සමාජය කළඹන ළමා හිංසන
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන කොපමණ දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ ගණන් හදා තිබේ දැයි නොදනිමි. අසන්නට දකින්නට ලැබුණු ඒ වාර්තා සංඛ්‍යාව සුළු සංඛ්‍යාවක් නම් නොවේ. එසේමුත්, පාසල් ඇසුරෙහි ළමයින්ට සිදුවන හිංසන, අතවර, අපචාර, අපයෝජන සියල්ල වාර්තා නොවන බවත්, වාර්තා වන්නේ අඩු සංඛ්‍යාවක් බවත් කවුරුත් දනිති.