ඉදිරී වැටුණු මහා වනස්පතිය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ගල්බොඩ ඤාණිස්සරාභිධාන නාහිමිපාණන් වහන්සේ අගනුවර ඇතුළු සමස්ත රට ම ශෝක කරමින් පසුගිය දෙවැනි දා (2) අපවත් වී වදාළහ. උන්වහන්සේ ගැන සිහිපත් වන විට මගේ මනසට නිතැතින් ම නැඟෙනුයේ අතිපූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ය. 05 August 2024
ජනහිතකාමී යතිවරයාණෝ සුප්‍රසිද්ධ හික්කඩුවේ සුමංගල සඟ පරපුරෙන් පැවත එන කොළඹ හුණුපිටිය ගංගාරාමයේ භික්ෂුවක ලෙස මාතර ගල්බොඩ සිට පැමිණ වයස අවුරුදු දහයක දී ශාසනයට ඇතුළුවී පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර විහාරාධිපති හිමියෝ වසර 60ක ශාසනික සමාජ මෙහෙවරක නිරත වූහ. 05 August 2024
ඡන්ද දායක ඡන්ද අපේක්ෂක යුතුකම මේ වන විට මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර ගන්නා දිනය අගෝස්තු 15 වැනි දින ලෙසත් ඡන්ද දිනය සැප්තැම්බර 21 වැනි දින ලෙසත් ප්‍රකාශයට පත් කරනු ලැබ හමාරය. 05 August 2024
දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගල්බොඩ ඥානිස්සර නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ. කල්ප කාලාන්තරයක් නොමියෙන නොමැකෙන අමිල මෙහෙවරක්, රට දැය සසුන වෙනුවෙන් ඉටු කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වූ උන්වහන්සේට ‘‘අජරාමර නිවන් සුවය ලැබේවා’’යි ලංකාදීපයේ අපි ප්‍රාර්ථනා කරමු. 05 August 2024
එකතැන පල්වෙන අර්බුදය වසර දෙකකට පෙර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ නගරයේ වීදිවලට පැමිණ ආණ්ඩුවට විරුද්ධව කළ උද්ඝෝෂණයට හේතු වූයේ දරා ගැනීමට නොහැකි තරමට හදිසියේ ජනතා හිස මතට කඩා වැටුණු දරුණු ආර්ථික අර්බුදයයි. 03 August 2024
දේශපාලක නම කෙලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියැවෙන පුද්ගලයකු සහ එම රාජ්‍ය අමාත්‍යවරයාගේ ඥාතියකු බව කියන පුද්ගලයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් පිරිසක් විසින් අත්අඅඩංගුවට ගනු ලැබී යැයි කියැවෙන පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය. 03 August 2024
පළමු පොලිස්පතිට මරදානේදී ගඩොල් ප්‍රහාරයක් රට තුළ නීතිය හා සාමය රැකගැනීම සඳහා පැරණි සිංහල රජ දවස සිටම නිලධාරීහු පත් කර සිටියහ. පණ්ඩුකාභය රජ දවස ගම් පාලනය කළ ‘‘ගමික’’ නමැති නිලධාරියකු ගැන සඳහන්වන අතර ඔහුගේ රාජකාරිය නීතිය හා සාමය රැකීමට සමානය. උඩරට රාජ්‍ය කාලයේ කටුපුල්ලේ නිලධාරීන් ලෙස මුරසේවයට යොදාගත් පිරිසක් සිටි අතර ඔවුහු නීතියෙන් වැරදිකරුවන් වූ පිරිස සිරගෙය වෙතත් මරණීය දණ්ඩනයට යටත්වූවන් ගහලයන් වෙතත් ගෙන ගියහ. 02 August 2024
ජනමත වාසියේ ඉසව්ව 2022 වසරේ පොදුජන පෙරමුණ ඉතාම අභියෝගකාරී දේශපාලන තීන්දුවක් ගත්තේ ය. ඒ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීමෙනි. ඇත්තම ඒ අභියෝගකාරී වන්නේ ඔහු තනි මන්ත්‍රීවරයකු වූ නිසා පමණක් නොවේ. තවත් හේතු කීපයක් නිසාය. අංක එක වන්නේ පොදුජන පෙරමුණේ දේශපාලන පසමිතුරා වූයේ රනිල් ය. 02 August 2024
ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්කිකව ගොඩනැගුණු ප්රශ්නයකි. ඒ බව පසක් කරවන පුවත් දෙකක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 02 August 2024
සසර වසන තුරු ඔහු අප සමගය ඩෝල්ටන් අල්විස් කිවිඳාණන් හා අපගේ සැබැඳියාව 1970 දශකය දක්වා දිවෙයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත විචිත්රාංග සහ යෞවන සමාජය අද ලියැවෙන කවි, පද්‍යාවලි ආදී වැඩසටහන් සඳහා සහභාගී වන අප හා ඒ මහා සාහිත්‍යධරයා ඇසුරට අවස්ථාව සැලසීම සිහිපත් කරන සිද්ධියකින් මෙම ලිපිය ආරම්භ කිරීම සුදුසුය. 01 August 2024
ඡන්දයක පුරවැසි වගකීම ඡන්දය රටක පුරවැසියන්ගේ පරම අයිතියකි. වඩාත් වගකීම් සහගතව එම අයිතිය භාවිත කිරීම රටක සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යහපැවැත්මට අතිශයින් වැදගත් වන්නකි. මෙය මැතිවරණය හා ඡන්ද අයිතිය සම්බන්ධයෙන් වැඩිපුර කතා කරන කාලයකි. 01 August 2024
මොනරාගල රෝහල් සිද්ධිය අවදානමක් නොදැන සිටියේද? ඉතා අනුවේදනීය මෙන්ම භයංකාර පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. එම පුවතෙන් කියැවුණේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉදි කෙරෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලකට කොන්ක්‍රීට් මිශ්‍රණ යොදා රැගෙන යමින් තිබූ යන්ත්‍රයක බටයක් ඉකුත් 30 වැනිදා උදේ පුපුරා යාමෙන් උද්ගත වූ සිද්ධියකි. 01 August 2024
පොහොට්ටුවේ එදා සහ අද ප්‍රතිපත්තිය 2022 මැයි 09 වැනිදා රාජපක්ෂ පරපුරේ මහගෙදර වන මැදමුලන නිවස විරෝධතාකරුවන් විසින් දවා අළු කරන ලදි. මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ එම මැතිනිය සිහිකිරීම සඳහා ඉදිකර තිබු සොහොන ද, කෞතුකාගාරය ද එලෙසම වනසා දමනු ලැබීය. ඒ වනවිට ජනාධිපතිධුරයේ සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. අගමැතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතාය. 31 July 2024
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජය ලාංකික ජාතියේ ජයග්‍රහණයක් රංගිරි දඹුල්ල අන්තර් ජාතික ක්‍රීඩාංගණයේ රොද බැඳගත් දහස් සංඛ්‍යාත ක්‍රීඩා ප්‍රේමීන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව පිනවමින් ඔවුන් අමන්දානන්දයට ලක් කරමින් චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බලගතු ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලජ්ජා සහගත පරාජයකට ලක් කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි - 20 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. 31 July 2024
නීතිය නිවාඩු යවා හිරේ ගිය හුළුගල්ල ශ්‍රී ලංකාවේ පුවත්පත් සඟරා මුලින් ම පවත්වාගෙන ගියේ ආගමික සන්නිවේදන මාධ්‍යයක් ලෙසටය. ඒ මගින් බොදුනුවන් කිතුනුවන් බවට පත් කිරීමට යත්න දරනු ලැබීය. එහිදී බොදු අදහස් විකෘති වීමක්, බුද්ධාගම පිළිබඳ වැරදි අදහස් සන්නිවේදනය වීමක් සිදු වූ නිසා ඊට පිළිතුරු දෙන්නට තමන්ගේම පුවත්පත් සඟරා අරඹමින් බොදුනුවෝ ඉදිරිපත් වූහ. ‘සිංහල බෞද්ධයා’ වැනි පුවත්පත් සඟරා ආරම්භ වූයේ ඒ අනුව ය. ඒ සමඟ බොදුනුවන් හා කිතුනුවන් අතර වාදවිවාද ඇති විය. පානදුරවාදය එවැන්නකි. 30 July 2024
බල ත්‍රිත්වයේ ගරුත්වය ආරක්ෂාව ව්්යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර යම් ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ප්‍රශ්න සහගත කාරණය හේතුවෙනි. තවත් ව්‍යවස්ථා අර්බුදයකට තුඩුදෙන පසුබිමක් එමගින් නිර්මාණය වී ඇති ස්වභාවයක් පෙනෙන්නට තිබේ. එය එසේ තිබිය දී පසුබිම් කාරණා කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බව මාගේ අදහසය. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැතිවරයා වශයෙන් වසර හයක් පමණ කටයුතු කළෙමි. 30 July 2024
කලට වේලාවට පාස්පෝට් නිකුත් කිරීමට පියවර ගනිමු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ කාර්යාලය, එහි සේවය ලබා ගැනීමට පැමිණ සිටි පිරිසක් විසින් පසුගිය දා ආක්‍රමණය කරනු ලැබීමේ සිද්ධියක් මාධ්‍ය මගින් හෙළි කර තිබිණි. මෙතෙක් කාලයක් දිනකට නිකුත් කරමින් තිබූ විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) 1,200ක සංඛ්‍යාව 400ක් දක්වා අඩු කිරීම මේ ආකාරයේ අර්බුදයක් නිර්මාණය වීමට හේතුව වශයෙන් සඳහන් වෙයි. 30 July 2024
ඉන්දියාව දණගැස්වූ හර්ෂිතා ගැනයි මේ මැතිව්ස්, ශෂිකලා, චමරි සහ කෝලිට කැමති අපේ වමත් ප්‍රහාරිකාව. 29 July 2024
කොළඹ ගිනිගත් ජූලි 29 වසර 37කට පෙර අද වැනි ජුලි 29 වැනිදාවක කොළඹ නගරය සාමකාමීව තිබුණේ නැත. අගනුවර මාර්ග වසා ගත්තේ කෝපාවිශ්ඨ ජනයාගේ පෙළපාලිවලිනි. අගනුවර අහස වසා ගත්තේ කෝපාවිෂ්ට ජනයා විසින් ගිනි තබන ලද බස් රථ සහ ගොඩනැගිලිවල දුමාරයෙනි. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අතර අත්සන් තබන ලදී. 29 July 2024
ආයෝජකයන් මුහුණදෙන දුෂ්කරතා ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය විමසා බැලීමේ දී බොහෝ විට එය ණය මත පදනම්ව තිබෙන බවත් නව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් යෝජනා ඉදිරිපත් කරන දේශපාලකයන් හෝ ආර්ථික විශ්ලේෂකයන් නිෂ්පාදන ආර්ථිකයක් වෙත වැඩි අවධානයක් යොමු නොකරන බවත් සමාජයේ සාකච්ජාවට ලක්වන කාරණයකි. ආර්ථික පර් යේෂකයකු හා විශ්ලේෂකයකු වන ධනනාත් ප්‍රනාන්දු මහතා සමග මේ සම්බන්ධයෙන් අප කළ සාකච්ජාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි. 29 July 2024
සිසුන්ගේ හැසිරීම් රටා මවුපිය අවධානයත් ඕනෑ පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් අතර ගැටුම් ඇති වීම් වාර්තාවීමෙන් සමාජයේ ඇති කරන්නේ ප්‍රබල කම්පනයකි. එය පිහි ඇනුම් දක්වා වර්ධනය වීම එකී කම්පනය තවදුරටත් තීව්ර කරයි. එවැනි සිදුවීම් සිසු විනය සම්බන්ධ ප්‍රබල ගැටලුවක් වන්නා සේම සමස්තයක් වශයෙන් රටේම පවතින තත්වයේ පිළිබිඹුවක් වශයෙන්ද නිර්වචනය කළ හැකිය. 29 July 2024
ඡන්දය එදා කී දේ අද කියන දේ ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගන්නා බවට විරුද්ධ පක්ෂ පසුගිය මාස කිහිපයක් තිස්සේ චෝදනා කරමින් සිටියි. එහෙත් දැන් නම් ජනාධිපතිවරණය කල් දැමීමේ සියලු මාවත් ඇහිරී ඇති බව පෙනේ. 27 July 2024
ප්රජාතන්ත්රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු 2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි දින නාම යෝජනා කැඳවීමට ද සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද විමසීමට ද දින නියම කර තිබේ. 27 July 2024
අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද? ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලුව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්රශ්නය ඉහළ යන බව නිශ්චිතය. එමෙන්ම නාගරීකරණය සහ වෙළෙඳපොළ ක්‍රමය විසින් එම කසළ ගැටලුව තවත් සංකීර්ණ කර තිබේ. ලෝකයේ බොහෝ රටවල් ඒ ඒ නගරවල කසළ කළමනාකරණය සඳහා අවශ්‍ය කරන සැලසුම් සකස් කොට ඇත. 26 July 2024
ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද? ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉදිරි දවස් කීපයේදී එම දිනය ප්‍රකාශයට පත් කිරීමේ නෛතික ඉඩ මැතිවරණ කොමිසමට ලැබී ඇත. මෙවර ජනාධිපතිවරණය අන් කවරදාකටත් වැඩියෙන් වැදගත් හා තීරණාත්මක එකක් වනු ඇතැයි බොහෝ අයගේ අදහසය. 26 July 2024
ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කළ දැනුම් දීමකට අනුව නවතා දමා ඇතැයි ලංකාදීපය නොබෝදා හෙළිකර සිටියේය. මේ ව්‍යාපෘතිය භාරව සිටියේ මාර්ග සංවර්ධන අධිකාරිය බවත්, එය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ව්‍යාපෘතියක් බවත් සඳහන් වෙයි. 26 July 2024
විසිදෙක සුබද? අසුබද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සිය අනුමැතිය ලබා දී තිබේ. දැඩි ජනතා විරෝධය හමුවේ, ජනාධිපතිවරයා සමග එක්ව අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අත්සන් තැබූ අධිකරණ අමාත්‍යවරයා, යෝජිත සංශෝධනය ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු ක්‍රියාත්මක නොකරන බවට ජුලි 18 වැනි දින මහනුවරදී මහනාහිමිවරුන් හමුවේ සහතික විය. 25 July 2024
කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක රැකවරණය ලබමින් සිටීමේ අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය. 25 July 2024
මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද? සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්රමුඛ වන අතර සෙල්ලිපි හෙවත් අභිලේඛන මූලාශ්‍රවලට හිමි වන්නේ සුවිශේෂී බවකි. අභිලේඛන ලෙස හඳුන්වන්නේ ඕනෑම මතුපිටක ලියූ පැරණි ලේඛනයි. 24 July 2024
කළු සල්ලි සුදු කරන දේශපාලනය විවිධ දේශපාලන පක්ෂ විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරියේදී අනුගමනය කරනු ලබන බවට සඳහන් වන වැඩපිළිවෙළ හා පිළිවෙත් පිළිබඳව මහජනතාව දැඩි උනන්දුවක් දක්වන බව පෙනේ. මීට වසර දෙකකට පෙර රට මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් විඳීමට සිදුවූ පීඩා පිළිබඳ මතකය ඔවුන්ගෙන් තවමත් ඈත්ව ගොස් නැත. 24 July 2024
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026