IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘පන්නෛයි පක්කම්’ කියමින් දකුණ ඇල්ලූ උතුරේ ටික්ටොක් තරුව ශෝජන්

විශ්වයේ පොදු භාෂාවක් වන සංගීතය වත්මන් ලෝකය සුන්දරත්වයෙන් යුතුව පවත්වාගෙන යාමට හේතු වී ඇත. විවිධ භාෂාවන්ගෙන් ලියැවුණු පද රචනාවලින්, මියුරැ නාද රටාවලින් හැඩ ගැන්වී, රසාලිප්ත හඬකින් මුසුවුණු සංගීතයේ අවසන් නිපැයුම ගීතය වන්නේය. මේ දිනවල යාපනයේ තරැණයෙකු “මේ කමනි” නම් සිංහල ගීතයේ තනුවකට දමිළ බසින් ගයන “පන්නෛ පක්කම්” යන වේග රිද්මයේ ගීතය සමාජ මාධ්‍ය ටික්ටොක් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වී ඇත. විශේෂයෙන් දකුණේ සිංහල තරැණ තරැණියන් අතර මෙම ගීතය පිළිබඳව වැඩිපුර කතාබහට ලක්වන බව සඳහන් කළ යුතුය.

මේ ගීතය ගායනා කරනු ලබන්නේ, යාපනයේ දමිළ තරැණයෙකු වන ආර්.වී. ශෝජන් ය. ශෝජන් 24 වැනි වියේ පසුවෙයි. නර්තනයට මෙන්ම ගීත ගායනා කිරීමට දක්ෂ ශෝජන්, මේ ගීතය හැදුණු හැටි ගැන අප සමග කතා කළේය.

මගේ නම ආර්.වී. ශෝජන්. මම මූලික අධ්‍යාපනය ලැබුවේ, යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන්. පස්සේ උසස් පෙළ කරන්න කෝපායි ක්‍රිස්තියානි විද්‍යාලයට පැමිණියා. කුඩා කාලයේ ඉඳලා මම බටහිර නර්තනයටයි කැමති. පාසලේ 9 ශ්‍රේණියේ සිට ඒ හැකියාව ප්‍රගුණ කරන්න අවස්ථාවක් ලැබුණා. මම ගීත ගායනය සම්බන්ධයෙන් ලැදියාවක් දැක්වූවේ දැනට අවුරුදු 3 ක කාලයක සිටයි. කලා හැකියාවන් වර්ධනය කරගත්තේ මගේ උත්සාහයෙන්මයි.”

උතුර දකුණ යා කරන අපූර්වතම පාලම හැදෙන්නේ ශ්‍රී ලාංකේය සුභාවිත ගීත සාහිත්‍යය මතය. එදා මෙදා තුර ගීත සාහිත්‍ය තුළ විමසුම් ඇස් හෙළද්දි මතුවන ප්‍රේම ගීත ගොන්න තුළ වර්ගවාදයට එහා ගිය සොඳුරැ ආදර ගීත රාශියක් දමිළ සිංහල හදවත් යා කරමින් ලියැවී තිබීම විශේෂත්වයකි. ඒ සෑම ගීතයක් තුළම ගැබ් වන්නේ, ජාතීන් අතර වූ අපූර්වතම බැඳීමයි. “පන්නෛයි පක්කම්” වේග රිද්මයේ ගීතය ද එබඳු දමිළ සිංහල හදවත් යා කළ ගීතයකි.

මම මීට මාස තුනකට පෙර “ඒ බී සී ඩී” යන ගීතය මගේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කළා. ඒ ගීතයට පොඩි වීඩියෝ එකකුත් කළා. ඒ ගීතයේ වීඩියෝවට දායක වන්නේ මම යි. ඒ ගීතය හුඟ දෙනෙක් අතර ප්‍රසිද්ධියට පත්වුණා. දැනට යූ ටියුබ් නැරඹුම් වාර 26000 ත් පසු කරලා තියෙනවා. මම සිංහල වේග රිද්මයේ ගීතත් අහනවා. එහෙම අහපු ගීතයක් තමයි “මේ කමනි” ගීතය. ඒ ගීතයේ සංගීතයට මං ආස වුණා. මුලදී මම ඒ ගීතයට බටහිර නර්තනයක් ඉදිරිපත් කළා. පස්සේ මට අදහසක් ආවා සිංදුවක් කරන්න ඕනැ කියලා. “පන්නෛයි පක්කම්” ගීතය ලිව්වේ මා විසින්මයි. මේක මගේ සතුට වෙනුවෙන් ලියපු ගීතයක්.”

සංගීතයේ රස අතර වේග රිද්මයත් රසයකි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ තරැණ තරැණියන් අතර භාෂා භේදයකින් තොරව රුප්, පොප් හා හිප්හොප් වැනි ගීත ප්‍රසිද්ධය.

මම රැප් සංගීතයටත් කැමති, රැප් හඬ සංයෝජනයෙන් මම යූ ටියුබ් නාලිකාවේ වීඩියෝ කීපයක්ම කරලා තියෙනවා. වෙනස් දෙයක් කරන්න ඕනැ කියලා හිතලයි “පන්නෛයි පක්කම්” වැනි වේග රිද්මයේ ගීතයක් කළේ. මම හිතුවේ නැහැ මේ ගීතය මේතරම් ජාති භේදයකින් තොරව ප්‍රසිද්ධ වෙයි කියලා. මේ ගීතයට සිංහල සහෝදර තරැණ තරැණියන් ගොඩක් දෙනෙක් කමෙන්ට්ස්වලින් යහපත් ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ සම්බන්ධයෙන් මට ගොඩාක් සතුටුයි.”

වර්තමානයේ ගීත සඳහා රෑප රචනා නිර්මාණය වන අතර එම රෑප රචනා රසිකයාට සෘජුවම ආමන්ත්‍රණය කරනු ලබයි. එම ආමන්ත්‍රණ රෑප රචනය ඔවුන්ගේ බුද්ධියට නොව ඇස පිනවීමට යොදා ගනියි. එම හේතුව නිසා ගීත රෑප රචනා අද වන විට ජනප්‍රියත්වයට පත්ව ඇත.

පන්නෛයි පක්කම් ගිතයේ වීඩියෝව පෙර සූදානමක් නැතිවම කරපු දෙයක්. ගොඩක් අය හිතන්නේ මේ වීඩියෝව කැමරාවකින් කළ එකක් කියලා. ඒ ගැන මගෙන් බොහෝ දෙනෙක් අහලත් තියෙනවා. ඒත් මේ ගීතයේ වීඩියෝව කළේ මගේ ජංගම දුරකථනයෙන්. පෙර සූදානමක් නෑ කියලා කිව්වේ, අපි වීඩියෝව මෙහෙම වෙන්න ඕනැ කියලා හිතලා තිබුණේ නැහැ. ඒ වෙලාවෙ මගේ ඉල්ලීමට පැමිණි යාලු‍වන්ගේ නර්තනය තමයි ඒ. එකවරින්ම වීඩියෝ එක ගත්තා. සිංදුව වගේම වීඩියෝ එකත් දැන් ප්‍රසිද්ධයි. දැනට මේ ගීතය ප්‍රචාරය වෙලා කෙටි දින ගණනකින්ම වයිරල් වෙලා තියෙනවා. ඉන්දියාවෙත් රසිකයන් බලලා කමෙන්ට් දාලා තිබුණා.”

මේ වෙන විට ලංකාවේ උතුරැ පළාතේ මෙන්ම දකුණේ ද ඇතැම් තරැණ තරැණියන් අතර මිමිණෙන ගීතයක් බවට “පන්නෛයි පක්කම්” පත්වී අවසන්ය. ලංකාවේ දමිළ ජාතික රැප් ගායකයෙකු වන ආර්යන් දිනේෂ් කනගරත්නම් දැනට ඉන්දියාවේ ප්‍රසිද්ධයට පත්වී සිටියි. ඔහු ඒ.ආර්. රහ්මන්ගේ සංගීත කණ්ඩායමේ ගීත ගායනා කරයි. එසේම ඉන්දියාවේ ප්‍රසිද්ධයට පත්වූ ශ්‍රී ලාංකේය ගායිකා, යාපනයේ කිල්මිෂා ද දැන් ඉන්දියාවේ ප්‍රසිද්ධියට පත්වී සිටින්නීය. එමෙන්ම යොහානි ද සිල්වා ගායිකාව ද “මැණිකේ මගේ හිතේ” ගීතය නිසා ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වූවාය. ශෝජන් ගේ අරමුණ ද ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ ඔසවා තැබීමය.

මට නර්තනය, ගායනය හා රඟපෑමට ද හැකියාවක් තිබෙනවා. මගේ කලා කටයුතු ඉදිරියටත් මං කරගෙන යනවා. ලාංකිකයෙක් විදිහට මගේ කලා කටයුතුවලින් ලංකාවට කීර්තියක් ගෙනවිත් දෙන්නයි මගේ අරමුණ.”

ඔහුගේ එම සියලු‍ සිහින ඉතා ඉක්මනින් සැබෑ වන ලෙස අපි ලාංකිකයන් ලෙසින් ඔහුට අවංකව සුබ පතමු.

 සටහන - එම් තාරික් -



අදහස් (1)

‘පන්නෛයි පක්කම්’ කියමින් දකුණ ඇල්ලූ උතුරේ ටික්ටොක් තරුව ශෝජන්

Kamal Koyrala Sunday, 12 May 2024 02:50 PM

සුපිරි ලාංකීය කොල්ලෙක්

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site