ශ්රී ලංකා පොලිසියේ 158 වැනි පොලිස් දින සංවත්සරය අදට (03) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රථම පොලිස්පති ලෙස ශ්‍රීමත් ජී.ඩබ්ලිව්.ආර්. කැම්බල් මහතා පොලිස්පති ධුරයට පත් වූයේ 1866 සැප්තැම්බර් 03 වැනිදාය. එදින ව්‍යවස්ථාපිතව පොලිසිය ආරම්භ කළ දිනය ලෙස සලකනු ලැබේ.
එසේ වුවද 1602දී ලන්දේසි ජාතිකයන් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් අනතුරුව 1650 වර්ෂයේදී කොළඹ මහ නගර සභාව විසින් රාත්‍රි කාලයේදී නගරයේ ආරක්ෂාව සඳහා ආරක්ෂකයින් පත් කිරීමේ යෝජනාවක් සම්මත කරන ලදී. ඒ අනුව රාත්‍රියේදී නගරයේ මුර සංචාරයේ යෙදීම සඳහා සොල්දාදුවන් සිව්දෙනෙකු පත් කරන ලද අතර ඔවුන්ගේ රාජකාරිය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක පොලිස් රාජකාරිය ලෙස හැඳින්විය හැකිය.
1796 වර්ෂයේ පෙබරවාරි 16 වැනිදා ලන්දේසීන් බ්‍රිතාන්‍යයන්ට යටත් වූ අතර එතැන් සිට රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම බ්‍රිතාන්‍ය හමුදාව විසින් සිදු කරන ලදී.
ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා විසින් තෝරා ගන්නා ලද ජී.ඩබ්ලිව්.ආර්. කැම්බල් මහතා වර්ෂ 1866 සැප්තැම්බර් 03 වැනිදා ප්‍රධාන පොලිස් අධිකාරි ලෙස රාජකාරි ආරම්භ කළේය. වර්ෂ 1867 සී අංක 16 දරන පොලිස් ආඥාපනත සංශෝධනය කිරීමෙන් පොලිස් බළකායේ ප්‍රධානියාගේ තනතුර පොලිස් අධිකාරි තනතුරේ සිට පොලිස් තනතුර ලෙස වෙනස් කරන ලද බැවින් වර්ෂ 1866 සැප්තැම්බර් 03 වැනිදා ලාංකික වර්තමාන පොලිස් සේවයේ ව්‍යවස්ථාපිත ආරම්භය ලෙස සැලකිය හැකිය. ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වශයෙන් ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා වර්ෂ 1947 ජුනි මස 01 වන දින රාජකාරි ආරම්භ කළ අතර එවකට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමත්‍යාංශයේ විෂය පථයට යටත් කරන ලදී. වර්ෂ 1948 නිදහස ලබා ගැනීමත් සමඟ පොලිස් බලකාය යටත්විජිත දෘෂ්ටියෙන් මිදුණු පොලිස් සේවාවක් බවට පරිවර්තනය කිරීමේ වගකීම ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතාට ඉටු කිරීමට සිදුවිය.
1870 වර්ෂයේ දී පමණ විශාල වශයෙන් සිදුවන වාණිජ අපරාධ, අබිරහස් මිනී මැරුම් හා රහස්‍ය අනාවරණය කර ගැනීමේ අරමුණින් සිවිල් ඇඳුමින් සැරසුණ පොලිස් නිලධාරීන් යොදා ගැනීම.
අපරාධ විසඳීම සඳහා ලෝකයේ භාවිතයට ගන්නා විශේෂඥ සාක්ෂියක් ලෙස පිළිගන්නා පොලිස් නිල සුනඛ රාජකාරිය ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කරන ලද්දේ 1948 නොවැම්බර් මාසයේදීය.
1952 වර්ෂයේදී ශ්‍රී ලංකා පොලිසියට කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම ආරම්භ කරන ලද අතර එදා සිට මේ දක්වා පැමිණි ගමන් මග තුළ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ සිට කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා නිලයන් දරමින් කාන්තා පොලිස් නිලධාරිනියෝ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් මහඟු කර්තව්‍යයක් ඉටු කරමින් සිටිති.
1983 වර්ෂයේ දී පොලිසියේ සන්නද්ධ ඒකකය ලෙස බ්‍රිතාන්‍ය එස්.ඒ.එස්. නිලධාරීන්ගේ පුහුණුවෙන් සැදුම්ලත් පොලිස් විශේෂ කාර්ය බළකාය එක්වන්නේ ‘නියතයි ජය’ තේමාව යටතේය.
ශ්‍රී ලංකා පොලිසිය නව තාක්ෂණය සමඟ මුසුවෙමින් ආරම්භ කරන ලද නවමු ව්‍යාපෘතියක් ලෙස ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමේ (AFIS) පද්ධතිය, සැකකරුවන්ගේ පෞද්ගලික තොරතුරුවලින් සමන්විත (AMIS) පද්ධතිය වැනි ක්‍රමවේදයන් හඳුන්වා දිය හැකිය.
සැකකරුවන්ගේ මුහුණු ස්වයංක්‍රීයව හඳුනා ගැනීමේ (ARFS) පද්ධතියක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කිරීම සිදු කරන ලදී.
දිනෙන් දින මහා මාර්ගයට එකතු වන වාහන ප්‍රමාණය අධිකවීම නිසා සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා CCTV තාක්ෂණය මගින් කොළඹ නගරයේ මාර්ග නිරීක්ෂණය කරමින්, රථවාහන වැරදි සම්බන්ධව ක්‍රියා කිරීම සඳහා ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාපිත 119 දුරකතන සේවයට අමතරව නවමු දුරකතන අංකයක් ලෙස 107 දුරකතන අංකය හඳුන්වා දෙමින් දමළ ජනතාවගේ පැමිණිලි මෙන්ම අපරාධ සම්බන්ධ තොරතුරු දෙමළ භාෂාවෙන්ම ලබාදීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එසේම දිවයින පුරා ළමයින්ට හා කාන්තාවන්ට ක්ෂණිකව සහාය සැලසීම උදෙසා 109 දුරකතන අංකය ස්ථාපිත කර ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන අපරාධ සම්බන්ධව පැමිණිලි කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර මෙම කටයුතු සඳහා පැය 24 පුරාම කාන්තා නිලධාරිනියන් යෙදාවා තිබීම විශේෂත්වයකි.
පොලිසියේ ක්‍රියාත්මක තවත් සුවිශේෂී සේවාවක් ලෙස ‘පොලිස්පතිට කියන්න’ (TELL IGP) වෙබ් අඩවිය හැඳින්විය හැකිය. මේ සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිසියේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පසු E-Services යටතේ ඇති Online Complain වෙත පිවිසීමෙන් අදාළ පැමිණිලි ඍජුවම පොලිස්පතිවරයා වෙත ඉදිපත් කිරීමට මහජනතාවට හැකියාව ඇත.
මෑත කාලයේදී ජනතාවට සමීප වූ ඉතාමත් ඵලදායි වැඩසටහන් ලෙස ප්‍රජා පොලිස් සේවයට සමගාමීව ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ ‘‘යුක්තිය මෙහෙයුම’’, අපරාධකරුවන් හඹාගොස් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක ‘‘සන්නද්ධ යතුරුපැදි බළකාය’’, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ආරම්භ වූ ‘‘සුවසාර කැදැල්ල’’,පාසල් අවට මත්ද්‍රව්‍ය වලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ආරම්භ වූ ‘‘පවුර’’ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැළැක්වීම සඳහා ඇරඹි ‘‘හෙට දවස’’ වැනි ප්‍රජාපාදක වැඩසටහන් පෙන්වා දිය හැකිය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.
(***)
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්රී ලංකා පොලිසියේ 158 වැනි සංවත්සරය