දේශපාලනය අතීතයෙන් වර්තමානයට
පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික පක්ෂය පවතින්නේ, අලියා ලකුණ ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය වෙත ද, ටෙලිෆෝනය ලකුණ ඇති සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය වෙත ද යන්න පිළිබඳවයි.