1987-89 භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට කිසියම් හෝ ආකාරයකින් ආධාර අනුබල ලබාදීම දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවූ තත්වයක් නිසා රටේ බොහෝ විපක්ෂ දේශපාලන නායකයෝ තම ආත්ම ආරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටියහ. එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවෙස උදව් පතාගෙන පැමිණි සියලු දෙනා වෙනුවෙන් නිරන්තරයෙන්ම විවෘත වී තිබුණි.
අතුරුදන්වීම්, අත්අඩංගුවට ගැනීම් සහ ඝාතනයන් පිළිබඳව දන්වා, ඒ වෙනුවෙන් පිහිටක් ලබා ගැනීමට බොහෝ දෙනෙකු මහින්ද මහතා හමුවීමට පැමිණියහ. එම තත්වය දිනෙන් දින වැඩිවන බවක් පෙනෙන්නට තිබුණි. තරුණයන් මුහුණදී සිටින මෙම තත්වයෙන් ඔවුන් මුදා ගැනීම සඳහා ගතයුතු පියවර පිළිබඳ වාසුදේව නානායක්කාර මහතාද මහින්ද මහතා හමුවී සාකච්ඡා කළේය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට සහ එයට සහය දෙන බවට සැක කළ බොහෝ තරුණ පිරිස්වලට මුහුණදීමට සිදුව ඇති මෙම අවාසනාවන්ත තත්වය නතර කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කොමිසමේ රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන් දෙදෙනා තීරණය කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හමුවී සාකච්ඡා කළ විට ජිනීවාවලට යෑම සඳහා ඔවුන් දෙදෙනාට ගුවන් ටිකට්පත් ඇය ලබා දුන්නාය. මහින්ද මහතා තම අත්බෑගයේ අලුතින් අඩියක් සාදවා ජිනීවා ගෙනි යන ලේඛන එහි සඟවා රැගෙන ගියේය. ගමන යෑමට පෙර පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න මහතා මහින්ද මහතාට හමුවිය. ඔහු ප්‍රශ්න කළේ ඔබ ජිනීවා යනවා නේද? සල්ලි ගෙවන්නේ පල්ලියෙන් ද කියාය. ගමන පිළිබඳ සියලු තොරතුරු රජය දන්නා බව මහින්ද මහතාට වැටහුණි. නියමිත දිනයේදී ඔහු ගුවන් තොටුපොළට ගියේය. ගුවන් ටිකට් පරීක්ෂා කර ගුවන් යානයට ඇතුළුවීම සඳහා අවසර ලබා දෙන ස්ථානයේදී මහින්ද මහතාගේ බෑගය පරීක්ෂා කළ නමුත් එහිදී කිසිවක් සොයාගත නොහැකි විය. ගුවන් යානය වෙත ගමන් කළ මහින්ද මහතාට නවතින ලෙස ගුවන් යානය අසල සිටි පොලිස් නිලධාරියා නියම කළේය.
පොලිස් නිලධාරියා මහින්ද මහතාගේ බෑගය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දැන්වූයේය. ඒ අනුව, සහකාර පොලිස් අධිකාරි කුඩාහෙට්ටි, මහින්ද මහතාගේ බෑගය සූක්ෂම ලෙස පරීක්ෂා කර එහි පතුලේ සඟවා තිබූ සියලු ලේඛන එළියට ගත්තේය. ඒ සියල්ල අත්අඩංගුවට ගන්නා බව කුඩාහෙට්ටි ප්‍රකාශ කළේය. මහින්ද මහතා එම ලේඛන වෙනුවෙන් ලදුපතක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. මිනිස් හිස් කබල් ඡායාරූප 70 ක්, සිරුරේ කඳ ඡායාරූප 60 ක්, ටයර් මත දැවෙන සිරුරු 55 ක් සහ ගංගාවල පාවෙන මළමිනී 47 ක් ඇතුළත් ඡායාරූප අත්අඩංගුවට ගත් ලේඛන ලෙස සහකාර පොලිස් අධිකාරි කුඩාහෙට්ටි මහින්ද මහතාට ලබාදුන් ලදුපතේ සටහන් කර තිබුණි.
මහින්ද මහතා සහ වාසුදේව මහතා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන ශාලාවට ගිය නමුදු එම රැස්වීමට සහභාගිවීමට ඔවුන්ට අවසරය ලැබුණේ නැත. ඉන් පසුබට නොවූ මහින්ද මහතා සමුළුවට පැමිණි නියෝජිතයන් සමුළු ශාලාවෙන් පිටත දී හමුවී වෙන වෙනම කරුණු පැහැදිලි කර දුන්නේය. අවසානයේදී සැලකිය යුතු නියෝජිතයන් පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්වීමට ද ඔවුහු කටයුතු කළහ. ඉන් පසුව ශ්‍රී ලංකාවේ පවතින තත්වය පිළිබඳව විදේශ මාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණි. තරුණ මර්දනය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග වෙනස් කිරීමට මහින්ද මහතාගේ මෙම මැදිහත්වීම විශාල බලපෑමක් විය. මහින්ද මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔහු අත්අඩංගුවට ගනු ඇති බවට පැතිරුණු ආරංචි නිසා විශාල පිරිසක් ගුවන් තොටුපොළට රැස්ව සිටියද අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නැත.
තම ඉතිහාසය තුළ මුහුණ දුන් දරුණුම පීඩනයට සහ මර්දනයට එම යුගයේදී ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දෙමින් සිටියේය. බොහෝ දේශපාලඥයන් එම අවස්ථාවේදී තම ජීවිත ආරක්ෂාව පිළිබඳව සැළකිලිමත් වුවද, මහින්ද මහතා ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන් වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුගෙන් රටට ලැබුණු සේවය එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර යුද්ධය දිනීමට පමණක් සීමා නොවීය. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා ඇතුළු සියලු දේශපාලන මණ්ඩල සාමාජිකයන්, සියලු මධ්‍යම කාරක සභිකයන්, සියලුම දිස්ත්‍රික් නායකයන් ඝාතනය වෙද්දී මහින්ද එම තරුණයන් වෙනුවෙන් නොබියව පෙනී සිටියේය.
හිටපු විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම සඳහා වූ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වූ දිනට පසු දින මහින්ද මහතා තමන්ට ලැබී තිබූ කොළඹ පිහිටි නිල නිවසින් පිටව ගියේය. එල්ටීටීඊ හිතවාදීන්ට අයත් වෙබ් අඩවිවල සහ අන්තර්ජාල පුවත්පත්වල එම ප්‍රවෘත්තිය පළ වූයේ “රජයේ නිවසින් නෙරපයි” යන අදහස දෙන ආකාරයේ සිරස්තල යොදා ගනිමිනි. එම සිදුවීම පිළිබඳ එල්ටිටීඊ ඩයස්පෝරාව සතුටු වූයේ ඒ ආකාරයටයි.
මහින්ද මහතාට පහසුකම් ලබාදිය යුත්තේ යුද්ධය දිනීම නිසාම පමණක් නොවේ. වසර 30ක යුද්ධය නිමකර බියෙන් සැකෙන් තොරව මහජනතාවට සිය ජීවිත ගත කිරීමට ඔහු අවස්ථාව සළසා දුන්නේ තමන්ගේ ජීවිතය අනතුරුදායක තත්වයකට පත්කර ගනිමිනි. දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවට ඇතැම් මාධ්‍යවල පුවත් පළවු ආකාරයෙන් ද, එම පුවත අසා රතිඥ්ඤා පත්තු කළ ආකාරය පිළිබඳව පළවූ පුවත්පත් වාර්තාවලින් ද පැහැදිලි කෙරෙන්නේ ඔහුට මුහුණදීමට සිදුව ඇති ජීවිත අනතුරුදායක තත්වයයි.
ජනාධිපති වරප්‍රසාද කපන බවට මහා ඝෝෂාවක් ඇතිකළ නමුදු ඒ තුළින් රජයට හෝ මහජනතාවට ඉතිරි වන්නේ ඉතා සුළු මුදල් ප්‍රමාණයක් බව ඒ පිළිබඳ සමහර අංශවලින් ඉදිරිපත් වූ සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වේ. බොහෝ රටවල තනතුරින් විශ්‍රාම යන රාජ්‍ය නායකයන්ට විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා විවිධ දීමනා සහ පහසුකම් සළසා තිබේ. ඒ රටේ ඉහළම තනතුරු දරා විශ්‍රාම යන එවැනි නායකයන්ට එසේ පහසුකම් සැපයීම රජයේ වගකීමක් ලෙස එම රටවල් පිළිගෙන තිබීම හේතුවෙනි. රාජ්‍ය නායකයන් පත් වනුයේ ඒ අය සම්බන්ධ වී සිටින දේශපාලන පක්ෂය නියෝජනය කරමිනි. අනෙකුත් දේශපාලන පක්ෂවලට වෙනත් පක්ෂවලින් පත්වන රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් විවිධ මත පැවැතිය හැකිය. විරෝධතා පැවැතිය හැකිය. එසේ වුවද ධුරයෙන් ඉවත්ව ගිය රාජ්‍ය නායකයකුට හිමිවන දීමනා සහ පහසුකම් අහිමි කිරීමට එය හේතුවක් කරගත යුතු නැත.
අපේ අසල්වැසි මාලදිවයිනේ ජනසංඛ්‍යාව හය ලක්ෂයවත් ඉක්මවා ගොස් නැත. එරට විශ්‍රාමික ජනාධිපතිවරයකුට එක වාරයක් සේවය කර ඇතිවිට මාලදිවයින් රුපියල් 50,000 ක මාසික විශ්‍රාම වැටුපක් හිමිවේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 975,000කි. වාර දෙකක් සේවය කර ඇති විට මාලදිවයින් රුපියල් 75,000 ක් හිමිවේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,462,500කි. ඊට අමතරව මාසිකව මාලදිවයින් රුපියල් 50,000ක ජීවන වියදම් දීමනාවක් ද ලැබේ. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් 975,000කි. මේ සියල්ලටම අමතරව මාලදිවයින් රුපියල් 175,000 ක මුදලක් කාර්යාලය පවත්වාගෙන යෑමේ දීමනාවක් ලෙස මාසිකව හිමිවේ. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් 34,12,500 කි. මාලදිවයින පසුගිය දිනවල තම විදේශ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් විශාල අර්බුදයකට මුහුණ දුන්නේය. එසේ වුවද ඉහත කී දීමනා අඛණ්ඩව ගෙවනු ලබන අතර විශ්‍රාමික ජනාධිපති දීමනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික දීමනා අඩු කළ යුතු බවට අදහස් ප්‍රකාශ වී ඇති නමුදු අහෝසි කළ යුතු බවට අදහස් ප්‍රකාශ වී නැත.
බංග්ලාදේශයේ නිල රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපතිවරයා වුවද, ආණ්ඩුවේ නායකයා වන්නේ සහ විධායක බලය හිමිව ඇත්තේ අග්‍රාමාත්‍යවරයාටය. සේවයෙන් විශ්‍රාම ලැබූ පසු එම දෙදෙනාටම දීමනා සහ පහසුකම් එම රජය විසින් ලබාදේ. නාමමාත්‍රික ජනාධිපතිවරයාට බංග්ලාදේශ ටකා 90,000ක විශ්‍රාම වැටුපක් හිමිවේ.
ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් 223,200කි. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයකුට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 97,000 කි. බංග්ලාදේශ විශ්‍රාමික ජනාධිපතිවරයකුගේ මරණින් පසු ඔහු ලැබූ විශ්‍රාම වැටුපෙන් 2/3ක් බිරිඳට හෝ පවුලේ අයට ලැබේ. කාර්ය මණ්ඩලය සඳහා දෙදෙනෙකුට වැටුප් ලැබෙන අතර සෞඛ්‍ය රක්ෂණයක් ද විශ්‍රාමික ජනාධිපතිවරයාට සහ කලත්‍රයාට සහ දරුවන්ට ලබාදී තිබේ. ප්‍රවාහන පහසුකම් සහ නේවාසික පහසුකම් නොමිලේ ලැබේ. විවිධ රටවල විශ්‍රාමික රාජ්‍ය නායකයන්ට මේ ආකරයට පහසුකම් සලසා දී ඇත්තේ රටේ ඉහළම තනතුරේ සේවය කරන මෙම නායකයන්ට එවැනි පහසුකම් සැපයීම රජයේ වගකීමක් වී ඇති බැවිනි.
ශ්‍රී ලංකාව පිළිබඳව සලකා බලනවිට විශ්‍රාමික රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් විශේෂ තත්වයක් ඇති බවද අප වටහා ගත යුතුය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදීන් අතින් ඝාතනය විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව ඇසක් අහිමි කර ගත්තාය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් යුද්ධය නිමකර තම ජීවිත නිරන්තරයෙන්ම අන්තරායකාරී තත්වයකට පත් කරගෙන තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානය දෙකඩ කිරීම හේතුවෙන් එවැනිම අන්තරායකාරී තත්වයකට මුහුණ දී සිටී. ජාතියේ වගකීම වන්නේ එවැනි නායකයන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සහ ආරක්ෂාව සැපයීමය.
තම සහෝදරවරුන්ගෙන් හෝ හිතවතුන්ගෙන් ලැබෙන ඇඳුම්, බඳ පටි, යට ඇඳුම්, ඔරලෝසු සහ ඉන්ධන මගින් විශ්‍රාම ගිය රාජ්‍ය නායකයන්ට යැපීමට නොහැකිය. කොමියුනිස්ට් රටවල පවා රාජ්‍ය නායකයන්ට මෙන්ම, විශ්‍රාමික රාජ්‍ය නායකයන්ටද විශ්‍රාම දීමනා මෙන්ම අනෙකුත් සියලු පහසුකම් ද සලසා දී තිබේ. රජයට එරෙහිව කැරලි දෙකක්ම ගැසූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ බිරිඳ සහ දරුවන් රජයෙන් නඩත්තු කිරීමට කටයුතු කළ රටක විශ්‍රාමික රාජ්‍ය නායකයන්ට හිමි පහසුකම් කපා හැරීම කෙතරම් සාධාරණ හා යුක්ති සහගතද යන්න මහජනතාව නිගමනය කරනු ඇත.
(***)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හිටපු ජනපතිත් මහ පාරට ඇද දැමීම
saman Wednesday, 17 September 2025 05:03 PM
හිටපු ජනපතිවරුන්ට ජීවත්වීමට සුදුසු නිවසක් ලබාදීම කලයුතු වේ. එම නිවසේ ජිවත්වන්නේද නැතිද යන්න ඔවුන් තීරණය කරනු ඇත. රජයෙන් ලබාදෙන නිවසේ ජීවත් නොවන්නේ නම්, ඔවුන් පුද්ගලික නිවසේ පදිංචිය තොර ගන්නේ නම් රජයේ නිවසට වැය කරන්නා වූ මුදල හිටපු ජනපතිවරුන්ට ලබාදිය යුතුවේ. මේ සියල්ල තීරණය විය යුතුවන්නේ කිසිවකුට අසාදාරණයක් හෝ නොවන්නට වේ. නිවාස ලබාදීම දේශපාලන වසයෙන් තීන්දු නොවන ප්‍රතිපත්තිමය තීන්දුවක් මගින් සිදුවිය යුතුවේ..