුවෙන් මෙවර කලා උළෙල වෙන්කර ඇති අතර ආදි බෙනදික්තයකු වූ ඔහු එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ද එක්වීම විශේෂත්වයකි. මේ ප්‍රවීණ රංගධරයා එම පාසලේ වත්මනෙහි අධ්‍යාපනය හදාරන සිසුන් දෙදෙනකු කළ කතාබහක් මෙසේ ‘රසවින්දන’ සමඟ දිග හැරෙනුයේ හෙට දවසේ ඔවුනටද උත්තේජනයක් ලබාදීමේ අරමුණෙනි. මේ එම සංවාදයේ ලිඛිත සටහනයි.
අපි මුලින් කතා කරමු ඔබතුමාගේ උපන් ගම
ගැන? කැලණිය දලුගම ප්‍රදේශය ගැන?
ඔව්. මම දැනටත් ජීවත් වෙන්නේ දලුගම. වසර අසූවකට කිට්ටු කාලයක් ජීවත්වෙලා තියෙන්නේ දලුගම. නාගරීකරණයට ලක්වෙලා තිබුණත් අතීතයේ දී සුන්දර ගැමි පරිසරයක් දකින්න ලැබුණා. ගුරු පාරක් දිගේ තමයි අපි පාසල් ගියෙ. සොබා සෞන්දර්යට ඉතාමත් කිට්ටු ජීවිතයක් තමයි ගත කළේ.
ඔබතුමා බලාපොරොත්තුවෙන් හිටපු ජීවන වෘත්තිය පාසල් කාලයේ දී වෙනස් වුණා ද? ඒ සමකාලීන ගුරු-සිසු ඇසුරත් එක්ක. ඒ ගැන අපට කියන්න.
ඒක නම් ටිකක් දිග කතාවක්. කවදාවත් රංගන ශිල්පියෙක් වෙන බලාපොරොත්තුව මගේ හිතේ කොණකවත් තිබුණේ නැහැ. මම ඉගෙන ගත්තේ විද්‍යා විෂයන්. ඉතාමත් කැපවීමෙන් වැඩ කළේ වෛද්‍යවරයකුවීමේ බලාපොරොත්තුවෙන්. බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය ඉදිරියේ තිබුණු, වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතිලා ඉගෙන ගත්තා. අවාසනාවකට මගේ පළමුවෙනි ප්‍රශ්නපත්‍රයට ගිහින් ආව දා ම හවස මට තදින් උණ ගැනුණා. දින ගණනාවක් ම ඉතාමත් දරුණු විදිහට උණ ගත්තා. ඉතින් මට විභාගය මගහැරුණා. ඒකෙන් එක්තරා විදිහකට මම කලකිරීමකට පත් වුණා. ඊට පස්සේ මම පියාගේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වුණා. නාට්‍ය කලාවට උනන්දුවක් දක්වපු නිසා ම ‘ලයනල් වෙන්ට්ඩ්’ කලාගාරයේ රංග ශිල්ප ශාලිකාවට බැඳුණා වැඩිදුරට හදාරන්න. එතැනින් තමයි මගේ ජීවිතේ වෙනස් වුණේ. ශිල්ප ශාලිකාවෙන් ඉදිරිපත් කරපු පළමුවැනි නාට්‍යයේ මම ප්‍රධාන චරිතය රඟපෑවා. එතැනින් තමයි මගේ රංගන ජීවිතය පටන් ගන්නේ.
ඔබතුමාගේ මතකයේ රැඳුණු පාසල් ගුරුවරුන් එහෙම ඉන්නවද?
අනිවාර්යයෙන් ම ඉන්නවා. මගෙ ජීවිතයේ යම් දර්ශනයක් තියෙනවා නම් ඒක මගේ හිතේ තැන්පත් කළේ විල්ෆ්‍රඩ් පෙරේරා මාස්ටර්. ගුරුවරයකුට එහා ගිය විශිෂ්ට මානව හිතවාදියෙක්. ඔහුගේ විෂය සිංහල. ඒ විෂය උපරිමයට කියා දෙමින් ඊට එහා ජීවිතය ගැන අපට කියලා දුන්නා. හැම දෙයක් ම ගැන ම යථාර්ථවාදිව හිතන්න, ගතානුගතිකත්වයෙන් මිදෙන්න ඔහු අපට කියලා දුන්නා. උපදෙස් විතරක් නෙවෙයි ඔහු ජීවිතයෙන් ආදර්ශ සැපයුවා. ඔහු ඇන්දේ සුදු අත්කොට කමිසයයි, සුදු දිග කලිසමයි. තාමත් ගුරුතුමාගෙ ඒ ප්‍රතිරූපය මගේ මනසෙහි පවතිනවා. අපේ විදුහලේ 150වැනි සාංවත්සරික සිංහල සාහිත්‍ය උලෙළේ දී (වර්‍ෂ 2015) කලකට පසු මට ගුරුතුමාව හමුවුණා. මාස්ටර් එදා ඇඳලා හිටියෙත් ඒ සුපුරුදු නිල ඇඳුමමයි. එදා උත්සව සභාවේ අසුන්ගෙන සිටි විල්ෆ්‍රඩ් මාස්ටර් ව දැකපු ගමං මමත්, රොබින් ප්‍රනාන්දුත් එතුමා ළඟට ගිහිං ආචාර කළේ මහත් ආදරයෙන්. එතුමා කවදාවත් ළමයකුට දඬුවම් කරලා නැහැ. ළමයෙක් වරදක් කළාම උපහාසාත්මක කෙවිටෙන් තමයි වැරැද්ද නිවැරැදි කළේ. ඒ වගේම සාහිත්‍ය සංගමයේ අපත් එක්ක වැඩකරමින් විශාල සේවයක් කරපු ඇන්තනි සිල්වා ගුරුතුමාවත් ගෞරවයෙන් මතක් කරන්න කැමතියි.
අපි කැමතියි ඔබතුමාගේ සිනමා ජීවිතය ගැන, අද දරන මතය දැනගන්න.
මේ අහන්නෙ අවුරුදු පනහක දිග කාලයක් ගැන. සිනමාවට පිවිසෙන්නේ නම්, මේ වගේ දුර ගමනක් යාමේ අපේක්ෂාවෙන් නො වෙයි. අහම්බෙන් වගේ ලැබුණු අවස්ථාවක්. මම ලයනල් වෙන්ඩ්ට්හි ශිල්ප කලා ශාලිකාවේ නාට්‍ය කලාව හදාරද්දි “මුහුදු පුත්තු” වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒ අවසාන උත්සවයට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පැමිණ සිටියා. උත්සව අවසානයේ දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඔහුගේ “දෑස නිසා” කියන චිත්‍රපටයට මාව සම්බන්ධ කර ගන්නවා. ආධුනික මාව එතුමා තමන්ගෙ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට සම්බන්ධ කර ගන්නවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වැනි විශිෂ්ටයෙක් යටතේ සිනමා රංගනයට පිවිසීම මගේ ජීවිතයේ වාසනාවන්තම අවස්ථාවක් වුණා කියලා අද හිතෙනවා. සිනමාවේ සහ වේදිකා නාට්‍යයෙහි දැවැන්තයන්ගෙන් ලැබූ අද්දැකීම් නිසා, චරිත තෝරා ගැනීමට මම කිසිසේත් ම බය වුණේ නැහැ. ඒ නිසා ම විවිධ චරිත රඟපෑමට මට හැකියාව ලැබුණා. මොකද මම බය නැතුව එම චරිතවලට ඉදිරිපත් වුණ නිසා.
සාහිත්‍යයට ඇලුම් කරන පුද්ගලයෙක් විදිහට වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවට ඔබට දෙන්න තියෙන පණිවිඩය කුමක් ද?
සාහිත්‍ය නැඹුරුව, පොත පත පරිශීලනය කියන දේවල් ශිෂ්‍යයින් ඇති කර ගත යුතුයි. ලෝකය දිහා ගතානුගතිකත්වයෙන් මිදී විවෘතව බැලිය යුතුයි. ඒ වගේ ම සියල්ලට ම කලින් අපි අපව තේරුම් ගත යුතු යි. අපේ ගමන ඉලක්කගත ගමනක් විය යුතුයි.
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ