IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ආහාර මිල පාලනයට ක්‍රමවේදයක් නැද්ද?

සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වෙති. එමෙන්ම ආහාර යනු මූලික මිනිස් අවශ්‍යතාවකි. ආහාර අහේනියක් ඇති නොවන ලෙස කටයුතු කිරීමට වගබලාගත යුතු වන්නේ එහෙයිනි. එමෙන්ම ආහාර සුරක්ෂිතභාවය ආහාරයෙහි ඉහළ පෝෂණ තත්වය සහිත ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේද එහෙයිනි. අප කන හැටි ළිපා දනී යැයි කියන  සැහැසි ඉරණමට යටත්ව සිටින ජනතාවට පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබෙන බව ඒකාන්ත සත්‍යයකි.

එම ඉරණමට යටත්ව සිටින ජනතාවට ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නා වැනි කියමන සිහිපත් කෙරෙන පුවතක් අප ප්‍රවෘත්තිය ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ආපනශාලා ආහාර පාන මිල ගණන් ඉකුත් 3 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බවය. ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්ද, කිරි තේ එකක මිල රුපියල් 10 කින්ද කෑම පාර්සලයක මිල රුපියල් 25 කින්ද, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල රුපියල් 50 කින්ද වැඩි කෙරුණු බව සමස්ත ලංකා ආපණශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා අප පුවත්පතට ප්‍රකාශ කියා සිටියේය. කෙසේ වෙතත් මෙම තීරණය වෙනස් කරමින් ආහාර පානවල මිල පැවැති තත්වයටම පහත දමන බව එම සංගමය කියා තිබේ. ඒ විදුලි බිල අඩු කිරීම නිසාය.

රටකට ආණ්ඩුවක් අවශ්‍යවන්නේ කුමකටද? යන්න පැහැදිලි කරගත යුතුවන්නේ මෙබඳු ප්‍රවෘත්ති කියවනවිටදීය. මේ රටේ සහල් මිල තීරණය කරන්නෝ වී මෝල් හිමියෝය. බස් ගාස්තුව තීරණය කරන්නේ බස් සංගමයයි. ආහාරපාන මිල තීරණය කරන්නේ ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයයි.

මෙම සංගම් කොහෙන් කොහොම කඩා පාත් වූයේ දැයි අපි නොදනිමු. එමෙන්ම මිල තීරණය කිරීමේ බලය කවර බලපුළුවන්කාරකමකින් පවරාගෙන ඇද්දැයි අපි නොදනිමු. රට තුළ පාරිභෝගික සේවා අධිකාරියක් තිබෙන බව පැවසෙන නමුදු එය ක්‍රියාත්මක තලයේ පවතින්නේද යන ප්‍රශ්නය මතුවන්නේ මෙබඳු ප්‍රවෘත්ති අසන දකින කියවන විටදීය. රට තුළ වෙළෙඳ ඇමැතිවරයකු සිටින බව කියැවුණ ද එම අමාත්‍යවරයාගේ වගකීම කුමක්දැයි පැහැදිලි නැත. අප ජීවත්වන්නේ මෙබඳු විපරීත රටකය.

ආපණශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් ආහාර පානවල මිල ගණන් ඉහළ දැමීමට සිදු වූ බවය. එමෙන්ම යම්කිසි ආකාරයකින් රජය, පාරිභෝගික භාණ්ඩ මිල පහළ දැමුවහොත් එම සහනය ජනතාවට ලබාදීමට සූදානම් බවද සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

කඩ කෑම බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත ආහාර විශේෂයකි. බතක්, එළවළුවක් පිස ගැනීමේ පහසුකම් නොමැති බෝඩිං කාමරවල විශාල පිරිසක් ජීවත් වෙති. එමෙන්ම කාර්ය බහුලත්වය නිසාම කඩ කෑමෙන් දවස ගෙවා දමන පිරිස් ද බහුල වෙති. ආපණ ශාලා ඒ අනුව කරන්නේ පළ කළ නොහැකි සේවාවක් බව ද අවධාරණය විය යුතුය.

අමතක නොකළ යුතු වැදගත්ම කාරණාව වන්නේ කඩ කෑම ලක්ෂ ගණනකගේ ප්‍රධාන ජීවනෝපාය බවය. මේ සියල්ලන්ම ආරක්ෂා විය යුතුය. කෑම මිල ගණන් ඉහළ යාම නිසා  විශාල වශයෙන් කඩ කෑමෙන් ඉවත්වන තත්වයක් ද තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ ආපණශාලා - පවත්වාගෙන යාමට නොහැකිවීමය. මිල ගණන් තව තවත් ඉහළ දැමීමෙන් සිදුවන්නේ ආහාර කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමය. මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ හොත් ප්‍රතිඵල භයානක විය හැකිය.

 

(***)



අදහස් (1)

ආහාර මිල පාලනයට ක්‍රමවේදයක් නැද්ද?

ajith Monday, 11 March 2024 10:12 PM

ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් ඇති රටක අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල නියාමනය කිරීමට රජය මැදිහත් විය යුතුමයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු
2024 මැයි මස 01 91 0

ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කර


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු
2024 අප්‍රේල් මස 30 731 1

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප


මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?
2024 අප්‍රේල් මස 29 1193 0

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට ක


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 221 2

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 239 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 286 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 456 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1879 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1673 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site