IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


​රොනීගේ ආර්ථික පාඩම

හිටපු මුදල් ඇමතිවරයකු ලෙස සැමදෙනා හොඳින් දැන සිටි රොනී ද මැල් තවත් අප අතර නොසිට නික්ම ගොසිනි. සියවසකට එක් වර්ෂයක් අඩු වූ ඔහුගේ දීර්ඝ ජීවිත කාලය තුළ හෙතෙම විවිධ කර්තව්‍යයන්ට, යොමුව සිටියේය. 1947 දී යුනිවර්සිටි ඔෆ් සිලෝන් වෙතින් ඉතිහාසය සම්බන්ධයෙන් පළමු පන්තියේ ගෞරව උපාධියක් දිනාගෙන සිය ජීවිත කාලය පුරා ඉතිහාසය පිළිබඳ  ශිෂ්‍යයෙක්ව සිටියේය. විශ්වවිද්‍යාලයේ විද්වතකු ලෙස රැඳී සිටියේ නම් ඔහු අපේ කාලයේ වඩාත් ගෞරවණීය ඉතිහාසඥයකු වන්න ඉඩ තිබිණි. එහෙත් දෛවය ඔහු  වෙනතක හරහා යැවුයේය. 

1948 දි හෙතෙම ගෞරවණීය ලංකා සිවිල් සේවාව සිය වෘත්තීය ජීවිතය ලෙස තෝරා ගත්තේය. එම වෘත්තීය ජීවිතය තුළ ඔහු බොහෝ තනතුරු හෙබවූ මුත් ඔහු පැවසූ ආකාරයට ඔහුට වඩාත් බලපෑ තනතුරු වූයේ 1950 ගණන්වල අග භාගයේ ඔහු හෙබවූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහකාර ලේකම් පදවියයි. එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා වූයේ තවත් දේශපාලන දැවැන්තයකු වූ පිලිප් ගුණවර්ධනය. ඔහු අමාත්‍යාංශයේ තවත් කිහිප දෙනකු සමග එක්වී කුඹුරු පනත නිර්මාණය කරන්නටත්, ජාතික මට්ටමෙන් අලුත් සමුපකාර බැංකුවක් සඳහා සැලැස්ම සකස් කරන්නටත් පිලිප්ට උදව් කළේය. ඒත් පළමුවැන්න ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටියදී සාර්ථකව නිමා කළේය. එහෙත් දෙවැන්න එළි දකින්නට යම් කාලයක් ගතවිය. එම කර්තව්‍ය සාර්ථකව  නිමාවූයේ සමුපකාර බැංකුව ලෙස නොව මහජන බැංකුව ලෙසයි. සමුපකාරය ද එහි කොටස්කරුවෝ වූහ.

රොනීගේ දක්ෂතාව හා නිපුණත්වයේ තරම සාම්ප්‍රදායික රජයේ නිලධාරියකුට වඩා බොහෝ සෙයින් පුළුල් වූවකි. එම නිසා ඔහු 1964 දී රාජ්‍ය සේවයෙන් අස්වී දේශපාලන පොරපිටියට වැදි 1965 මහ  මැතිවරණයෙන් පරාජයට පත් වුයේය. එහෙත් ඊට පසු කලෙක පාර්ලිමේන්තුවට පිවිස 1990 දක්වා පාර්ලිමේන්තුවේ රැඳී සිටියේය. කෙසේ වුවද ඔහුගේ ප්‍රධාන දායකත්වය වුයේ 1977 ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවට මුදල් අමාත්‍යවරයා ලෙස ලබාදුන් දායකත්වයයි. දිවංගත ලලිත්  ඇතුලත් මුදලි සමග එක්ව 1977  නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඔහු  ජේ.ආර්ට සහාය දැක්වුවේය. එය ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිපත්ති උපායමාර්ගයන්හි නව යුගයක්  උදාකරදීමකි.

 

ආවෘත ආර්ථික ප්‍රතිපත්තිවල අනුවණකම 

වසර ගණනාවක් ගතවූ පසු 2020 දී පෞද්ගලික අංශයේ බුද්ධි මණ්ඩලයක අනුග්‍රහය ලබන ඇඩ්වොකාටා යූ ටියුබ් නාලිකාව සමග කෙටි සංවාදයක යෙදෙමින් ඔහු 1977ට පෙර ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික ක්‍රමය මතක් කරමින් විස්තර කළේය. සීනි නැතුව තේ බොනවා සහ හාල් නැතුව බත් කනවා යනුවෙන් ගී ගයන්නට තරම් එවකට ජනතාව මුළා කළ බව  හෙතෙම පැවසීය. එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සහල්වල සිට පිටි දක්වාත් සිනී, පරිප්පු, ​ෙපට්‍රෝල්, ඩීසල් දක්වාත් (ඒ කිහිපයක් පමණි) සැම දේම පාලනය කරනු ලැබුවේය. නැතහොත් ඒවා උදෙසා සළාක ක්‍රම ඇති කරනු ලැබීය. බ්‍රිතාන්‍යයේ ලංකාව  පාලනය කරන කාලයේ පැවතියේ ආවෘත ආර්ථිකයක් නොවේ.

මෙම කාරණය ඔහු තවදුරටත් පහත ආකාරයෙන් විස්තර කළේය.

‘‘1947 බලයට පැමිණි එ.ජා.ප. ආණ්ඩුව මෙම බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති නොකඩවා  ක්‍රියාත්මක කරනු ලැබ ඒ වෙනුවෙන් දෝෂ දර්ශනයට ලක්වුණා. ඔවුන් බ්‍රිතාන්‍යයන්ගේ ගැත්තන් ලෙස අවඥාවට භාජන කරනු ලැබුවත් එම විවෘත ප්‍රතිපත්ති 1956 දක්වා නොකඩවා  ක්‍රියාත්මක වුණා. 1956 බණ්ඩාරනායක මහතා බලයට පත් වූ විට ඒ වනවිට සමාජවාදී අදහස් දැරූ ඇතැමුන් ඔහු විසින් ආණ්ඩුවට ගෙන එනු ලැබුවා. බණ්ඩාරනායක මහතා ලංකා සමසමාජ පක්ෂයේ  හෝ කොමියුනිස්ට් පක්ෂයේ හෝ පිලිප් ගුණවර්ධනගේ පක්ෂයේ සාමාජිකයකු නොවුවත්  ඔහු එසේ කළා. ඔහු ගෙන එනු  ලැබුවේ  විවිධ සේවා සමුපකාර සංගම් වැනි ඇතැම් දැඩි නොවු සමාජවාදී ප්‍රතිසංස්කරණ’’

එහෙත් වැඩි කාලයක් අඛණ්ඩව ඒවා පැවතුණේ නැත. දැඩි සමාජවාදි ප්‍රතිපත්ති හඳුන්වාදෙනු ලැබුවේ 1970 වසරේ තුනෙන් දෙකේ බහුතරයකින් බණ්ඩාරනායක මැතිනියගේ ශ්‍රීලනිප පක්ෂය ජයගත් පසුවයි. එහි සාමාජිකයකු ලෙස ශ්‍රීලනිප අවසර පත්‍රයෙන් තමා ද පාර්ලිමේන්තුවට තේරී පත් වූ බව හෙතෙම කියා සිටියේය.

ආණ්ඩුව පළමු අවුරුදු දෙක තුළම ආර්ථිකය අවුල් සහගත තත්වයට පත් කර ගත්තාය. එම නිසා මම ඉල්ලා අස්වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කළ තව කිහිප දෙනෙකු සිටියා. අප දේශපාලන පක්ෂයකට බැදී නොසිටි නිසා, අපට පක්ෂයේ වැඩ පිළිවෙළ අනුගමනය නොකර කතා කළ හැකි වුණා. පාර්ලිමේන්තුව තුළ හොඳම කතා පැවැත්වූයේ එම මන්ත්‍රීවරුයි.’’

මහ බැංකු සම්බන්ධයෙන් රොනීගේ නිරීක්ෂණ වූයේ මේවාය. ලෝකයේ මෙම කලාපයේ ශ්‍රී ලංකාවේ මහ බැංකුව ද ඇතුළුව වඩාත් කාර්යක්ෂම මහ බැංකු වූයේ සිංගප්පුරුව සහ හෙංකොං යන රටවල මහ බැංකුය. එහෙත් ඉන්දියා, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවල මහබැංකු ශ්‍රී ලංකාවේ මහ බැංකුවටත් වඩා අන්ත නරක විය. සිංගප්පුරුව සහ හොංකොං යන රටවල මහ බැංකු සාර්ථක වූයේ එම රටවල විවෘත ආර්ථික ප්‍රතිපත්ති නොකඩවා පවත්වාගෙන ආ නිසාය. ඔවුහු සමාජවාදී ක්‍රමයට අනුගත නොවූහ. ඔවුහු විවෘත ආර්ථික ක්‍රම වර්ධනය කරමින්, ඒවා නවීකරණය කරමින් පසු වූහ. රොනී ද මැල් පවසන ආකාරයට ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස වූයේ එයයි. රොනී ද මැල්ගේ අදහස වූයේ, හොඳ නම්‍ය වූ ආර්ථික ප්‍රතිපත්ති පැකේජයක් රට අනුගමනය කළහොත් එහි මහ බැංකුව ද වටිනා ආයතනයක් බවට පත් වන්නේය යන්නයි.

 

උදෙ ්‍යා්ගී වැවිලි කරුවෙක්

රොනී විශේෂඥ දැනුම ලද්දේ ඉතිහාසය සම්බන්ධයෙනි. අත්දැකීම් හා පළපුරුද්ද ලද්දේ රජයේ සේවයෙන්  හා තේ සහ රබර් යන වැවිලි දෙකේම ව්‍යවසායකත්ව ඇසුරෙනි. හොඳින් පවත්වාගෙන ගිය ගී කියන කන්දේවත්ත නම් තේ සහ රබර් වත්තක්  ඔහු සතුවිය. එය  හොරණ, බුලත්සිංහල හා අගලවත්ත යන මැතිවරණ කොට්ඨාස තුන පුරා විහිදී තිබිණි. රොනීද මන්ත්‍රීවරයකු වූ 1970-77 සිරිමා බණ්ඩාරනායක රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ යටතේ ඔහුට අක්කර 50ක් පමණක් ඉතිරි කොට ඔහුගේ වතුයාය ජනසතු කෙරිණි. වතු කොම්පැණි රජයට පවරා ගැනීමේ කොන්දේසිය වූයේ එයයි. පෙර හිමිකරුවාට අයිති වූයේ   අක්කර 50ක් පමණි. තමාගේ කැමැත්තෙන්ම අක්කර 4000ක් තමා රජයට භාරදුන් බව රොනී කිවේය. ඒ වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාව ඔහු පිළිගෙන තිබීම ඊට හේතුවයි. වතු ජනසතු කිරීමේ (ජාතිකකරණයේ) නිර්මාතෘවරයා වූ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා බවට පත් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මෙන්ම ඔහු ද  වතු අංශය ශ්‍රී ලංකාවේ ජාතික සම්පතක් බව විශ්වාස කළේය. කිසිම අයුරකින් ඒවා කැබිලි කඩා, එවැනි වැඩ පිළිවෙළ යටතේ පොළොව කොටන්නන්ට බෙදා දිය යුතු නැති බවද ඔහු විශ්වාස කළේය.

ඔහුගේ විශ්වාසය වූයේ ඒවා පෞද්ගලික හිමිකාරිත්වයට වඩා පොදු අයිතිය යටතේ පවතින විට වඩාත් කාර්යක්ෂම ලෙසත් ඉහළ නිෂ්පාදන ධාරිතාවකින් යුක්තව ඵලදායි ලෙසත් පවත්වාගෙන යා හැකි වේය යන්නයි. එහෙත් පසුව     සිදුවූ සිද්ධිවලින් රොනී  වැරදි බව සනාථ වුවේය. ජනසතු කරනු ලැබූ වතු වඩාත්  ඵලදායි වනු වෙනුවට ඒවා බදු ගෙවන්නනට බරක් බවට පත්වී දුර්වල කළමනාකරණය හේතුවෙන් දිගින් දිගටම පාඩු ලබන තත්වයට පත් වූයේය. එම නිසා තමාට ඉතිරි වූ අක්කර 50, ජන සතු කළ වැවිලිවලට ආදර්ශය සපයන ගොවි පොළක් ලෙස සංවර්ධනය කොට පෙන්වූයේය. ඔහු මුදල් අමාත්‍යවරයා බවට පත් වූ විට ගීකියනකන්ද වතුයායේ ශාන්ත පිරිසරය අත් විඳිමින් වාර්ෂික අයවැයට අදාළ අවසාන පිරියම් කරන්නට පුරුදුව සිටියේය.

 

ආර්ථික විද්‍යාව ඉගෙනීමේ මහත් උනන්දුව

රොනී ඉතිහාස ශිෂ්‍යයකුව සිටිය ද හෙතෙම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක් ද වූයේය. 1979 මහ බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍ර, මා ඔහුගේ කාර්යාලයට කැඳවා රොනී, වොල් ස්ට්‍රීම් ජර්නල්, ඉකොනොමිස්ට් නිව්ස් වීක්, Far Eastern Econmic Review ආදි සියලුම නවතම සඟරා කියවමින් විශේෂයෙන් ශ්‍රී ලංකාවට බලපාන අලුත්ම ගෝලීය ආර්ථික ප්‍රවනතා ගැන  ඔහු සමග සාකච්ඡා කරන බව කී සැටි මට තවමත් සිහිපත් වේ. ඒ වනවිට  මම ආර්ථික පර් යේෂණ අංශයේ, ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයා ලෙස කටයුතු කළෙමි. එම සඟරා ලැබුණු විගස මා ඒවා කියවා ඔහු වෙත නවතම ප්‍රවනතා විස්තර කොට වාර්තා කරවීමට මහ බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රට අවශ්‍ය විය. වර්තා කළ එම සටහන්වලින් සන්නද්ධව අදාළ තොරතුරු රොනී  වෙත වාර්තා කරන්නට එවිට ඔහුට හැකි වූයේය. මම පණිවිඩ රොනී ඉතා බැරැරූම් ලෙස ගෙන ශ්‍රී ලංකාවට ඒවායින් සිදුවිය හැකි අහිතකර බලපෑම් කල් තියා වළක්වා ගන්නට අවශ්‍ය සැලසුම් යෙදුවේය.

ඉකොනොමිස්ට් සඟරාවේ, සෝවියට් සමුහාණ්ඩුවේ එම වසරේ ධාන්‍ය අස්වැන්න පහත වැටීම සම්බන්ධයෙන් පළවූ එක්තරා වාර්තාවක් බෙහෙවින් වැදගත් විය. කැනඩාවෙන් එවර සෝවියට් දේශයට තිරිඟු ආනයනය කරන්නට සිදු වූ නිසා ඒ සඳහා  ඩොලර් ගෙවන්නට තමන් සතුව තිබූ රන් සංචිත විකුණා දමන්නට සෝවියට් දේශයට සිදුවිය. එයින් කාරණා දෙකක් ගම්‍ය විය. එකක් නම් සැපයුම වැඩි වීම නිසා වෙළෙඳපොළේ රත්‍රන් මිල පහළ යා හැකි වීමයි. අනෙක අලුතෙන් ඇතිවන අමතර ඉල්ලුම නිසා තිරිඟු මිල ඉහළ යා හැකි වීමයි. තමන්ගේ කැබිනට් සගයා වූ ලලිත් ඇතුලත් මුදලිට, රටේ ඇතිවිය හැකි අමතර  තිරිඟු  පිටි තොග කල් තියා මිලදී ගන්නා ලෙස රොනී උපදෙස් දුන්නේය.

 

ග්‍රාමීය ජනතාවට මුල්‍ය සේවා

රොනීට මහබැංකුවේ හොඳ මිතුරෙක්ව සිටියේය. ඒ වර්ණසේන රාසපුත්‍රය. රාසපුත්‍ර 1940 ගණන්වල ආ ලංකා විශ්වවිද්‍යාලයේ සිටි ඔහුගේ සමාකාලීනයෙකි. දෙදෙනා එකිනෙකා වෙත ගෞරව දැක්වූහ. මහ බැංකු අධිපතිවරයා ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් යටපත් කරමින් අමාත්‍යවරුන්ට විරුද්ධත්වය පාන්නටද උත්සාහ දරන අද දවසේ මෙන් නොව රොනී මහ බැංකුවට සවන් දීමට කැමැත්තෙන් සිටියේය. 1980 ගණන්වල උද්ධමනය සියයට 22ටත් වඩා ඉහළ ගිය එක් අවස්ථාවක් මගේ මතකයට එයි. එවර පොලී අනුපාත ඉහළ දමමින් සහ වාණිජ බැංකුවලට උපරිම ණය සීමා පනවමින් මහ  බැංකුව ක්ෂණික ප්‍රතිපත්තිමය පිළියමකට එළැඹුණේය. නිරන්තයෙනන් අංක එකේ ජන හතුරා වන වැඩිවන උද්ධමනය මැඬලීමට අතිශය සීමාකාරි මුල්‍ය ප්‍රතිපත්තියක්  ක්‍රියාත්මක කිරීමට රාසපුත්‍රට රොනීගේ පූර්ණ සහාය ලැබුණේය.

ගොවීන්ට සහ ග්‍රාමීය ව්‍යවසායකයන්ට ණය ලබාදීම තහවුරු කර ලීමට දෙදෙන අලුත් ග්‍රාමීය බැංකු ක්‍රමයක් ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු නමින් ක්‍රියාත්මක කළහ. එය ඉන්දියාවේ ග්‍රාමීය සංවර්ධන  බැංකුවලට අනුරූප වූවකි.

 

(***)
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති
 ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන විසිනි

2024 මාර්තු 4 වැනි දින Daly FTපුවත්පතේ පළවු
Ronie de mel A true democrat and
economics Phlosopher to the end
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (2)

​රොනීගේ ආර්ථික පාඩම

gghgh Sunday, 10 March 2024 06:59 PM

ලංකාව විනාශ කරපු පළමු පුද්ගලයින් දෙන්නාගෙන් එක්කෙනෙකි...

:       3       66

GM Wednesday, 13 March 2024 11:10 AM

කට තිබුණු පලියට දොඩවන්න එපා. ලිපියේ කරුණු 100% ක් සත්‍යයි.

:       16       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග


​අතීත සුදනෝ දුදනෝ
2024 මැයි මස 04 355 1

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල පැවැති අසූව දශකයේ අවසාන භාගයේදී සිද්ධවූ දේ සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලනඥයන් කරන ප්‍රකාශ හා සමාජ මාධ්‍ය සටහන් දෙ


මැයි දින රැලිවල ශේෂපත්‍ර විමසුමක්
2024 මැයි මස 04 192 0

මැයි දිනය නිමාවට පත්විය. එහි ශේෂ පත්‍රය විමසා බැලීමට පොළඹවන සුළු සේයාරුවක් සහ ප්‍රවෘත්තියක් අප පුවත්පත ඊයේ පළ කළේය.


ජනපතිවරණයේ තේමාව ආර්ථිකයද?
2024 මැයි මස 03 278 0

මැයි 01 දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරීම යෙදී තිබුණේ මේ සතියේ ය. මේ වසරේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයට පෙර යෙදෙන අවසාන මැයි දිනය මෙය වන බැවින් ප


දුප්පතාගේ හාල් ටිකත් ගසාකන්නන් හෙළා දකිමු
2024 මැයි මස 03 59 0

ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් කවර කතා කීව ද මෙරට ජනයාගෙන් සාතිශය බහුතරයක් ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බව වසන් කළ නොහැකි සත්‍යයකි. එම පිරිසෙනුත් ඉතාම දුක්ඛි


රටට විදේශ ආයෝජන අවශ්‍ය ඇයි?
2024 මැයි මස 02 361 1

2023 මහ බැංකු වාර්තාවට අනුව මෙරට කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහළ බැස ඇති බව දක්වේ. මෙම කාරණය සහ ඊට බලපා ඇති හේතු සැලකිල්ලට ගතහොත් මූලික වශයෙන් මෙරට ජාතික නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 483 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site