IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රමුඛත්වය දිය යුත්තේ පාසල් ගේට්ටු හදන්නද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් පාසල්වල දැවැන්ත පිවිසුම් දොරටු හැදීමට වඩා ජනතාවට වැදගත් කටයුතුවලට එම මුදල් යොදවන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට පසුගියදා උපදෙස් දුන්නේය.

එයින් වූයේ මෙරටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය මුහුණ දී තිබෙන සැබෑ ගැටලු පිළිබඳ රටේම අවධානය යොමු කිරීමකි. පාසල්වල සම්පූර්ණ විය යුතු කෝටියක් වැඩ තිබියදී එක් එක් දේශපාලකයාගේ ප්‍රතිරූපය පුම්බන, තේරුමක් නැති වැඩ අධෛර්යවත් කිරීම සඳහා වයඹ ආණ්ඩුකාරවරයා විසින් ගනු ලැබූ එම පියවර වටිනා ආදර්ශයක් ලබා දී ඇති බව අපගේ පිළිගැනීමය.

මෙරට පාසල් පද්ධතිය වර්තමානයේ මුහුණ දී තිබෙන සැබෑ ගැටලු පිළිබඳ රටේ අවධානය යොමු වූ කාරණා කිහිපයක් අපගේ ‘ලංකාදීප’යේ ප්‍රවෘත්ති හරහා පසුගිය දින කිහිපය තුළදී ජනගත වී තිබිණි. ඒ අතර, ශිෂ්‍යත්ව විභාගයට අකුරක්වත් ඉගැන්වීමට නොහැකි වූ පාසලක් පිළිබඳ පළමු ප්‍රවෘත්තිය ද, පාසල් 160ක පවතින උග්‍ර ගුරු හිඟය මෙන්ම බස්නාහිර පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට කලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන්ගේ අතට පත් වීම පිළිබඳ ප්‍රවෘත්ති ද, මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය මුහුණ දී තිබෙන සැබෑ ගැටලුවල ස්වභාවය ප්‍රබලව පෙන්වා දී තිබේ. මේ ගැටලු එසේ තිබියදී ඒ පිළිබඳ කිසිදු සංවේදී බවක් නොපෙන්වා රජයේ මුදල් අත දිග හැර පාසල්වල දැවැන්ත පිවිසුම් දොරවල් හැදීම සඳහා යට කිරීමෙන් මේ දේශපාලකයන් රටට පෙන්වා දෙන්නේ තමන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනයට තිත තැබීමට ඔවුන් තුළ කිසිදු සූදානමක් හෝ උනන්දුවක් නොමැති බව මිස වෙන කුමක් ද?

පුත්තලම පාසලකට දැවැන්ත ගේට්ටුවක් තනා දීමට මුදල් වීසි කරන අතරවාරයේ අනුරාධපුර තන්තිරිමලේ තම්බියාව ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට සිංහල, බුද්ධාගම ඇතුළු විෂයයන් කිහිපයකටම අකුරක්වත් උගන්වා නැතැයි වාර්තා විය. එම විද්‍යාලයේ විදුහල්පතිවරයා මීට මාසයකට පෙර මියගොස් ඇත. එම රාජකාරි ආවරණයට කිසිදු විදුහල්පතිවරයකු පත්කර නැතැයි මවුපියන් චෝදනා කර තිබිණි. ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට මතුව තිබෙන දුෂ්කරතාවලට තවමත් පිළිතුරු නැතැයි සඳහන් වේ.

මේ අතර, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 160ක ගුරු පුරප්පාඩු 722ක් පවතින බව ගුරු සංගම් ප්‍රකාශ කර සිටියේය. මිනුවන්ගොඩ, ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස තුනක් ආවරණය කරයි. බස්නාහිර පළාතේ බොහෝ සම්පත් තිබෙන දිස්ත්‍රික්කයක මෙතරම් පාසල් සංඛ්‍යාවක උග්‍ර ගුරු හිඟයක් පවතින බව එක වරම විශ්වාස කිරීමට පවා නොහැක. මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා පෙරේරා මහතා ප්‍රකාශ කර තිබුණේ, අධිකරණ නියෝගයක් මත ඇනහිට ඇති ගුරුවරුන් බඳවා ගැනීමේ කටයුතු සිදු වීමෙන් පසු මේ තත්වය වළක්වාගත හැකි වනු ඇති බවයි. අධිකරණ කටයුතු අවසන් වනතුරු මේ පාසල් 160ක අධ්‍යාපනය ලබන දරුවන්ට දෙයියන්ගේ පිහිට පතනු හැර වෙන යමක් කළ හැකි බවක් දැනට පෙනෙන්නේ නැත. ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන බල කණුවලට හෝ මේ අවනඩුව නොඇසෙන්නේ මන්දැයි තේරුම් ගැනීම ද දුෂ්කරය.

ඉංග්‍රීසි සහ ගණිතය ප්‍රශ්නපත්‍ර, විභාගය පැවැත්වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පිට වීම හේතුවෙන් බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටු වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගෙන තිබිණි. මේ සිද්ධිය මේ වන විට සී.අයි.ඩී.ය දක්වා ඇදී ගොස් තිබේ. පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ කෘෂිකර්මය ප්‍රශ්නපත්‍රය පිට වීම හේතුවෙන් එම විෂයයට අදාළ විභාගය යළිත් වරක් පැවැත්වීමට ද සිදු විය. මෙවැනි සිදුවීම් යළි යළිත් වාර්තා වීම අධ්‍යාපන ක්‍ෂේත්‍රයට කළු පැල්ලමක් ද එක්කර තිබේ.

මේ අනුව පෙනී යන්නේ, මන්ත්‍රීවරයා ක්‍රියා කර ඇත්තේ අනවශ්‍ය වියදමක් දරා, තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගැනීමට උත්සාහ දැරීම බවයි. එම වියදමින් අඩුම තරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වල වැසිකිළි පහසුකම් හෝ දුන්නා නම් වැදගත් වනු ඇත.

 

(***)



අදහස් (4)

ප්‍රමුඛත්වය දිය යුත්තේ පාසල් ගේට්ටු හදන්නද?

wimal Wednesday, 06 March 2024 05:34 AM

මෙච්චර කාලයක්ම සිදුකළේ පිටට පෙන්වන බොරු සෝබන හැරුණුකොට වෙන මොනවාද? අධ්‍යාපනයම කාලයක් තිස්සේ මෙසේ තමයි. සියලු දෙනාම දන්නේ නැතිදේ ඇති සැටියෙන් පෙන්වමින් තමන් තමන්වම රවටා ගැනීමටයි. මෙතුමා හදිසියේම ලකුණු ගන්න කතා කරනවා...

:       0       9

රාජේශ් ඛන්නා Wednesday, 06 March 2024 10:05 AM

තමන් කැමති පුද්ගලයන් පිම්බීම මාධ්‍ය මගින්ද නිරතුරුව සිදුකෙරේ. දැන් අපේ රට විඳවන්නේ ද එවැනි පිම්බිම්වල ප්‍රතිවිපාකයකි. තමන් අකැමැති පුද්ගලයකු පිම්බුණත්, නැතත් කුඩු රජයන සමයක පාසලක ආරක්ෂාව ගේට්ටුවෙන්ම පටන් ගැනිමේ වරදක් නොපෙනේ...

:       5       1

අමර Thursday, 07 March 2024 06:59 PM

ගේට්ටු නැති පාසල් හැදිය හැකි රටක් හැදේවා...!

:       0       5

ඉන්දිකා ලියනගේ Saturday, 09 March 2024 08:45 AM

මේ උපදේශය ඉතාමත් හොඳයි... මොකද දේශපාලුවෝ තමන්ට ලැබෙන විමධ්‍යගත අරමුදල් යෙදවීම කරන්නේ කිසිම වැදගැම්මකට නැති වැඩවලට තමයි උදාහරණයක් හැටියට සමහර අවමංග්‍යාධාර සමිති සඳහා හට් වලට ටකරන් දෙනවා. පුටු, ඇලුමිනියම්, සාස්පාන් ශබ්ද විකාශන යන්ත්‍රය ආදී මෙකී නොකී දේවල් දෙනවා ඉතින් ඒවා ගන්න කපුකම් කරන සමහරක් මිනිස්සු එයින් සමිතියේ යාවජීව සාමාජිකයන් වෙන්න බලනවා අවුරුදු එකක් දෙකක් තියෙන සමිති හිටිහැටියේ අතුරුදන් වෙනවා රජයේ මුදල් යොදාගෙන ලබාදුන් උපකරණ නාස්ති වෙනවා. ඒවා විගණනයක් වෙන්නේ නැහැ. ජනතා මුදල් මෙහෙම නාස්ති කිරීම හරිද මම දන්නා තවත් එකක් කියන්නම් දේශපාලනයේ යෙදෙන කාන්තාවක් සඳහා උපරිමයෙන් සහාය දැක්වූ සංවර්ධන නිලධාරින් දෙන්නෙක් (දැනට සහකාර අධ්‍යක්ෂවරු) තමන්ගේ හිතවත් ත්‍රීවීලර් කාරයන්ගේ ත්‍රීවීලර් පාක් කිරීම සඳහා මාර්ගය අයිනේ විමධ්‍යගත මුදලින් තහඩු සෙවිලි කර ගොඩනැගිල්ලක් හදා දුන්නා... 2002 පමණ කාලයේ ඉදිකළ මෙය නම් තවමත් තියෙනවා. A 4 මාර්ගයේ ගලකට සම්බන්ධ හන්දියක මේක තියෙනවා... ඇත්තටම විමධ්‍යගත මුදල් මෙහෙම නාස්ති කිරීම වහාම ක්‍රියාත්මක වනසේ අහෝසි කරන්න ඕනෑ... පවතින විමධ්‍යගත අරමුදල් ක්‍රමය ඉතාමත් දූෂිත හා නාස්තිකාර වැඩක් තමයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site