දේශපාලකයන්ට පාඩමක් දුන් කෙහෙළිය සිද්ධිය
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සී.අයි.ඩී.ය මගින් අත්අඩංගුවට ගනු ලැබ, මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ලබන 15 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබීය. රඹුක්වැල්ල අමාත්‍යවරයා සී.අයි.ඩී.ය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගයකට අනුව බව ද සඳහන්ය.