විපක්ෂයේ වර්තමාන කාර්යභාරය සහල් ප්රශ්නය තාම විසඳා ගැනීමට ආණ්ඩුවට නොහැකිවීමෙන් කියා පාන්නේ තමන්ට කොතරම් විසිල් පුළුවන් වුවද බල්ටි නම් බැරි බවයි. පසුගිය දා පෞද්ගලික රූපවාහිනි වැඩසටහනකට සහභාගී වූ වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ පොදු සමාජයේ භාෂාවෙන් කිවහොත් හොඳටම නාගත්තේ ය. එය එක් ඇමැතිවරයකුගේ නාගැනීමට පමණක් සීමා නොවී සමස්ත ආණ්ඩුවේ සියලු කරුණු ගැන නාගැනීමක් වුවද, එහි දී වූ සහල් ප්රශ්නය ගැන නාගැනීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. 27 December 2024
නත්තල් පණිවිඩයේ ශ්‍රේෂ්ඨත්වය නත්තල යනු ජේසුස් වහන්සේගේ මොලොව ජනිත වීම සිහිපත් කරන අසිරිමත් අවස්ථාවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මීට අවුරුදු දෙදාහස් ගණනකට පෙර බෙත්ලෙහෙම් නුවර ගවලෙනක උප්පත්තිය ලැබීම නත්තලෙන් සිහිපත් කෙරේ. ජේසුතුමන්ගේ උප්පත්තිය පිළිබඳ සලකා බලන විට එහි දකින්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් ඇත. 25 December 2024
ආණ්ඩුව- සහනද? ආර්ථිකයද? ආර්ථික බංකොලොත්භාවයකට පත්ව සිටි ශ්‍රී ලංකාව ස්ථාවර තැනකට පැමිණ ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඉදිරි සැලසුම් අනුව දියුණුවකට හරවාගත හැකිවනු ඇත. මෙම වසරේ තුන්වැනි කාර්තුවේ දී ආර්ථික වර්ධනය සියයට 5.5 කි. 2019 වසරට පසු ඉහළම අගය බව දැක්වේ. මහජනතාවගේ මිල දී ගැනීමේ ක්‍රය ශක්තිය ක්‍රමයෙන් වර්ධනය වන අතර මෙම ස්වභාවය සමග ඉල්ලුම ඉහළ යනු ඇත. වෙළෙඳපොළ හැසිරවීම තීරණාත්මක සාධකයකි. 24 December 2024
නොකැඩෙන ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්වයකි. 21 December 2024
ජනපති ඉන්දීය නිලගමනේ ප්‍රතිඵල රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරින් මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය පිළිබඳවය. රටේ දේශපාලනය පැත්තෙන් එම සංචාරය වැදගත් බව කාටත් පැහැදිලිය. 20 December 2024
ඉන්දීය - චීන ආර්ථිකයේ ආදර්ශය අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ලැබූ තීන්දු තීරණ ආදිය පිළිබඳවත් බොහෝ දෙනාගේ අවධානය මේ වන විට යොමුවී ඇති බව පෙනේ. 19 December 2024
බැඳුම්කර ආර්ථික බලපෑම ශ්‍රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට තැබීමට දෙසැම්බර් 13 වැනි දින හැකියාව ලැබුණි. රජය විසින් නිකුත් කරන ලද ස්වෛරිත්ව බැඳුම්කර මිලදීගෙන ඇති පිරිස් සමග රජය ඔවුන්ගෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම පිළිබඳ එකඟතා ඇතිකර ගැනීමට එදින හැකිවිය. 18 December 2024
දේශගුණික අර්බුදවලට අප සූදානම්ද? නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව රජයට තවමත් සුව කිරීමට අපොහොසත් වී ඇතැයි ප්රතිපක්ෂ විසින් එල්ල කෙරෙන චෝදනා පදනම්ව උද්ගතව ඇති කලබගෑනිය තවමත් නිමාවී නොමැත. මෙහි යුක්ති යුක්තභාවය කෙසේ වෙතත් අපගේ අවධානය ඊට වඩා බැරෑරුම් කලාපයකට යොමුවිය යුතු කාලයකි ක්‍රමයෙන් එළඹෙමින් තිබෙන්නේ. 18 December 2024
ආනයනික සහලේ අලකලංචිය සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හාල් මිල ඉහළ යාම හේතුවෙනි. හාල්පොත මුලින්ම හඳුන්වා දී තිබුණේ දෙවැනි ලෝක මහා යුද්ධයෙන් අනතුරුව එවකට පැවති යටත් විජිත රජයයි. 16 December 2024
ජනපතිගේ ඉන්දීය ගමනේ අභියෝග අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයන් විශ්වාස කරන බව පෙනේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසී ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති අතර ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුරුමු මහත්මිය ද හමුවීමට නියමිතය. ජනාධිපති අනුර හා ඉන්දීය අගමැති මෝදි මහතා ගේ නිල හමුවීම සමග දෙරටට වැදගත්වන ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය. 16 December 2024
බෞද්ධ විමුක්ති මාර්ගය සංවර ඇඳුමින් පැලඳුමින් වාරණය නොවේ ඇඳුම් පැලඳුම් භාවිතයෙහි ඉතිහාසය ඉතා දීර්ඝය. ඇඳුම් යනු වස්ත්‍ර වන අතර පැලඳුම් යනුවෙන් විවිධ ආභරණ ගැන සඳහන් වෙයි.මානව සමාජයෙහි ආරම්භයේ සිටම ඇඳුම් පිළිබඳ සඳහන් වන අතර තත්කාලීන මානවයා එය පරිසරය තුළින්ම සකසා ගැනීම පිළිබඳ තොරතුරු අනාවරණය වේ. 14 December 2024
උපාධි ප්‍රශ්නයෙන් රට යවන හාල්-පොල් මිල ආණ්ඩුව මේ වනවිට මුහුණ දී සිටින ක්ෂණික ප්‍රශ්නවලින් එකක් හැර අනෙක් සියල්ලම ඇති වීමට වගකිව යුත්තේ මෙතෙක් පැවැති ආණ්ඩුය. එහෙත් ඒ සියල්ල විසඳීමේ වගකීම ඇත්තේ වර්තමාන ආණ්ඩුවටය. 14 December 2024
එංගලන්තයේ බිලියනපතියාගෙන් මව්බිමට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ක්‍රීඩාවේදී “මහත්වරු” ගැන කතාකරයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී මහත්මා ගුණය ගැන වඩවඩාත් කථාකරයි. මහත්හොරු ගැන කතාබහට ලක්වන යුගයක මහත්වරුන් සොයාගැනීම අසීරුය. මේ එවන් මහත්මයෙකු සොයාගිය ගමනකි. 13 December 2024
බ්‍රිතාන්‍යයන් මිහිදන් කළ ගැරිසන් සොහොන මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේ දක්නට ඇති බොහෝමයක් තැන්වල වැදගත්කම කෙබඳු දැයි අවබෝධ කරගත් පිරිස අතළොස්සක් බව නම් නොරහසකි. මහනුවර දළදා මාලිගාව අභියස කෞතුකාගාරය අසළ ” සොහොන් කොත් ” කිහිපයක් අදටත් දැකිය හැකිය. එය නමින් ” ගැරිසන් සොහොන” වේ. අධිරාජ්‍යවාදී පාලන සමයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන්කොත් ලෙස විරුදාවලි ලබා ඇති ගැරිසන් සුසාන භූමිය පිළිබඳව තබන සටහනකි මේ. 13 December 2024
කතාවේ භාවිතාවේ පරතරය ආණ්ඩුව විවිධ පෙරමුණුවල දැඩි පීඩනයට හසුවෙමින් තිබෙනු දැකිය හැකි ය. මෙහි විශේෂය නම් මෙම පීඩනය අන්කවරෙකු හෝ විසින් එල්ල කරන ලද එකක් නොව, තමන් විසින්ම නිර්මාණය කරගන්නා ලද එකක් වීමය. එක් අතකින් ආණ්ඩුවට සහල් ප්රශ්නය විසඳා ගැනීමට නොහැකි වී තිබේ. 13 December 2024
ඒඩ්ස් සමාජ උවදුරක් වේවිද? මානවයාට සම්ප්‍රේෂණය වන ලිංගාශ්‍රිත රෝග පිළිබඳව අවධානය යොමු කරන විට අප ව්‍යවහාරයෙහි සුලබව පවතින්නා වූ පද ද්විත්වයක් ලෙසHIV සහ ඒඩ්ස් හැඳින්විය හැකිය. 1981 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල තරුණ කණ්ඩායම් අතර ශරීරයෙහි ප්‍රතිශක්තිය අඩු වීම හේතුවෙන් පැතිරී යන විශේෂ රෝගී තත්ව පිළිබඳව වාර්තා වීමත් සමඟ එම රෝගී තත්වය ඒඩ්ස් නමින් හැඳින්වීමට කටයුතු කර ඇත. 12 December 2024
ඊ-මෝටරින් ව්‍යාපෘතියෙන් සැරසෙන්නේ තවත් ගැහිල්ලකටද? ඊ-මෝටරින් ව්‍යාපෘතියක් හඳුන්වා දෙමින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කාර්යයන් සාර්ථක කර ගැනීමට පිඹුරුපත් සැකසෙන්නේ 2018 වසරේදීය. මෙම ව්‍යාපෘතිය හරහා නව මෘදුකාංගයක් හඳුන්වා දෙමින් නවීන ක්‍රමවේද භාවිත මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කාර්යයන් ආරම්භ කිරීමට නියමිතව තිබුණි. 12 December 2024
දියුණුවේ මාර්ගයට අවස්ථා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් රටවල් 193ක් ලෝකයේ තිබේ. අප කැමැති වුවත් අකැමැති වුවත් මෙයින් සියයට හැත්තෑපහක ආර්ථික පාලනය වන්නේ ධනවාදී ක්‍රමයෙනි. එනම් වෙළෙඳපොළ ආර්ථික ක්රමවේදයෙනි. වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් යනු ඉල්ලුම හා සැපයුම මත පදනම් වූ ආර්ථික ක්රමයකි. 12 December 2024
කෘෂි අර්බුදයට තිරසාර විසඳුමක් තම වගාවලට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවි බිමේ දී ඕනෑම ක්‍රියාවක් කිරීමට ගොවීන්ට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවට අමාත්‍ය ලාල්කාන්ත මහතා කර ඇති ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල විවිධ මත ප්‍රකාශ වන බව පෙනේ. වන සතුන් කෘෂිකාර්මික කටයුතුවලට කරන හානිය ඉතා දරුණු තත්වයකට පත්ව ඇතැයි ද එය රිළා ත්රස්තවාදයක් බවට පත්ව ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. 11 December 2024
කවි පොත් පහ ගහන්න කොස් ගස් පහක් වික්කා දශක කිහිපයක් පුරා කාව්‍ය ග්රන්ථ විසිපහක් පමණ රචනා කරමින් සිංහල කවියෙහි තමන්ටම අනන්‍ය කවි ලකුණක් නිර්මාණය කරන්නට සමත් වූ ඔහු කුමාර හෙට්ටිආරච්චි ය. ඔහුගේ කවිය නූතනයේ වෙනත් කවියන්ට වඩා අමුතු අපූර්වත්වයකින් යුතු එකකි. 10 December 2024
ලංකාවේ මානව හිමිකම් අභියෝග විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්රඥප්තියට අනුමැතිය දීමේ යෝජනාවට අත්සන් කළේ 1948 දෙසැම්බර් 10 වැනිදාය. එයින් ලංකාව පමණක් නොව ලෝකයේ සියලුම රටවලට මානව හිමිකම් ආරක්ෂා කිරීම, ගෞරව කිරීම මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීමක් හා යුතුකමක් වශයෙන් තීරණයවී තිබේ. 10 December 2024
ජනපති රටිනුත් එළවූ සිරියානු කැරැල්ල අවසානයේ එය එසේ සිදුවිය. වසර 13 ක් තිස්සේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට, එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ගෙන ගිය උත්සාහය සාර්ථක විය. සිරියානු විපක්ෂය සමඟ එක් වූ සන්නද්ධ කැරැලිකරුවෝ ක්‍රමානුකූලව සිරියාවේ නගර එකිනෙක ඔවුන්ගේ ග්‍රහණයට ගනිමින් අවසානයේ ඊයේ (8) ඩමැස්කස් අගනුවර අත්පත් කර ගත්හ. 09 December 2024
සංවර්ධනයට නිෂ්පාදන ආර්ථිකයක් කොවිඩ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතළ පෙරැළි සිදුවිය. රාජ්‍ය නායකයන්ගේ ජනප්‍රියත්වය පහත වැටිණ. 09 December 2024
උතුර-නැගෙනහිර ආණ්ඩුවේ ගමන්මග උතුරු, නැගෙනහිර පළාත්වලට සීමාවූ දේශපාලන පක්ෂ හැර වෙනත් කිසිදු පක්ෂයක් මෙතෙක් නොලැබූ තරම් විශාල බලයක් මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ලැබී තිබේ. 07 December 2024
කතාව දෝලාවෙන් ගමන ...? මේ ගෙවෙමින් තිබෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පළමු මාසයයි. අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසුව සාමාන්‍ය ආකාරයේ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වූයේද මේ සතියේය. මේ පාර්ලිමේන්තු සැසි වාරයේ සාකච්ඡාවට ගැනුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳවය. 06 December 2024
ආපදා පාලන ආපදාව ආපදා කළමනාකරණය පිළිබඳව රටේ යළි උනන්දුවක් ඇති වූයේ පසුගිය දිනවල ෆැනරල් කුණාටුව අපේ රටට බලපෑ පසුවය. පොදු සමාජයට බලපාන ආපදා තත්වයක් ඇති වූ පසු ආපදා කළමනාකරණය ගැන කතා කිරීම හැමදාම සිදු වූ දෙයකි. පසුගිය වර්ෂ ගණනාවක සිටම වූයේ ඒ දෙයයි. ආපදා කළමනාකරණය ගැන මේ යළිත් කතාබහක් ඇති වීම එහිම දිගුවකි. 05 December 2024
191 කට මරු කැඳවූ සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 50 යි 1974.12.04 දින ඉන්දුනිසියාවේ සුරවේයාර් ගුවන්තොටුපොළින් මගින් සහ කාර්ය මණ්ඩලයේ 191 දෙනෙකු රැගෙන මක්කම බලා පියාසර කළ ගුවන් යානය එදින රාත්‍රි 10.10 ට නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් සප්ත කන්‍යා කඳු වැටියේ ගැටි ගුවන් යානයේ ගමන් ගත් මගින් 182 ක් සහ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ. 04 December 2024
කලා ලොව එකලු කළ සිරිල් ඒ. සීලවිමල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු, සිනමාකරුවකු, සාහිත්‍යවේදියකු මෙන්ම ප්‍රකට ගේය පද රචකයකු වූ සිරිල් ඒ. සීලවිමල මහතා වියෝ වී මෙම මස (04) වැනිදාට වසර 14 ක් පිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 04 December 2024
ආර්ථිකයට ඉදිරි දැක්මක් අවශ්‍ය ඇයි? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව නිල එකඟතාවකට පැමිණියේ 2023 වසරේ මාර්තු මස 20 වැනිදාය. එම ආයතනය ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ණය මුදලෙහි පළමු වාරිකය එදිනම නිදහස් කිරීම ද සිදුවිය. 2023 දෙසැම්බර් 13 වැනිදා දෙවැනි වාරිකය රටට ලැබිණි. 03 December 2024
උතුරේ ජනවරම කුමක්ද? ජ.වි.පෙ. පෙරමුණ ගත් “මාලිමා” මැතිවරණ ජයග්‍රහණ ගැන මේ වන විට බොහෝ දේ ලියැවුණි. කියැවුණි. 2024 සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓතිහාසික ජයග්‍රහණ යේ. ඊට පාර කැපුවේ 69 ලක්ෂයක් ඡන්දය ලබා දී 2019 නොවැම්බරයේදී ජනාධිපති ලෙස තෝරා පත් කළ, ගෝඨාභය රාජපක්ෂය. 02 December 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026