IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


දුප්පතාගේ හාල් ටිකත් ගසාකන්නන් හෙළා දකිමු

ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් කවර කතා කීව ද මෙරට ජනයාගෙන් සාතිශය බහුතරයක් ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බව වසන් කළ නොහැකි සත්‍යයකි. එම පිරිසෙනුත් ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරන පවුල් තෝරාගෙන ඔවුන්ට සහල් කිලෝ 10ක් ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන රජය ක්‍රියාත්මක කරනු ලැබුවේ එම ජනයාට යම් සහනයක් සැලසීමේ අරමුණෙනි. රජය එහිදී ප්‍රකාශ කර සිටියේ අඩු ආදායම්ලාභි පවුල්වල පෝෂණ තත්වය වර්ධනය කිරීම සඳහා මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන බව ය.

අඩු ආදායම්ලාභී පවුල්වලට සහල් කිලෝ 10ක් ප්‍රදානය කිරීමේ වැඩසටහන අත්‍යයන්තයෙන් ම අගය කළ යුතු ය. ‘කළ යුතු වන්නේ හාල් නිකම් දීම නොව සහල් මිලදී ගැනීමේ හැකියාව ජනතාව තුළ ඇති කිරීම’ යැයි පණ්ඩිත කතා අදාළ ම නැත. කොයි ආකාරයෙන් හෝ ජනතාවට සහන සැලසීම අගය කළ යුතු ය. එය කාලීන අවශ්‍යතාවකි.

මෙබඳු ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කරනවිට විවිධ අවලාද නගමින් විවිධ අපහාස කරමින් ඒවා හෑල්ලු කිරීමට උත්සාහ කරන පිරිස් සිටිති. එමෙන්ම දුප්පතාගේ පාත්තරයට හෙනහුරා පාත්වූවා සේ එම දිළිඳු ජනයාගේ සහනාධාරයෙන් ද තම මඩිය තර කර ගැනීමට උත්සාහ දරන චෞර කප්පිත්තෝ ද සිටිති. එබඳු එක් චෞර කප්පිත්තකු ගැන වාර්තා වූයේ සෙවණගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙනි.

මෙම බල ප්‍රදේශයේ එක් හාල් මෝල් හිමිකරුවකු ජනතාවට ප්‍රමිතියෙන් තොර සහල් බෙදාහැර තිබේ. සහල් සැපයුම්කරුවන්ට සහල් කිලෝවක් සඳහා රුපියල් 188 සත 60ක් රජය මගින් ලබා දී තිබියදීත් මෙම මෝල් හිමියා ජනතාවට ප්‍රමිතියෙන් තොර සහල් බෙදාහැර තිබේ.

මෙම ජාවාරම වාර්තා වූ සැණින් ක්‍රියාත්මක වී ඇති සෙවණගල ප්‍රාදේශීය ලේකම් රංජිත් ප්‍රියශාන්ත මහතා මෙම මෝල් හිමියාගේ සහල් සැපයුම නතර කිරීමට පියවර ගෙන තිබේ. අප පුවත්පත වාර්තා කර තිබුණේ මෙම මෝල් හිමියාගේ මුදල් ගෙවීම අත්හිටුවනවා ද නැද්ද යන්න ගැන ඉදිරියේ දී තීරණය කරන බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇති බවය. එසේම ප්‍රමිතියෙන් යුතු සහල් බෙදන ලද මෝල් හිමියකුට සහල් සැපයුම ලබාදීමට පියවර ගන්නා බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.

ජනතාවගේ අසරණකම පාවිච්චි කරමින් තම බඩගෝස්තරය සොයා ගන්නා මෙබඳු ජාවාරම්කරුවන්ට රජකාලේ දඬුවම් ලබාදිය යුතුය. මෙබඳු සිදුවීම් සෙවණගල ප්‍රාදේශීය බල ප්‍රදේශයෙන් පමණක් නොව රටේ බොහෝ පළාත්වලින් වාර්තා විය.

‘‘සබ්තේ සත්තා ආහාරට්ඨිතිකා’’ යනුවෙන් බුදු පියාණෝ වදාළහ. එයින් කියැවෙන්නේ ‘‘සියලු සත්වයන් ආහාරයෙන් ජීවත්වන’’ බව ය. ආහාර අවශ්‍ය වන්නේ ජීවත්වීමට ය. එහෙත් ධන තන්හාවෙන් ඔද වැඩුණු ඇතැම්හු ආහාරයෙන් ජීවත්වීම වෙනුවට ආහාරය පිණිස ජීවත් වෙති. අනෙකාගේ බත්පත පවා සැහැසි ලෙස උදුරාගෙන තම බඩගෝස්තරය සලසා ගැනීමට ඔවුහු පෙළඹෙති.

ව්‍යාපාරයක අරමුණ ලාබ ලැබීම ය. එය එසේ ම විය යුතු ය. ලාබ නො ලැබෙන්නේ නම් කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැක. එහෙත් ලාබ ඉපයීම සාධාරණ විය යුතුය. යුක්තිගරුක විය යුතු ය. ධාර්මික විය යුතු ය. දිළිඳු ජනතාවට ලබා දුන් සහල් ප්‍රදානයේ දී ප්‍රමිතියෙන් තොර සහල් බෙදාහැරීම සාධාරණ නැත. ධාර්මික නැත. එමෙන්ම එය මිනිස්කමට නිගාවකි. එබඳු අමනුෂ්‍යයන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු ය.

 

(***)



අදහස් (1)

දුප්පතාගේ හාල් ටිකත් ගසාකන්නන් හෙළා දකිමු

Lalla Friday, 10 May 2024 11:06 AM

කිසිම දෙයක් නොමිලේ දිය යුතු නෑ. දිය යුතු දරුවන් නැති ආදායම නැති වියපත් අය සහ හවුහරන නැති සුව නොවන රෝගීන් සඳහා පමණි. දුප්පත් ලේබලය ගසාගෙන සිටින අන් සියල්ලෝම කිසිම වෘත්තියක යෙදීමට අකමැති නිකමුන් පමණි. ඔවුන්ට සහනාධාර දීමට අවශ්‍ය නැත. සෑම අයකුම අඩුම වශයෙන් වයස හැටක් වනතුරු යම් ආදායම් ලැබෙන රැකියාවක හෝ ස්වයං ව්‍යාපාරයක යෙදීමට බල කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 43 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


ගුවන්තොටේ අසංවර වූ දේශපාලකට දඬුවම් නැද්ද?
2024 මැයි මස 17 349 3

ආණ්ඩුවේ මැති ඇමැති ධුරයක් හෙබවීම රටේ පොදු නීතියට ඉහළින් සිටීමට ලබා දෙන වරප්‍රසාදයක් වශයෙන් සලකන දේශපාලකයන් අපේ රටට අඩුවක් නැත. දේශපාලන බලයෙන් හිස උදු


අනුරපුර සිද්ධියෙන් කියැවුණේ සමාජයේ සදාචාර පිරිහීමක්
2024 මැයි මස 16 278 0

“විනයෝ නාම ශාසනස්ස ආයු” යනුවෙන් බුදුපියාණෝ වදාළහ. එහි අර්ථය නම්, “ශාසනය පවතින්නේ විනය පවතින තුරු” යන්නය. මෙම අර්ථය සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම අදාළව මැනවි


මන්ත්‍රීන් වගකීම පැහැර හැරීම තනතුර බාල්දු කිරීමක්
2024 මැයි මස 15 130 0

පාර්ලිමේන්තුව වරින් වර රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙයි. හොඳ සහ නරක මාතෘකා දෙවර්ගයම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවගේ විමසුමට ලක්වුණත් බොහොමයක් අ


වරප්‍රසාද ආශාවට කෙරෙන ගැසට් සංස්කෘතියට තිත තබමු
2024 මැයි මස 14 115 0

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්‍ඩලය විවිධ මට්ටමේ වාර්තා තැබීම් අතින් කැපීපෙනෙයි. එහෙත් මේ ඇතැම් වාර්තා හොඳ මට්ටමේ නොව නරක මට්ටමේ ඒවා වීම ඛේදවාචකයකි. එයින් එ


ඩයනා ගමගේ පුරවැසි සිද්ධිය දේශපාලනයට කැළලක්
2024 මැයි මස 13 3810 7

මෙරට හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 773 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2321 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1987 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site