IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයකින් හෙළි කර තිබිණි. මේ රටේ සුදුසුකම් ලත් බරවාහන රියදුරු රැකියාවේ නිරතව සිටි මේ පිරිසට දැන් සිදුවී ඇත්තේ තමන් කරමින් සිටි රැකියා අහිමිවී බලාපොරොත්තු තබා සිටි විදෙස් රැකියාව ද නොලැබී ගොස් යුරෝපයේ අතරමං වීමටය.

බරවාහන රැකියා වෙනුවට විකල්පයක් වශයෙන් ලබාදුන් ඌරුකොටු රැකියා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් පිරිසට ලිතුවේනියාව ලබා දුන් නේවාසික වීසාද අවලංගු කිරීම නිසා මොවුහු දැන් කබලෙන් ළිපට වැටී සිටිති.

මේ සිද්ධියේ වඩාත් කැපී පෙනෙන්නේ ලිතුවේනියා රැකියා ලබාදීම ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන් සිදුව තිබීමයි. ඒ මැදිහත්වීම මත ඔවුන් 108 දෙනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී රුපියල් ලක්ෂ 12 ක මුදලක් කොළඹ රැකියා නියෝජිත ආයතනයකට ගෙවා රැකියා සඳහා පිටත්ව ගොස් ඇතත් ඔවුන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රැකියා ලබාදී ඇත්තේ දෙදෙනකුට පමණක් බවත් සෙසු පිරිස ඌරු කොටුවක වැඩට තල්ලුකර දමා ඇඟ බේරා ගැනීමට එරට සමාගම කටයුතු කර ඇති බවත් කියැවෙයි. මෙය රැකියා පිළිබඳ ගිවිසුම් බරපතළ ලෙස උල්ලංඝණය කිරීමකි. ඒ සම්බන්ධයෙන් සොයා බලා හැකි ඉක්මනින් යුරෝපයේ අතරමංව සිටින සියලු දෙනා ගෙන්වා ගැනීමට ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට රජය මැදිහත් විය යුතු බව අපි විශ්වාස කරමු.

සිද්ධියට අදාළ ලිතුවේනියා රැකියා ලබාදීමට රජය මැදිහත් වීමක් තිබෙන බව තහවුරු කරමින් එම පිරිස ගුවන්ගත වන උත්සව අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගීවී සිට ඇත. එවැනි රජයේ ඉහළ මට්ටමේ සහභාගීත්වයෙන් සිදුවන විදෙස් රැකියා සැපයීමේ වැඩපිළිවෙළකට මෙවැනි ඉරණමක් අත්වීමට ඉඩක් නැති බව අපගේ පිළිගැනීමය. මේ රැකියා ලාභීන් පිටත්ව යද්දී එතැන අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් උත්සවයක් පැවැති බව ඔවුන්ගේ පවුල්වල උදවිය ද දැක ගන්නට ඇත. ඒ හේතුවෙන් තමන්ගේ ස්වාමියා හෝ පියා හෝ ලබා ගන්නා රැකියාව පිළිබඳ පවුලේ සාමාජිකයන්ට ද දැනෙන්න ඇත්තේ විශාල බලාපොරොත්තුවකි. දැන් ඒ බලාපොරොත්තු සියල්ල ඔවුන්ගේ හිස්මත කඩා වැටී තිබේ. ඔවුන් දැන් දෑස් දල්වාගෙන බලා සිටිනු ඇත්තේ අතරමංව සිටින  තමන්ගේ සමීප ඥාතියා ආපසු මෙරටට පැමිණෙන්නේ කවදාද යන බලාපොරොත්තුව ඉටුවනතුරුය. එම බලාපොරොත්තු කඩ නොකිරීම රජයේ බලධාරීන්ගේ වගකීමකි.

රට රැකියාවලට යන මෙරට කාන්තාවන් පමණක් නොව පිරිමින් ද අමාරුවේ වැටෙන අවස්ථා තිබෙන බවට මෙය කදිම උදාහරණයකි. ඇතැම් වංචනික විදෙස් රැකියා නියෝජිතයන් මෙරට අසරණ තරුණ කාන්තාවන්ට පිටරට හොඳ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ඔවුන් එම රටවලට නොගොස් ගණිකා මඩම්වල සිට රැකියා කළ නොහැකි නරකාදි බඳු ආයතන වලට බලෙන් යොමුකරන අවස්ථාද දක්නට ලැබී තිබේ. එවැනි අවස්ථාවලට එරෙහිව රජය මගින් දැඩි පියවර ගන්නා බව ද වාර්තාවී ඇත. ලිතුවේනියා සිද්ධිය ද ජාවාරම්කාර විදෙස් රැකියා නියෝජිතයන් සම්බන්ධයෙන් ලංකාවට ලබා දී තිබෙන්නේ ප්‍රබල සංඥාවකි. ආණ්ඩුවේ මැදිහත්වීම් තිබුණත් තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි බවට කවුරුන් හෝ මෙහිදී පෙන්වාදී තිබේ. ඒ ගැන සොයා නොබලා සිටීමට රජයේ වගකිවයුත්තන්ට හැකියාවක් නැත.

ලිතුවේනියාවේ රැකියා බලාපොරොත්තුවෙන් ගිය පිරිස මෙරට නිකම් සිටි පිරිසක් නොව බරවාහන රියැදුරන් වශයෙන් රැකියාවල  නියුතු වූවෝ වෙති. ඔවුන් රට රැකියා සොයා විදෙස්ගත වීමට පෙළඹෙන්නේ රටේ දැන් පවතින ආර්ථික තත්වය මත ආදායම ප්‍රමාණවත් නොවීම හේතුවෙනි. තම අවශ්‍යතා සපිරෙන ආදායමක් තිබෙන පුද්ගලයකු තමන්ගේ දූ දරුවන් ද හැර දමා විදෙස්ගතවීමට පෙළඹෙන්නේ කලාතුරකිනි. රජය ද මේ තත්වය තේරුම් ගත යුතුය. ඔවුන් පිටත්ව යන අවස්ථාව උත්සවයක් වූවානම් එය වැරදි ගිය අවස්ථාවේ අහක බලා ගැනීමට රජයට හැකියාවක් තිබිය නොහැක. වැඩේ වැරැද්දූ අයට ද නීතියෙන් දඬුවම් පැමිණවීමට අවශ්‍ය පියවර ද ගත යුතුය.

(***)



අදහස් (3)

ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු

chandima Thursday, 02 May 2024 12:43 AM

ඔය හාල්මැස්සේ අල්ලලා වැඩක් නැ ... රටටම වංචා කරපු උන් මේ පා ඡන්දෙට ලැස්ති වෙනවා

:       1       10

chandima Friday, 03 May 2024 09:59 PM

තව ඉස්සරහට ඊශ්‍රායල් රස්සාවල් අයදුම්පත් පුරවගෙන වංචා කරප උනුත් අල්ලන්න පුළුවන් .. ඉස්සරහට එන ආණ්ඩුවේ නිතීය සැමට එක හා සමානයි කියනවා නේ

:       2       10

පිටරටවැසියා Thursday, 09 May 2024 02:04 PM

මුන් ඔක්කොම රට කාල වනසන , කම්භ හොරු, තක්කඩි, අපතයන් ....පරම්පරා සියයකටම වැහි නැති හෙණම ගහපිය....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1698 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site