කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ගැන බොහෝ දේ ලියැවී ඇත. එහෙත් තවත් බොහෝ දේ ලිවීමට තිබේ. ඒ උන්වහන්සේ පොඩි හාමුදුරුවන් යැයි හැඳින් වුවද සදාකාලිකව මතක සිටින ලොකු වැඩ කර ඇති හෙයිනි. එබඳු අමරණීය මතකයක් තබා යාමට සියලු දෙනාටම හැකියාවක් නැත. එය දුලබ වාසනා ගුණ මහිමයෙන් පිරිපුන් අයකුට පමණක් උරුම වන්නකි. පොඩි හාමුදුරුවෝ යනු එහි සදාතනික සිහිවටනයකි.
‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’ යැයි කියමනකි. ලොකු වැඩ කළ පොඩි හාමුදුරුවන්ගේ එම ගුණය කුඩා සන්දියේදීම ප්‍රකට විය. ඔබ අසා ඇතත් එම අතීත කතාව යළිත් ලියමි.
පොඩි හාමුදුරුවන්ගේ ගම ගල්බොඩය. එය වූකලී ඓතිහාසික රෝහණ දේශයේ කඹුරුපිටියේ පිහිටි අත්‍යන්තයෙන්ම රමණීය ගම්මානයකි. නිසල නිසංසල පරිසරය හරිත පැහැයෙන් යුත් ගහකොළ, රන්වන් කරලින් පීදුණු ඉමක් කොනක් නොපෙනෙන කෙත් යාය, රිදීවන් දිය දහරවන්ගෙන් පිරීගත් අතු ගංගා එගම වැසියන්ගේ සිත්සතන් නිවී සැනසීම් බවට පත් කළේය. එගම විසූ ගල්බොඩ කම්කානම්ගේ දොන් මද්දුමගේ සහ අමරවික්‍රම ලියනගේ සෙනෙහෙලතා යුවතිපතීන්ට 1943 වසරේ දෙසැම්බර් 14 වැනිදා රුවැති පින්වත් කුල කුමරෙක් ලැබිණි. පින්වත් කුල කුමරාගේ නම වූයේ ගල්බොඩ කම්කානම්ගේ කරුණාරත්නය.
කරුණාරත්න කුඩා අවදියේදී ද ඉතා කරුණාවන්තය. එමෙන්ම ඉවසිලිවන්තය. ළමාවියට උරුම දඟකාරකම් විනා දඩම්බර විසේකාරකම් නැත. ‘‘මේ ළමයා හරිම අමුතුයි. කවදාහරි හොඳ උගතෙක් වෙනවා’’ ගමේ කවුරුත් කරුණාරත්න ගැන කතා කළේ එහෙමය.
ගල්බොඩ කපුදූව පාසල පිහිටියේ කරුණාරත්නගේ නිවසේ සිට සැතපුම් තුනක් පමණ දුරකිනි. පාසල් ගමන පයිනි. වැඩිමහල් සහෝදරයන් දෙදෙනා සමග අකුරට යන කරුණාරත්න දැකීම ගමේ වැසියන්ට මංගල කාරණයක් බඳුය. එතරම්ම පින්සාර බවක් එම මුහුණේ විය.
ගල්බොඩ පන්සලේ පරවාහැර දේවානන්ද හාමුදුරුවෝ කරුණාරත්න දරුවාගේ සුවිශේෂත්වය හඳුනාගෙන සිටියහ. ඒ ළඟම දායක පවුලක පින්වත් දරුවකු නිසාය. උන්වහන්සේ ඉගෙන ගෙන තිබුණේ කොළඹ හුණුපිටිය ගංගාරාමයේය. ගංගාරාමාධිපති දෙවුන්දර ශ්‍රී වාචිස්සර ස්වාමීන් වහන්සේ හා පරවාහැර දේවානන්ද නාහිමියන් අතර ඉතා කුළුපග මිත්‍රත්වයක් විය. ඕනෑම අවශ්‍යතාවකදී පරවාහැර දේවානන්ද හාමුදුරුවන්ට කතා කිරීම දෙවුන්දර ශ්‍රී වාචිස්සර නාහිමියන්ගේ සිරිතය.
‘‘මට මහණ කරන්න හොඳ ළමයෙක් හොයලා දෙන්න’’ වාචිස්සර නාහිමියෝ දේවානන්ද හිමියන්ට ප්‍රකාශ කළහ. එම පණිවිඩය ලද සැණින් දේවානන්ද හිමියන්ගේ මතකයට නැගුණේ කරුණාරත්න දරුවාය. ඒ වනවිට ඔහු පාසලේ හතර වැනි පන්තියේ ඉගෙන ගනිමින් සිටියේය.
‘‘කරුණාරත්න තමයි සුදුසුම කෙනා’’ එසේ සිතූ දේවානන්ද හිමියෝ කරුණාරත්න දරුවාගේ නිවෙසට වැඩම කළහ.
‘‘මට මේ දරුවාගේ කේන්දරය දෙන්න’’ දේවානන්ද හිමියෝ ඉල්ලා සිටියහ. පැකිලීමකින් තොරව එය උන්වහන්සේ අතට පත්විය.
එම කාලය වන විට ශ්‍රී පාදස්ථානාධිපතිව වැඩ සිටියේ මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද හා හිමියෝය.
‘‘මේ දරුවා මහණ කරන්න සුදුසුද කියලා බලන්න’’ දේවානන්ද හිමියන් කරුණාරත්න දරුවාගේ කේන්දරය මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද හිමියන් අතට පත් කරමින් ඉල්ලා සිටියහ.
‘‘ඉන්න තැනකින් හොයාගෙන මේ ළමයා ඉක්මනට මහණ කරන්න. ධම්මානන්ද හිමියෝ දේවානන්ද හිමියන්ට ප්‍රකාශ කළහ.
‘‘මේ දරුවා වහාම ගංගාරාමයට එක්කර ගෙන යන්න.’’ දේවානන්ද හිමියෝ කරුණාරත්න දරුවාගේ පියාට ප්‍රකාශ කළහ. පෙර පින් ඇති කරුණාරත්න දරුවාට තවත් සිතීමට දෙයක් නැත.
‘‘මේ දරුවා ඉපදිලා තියෙන්නෙම මහණ වෙන්න’’ කරුණාරත්න දරවාගේ අම්මා කීවාය. එහෙත් ඒ වනවිටත් වසන් කළ නොහැකි කඳුළු බිඳු අම්මාගේ දෙකොපුල දිගේ ගලා යමින් තිබිණි.
එදිනම ඒ මොහොතේදීම කරුණාරත්න දරුවා නිවෙසට සමුදී මහ පාරට පිවිසියේය. කුඩා සූට්කේස් එකක ඇඳුම් කිහිපයක් දමාගත් පියාද කරුණාරත්න දරුවා පසුපසින් විය. සැතපුම් තුනක් පා ගමනෙනි. ඉන් පසු කොළඹ බලා ධාවනය වූ බසයක නැගී ඔවුහු කොළඹ, හුණුපිටියේ ගංගාරාමයට පැමිණියහ.
දිනය හරියටම 1954 වසරේ නොවැම්බර් මස 8 වැනිදාය.
ගංගාරාම පන්සල් බිම උවසු උවැසියන්ගෙන් පිරී තිබිණි. සාධු නාදයෙන් හාත්පස පරිසරය ගිගුම් දුනි. හිස මුඩු කළ කුඩා දරුවෙක් සිවුර, අඳනය හා බඳ පටිය අතින් ගෙන දණගසාගෙන සිටිති. ඒ දෙවුන්දර වාචිස්සර නාහිමියන් හා දෙවුන්දර ශ්‍රී රතනජෝති නාහිමියන් ඉදිරිපිටය.
‘‘සබ්බ දුක්ඛ නිස්සරණ’ යනුවෙන් සියලු දුක් නිවාරණය කෙරෙන නිවන් මග පසක් කරන මහණ දමට මට අවසර දෙන්න යැයි’’ කරුණාරත්න දරුවා කීවේය.
ගල්බොඩ ඤාණිස්සර යන නාමය පුංචි සාමනේර හාමුදුරුවන්ට ලැබිණි. ශ්‍රී පාදස්ථානාධිපති මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද හිමියන් ‘‘ඉන්න තැනකින් හොයලා ඉක්මනට මහණ කරන්න’’ යැයි කළ ප්‍රකාශය කුමන හේතුවක් නිසා කරන්නට ඇද්දැයි දැන් ඉඳුරාම පැහැදිලිය.
ලොකු වැඩ කළ පොඩි හාමුදුරුවන්ගේ එම රුව ගුණ තේජස කේන්දරයෙහි සටහන්ව තිබිණි. ‘‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’’ යයි පැරැන්නන් කීවේ එහෙයිනි.
එම කාලයේ හුණුපිටිය ගංගාරාමයේ වැඩ සිටි කුඩාම සාමනේර භික්ෂුව ඤාණිස්සර හාමුදුරුවන්ය. එහෙයින්ම උන්වහන්සේ කාටත් ‘‘පොඩි හාමුදුරුවෝ’’ විය.
පොඩි හාමුදුරුවෝ කෙමෙන් තරුණ වියට පා තබමින් සිටියහ. ගංගාරාම පිරිවෙනෙන් උගත මනා බණ දහම් හදාරා උසස් පෙළ උසස් ලෙස සමත්ව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට උන්වහන්සේ ඇතුල් වූහ.
උන්වහන්සේ තුරුණු වියේදීම ගුරු හාමුදුරුවන් වන දෙවුන්දර ශ්‍රී වාචිස්සර නාහිමියන්ගේ දෙනෙත් අඳ විය. ඒ වනවිට පොඩි හාමුදුරුවන්ගේ වයස අවුරුදු 16ක් විය. ලාබාලකමට තරම් නොවන මහා බරපතළ වගකීමක් බාර ගැනීමට පොඩි හාමුදුරුවන්ට සිදු විය. දෙනෙත් අඳ ගුරු හිමියන්ගේ සියලු ඇපඋපස්ථාන කරමින් දායක දායිකාවන්ටද යුතුකම් ඉටු කරමින් ඉගෙන ගනිමින් පොඩි හාමුදුරුවෝ මහා රූපකායක්ව මතු වූහ.
පොඩිහාමුදුරුවන්ගේ සසුන් බිමට පිවිසීමේ කතාව මෙහි සටහන් කරනු උන්වහන්සේ සිදුකළ ආගමික, සාමාජික, ජාතික හා ජාත්‍යන්තර උපමා නැති මෙහෙවරෙහි නිධාන කතාව එහි අන්තර්ගත බැවිනි.
(*** ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සසුනඹර එකලු කළ පොඩි හාමුදුරුවෝ