අධ්‍යාපන අර්බුදයේ වින්දිතයෝ ලංකාවේ අධ්‍යාපනය, එහි වර්තමාන තත්වය හා එය කෙසේ සකස්විය යුතු ද යන කාරණය මෙකල බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති එකකි. අධ්‍යාපනය යනු ඉතාමත් පුළුල් මාතෘකාවකි. පුද්ගලයා යනු ජීවිත කාලය පුරාම ඉගෙනගන්නා අයෙකි. 18 July 2024
වරෙන්තු පිට සිටින මන්ත්‍රීට රටේ නීතිය අදාළ නැද්ද? මේ රට ‘සෑම විකෘතියකම ආකෘතියක්’ බව මෙම තීරුවේ කිහිප වරක්ම සඳහන් කර ඇත්තෙමු. අවාසනාවකට මෙන් මෙවරද මෙම තීරුව වෙන් කිරීමට සිදුව තිබෙන්නේ එබඳු විකෘති වෙනුවෙනි. 18 July 2024
තරගයේ වීරයා කවුද? ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව, 2024 වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. අවුරුදු පහක ධුර කාලයට ඡන්දදායකයා විසින් ජනාධිපතිවරයකු පත් කරනු ලැබේ. 17 July 2024
ජනතා ප්‍රාර්ථනා අවබෝධයේ යහ දැක්ම රට ඉතා අසීරු තත්වයකට පත්ව සිටියදී හා මහජනතාව විවිධාකාරයේ දුෂ්කරතාවන්ට මුහුණදී සිටින අවස්ථාවක වැඩවර්ජන පැවැත්වීමෙන් රට තුළ ඇතිවන භයානක ප්‍රතිඵල පිළිබඳව මෙම තීරයෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡා කර ඇත. පසුගිය කාලවකවානුවේ මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන කරුණක් වන්නේ කිසිදු සීමාවක් නොමැතිව වැඩවර්ජන ක්ෂණිකව ආරම්භ කිරීමත්, රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් එමගින් නිර්මාණය කිරීමත්ය. 17 July 2024
විපක්ෂයේ ආණ්ඩුවේ මන්ත්‍රීන් දෙදෙනාගේ යෝජනාව අගය කරමු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් එකම යෝජනාවකට එකඟත්වය පළ කරන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් සිදුවන එකඟත්වයක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී දැකගත හැකි විය. එය මන්ත්‍රීවරුන්ගේ සුබසාධන කටයුත්තක් උදෙසා එළැඹුණු එකඟත්වයක් නොව, රටේ යහපත සඳහා සිදු කෙරුණු එකඟත්වයක් වීම විශේෂත්වයයි. සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක අත්තේ වසන කුරුල්ලන් බවට පත්වන්නේ තමන්ගේ වරප්‍රසාද වඩාත් වැඩි කරගන්නා අවස්ථාවක දී පමණක් වීම ඊට හේතුවයි. 17 July 2024
ඡන්ද කාලේ දේශපාලන යටිසූත්තර බරපතළ ආර්ථික අර්බුදයකින් පසු ශ්‍රී ලංකාව තාවකාලික ස්ථාවර තත්වයක් ළඟාකරගෙන සිටී. සැලැස්මකට අනුව ගමන් කළහොත් අනාගතය පැහැදිලිය. පොදු ජනතාව බලවත් දුෂ්කරතාවක පසුවේ. ජීවන වියදම ඉහළ තලයකට පැමිණ ඇති අතර අධික බදු අයහපතට හේතු වී තිබේ. 16 July 2024
තිරසර ණය යට කුමන්ත්‍රණ මීට දෙසතියකට පමණ ඉහතින් ඉකුත් 26 වැනිදා ශ්‍රී ලංකාණ්ඩුව ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කළ බැව් ප්‍රකාශයට පත් කෙරුණි. එහෙත්, එම ගිවිසුම්වල අන්තර්ගත කොන්දේසි මොනවා දැයි මේ රටේ ජනතාවට කියා නැත. 15 July 2024
පුරන් කුඹුරු අස්වද්දන ගොවීන් අමාරුවේ දාන්න එපා වසර 15කට වැඩි කාලයක් පුරන්ව තිබූ මීගොඩ වෙල්යායේ අක්කර 20ක පමණ කුඹුරු යායක් යළි අස්වැද්දීමට ගත් උත්සාහයක් වැළකී ගොස් ඇතැයි එම ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කරන බව අපගේ ලංකාදීපය පසුගිය දා හෙළි කර තිබිණි. මේ නිසා එම වෙල්යාය යළි අස්වැද්දීමට තමන් තුළ තිබූ බලාපොරොත්තු මිරිඟුවක් බවට පත්ව ඇතැයි එම ගොවීන් චෝදනා කරන බව ද එහි සඳහන්ය. 15 July 2024
ජනපතිවරණය කල්තැබීමේ නූල් සූත්තර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයකැයි ප්‍රකාශයට පත් කරන ලෙසද එතෙක් ජනාධිපතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ද ඉල්ලා මොරටුවේ පදිංචිකරුවකු වූ චමින්ද ලේනව නමැති අය විසින් පසුගිය 3 වැනිදා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉකුත් 8 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්රහ කෙරිණි. 13 July 2024
පැනියාවලින් රටට දුන් අගනා ආදර්ශය අගය කළ යුතු දෙය අගය කළ යුතුමය. මේ ඒ වෙනුවෙන් ලියැවෙන්නකි. වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන පාරේගම, පැනියාවල ජනපදයේ ජනයා රටට ලබාදුන් අගනා වටිනා ආදර්ශය උත්කර්ෂයට නැංවිය යුතුමය. 13 July 2024
රජිව්ගේ පරිප්පු මෙහෙයුම එක්දහස් නවසිය අසූහතේ වසර එළඹුණේ ශ්‍රී ලංකාවට දුෂ්කර කාල පරිච්ඡේදයක් උදා කරමිනි. උතුරේ ත්‍රස්තවාදී සංවිධාන තම ප්‍රහාර උච්ච කර තිබූ අතර උතුරේ ත්‍රස්තවාදයේම අතුරු ඵලයක් වූ දකුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හුදකලා ප්‍රහාර තැනින් තැන එල්ල කරමින් සිටියේය. 12 July 2024
ජනපති අපේක්ෂක අභියෝග මේ රටේ පුරවැසි අප ගත කරමින් සිටින්නේ රටේ දේශපාලනයේ තීරණාත්මක කාලයක්ය. මීළඟ ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශයට පත් කිරීමේ කාලය ආරම්භ වෙමින් පවතී. ලබන 17 වැනි දිනෙන් පසු කාලයේ මැතිවරණ කොමිසමට නීත්‍යනුකූලව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත්කිරීමේ අවකාශය ලැබී ඇත. 12 July 2024
දුම්රිය වැඩ වර්ජනය ජාතික ඇසකින් බලමු දුම්රිය ස්ථානාධිපති සංගමය මගින් දියත් කෙරුණු එක් දින වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිග් ගැස්සීමත් සමඟ දුම්රිය මගීහු බලවත් පීඩනයකට පත්ව සිටිති. එකී සංගමයට සහාය දක්වමින් දුම්රිය පාලකවරුන්ගේ සහ උප දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගම් ද වර්ජනයට එක්වීමත් සමඟ සමස්ත දුම්රිය ධාවනය තවදුරටත් අඩාලවීම නිසා දුම්රිය මගීන්ගේ පීඩනය දෙගුණ තෙගුණ වී තිබේ. 12 July 2024
ආර්ථිකය වැටීමට හේතු සාධක ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ණය කළමනාකරණය සම්බන්ධයෙන් කතා කිරීමට පෙර ලංකාවේ බදු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුත්තේ ජනතාවට මේ අවස්ථාවේ ඇති බරපතළ ප්රශ්නය වන්නේ බදු පිළිබඳ කාරණය වන නිසාය. මේ බදු පනවන්නේ කෙසේද? කවුද? වැනි ප්‍රශ්න ජනතාවට නිරන්තරයෙන් ඇතිවන ඒවාය. අයි.එම්.එෆ් ණය ක්‍රියාවලියේදී ඔවුන් ආණ්ඩුවෙන් විමසා සිටින්නේ ඉදිරියේදී ආණ්ඩුවට ලබාගත හැක්කේ කෙබඳු ආදායමක්ද යන්නයි. එවිට ආණ්ඩුව තම ඉදිරියට යෑමේ හැඩය පැහැදිලි කළ යුතුය. 11 July 2024
රාජ්‍ය ඉදිකිරීම්වලට ප්‍රතිපත්තියක් ඕනෑ සංවර්ධනය යනු ඉවක් බවක් නොමැතිව නිසි සැලැස්මකින් තොරව ඉදිකරන ගොඩනැගිලි වලට නොවේ. ඒ බව අවබෝධ කර ගැනීමට බොහොමයක් දේශපාලනඥයෝ සහ ඇතැම් රාජ්‍ය නිලධාරීහු අසමත්ය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ එම ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයකින් තොරව කැලෑවට යටවී විනාශවී යාම පමණි. එය මහජන මුදල් අපතේ යැවීමකි. 11 July 2024
කන්ද උඩරට අධ්‍යාපන බලකොටුව නාථ දේවාල පරිශ්‍රයේ තිබුණු බෝ ගස කපා හෙළීමත් සමග ඇරඹුණු, අපූරු කතාන්තරයක් සහිත සාරවත් ඉතිහාසයක් ධර්මරාජ විද්‍යාලයට හිමිය. 1880 මැයි 16 වැනිදා ලක්දිවට සැපත් වූ කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කොට් විසින් 1887 ජුනි 30 වැනිදා ස්ථාපිත කළ, පළමුවෙන් මහනුවර පිරිමි බෞද්ධ උසස් පාසල නම් වූ මෙම පාසලට පසු කලෙක ධර්මරාජ විද්‍යාලය යන නම ලැබිණි. 10 July 2024
වර්ජන රැල්ලේ දේශපාලනය මීට මාස තුන හතරකට පමණ පෙර රටේ ඇති වූ වැඩවර්ජනවලදී ජනතා විමුක්ති පෙරමුණ ඒවාට තම සහාය ලබා දුන්නේ නැත. විශේෂයෙන්ම රෝහල්වල පැවැති වැඩවර්ජනවලදී එවැනි වර්ජන පැවැත්වීම පිළිබඳ එම පක්ෂය සිය විරෝධය පළ කළ අතර ඒවායින් ජනතාව අපහසුතාවට පත්වන බවද, ජන ජීවිත අවුල් වන බව ද ප්‍රකාශ කර සිටියේය. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී එය ජයග්‍රහණය කළ හැකි යැයි අදහස් කළ මුල් අවස්ථාවේ සිට මෑතක් වනතුරුම වර්ජන සම්බන්ධයෙන් එම පක්ෂයේ අදහස ඒ අයුරින් දිගටම පැවැත්විණි. 10 July 2024
අතුරුගිරිය සිද්ධියෙන් ආරක්ෂක ජාලයට පාඩමක් රටම භීතියට පත් කළ ‘‘චිකාගෝ පන්නයේ’ වෙඩි තැබීමක් පෙරේදා දහවල් අතුරුගිරියෙන් වාර්තා විය. නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයෙන් කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘‘ක්ලබ් වසන්ත’’ සහ තවත් පුද්ගලයෙක් මිය ගියහ. ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු හය දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද අප පුවත්පත වාර්තා කළේය. 10 July 2024
මන්ත්‍රීවරුන්ගෙන් සියයට 60කට වඩා මගේ මිතුරන් - ’’ක්ලබ් වසන්ත’’ අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, ඊයේ (08) මියගිය අතර ලංකාදීප යූ ටියුබ් නාලිකාවේ ධනූට කියන්න වැඩසටහන සමඟ 2022 නොවැම්බර් 18 වන දින සම්බන්ධ වී අදහස් බෙදා ගත්තේය. 09 July 2024
සිනිඳු සුදු මුතු තලාවේ - සෝමදාස ඇල්විටිගල නිර්මාණ රස මතක ප්‍රවීණ සංගීතඥ සෝමදාස ඇල්විටිගල නම ඇසූ පමණින් අපගේ මතකයට එන සොඳුරු ගීතාවලිය සහ චිත්‍රපට සංගීතය මෙරට ගීත කලාවේත් සංගීත ක්ෂේත්රයේත් ස්වර්ණමය යුගයක මධුරතම ආවර්ජනයකි. මේ අනුව ගීතය, චිත්‍රපටය, වේදිකා නාට්‍ය ආදී විවිධ ක්ෂේත්රවල සංගීතමය දායකත්වය ලබාදෙමින් ඔහු කළ අප්‍රමාණ මෙහෙවර අමරණීය වේ. 09 July 2024
ජන දුක හඳුනාගත් රාජ්‍ය නිලධාරියා - ලයනල් ප්‍රනාන්දු විමලරත්න කුමාරගම කවියා වන්නියේ දුප්පත් අසරණ ජනතාව අතර ජීවත් වෙමින් ඔවුන්ගේ දුක සැප හඳුනා ගනිමින් ඔවුන්ගේ ජීවිත තම නිර්මාණ සඳහා විෂය කරගත් රාජ්‍ය නිලධාරියකු ලෙස ප්රකටය. ඔහු ප්‍රාදේශීය ආදායම් නිලධාරියෙක් වූයේය. 09 July 2024
ණය වලේ ගිලෙමුද? ගොඩ එමුද? ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වී ඇතැයි යන සුබ පණිවිඩය මේ වන විට ලැබෙමින් පවතී. වත්මන් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වඩා ඒවා සුබ ආරංචියක් වන්නේ ඉදිරියේදී පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවටයි. 09 July 2024
වත්කම් බැරකම් නීති තදින්ම ක්‍රියාත්මක කරවමු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව පවත්වන විමර්ශනවලින් පසුව වසරක සිර දඬුවමක් හෝ මාස දොළහක දළ වැටුපට සමාන දඩයක් හෝ එම දඬුවම් දෙකම හෝ නියම කිරීමට නව දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන සලසා ඇතැයි ලංකාදීප ප්‍රවෘත්තියකින් හෙළිකර තිබේ. 09 July 2024
ශ්‍රී ලංකාවේ නීතියේ බලය ක්‍රියාත්මකද? දිවංගත එච්.එල්. ද සිල්වා අනුස්මරණ සඳහා මීට දොළොස් වසකට පෙර කොළඹ පැවති උත්සවයක මුලසුන හොබවමින් හිටපු විදේශ ලේකම් එච්.එම්.ජී.එස්. පළිහක්කාර වටිනා අදහස් කීපයක් ප්‍රකාශයට පත්කළේය. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින්නේ රැක බලාගත් නීතිමය පාලනයක් නොව, එය බලයේ සිටිනා මිනිසුන්ගේ පාලන ක්‍රමයක් ලෙස නම් කළ හැකි බවයි. 08 July 2024
තැපෑලේ අතිකාල මගඩි නතර කිරීමට ක්‍රමයක් නැද්ද? අතිකාල දීමනා සම්බන්ධයෙන් ලංකාවේ ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතනවලට ඇත්තේ වාර්තාගත ඉතිහාසයකි. වර්තමානයේදී එහි වැඩි වෙනසක් නැත. එහෙත්, කනගාටුවට කරුණ වන්නේ, මේ වාර්තා බොහොමයක් හොඳට නොව නරකට සම්බන්ධ ඒවා වීමයි. තැපැල් දෙපාර්තමේන්තුව ද මේ කියන දෙපාර්තමේන්තු අතුරින් එකකි. විගණන කාර්යාලය පසුගිය දා නිකුත් කළ අලුත් වාර්තාව මේ බව සනාථ කර තිබේ. 08 July 2024
ද්‍රවිඩ ජාතික දේශපාලනයේ සම්බන්ධන් පසුගිය ඉරිදා රාත්‍රියේ සිදු වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය දෙමළ දේශපාලනයේ අන්තවාදීන් හා මධ්‍යස්ථ මතධාරීන් අතර සංවාදයක් මගින් ජනවාර්ගික ප්‍රශ්නයට දකුණේ ජනතාවට පිළිගත හැකි විසඳුමක් සෙවීමට උත්සාහ කළ දෙමළ නායකයන් කිහිප දෙනා අතරින් එක් අයකුගේ අභාවයකි. 06 July 2024
පාර්ලිමේන්තු කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු පාර්ලිමේන්තුවේ පැය එකහමාරක හදිසි රැස්වීමක් පැවැත්වීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වී ඇතැයි පසුගියදා වාර්තා වූයේය. පසුගිය 02 වැනිදා මෙම හදිසි රැස්වීම පවත්වා තිබුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා ය. මාධ්‍ය වාර්තාවලට අනුව ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව විපක්ෂ නායකවරයාද ප්‍රකාශයක් කළ අතර එයින් පසුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබූ බව වාර්තා විය. 06 July 2024
නිෂ්පාදකයා අනාථ නොකරන්න ... මම එදත් අදත් කියනවා දශක හයක් පුරා ශ්‍රී ලාංකේය සිංහල සිනමාවට ඇය කළ මෙහෙවර විශිෂ්ටය. රංගන ශිල්පිනියක, චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්යක්ෂවරියක, නිෂ්පාදිකාවක ලෙස මෙන්ම ලේඛිකාවකද ලෙසින්ද ඇය කලා ක්ෂේත්රයේ පෑ මෙහෙවර අගනේය. දශක අටක දිවි ගමනේ අදටත් තම ජනප්‍රියත්වය මෙන්ම රුවෙන්ද වෙනස් නොවී එක ලෙසම පවත්වාගෙන යන මේ ජ්‍යෙෂ්ඨ රංගවේදිනිය නමින් ශ්‍රියානි අමරසේන වන්නීය. 05 July 2024
අදට ගැලපෙන බලවේගයක අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාව නීත්‍යානුකූල නොවන ලෙස බංකොලොත් බව ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් පසු මතු වූ රට ගොඩ ගැනීමේ සංවාදය අද වන විට දේශපාලනයේ ප්‍රමුඛත්වය අත්පත් කරගෙන ඇත. මේ වන විට සුබාරංචි හා අසුබාරංචි පිළිබඳ තැනක එම සංවාදයේ මුහුණත දක්නට ලැබේ. මේ තීව්ර හා ගතික සංවාදය තුළ බොහෝ අය කතා කරන්නේ කොළේ වහගෙන ය. 05 July 2024
ළමා පරපුර රැකගැනීම සමස්ත සමාජ වගකීමක් හදවත් පාළු සෝබර සංකාවෙන් පුරවන පුවත් නිමක් නැත. එබඳු පුවත් දෙකක්ම අප පුවත්පත ඊයේ වාර්තා කළේය. එක් පුවතකින් කියැවුණේ කොළඹ 2 කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් පැන වයස අවුරුදු 15ක සිසුවකු හා සිසුවියක දිවි නසා ගත් බවය. දෙදෙනාම කුරුඳුවත්ත ජාත්‍යන්තර පාසලක එකම පන්තියේ ඉගෙනගත් බවත් එය දිවි නසා ගැනීමක් ද? වෙනත් අනතුරක් ද? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. 05 July 2024
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026