අපේ සුව සැරිය ලෝක බැංකුවේ ඇසින් දකුණු පළාතේ සාරවත් තේ වතු වලින් සහ කුඹුරුවලින් යුත් මොරවක නම් ගම්බද නගරයේ වාසය කළ රම්‍යා නොයෙකුත් බාධක කම්කටොළු මැද අවසානයේ සිඟිති දියණියකගේ මවක් වූවාය. 23 March 2024
මූල්‍ය පාලනය අනාගැනීම කෝප් යනුවෙන් සාමාන්‍යයෙන් කෙටියෙන් හැඳින්වෙන රාජ්‍ය ව්‍යාපාර කාරක සභාව මේ වනවිට අර්බුදයකට මුහුණ දී තිබේ. සාමාජිකයන් තිස් දෙනකුගෙන් සමන්විත එම සභාවට පත් කරනු ලැබූ සාමාජිකයන් එකොළොස් දෙනකු මේ වනවිට ඉල්ලා අස්වීම ඊට හේතුවයි. 23 March 2024
මැතිවරණ වැළැක්වීමට සංශෝධන යොදා ගනු එපා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය මගින් පසුගියදා සම්මත කරගනු ලැබීය. එවැනි සංශෝධනයක් සඳහා පිඹුරුපත් සකසන බව සඳහන් මාධ්‍ය වාර්තා පසුගිය සති කිහිපය තුළ දී ප්‍රකාශයට පත්විය. මේ වන විට එය කැබිනට් තීන්දුවක් වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. 23 March 2024
බලයේ තත්වයේ හෑල්ලුව මේ සතියේ කිවිදා දැක්ම තුළ සාකච්ඡා කළ යුතු යැයි සිතෙන කරුණු කීපයක්ම තිබේ. මෝදු වෙමින් පවතින ජනාධිපතිවරණ සාකච්ඡාව එවැනි එකක්ය. ඉදිරියට එන්නේ ජනපතිවරණයක් නොව මහ මැතිවරණයක් යැයි කියන පිරිසක් ද සිටිති. ඒ අදහස ගැනත් සාකච්ඡා කිරීම වැදගත්ය. රටේ ආර්ථික තත්වයේ වත්මන් ස්වභාවය ගැන ද කථා කිරීම කාලෝචිතය. එහෙත් මා මේ සතියේ ලියන්නට බලාපොරොත්තු වන්නේ මේ එකක්වත් ගැන නොවේ. 22 March 2024
ෆින්ලන්තයට එහෙම නම් අපට මෙහෙම වුණේ ඇයි? ලොව සතුටෙන්ම සිටිය හැකි රට ලෙස පිට පිට හත්වැනි වරටත් ෆින්ලන්තය කිරුළ දිනාගත්තේ ය. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත්වන සහ ජීවත්වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි. 22 March 2024
ජනතාව ඉල්ලන්නේ මහ මැතිවරණයද? ජනපතිවරණයද? 2024 මෙරට දේශපාලනය සම්බන්ධයෙන් තීරණාත්මක වසරකි. ව්‍යවස්ථානුකූලව මෙම වසර ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. එනම්, ජනාධිපතිවරණයයි. එසේම, ලබන වසර (2025) වන විට පාර්ලිමේන්තු මහ මැතිවරණය ද පැවැත්විය යුතුව ඇත. මෙරට ව්‍යවස්ථාවට යටත්ව සෑම වසර පහකට වතාවක්ම නියමිත පරිදි මැතිවරණ පැවැත්වීම රටේ ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කිරීමකි. රටක ජනතාවගේ සැබෑ ජනමතය ප්‍රකාශ කිරීමට අවකාශ ලැබෙන්නේ ඒ අනුවය. 21 March 2024
අල්ලස් - දූෂණ මර්දන අවි තව තවත් ශක්තිමත් කරමු අල්ලස්, දූෂණ සහ අයථා ඉපැයීම් සම්බන්ධයෙන් ගෙවී ගිය මාස දෙකේදී පැමිණිලි 810 ක් ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව පවසන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් බවත් එය 167 ක් බවත් ප්‍රවෘත්තියේ දැක්වේ. මීට අමතරව අල්ලස් සම්බන්ධයෙන් පැමිණිලි 53 ක්ද අයථා ඉපැයීම් සම්බන්ධ පැමිණිලි 25 ක්ද ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව පවසන බවද අප ප්‍රවෘත්තියෙහි වැඩි දුරටත් සඳහන්ය. 21 March 2024
එදා - මෙදා රාජ්‍ය සේවක වැටුප් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ යහපාලන රජය විසින් 2015 වසරේ මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය යෝජනාව අනුව සෑම රජයේ සේවකයකුගේම වැටුප රුපියල් 10,000කින් වැඩි කරන ලදී. එය නිදහසින් පසු රජයේ සේවකයන්ට ලබාදුන් ඉහළම වැටුප් වැඩි වීම විය. එපමණක් නොව අග්‍රාමාත්‍යවරයා විසින් රජයේ සේවකයන්ට ලබාදුන් සහන වැටුප් වැඩි කිරීමට එයට පමණක් සීමා නොවීය. 20 March 2024
පරිසරය රැකීමට ජාතියම එක්වෙමු සොබා දහමට අවනත නොවී ගිය ගමනක තාර්කික වන්දිය මුළු මහත් මානව සමාජයම අත්විඳිමින් සිටිති. කලට වැසි වසින ස්වාභාවික විපත් අවම රටක් ලෙස අබිසෙස් ලැබූ අප රටට ද ඉන් ගැලවුමක් නැත. වැස්ස එක දිගට මාස ගණනක් පවතී. ගංවතුර නිසා පවුල් ලක්ෂ ගණනක් ඉකුත් සමයේ පීඩාවට පත් වූහ. මේ දිනවල අධික නියඟය ළිං පතුල් මෙන්ම වැව් පතුල් ද ඉරි තලමින් තිබේ. ගංවතුර මෙන්ම නියඟය භවභෝගවලට කළ හානිය හා කරමින් සිටින හානිය ගණනය කළ නොහැකිය. 20 March 2024
හේතු නැති වැටුප් වැඩිවීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ මහ බැංකුව වෙත දෙන ලද ස්වාධීනත්වය (අව) භාවිත කරමින් නොබෝදා මහ බැකුව විසින් හිතුමතේ තම කාර්ය මණ්ඩලයේ වැටුප් අසම සම හා දැවැන්ත අකාරයෙන් වැඩිකර ගැනීම මුළු මහත් ජාතියම තුෂ්ණිම්භූත කරවීමට හේතු වූ සිද්ධියක් විය. 19 March 2024
මැතිවරණ නියමිත වෙලාවට පැවැත්වීම පක්ෂවල වගකීමක් මේ වසර ආරම්භයේදීම ප්‍රකාශ වූයේ, මෙය මැතිවරණ වසරක් වශයෙනි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම මගින් ද ප්‍රකාශ කරනු ලැබීය. ජනාධිපතිවරණය පිළිබඳව කිසියම් මතභේදාත්මක තත්වයක් මතු වූ විට ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කරන ලද නිවේදනයකින් ද ඡන්දය පැවැත්වෙන බව තහවුරු කෙරිණි. 19 March 2024
ප්‍රශ්නවලට විසඳුම් අපි අතේ ජාතික ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ හා මැතිවරණ සූදානම ප්‍රශ්න කරමින් එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය. 18 March 2024
බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලුවට සවන්දෙමු බිත්තර මිල පිළිබඳ ගැටලු මීට දෙවසරකට පෙර දක්නට ලැබිණ. රටේ ආර්ථිකය කඩාවැටීමේ ප්‍රතිඵලයක් හැටියට කුකුළු ගොවිපොළ ව්‍යාපාරයටද කනකොකා හැඬීම නිසා බිත්තර නිෂ්පාදකයෝද අමාරුවේ වැටුණාහ. කුකුළු මස් කිලෝවක මිලද සමග බිත්තර මිලද ශීඝ්‍රයෙන් ඉහළ යාම එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විය. ඒ කාලයේ තිබූ ගැටලු හේතුවෙන් බිත්තරයක මිල ද දරාගත නොහැකි මට්ටමට ළඟාවිය. ඒ ගැන කොතෙකුත් කතා බහ කෙරුණත් විසඳුමක් නොලැබිණි. 18 March 2024
කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමගි ජන බලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවහොත් ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද? යන්න ගැන ආර්ථිකයේ මතුව ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න රැසක් විමසුමට ලක් කරමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය. 17 March 2024
ජනපති පුටුවේ දෛවය ජනාධිපතිවරයකුට ධුරය අත්හැර යාමට සිදු වූ පසු එය කුමන්ත්රණයක ප්රතිඵලයකැයි කියමින් එම ජනාධිපතිවරයා ඒ ගැන පොතක් ලියා පළ කළ විට එය විශාල ආන්දෝලනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එම පොත මගින් ජනතාව නොදන්නා බොහෝ කරුණු හෙළිදරව් වනු ඇතැයිද කෙනකු අපේක්ෂා කළ හැකිය. 16 March 2024
හැන්ද අතේ තියාගෙන ඉඩම් බෙදාගත් නිලධාරීහු සාමාන්‍යයෙන් රජයේ දේපල පමණක් නොව භාණ්ඩාගාරයේ මුදල් පවා තම තමන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමේ චෝදනා එල්ල වෙන්නේ දේශපාලනඥයන්ට එරෙහිවය. ඇතැම් විට එවැනි චෝදනා රජයේ නිලධාරීන්ට ද එල්ල වෙන අවස්ථා තිබේ. ගලා යන ජලයෙන් දිය දෝතක් ගත්තට වරදක් නැතැයි සිතන නිලධාරීහු එවැනි දූෂිත, වංචනික ක්‍රියාවලට සම්බන්ධ වෙති. හතර වටෙන්ම තමන්ගේ හැන්දෙන් තමන්ගේම පිඟානට ඇති තරම් බෙදා ගන්නා සිදුවීම් දකින විට ඒ ගැන ඔවුන්ට ද සිතක් පහළවීම ගැන එක අතකින් පුදුමයට පත්විය යුතු නැත. 16 March 2024
කුමන්ත්‍රණ කතාවට එකතුවක් “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් ලියැවුණු කෘතිය පැති කිහිපයකින් රටේ අනාගතය ගැන සිතීමේ දී වැදගත් වන්නේය. එම කෘතිය ධුරයෙන් පහ කළ ජනාධිපතිවරයාගේ ප්රත්යක්ෂ අත්දැකීමකි. 15 March 2024
රිය අනතුරු නීති දැඩි කරනු විනා ලිහිල් කිරීම කාලෝචිතද? අනුරාධපුර රඹෑව නගරයේදීත් හයිලෙවල් මාර්ගයේ කොස්ගම මිරිස්වත්තේදීත් එකම දිනයක සිදුවූ රිය අනතුරු දෙකකින් පාසල් සිසුන් තිදෙනකු ඇතුළු පස් දෙනකු මියගිය පුවතක් පසුගියදා මාධ්‍යවල සිරස්තල මවා තිබිණි. අනුරාධපුරයේ දී රිය අනතුර සිදුකර තිදෙනකු මරාගෙන පැනගිය කැබ්රථයේ සිටි සැකකාර රියැදුරු ඇතුළු තිදෙනාම වයස අවුරුදු 20ට අඩු හිරිමල් වියේ සිටි තරුණ ගැටවුන් පිරිසක්වීම මේ අනතුරේ ඉතා අඳුරු රේඛාවක් සටහන් කර තිබේ. 15 March 2024
පෞද්ගලිකකරණය සුබ අසුබ විමසුමක් 2022-2023 මූල්‍ය වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති සමුච්චිත අලාභය රුපියල් බිලියන හය ලක්ෂය ඉක්මවා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ. ඇති වී තිබෙන මෙම තත්වය සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කෙරෙහිද අවධානය යොමුව ඇති බව පෙනේ. රාජ්‍ය ආයතන පාඩු ලැබීම, පෞද්ගලිකකරණය, රටේ ආර්ථිකය යන කාරණා ගැඹුරින් විමසා බැලූ විට ඒවා දිගුකලීන හා කෙටි කාලීන ගැටලු - විසඳුම් වශයෙන් විග්රහ කොට බැලිය හැකිය. 14 March 2024
නාඳුනන තුවක්කුකාරයන්ගේ වසංගතය මැඬලිය නොහැකිද? වෙඩි හඬින් ගිගුම් දෙන දකුණේ එකම මළ ගමකි. මළ දරුවන් වෙනුවෙන් තැවෙන දැවෙන අම්මාවරුන්ගේ සහ පියවරුන්ගේ විළාපයෙන් දකුණ සැළුම් වෙවුළුම්කමින් තිබේ. කඳුළ වපුරා මරණය අස්වද්දන ශාපලත් ඉරණමෙන් දකුණ මුදාගැනීමේ මෙහෙයුම එයට අවශ්‍ය බරින් හා වේගයෙන් පෙරට ගත යුතුව තිබේ. 14 March 2024
දේශපාලනයේ උඩ පිනුම් යට පිනුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ස්ථිරවම ඉදිරිපත් වන බව පසුගිය ඉරිදා (10) කුලියාපිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ ප්රචාරක රැළියෙන් පැහැදිලි විය. එවැනි පසුබිමක් තුළ ඉදිරි මැතිවරණය කවර ස්වරූපයක් ගනීද යන්න පිළිබඳවත්, රටේ පක්ෂ, දේශපාලන සංයුතිය සහ ව්‍යුහය කවර වෙනස්වීම්වලට බඳුන්වේද යන්න පිළිබඳවත් නව තත්වයක් පැනනැගී ඇති බව පෙනේ. 13 March 2024
එළවළුත් රටින් ගෙන්වන අපේ රටට මක්වෙලාද? අප රට යනු අරුම පුදුම සිදුවීම්වලින් පිරුණු රටකි. ඒ බව පසක් කරන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා උපුටා දක්වමින් වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ මේ වසරේ මුල් මාසයේ දී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇතැයි මහබැංකු වාර්තා අනුව පෙනී යන බවය. 13 March 2024
නිෂ්පාදන ආර්ථිකයට නව මගක් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විවිධ ගැටලු නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණක් විසඳාගත හැකි බව ඇතැම් දේශපාලනඥයන් සහ සමාජයේ විවිධ කොටස් ප්‍රකාශ කරන ආකාරයක් දැකිය හැක. මෙසේ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම යන්නෙන් ගම්‍ය වන මූලිකම අදහස වන්නේ ලංකාවේ දැනට පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයක් නොවන බවයි. 12 March 2024
දේශපාලන ඥාති සංග්‍රහ නැවැත්වීම සතුටට කරුණක් රජයේ ආයතනවල අධ්යක්ෂ මණ්ඩවලට පත්කිරීම් කිරීමේදී හා එම ආයතනවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පැවරීමේදී විෂය භාර අමාත්‍යවරුන්ගේ හිතවතුන් හා ඥාතීන් හට ඒවා ලබාදීම වැළැක්වීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි. ඒ සඳහා ප්‍රතිපාදන ඇතුළත් පනත් කෙටුම්පතක් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මේ ප්‍රවෘත්තිය හෙළි කරන අපගේ සහෝදර ඉරිදා ලංකාදීප පුවත්පත සඳහන් කර තිබිණි. 12 March 2024
රට හදන්න නව මගකට නව ප්‍රෙව්ශයක් මෑත කාලීන සංකීර්ණ අර්බුද නිරාකරණය අරමුණු කරගෙන රටත්, ජන සමාජයත් අලුත් ව්‍යුහයකින් ගොඩනගන්නට සිදු වී තිබේ. වාද බේදවලින් හා ගැටුම්වලින් බහුල සමාජය එකමුතු කිරීම, මෙහිදී ඉතාම වැදගත් අවශ්‍යතාවකි. පසුගිය කාලය තුළ හටගත් සිද්ධි මෙකී කාර්යය කොපමණ දුෂ්කර ද යන්න දක්වයි. 11 March 2024
සුපිරි ධනවතුන්ට බදු දැලෙන් රිංගන්න දෙනු එපා ඉතා ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු අනුකූලතාව පිළිබඳ ඉදිරියේ දී වඩා සමීප ලෙස අවධානය යොමු කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මියගේ අත්සනින් පසුගියදා නිකුත් කළ නිවේදනයක සඳහන් විය. ඒ සඳහා විශේෂයෙන් පිහිටුවා ඇති ඉහළ වත්කම් සහිත පුද්ගල අංශය වෙත අතිරේක නිලධාරීන් සහ තාක්ෂණික පහසුකම් පවා ලබා දී තිබෙන බව ද එම නිවේදනයේ සඳහන්ය. 11 March 2024
ව්‍යවස්ථා සභා බලය යටයන ජනපති බලය අද මාර්තු 9 වැනිදාය. පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණ දින නියමයක් නැතිව කල් දමනු ලැබ තිබේ. 09 March 2024
ශ්‍රී ලංකන් ණය කන්දරාවට වගකිවයුත්තන්ට දඬුවම් නැද්ද? මෙරට ආර්ථිකයට විශාල පීඩනයක් ගෙන දෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය පාර්ශවකරුවන්ට ගෙවිය යුතු අතිවිශාල ණය කන්දරාවෙන් අමෙරිකානු ඩොලර් කෝටි 51ක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කළේය. එම අතිවිශාල මුදල රුපියල්වලින් කෝටි 15,500කටත් අධික මුදලක් බවද සඳහන්ය. ශ්‍රී ලංකන් ප්රතිව්යුහකරණයෙන් ලැබෙන මුදලින් එම මුදල අයකර ගන්නා බවද අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය. 09 March 2024
මූල්‍ය විනය අවුල්කළ තීන්දුවක් මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ මතුවී තිබෙන එක් මාතෘකාවක් වන්නේ මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ අති විශාල වැටුප් වැඩි කර ගැනීම පිළිබඳවය. 2023 වර්ෂයේ සිට මහ බැංකුව පාලනය වන්නේ නව පනතින් වන අතර එම පනත මගින් මහ බැංකුවේ අයිතිය රාජ්‍යයෙන් ඉවත් කර තිබෙන ගානට වැඩ කෙරෙමින් පවතින බවද පෙනෙන්නට පටන් ගෙන තිබේ. මේ පඩි වැඩිවීම සිදුවන්නේ එවැනි තත්වයකය. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඒ ගැනය. 08 March 2024
ජාත්‍යන්තර කාන්තා දිනය නමට විතරක් සීමා නොවේවා! ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ. ලොව සෞන්දර්යයේ සංකේතය වන කාන්තාවෝ එයට හිමි නිසි පිළිගැනුම අහිමිව කටුක දුක් වළඳමින් ජීවන සටනේ නිරතව සිටිති. එකී රළ ගසන සකල අගති කුදලා දමන ජීවිතයට හිමි නිසි ගරුත්වය හා පිළිගැනුම ඉල්ලා ලොව පුරා වෙසෙන සියලු කාන්තාවන් සමග අත්වැල් බැඳ ගනිමින් අප රටේ කාන්තාවෝ ද අද දිනයේ වඩාත් උද් යෝගයෙන් පරිශ්‍රමයෙන් හා සටන්කාමීත්වයෙන් පණ පෙවී ජාත්‍යන්තර කාන්තා දිනය සමරති. 08 March 2024
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026