අතරමග නවතා දමා තිබෙන කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමේ පුවත අධිවේගී මාර්ගවල ගමනා ගමනයේ යෙදෙන ඕනෑම කෙනකුට සැක බිය දනවන සිද්ධියකි. මොනම අධිවේගී මාර්ගයක වුවද මේ ආකාරයට කොන්ක්‍රීට් බාල්ක කඩා වැටීමට කිසිදු ඉඩක් තිබිය නොහැක. එසේ කඩා වැටෙන බාල්ක අධිවේගී මාර්ග භාවිත කරන සියලු දෙනාට ලබා දෙන්නේ ප්‍රබල අනතුරු ඇඟවීමේ සංඥාවක් වීම ද වැළැක්විය නොහැක.
මෙරට දැනට ඉදිවෙමින් පවතින එකම අධිවේගී මාර්ගය කොළඹ මහනුවර අධිවේගී මාර්ගයයි. මෙය ආරම්භ කෙරුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 දෙසැම්බර් 14 වැනිදාය. එය නිම කිරීමට සැලසුම් කර තිබුණේ 2018 වසරේදීය. ජනාධිපතිවරණයක් අත ළඟ තිබියදී මුල්ගල තැබූ එය බැලූ බැල්මට රටේ අවශ්‍යතාවට මුල්තැන දීමට වඩා දේශපාලන අවශ්‍යතාවට මුල්තැන දීමක් නිසා සැලසුම් කළ පරිදි ව්‍යාපෘතිය නිම කෙරුණේ නැත. අපේ රටේ මෙවැනි බොහොමයක් දේශපාලනික ව්‍යාපෘති මුහුණ දුන් ඉරණමට ගොදුරුවීමෙන් 2015 දී බලයට පැමිණි ආණ්ඩුව මෙම අධිවේගී මාර්ගය අලුතින් නම් කර එවකට අග්‍රාමාත්‍යධුරය හෙබවූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2017 පෙබරවාරියේදී යළිත් මුල්ගල් තබා වැඩ ආරම්භ කරනු ලැබීය. 2022 වසරේ ජනවාරි මාසය වනවිට එහි දෙවැනි පියවරද අවසන් කර මීරිගම සිට කුරුණෑගල දක්වා මහජනතාව සඳහා විවෘත කෙරිණි.
මධ්‍යම අධිවේගයේ ඉතිහාසය එසේ කෙටියෙන් සඳහන් කළේ කොන්ක්‍රීට් බාල්ක කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් යම්කිසි අදහසක් ඇතිකර ගැනීමට පහසුවීම සඳහාය. මෙසේ කඩා වැටී ඇත්තේ මධ්‍යම අධිවේගයේ කණු මගින් දිවෙන මාර්ග කොටසක් බවත් මාර්ගය ඉදිකිරීම් අතරමග දී මෙසේ කොටස් කඩා වැටෙන්නේ නම් ඉදිකර අවසන් කිරීමෙන් පසුව එහි ගමන් කිරීම කොතරම් අනතුරුදායක විය හැකිදැයි ජනතාව ප්‍රශ්න කරන බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපගේ ලංකාදීප පුවත්පත පළ කර තිබූ වාර්තා වේ සඳහන් විය.
අධිවේගයක් නොව වෙනත් මාර්ගයක් හෝ පාලමක් හෝ වුව ද ඒවා මහජනතාව සඳහා විවෘත කළ යුත්තේ එහි ආරක්ෂාව සහතික කිරීමෙන් පසුව පමණි. එය අපේ රටේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පමණක් නොව කුමන රටක වුව ද ඉදිකිරීමක් සම්බන්ධයෙන් වුවද පිළිගත් ප්‍රමිතියයි. අධිවේගී මාර්ගයක් වැනි දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතියකදී එම ප්‍රතිමිතිය ඉතා උසස් මට්ටමින් පැවතීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. ප්‍රමිතිය නොමැති නම් එම කොන්දේසිය කඩ වන අතර ඒ සඳහා වගඋත්තරකරුවකු හෝ වගඋත්තරකරුවන් පිරිසක් හෝ සිටිය යුතුය. මහනුවර අධිවේගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම පැහැදිලිවම පෙන්වා දී ඇත්තේ එය නිසි ප්‍රමිතියට ඉදිකර නොමැති බවය. එයට වගකිව යුත්තේ කවුදැයි සොයා ගැනීම මේ ව්‍යපෘතිය භාරව සිටින ඉංජිනේරුවරුන් ඇතුළු බලධාරීන්ගේ වගකීමක් බවද කිව යුතුය.
මහනුවර අධිවේගයේ අදාළ කොටස් ඉදිකිරීම් භාරව කටයුතු කරන කොන්ත්‍රාත්කාර සමාගම හෝ සමාගම් හෝ කවුදැයි හඳුනා ගැනීම ගැටලුවක් විය නොහැක. කිසියම් ඉදිකිරීමක් අතරමග දී කඩා වැටෙන්නේ නම් එහි වගකීම පැවරෙන්නේ එහි කොන්ත්‍රාත්කාර සමාගමටය. ඔවුන්ගෙන් මේ බරපතළ සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසිය යුතුය. එසේ සිදු නොකර සිමෙන්ති බාල්ක කඩා වැටීමේ සිද්ධිය පිළිබඳව කරුණු සෙවීමට විමර්ශන කමිටු පත් කිරීමෙන් ඵලක් නැත. කමිටුවක් පත් කිරීම සිද්ධියක් යට ගැසීමට ගන්නා එක් ක්‍රියා මාර්ගයක් බව මෙරට පහළ බාලාංශ දරුවකුට වුවද සිතීමට හේතුවන කරුණක් සේ පෙනේ. සිද්ධිය අදාළ කොටසේ ඉදිකිරීම් භාරව කටයුතු කරන්නේ මෙරට කොන්ත්‍රාත්කාර සමාගමක්ද නැතහොත් විදේශීය සමාගමක් දැයි අපි නොදනිමු. එහෙත් ආණ්ඩුවේ බලධාරීන් ඒ ගැන නොදැන සිටීමට හේතුවක් නැත.
මෙවැනි දැවැන්ත ව්‍යාපෘති විදෙස් ණය හෝ ආධාර මත ක්‍රියාත්මක වුවත් ඒ මුදලේ සැබෑ අයිතිකරුවන් වන්නේ මෙරට මහජනතාවයි. ආණ්ඩුව පෙනී සිටිය යුත්තේ මහජනතාවගේ අයිතිය රැක දීමට මිස කොන්ත්‍රාත්කරුවන් රැකීමට නොවේ. මේ සිද්ධියට වගකිව යුත්තන් ඉක්මනින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමටත් අදාළ ඉදිකිරීම්වල ප්‍රමිතිය යළි පරීක්ෂා කර බැලීමටත් අප්‍රමාදව පියවර ගත යුතු බව සඳහන් කරමු.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කඩාවැටුණු කොටසේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව බාර වුනේ දැනට ඉන්න රජයට සම්බන්ධ දේශපාලකයකුට නම් මේ සම්මජ්ජාතියේ ඕක හරි තැනින් හොයන්න පටන් ගන්නේ නැත. එය සිද්ධාන්තයකි . මුලධර්මයකි .වෙනස් නොවන නියතයකි. වසර ගණනාවක සිට කියාත්මක වන සම්මතයකි. වටේ කැරකි කැරකි ඉඳීවි. සමහරවිට මියන් වේයන් කාවුන් වැනි සතුන් ගැන වුණත් හොයලා බලාවි. මේ මුලධර්මය භාවිතා වුණු අවස්ථා රාශියකි. චීන පොහොර නැව, එක්ස්ප්‍රස් පර්ල් නැව, සිනි බදු, සුදුලුනු, පොල්තෙල්, මහා බැංකු බැඳුම්කර සරල උදාහරණ වේ.
මේවා කොමිස් පිට කොමිස් ගහලා හදපු ගෙවල්, පුළුවන්නම් මේවැයි වැඩ කරන්න කම්කරුවන්ට දෙන ඒ කෙනුත් කොමිස් ගහයි අපේ දේශපාලකයෝ... ඉතින් මේ වගේ දේවල් පුදුම වෙන්න දෙවල් නෙමෙයි...
ඕකට වරද සර් අයිසැක් නිව්ටන් මගේ මතයේ හැටියට, එතුමා ගුරුත්වාකර්ශණය සොයාගත්තෙ නැත්නම් ඔය බාල්කය දිරලා කැඩුණත් අහසෙ පාවෙවී තියේවි. කමිටුවේ මතයත් එයම වෙයි.
සුපිරි කොමෙන්ටුව...
මේක කඩාවැටීමට වගකිවයුතු වන්නේ මැතිවරණ අවස්ථාවල ව්‍යාපෘති ආරම්භ කරන දේශපාලුවො හා උන්ගෙ හෙංචයියො තමයි
මේකෙ වැඩ කොරෝනාවෙන් පමාවීමත්, සුළබ ගස දුර්ලභ ලෙස වර නැගූ පරිසරවේදීන් ලෙස ලෝකෙට පෙන්නාගෙන සිටින ත්‍රස්තවාදීන් කල්ලිය සහ සිවුරක් ඔතා ගස මහණ කළ බවට කිවූ ශ්‍රමණවේශධාරි කල්ලියත්, රට බංකොළොත් බවක් පෙන්නා වැඩ නැවැත්වූ දේශපාලුවන් රැළත් මිසක වෙන කවුරු වගකිව යුත්තෝ වෙද්ද?