IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අභියෝග මධ්‍යයේ ජයග්‍රහණ

2021 වර්ෂයේදී කොවිඩි 19 වසංගතයෙහි බලපෑම බදු කප්පාදුවල රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 118.7 ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යාම, ජාත්‍යන්තර සංචිත දැඩි ලෙස පහත වැටීම වැනි අනපේක්ෂිත සිදුවීම් රාශියකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය.

මෙම තත්වය හේතුවෙන් අවශ්‍ය ඖෂධ ඛනිජ තෙල්, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකිව ජනතාවට එදිනෙදා කටයුතු කර ගැනීමට අපහසු පීඩනකාරි වටපිටාවක් රට තුළ නිර්මාණය විය. ඒ අනුව 2022 වර්ෂයේ මැදභාගය වන විට ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු මුහුණ දුන් දරුණුතම ආර්ථික අහේනියකට මුහුණපෑමට සිදු විය.

2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන 51 ක විදේශ ණය පැහැර හැර තිබුණි. රටෙහි උද්ධමනය ඉහළ මට්ටමකට ළඟා වී තිබුණු අතර වර්ෂයේ මැද වන විට එය සියයට 60 ඉක්මවීය. මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකාව බුන්වත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. මෙවන් තත්වයක් තුළ ගැනීමට තිබුණු හොඳම විසඳුම ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය අරමුදල සඳහා යොමු විය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය ලබා ගත් පළමු අවස්ථාව නොවූ අතර මීට පෙර 16 වතාවක් අරමුදල් අවශ්‍යතා සඳහා මූල්‍ය අරමුදල වෙත ප්‍රවේශ වී ඇත.

ඒ අනුව 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙහි ආර්ථිකය නගා සිටුවීමට සිව් අවුරුදු ණය වැඩසටහනක් යටතේ ඩොලර් බිලියන 2.9 ක මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමත කරන ලදී. මෙම ණය අරමුදල ලබා දීමේ දී සැපිරිය යුතු කොන්දේසි 100ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කෙරුණු අතර එමගින් මෙරට සාර්ව ආර්ථික හා මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, ආර්ථික වර්ධනය, උද්ධමනය අඩු කිරීම, සංචිත ඉහළ නැංවීම, දිළිඳු සහ අවදානමට ලක්ව ඇති පුද්ගලයන් මත ආර්ථික බලපෑම අවම කිරීම සහ ආදායම් ඒකරාශීකරණ වැඩි දියුණු කිරීමේ අරමුණු ඉටු කිරීම බලාපොරොත්තු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් මේ වන විට අරමුදල සඳහා වන දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර එමගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 336 ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ප්‍රවේශය හිමි විය. මේ සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලබා දී ඇති මූල්‍ය සහය ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක් පමණ වෙයි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තුන්වැනි සමාලෝචනය සඳහා කාල වකවානුවක් ලබා ගැනීමට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තුවෙන් සිටින අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් කටයුතු කිරීම හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යාම ඉදිරියේ දී කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද දැවැන්ත අභියෝගයක් වනු ඇත. මූල්‍ය අරමුදල මගින් ලබා දී ඇති කොන්දේසි යම් ප්‍රමාණයක් මේ වන විටද ළඟා කර ගැනීමට සමත් වුවද සමහර කොන්දේසි ඒ ආකාරයෙන්ම ඉටු කිරීම අභියෝගාත්මකය. රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා බදු පදනම හා බදු මූලාශ්‍ර පුඵල් කරගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි එක් ප්‍රධාන කොන්දේසියක් විය. මේ වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11ක් පමණ වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි රාජ්‍ය ආදායම් කොන්දේසි සම්පූර්ණ කිරීමට අපට තවමත් හැකියාව ලැබී නොමැත. ඒ සඳහා තවදුරටත් සියයට 4කින් රාජ්‍ය ආදායම වර්ධනය කළ යුතු වෙයි. මේ සඳහා බදු වැඩි කිරීම රජයට තවදුරටත් සිදු කළ නොහැකිය. භාණ්ඩ හා සේවා මත අයකරන බදු අනුපාතිකය 2024 ජනවාරි මස සිට සියයට 15 සිට 18 දක්වා ඉහළ දැමීමෙන් ජනතාවගේ ජීවන වියදම දරාගත නොහැකි ලෙස වැඩි විය. එමෙන්ම ආදායම් බදු අනුපාතික ඉහළ දැමීම හේතු කරගෙන ඉහළ ආදායම්ලාභීන් ද දැඩි පීඩනයකට හසුව ඇති අතර අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල බුද්ධිමතුන් රට හැර යාමේ ප්‍රවණතාව වැඩි විය. මෙනිසා 2023 වර්ෂයේ දී බුද්ධිගලනය සියයට 300 පමණ ඉහළ ගියේය. මෙවන් තත්වයක් තුළ භාණ්ඩ හා සේවා මත අයකරන බදු අනුපාතිකය හෝ ආදායම් බදු අනුපාතික වැඩි කිරීම කළ නොහැකි අතර එය එසේ සිදු වුවහොත් ජනතාව තව තවත් පීඩනයට හා කලකිරීමට ඇඳ දැමීමට එය හේතු වෙයි.

මෙම අභියෝගය සඳහා විසඳුම් ලබා ගැනීමට නම් තවදුරටත් බදු පදනම පුඵල් කළ යුතුය. 2023 වර්ෂය අවසාන වන විට බදු ගෙවා ඇත්තේ ලක්ෂ 4ක් වැනි පිරිසක් පමණි. පැහැර හරින ලද බදු ප්‍රමාණය රුපියල් බිලියන 900 ඉක්මවයි. පැහැර හරින ලද බදු ලබා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම කළ යුතු අතර මෙනිසා අලුතෙන් බදු අය කිරීම වෙනුවට පැහැර හරිනු ලැබු බදු අයකර ගැනීම මෙම අභියෝගයට යෝග්‍ය විසඳුමක් වනු ඇත. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම මෙන්ම රාජ්‍ය වර්තන වියදම් අඩු කර ගැනීම පිළිබඳව රජය කටයුතු කළ යුතු වුවද පසුගිය කාල වකවානු තුළ රජයේ වර්තන වියදමෙහි අඩු වීමක් දක්නට නොලැබුණි. එනිසා රජය වර්තන ගිණුම මත වන පීඩනය අවම කර ගැනීම සඳහා රජයේ අනවශ්‍ය වියදම් හා රාජ්‍ය අංශයේ අක්‍රමිකතා හා දූෂණ අවම කරගත යුතුය.

විදේශ සංචිතය ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වන තවත් අභියෝගාත්මක ඉලක්කයක් වී ඇත. 2022 වර්ෂයේ මෙරට විදේශීය විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 දක්වා පහළ ගොස් තිබූණි. 2024 වර්ෂය වන විය නිල විදේශ සංචිත ප්‍රමාණය රුපියල් බිලියන 6 දක්වා වර්ධනය වී ඇත. මෙලෙස විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය වීමට ප්‍රධානතම හේතුවක් වූයේ ආනයන මත සීමා පැනවීමය. ලබන වර්ෂයේ සිට වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මෙම සංචිත තවදුරටත් වර්ධනය කර ගැනීම ගැටලු සහගත විය හැකි අතරම රජය විදේශීය ණය ආපසු ගෙවීමට කටයුතු කිරීමත් සමග මෙම ගැටලුව තවදුරටත් උග්‍ර වනු ඇත. මෙනිසා විදේශ සංචිත වැඩි වශයෙන් ආකර්ෂණය කරගත හැකි වන ආකාරයේ ක්‍රමවේද වෙත යොමු වීම සිදුකළ යුතුය. ඒ සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ අපනයන ඉහළ දැමීම, අපනයන විවිධාංගීකරණය හා අපනයනය සඳහා නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශය වැනි අපනයන ප්‍රවර්ධන වැඩසටහන් දල බදු සහන දියුණු යටිතල පහසුකම් සැපයීම මගින් හිතකර ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමෙන් විදේශීය සෘජු ආයෝජන ප්‍රවර්ධනය ද වැදගත් වෙයි. විදේශ සංචිත ප්‍රමාණ වර්ධනය කර ගැනීම සඳහා තවත් වැදගත් ප්‍රවේශයක් වන්නේ විදේශීය ප්‍රේෂණ හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමය. සංචාරකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමෙන් විදේශීය සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමෙන් විනිමය වර්ධනය කිරීම සිදු කළ යුතුය.

දළ දේශීය නිෂ්පාදිතය ඉහළ අගයක පවත්වා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඉලක්කයක් වෙයි. 2022 දී මෙරට මුර්ත දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරට වඩා සියයට 11.3 කින් අඩු විය. මෙම දැඩි පසුබෑමෙන් පසුව 2024 වර්ෂයේ දී ආර්ථිකය ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරමින් සියයට 2.2 ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කළ ද අපේක්ෂිත මට්ටමට ළඟා වීමට තවමත් හැකියාව ලැබී නොමැත.  දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීමට සඳහා කෘෂිකාර්මික ඵලදායිතාවට ඉවහල් වන කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය හා යටිතල පහසුකම් ප්‍රවර්ධනය කෘෂි නිෂ්පාදනවල වෙළෙඳපොළ වටිනාකම් ප්‍රවර්ධනය හා අවම පිරිවැය යටතේ ණය ලබාදීම සිදු කළ යුතුය. එමෙන්ම කාර්මික ක්ෂේත්‍රයේ දායකත්වය වැඩි වන අකාරයේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය මගින් දළ දේශීය නිෂ්පාදනයට එමගින් කරන දායකත්වය වැඩි කළ යුතු වෙයි. අපනයන හැකියාව හා විදේශ වෙළඳපොළ තුළ වැදගත්කමක් ඇති ඇඟලුම් වැනි නිෂ්පාදන කර්මාන්ත වෙත ප්‍රවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු අතර මේ ක්ෂේත්‍ර වෙත විදේශ ආයෝජකයන් ආකර්ෂණය සඳහා කටයුතු කළ යුතුය. සේවා අංශයෙන් දළ දේශීය නිෂ්පාදනය නැංවීමේ විභවතා හඳුනාගත යුතු වෙයි. සංචාරක කර්මාන්තය සඳහා ලබාදෙන සේවා වැඩි දියුණු කිරීම හා නවීකරණය කිරීම, තොරතුරු තාක්ෂණය මත ආයෝජන වර්ධනය කිරීම හා ඩිජිටල් යටිතල පහසුකම් සහ නිපුණතා වැඩි දියුණු කිරීම මගින් ගුණාත්මක සේවා අංශයක් නිර්මාණය කිරීම මෙන්ම ඒ සඳහා පෞද්ගලික අංශයේ ද සහය ලබාගත යුතු වෙයි. මෙලෙස අභියෝගතාවලට මුහුණ දීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීම කළ යුතුව ඇත.

බුන්වත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණු රටක් ලෙස ගෙවුණු වර්ෂ දෙකක කාලය තුළ ආර්ථිකය අත්පත් කරගත් සාධනීය වෙනස පිළිබඳව සතුටු විය හැකි වුවද රටක් ලෙස ඉදිරියට යාමට ජය ගැනීමට ඇති අභියෝග රැසක් පවතින බව අවධාරණය කළ යුතුව ඇත. මෙය රජයකට හෝ කණ්ඩායමකට පමණක් තනිව කළ හැකි කාර්යයක් නොවනු ඇත. රටෙහි ආර්ථික හා සමාජ පද්ධති සියල්ලෙහිම පරිවර්තනයකින් සිදු විය යුතුය. එබැවින් රටෙහි සියලුම දෙනා තමන්ගේ සේවය රට වෙනුවෙන් උපරිමයෙන් ඉටු කළ යුතු කාලය එළඔ ඇත. එය එසේ නොවුණහොත් තවත් දශක ගණනාවක් වන තෙක් අපට ශ්‍රී ලංකාව හැඳින්වීමට සිදු වනුයේ සංවර්ධනය වන රටක් ලෙසටමය.

(***)



අදහස් (2)

අභියෝග මධ්‍යයේ ජයග්‍රහණ

sugath Tuesday, 08 October 2024 05:12 PM

අද ලංකාවේ සිටින බොහෝ ආර්ථික විද්‍යාඥයින් රටේ ආර්ථිකය විශ්ලේෂණය කරන්නේ පසු විපරමකිනුයි. නමුත්, මේ අයට බැරි වුණා රට බංකොළොත් වීමට කලින් එය ප්‍රකාශ කිරීමට හෝ, එය වළක්වා ගැනීමට පියවර ගැනීමට. මෙවැනි ආර්ථික විද්‍යා කාරයින්ගෙන් ඇත්තටම රටට වැඩක් තියෙනවාද?

:       8       17

ජනරළ Tuesday, 08 October 2024 05:53 PM

පහුගිය කාලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන්ට කෝවිඩ් අර්බුදය මෙන්ම ආර්ථික කඩා වැටීම හමුවේ සිය ව්‍යාපාර කරගෙන යාමට නොහැකිව කඩාවැටීමට නොහැකි වුණා. අමුද්‍රව්‍යවල වැට බදු නිසා මිල ඉහළ යාමෙන් කිසිවක් කරගත නොහැකි විය. ඒ මදිවාට බැංකු පොලිය 7% ක් 8% සිට 30% දක්වා වැඩි වීමෙන් තවත් ව්‍යසනයකට මුහුණ දීමට සිදු වුණා. 30% ක් වැඩිකළ පොලිය මත බැංකු ණය ආපසු ගෙවන ලෙස කළ දැන්වීම අනුව අනපේක්ෂිත ලෙස විශාල මුදලක් ගෙවීමට සිදුවිය. ඉඩකඩම්, වාහන පවා විකුණා මුදල් සොයා ගැනීමට සිදුවිය. එබැවින් මේ ව්‍යාපාරිකයින් වෙනුවෙන් යම් කිසි සහනයක් දීම වත්මන් රජයට කළ නොහැකිද? බොහෝ දෙනෙක් ඉතා අසරණ තත්වයේ ඉන්නේ. ඔවුන් බදු පැහැර හරින්නන් ලෙස සැලකීම සුදුසුද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 77 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 62 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 199 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 25 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 501 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 249 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 376 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site