IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය අරමුණ කුමක් දැයි නිශ්චිතව හඳුනා ගැනීමකින් තොරවය. ඒ බව පසක් කරවන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

අප ප්‍රවෘත්තියෙන් කියැවුණේ සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ තමන්ට සහල් කිලෝ දහය ලබාදීමේ දී අවුරුදු උත්සවයක් සඳහා සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා යැයි කියමින් රුපියල් සීයක මුදලක් අඩු ආදායම්ලාභීන්ගෙන් අයකර ගන්නා බව දිඹුලාපිටිය, මනම්පිටිය අඩු ආදායම්ලාභීන් චෝදනා කරන බවය.

අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10ක් ලබාදීමේ ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණ අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්වය වර්ධනය කිරීමය. එම පවුල් තෝරා ගනු ලබන්නේ කිසියම් ප්‍රමිතියකට යටත්ව රාජ්‍ය නිලධාරීන්මය. එමෙන්ම එවැනි සහනාධාරයක් ලැබිය යුතුම පිරිස් තෝරාගෙන එම ප්‍රදානය කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසය වේ. එවැනි දරිද්‍රතාවයෙන් නොනැවතී බැට කන එම ජනයාට අමතර වශයෙන් රුපියල් සියයක් වියදම් කිරීමට නොහැකි යැයි අප මෙහි සටහන් කරනුයේ එම මිනිසුන්ට නිගා කිරීමට නොව මහ පොළොවේ ඇත්ත යථාර්ථය එයම වන බැවිනි. එම මිනිසුන් සමග කටයුතු කිරීමේ දී එම මිනිසුන්ගේ තත්වය එයට හිමි නිසි ප්‍රමාණයෙන් හඳුනා ගැනීම අතිශයින්ම වැදගත්ය. එය එසේ වන්නේ නම් මෙබඳු පුවත් අපට වාර්තා කිරීමට සිදු වන්නේ ද නැත.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ සහල් කිලෝ දහයක් ලබා ගැනීමට මනම්පිටිය ග්‍රාම නිලධාරි කාර්යාලයට පැමිණෙන විට රුපියල් සීයක මුදලක් රැගෙන ආ යුතු බවට දැනුවත් කළ බව ද එම මුදල ලබා දීමට අපොහොසත් අයට සහල් කිලෝ දහයක ප්‍රමාණය නොලැබෙන බවට අඩු ආදායම්ලාභීන් චෝදනා කරන බවය. එමෙන්ම මෙම ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ඉකුත් 21 වැනිදා ආරම්භ කර ඇත.

බොහෝ දුෂ්කර පළාත්වල රාජ්‍ය සේවකයන්ට රාජකාරි සිදු කිරීමට සිදුව තිබෙන්නේ බොහෝ දුෂ්කරතා අපහසුතා මැදය. ප්‍රවාහන පහසුකම් අහිමිවය. එබඳු දුෂ්කරතා රැසක් මැද රාජකාරි කරන රජයේ සේවකයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සේවය අපි අගය කරමු. එහෙත් අඩු ආදායම් බව නිසාම සහල් කිලෝ දහයක හිමි කමකට උරුමකම් කියන ජනයාගෙන් අතිරේක වශයෙන් රුපියල් සීයක් අය කිරීම අනුමත කළ නොහැක.

අප පුවත්පත මෙම සිදුවීම සම්බන්ධයෙන් 207 වසම බාර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයාගෙන් දුරකතනයෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ, සමෘද්ධිලාභීන් කුඩා ගම්මාන රැස්වීම්වලට සහභාගි නොවීම නිසා මාස පහක මුදල් එලෙස කුඩා ගම්මාන සමිතිය එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බවය.

සමෘද්ධි කුඩා ගම්මාන සමිතියේ සභාපති ජී.පී. තුෂාරි මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, ඉදිරියේ දී පැවැත්වෙන අවුරුදු උත්සවයට සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා එවැනි මුදලක් එකතු කරන බවය.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් එස්.එම්.ඇල්. අමීන් මහතා ප්‍රකාශ කර තිබුණේ එලෙස සහල් ලබා දීමේ දී මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, සත පහක්වත් එකතු කිරීමට උපදෙස් ලබා නොදුන් බවත්ය. එලෙස මුදල් එකතු කරන්නේ නම් ඒ පිළිබඳව ලිඛිතව දැනුවත් කළහොත් ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.

මෙම වරද ඉක්මනින්ම නිවැරැදි වනු ඇතැයි යන්න අපි විශ්වාස කරමු. එමෙන්ම දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ තොරතුරු අනාවරණය කළේ එම වසමේ ජනයාට පමණක් නොව මුළු රටටම බව ද අවධාරණය කරමු.

(***)



අදහස් (0)

සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 547 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site