‘සිහිනයකි රෑ‘ ශතකය ආසන්නයට පැමිණ ඇති දිය ඇල්ලක් සේ ගලා බසින සිහිනයක රෑ අන්තිමට නැවතුනේ නයඟරා දිය ඇල්ල ළඟය. 

සිහිනයකි රෑ සුන්දරව ගලා බසියි. සිහිනයකි රෑ වැඩසටහන සංයුක්ත වී ඇත්තේ පැමිණෙන ආරාධිතයා විසින් කැමැති ගීත 10 ක් තෝ්රාගෙන ඒමය. එම ගීත ගායනා කිරීමට අයෙකු තෝරා ගැනීමට ඔහුට නිදහස හිමිය. එසේ නැතහොත් රූපවාහිනි සංස්ථාව විසින් සොයාගනු ලබන ගායකයකුට හෝ ගායිකාවකට එම අවස්ථාව හිමිවේ. 

මේ ගීතවල ස්වභාවය වර්ණය, සංගීතය පද මාලාව ආදී ප්‍රධානතම දේ තෝරා ගැනීමට ආරාධිතයාට හිමිය. 
අපේ ගීත සාහිත්‍යයේ එන ගීත බොහොමයක්ම ආදරය, ප්‍රේමය, විරහව යන දේ සමග එකට බද්ධ වී තිබේ. එනිසා හැම විටම කතා කෙරෙන්නේ එම මාතෘකාවන් පසුබිම් කරගෙනය. සිහිනයකි රෑ වැඩසටහනේ මුල සිට මේ දක්වාම දක්නට ලැබුණේ ආදරය විරහව පිළිබඳව වූ මටසිලිටු කතිකාවත් සහ ඊට සම්බන්ධ වූ ගීතයන්ය.

විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සහභාගී වූ තුන්වැනි වැඩසටහනේ දී ඇය මුලින්ම රැගෙන ආවේ අතිශය ප්‍රේමණීය ගීතයක් වූ චන්ද්‍රල්ඛා ගයන ‘මේ පාලූ සීත රාත්‍රියේ‘ ගීතයයි. එම ගීතය ‘සිහිනයකි රෑ‘ ගැයුවේ මීනා ප්‍රසාදිනියයි. නවක ගායිකාවක් වුවත් එම ගීතයෙන් හැෙඟන ආදරයත් සමග ප්‍රේක්ෂකයන් ඇය හා හැකි දුර දක්වා උපරිමය රැගෙන ගියාය. 


විශාරද සිරිවර්ධන ඉදිරිපත් කළ ඊළඟ ආදර ගීතය වූයේ එච්.ආර්. ජෝතිපාල-ලතා ගයන ‘සිරියහනාවෝ දුටුවාදෝ, දෝතින් අරන් සතපන්න මා‘ ගීතයයි. එම ගීතය ගායනා කළෙත් මීනාය. එම ගීතයත් රමණීය ලෙස ඇය ගැයුවාය. 
විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගෙන් මේ පටන් ගත් ආදරය ජයන්තා රුක්මනී සිරිවර්ධනගෙන් අවසන් කළේ ලතා¡ධර්මදාස වල්පොල ගැයූ පැරැ‚ ගීතයක්වන ‘ඔය බැල්ම ඔය කැල්ම‘ නැමැති ‘කුරුලූ බැද්ද‘ චිත්‍රපටියේ ගීතයෙනි. ජයන්තා සිරිවර්ධන මහත්මිය සහභාගී වූ ‘සිහිනයක රෑ‘ වැඩසටහනේ දී එම ගීතය ගැයුවේ දුමිත් බදුල්ලගේ සහ දේවිකා චතුරානි නැමැති නවක ගායක යුවලකි. 
චන්ද්‍රිකා සිරිවර්ධන සහ රුක්මනී සිරිවර්ධන අතර කාල පරාසය තුළ විචාරයට ලක්වූ ආදරය සහ විරහව ගැන හොඳම විචාරය ඉදිරිපත් වූයේ ප්‍රකට වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියක වූ ජයනි සේනානායක මහත්මියගෙන් යැයි මට සිතේ. (මා වැරැදි වන්නට පුළුවන). ඇයට අනුව ආදරය යනු ආදරමය මිසක තහනම් ආදරය, අනියම් ආදරය අසම්මතයේ ආදරය වශයෙන් වර්ගීකරණයට ලක් කළ නොහැක. පරිපූර්ණ ආදරයක් ලැබූ කවරෙකුට හෝ තවත් කෙනෙකුගේ ආදරයක් ලැබීමට ඔහුගේ හෝ ඇයගේ හදවතේ ඉඩක් ඇති බව ජයනි සඳහන් කරන්නීය. එය තහනම් කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ආදරය කුමන මොහොතක හෝ පැමිණ කුමන මොහොතක හෝ පිටව යා හැකි බවත් ඈ කියන්නීය.

ආදරය තහනම්ද?, අසම්මතද?, අනියම්ද? වශයෙන් තීරණය කරන්නේ සමාජ විසින් බව ජයනී සඳහන් කරන්නීය. 
ආදරය බොළඳ බවත් ඒ බොළඳ බව නැත්නම් ඒ ආදරයෙන් පළක් නොමැති බවත් පවසන ජයනි මොනතරම් බහුශ්‍රැතයෙක් වුවත් ආදරයේ දක්නට ලැඛෙන ඒ බොළඳ  තැන් අතපත ගාන බවත් කියන්නීය. ්‍

ආදරය ගැන මීටත් වඩා නිර්වචන අවශ්‍යද? මහාචාර්ය සමන්ත හේරත් පවසන්නේ ආදරය වෛරයකට නොපෙරළිය යුතු බවයි. එහෙත් අද ආදරය මරණයට අත වැනීමක් තරමට සාහසික වී ඇති බව පෙනී යයි. ආදරය වා‚ජ ගනුදෙනුවක් තමරට පහළ ගිය තත්ත්වයක් දක්නට ලැබේ. ආදරය සුන්දර වුවත් අද අසන්නට ලැඛෙන පුවත් අනුව එය අසුන්දර මාතෘකාවකි. වෛද්‍ය අසේන විෙජ්සුන්දර සහභාගී වූ ‘සිහිනයකි රෑ‘ වැඩසටහනේ දී ඔහු එම වැඩසටනට සමාප්තිය ගෙන දුනනේ බුදු දහමේ ගැඹුරු ස්ථානයක් ස්පර්ශ කරමිනි. එය ප්‍රේක්ෂකයන්ට ජීවිත කාලයටම මෙනෙහි කළ හැකි දහම් පදයකි. ඒ දහම් පදය ඔහු සොයා ගත්තේ ගීතයක පදවැල් අතරින්ය. 

විශාරද නන්දා මාලිනී ගයන (නියමුවානෙනිණි) නමැති ගීතයේ එන කතාවට අනුව රුවල කැඩී මුහුද මැද අතරමං වූ යුවළකගේ ශෝකාලාපයයි. යා නොහැකි තැන බිරිය ස්වාමියාට පවසන්නේ තමන් මහ මුහුදේ ගිලි රුවල් නැවේ බර අඩුවූ විට පන බේරාගෙන ඉදිරියට යන ලෙසයි. 

වෛද්‍ය අසේල මෙය විග්‍රහ කරන්නේ තමන්ට බැඳි ප්‍රේමය අත්හැරිය හැකි නම් නිවනට මග එය බවය. මේ ගීතයේ අර්ථය එය බවත් ඔහු කියයි.  

‘සිහිනයකි රෑ‘ බොහෝ විට කතා කළේ තාරුණ්‍යයේ ප්‍රේමය ගැනයි. ගී පද රචක වසන්ත කුමාර කොබවක එය වෙනත් මානයකට රැගෙන ගියේය. ඔහු කතාබහට ලක් කළේ වියපත්වු ප්‍රේමය ගැනයි. වියපත් වුවත් ආදරය, තාරුණ්‍යය වන අතර ආදරය කිසිදා වියපත් නොවේ.‘ආදර හැඟුම්‘ ගීතය ඊට නිදසුන්ය. මේ ගීතය නිතර ඇසෙන ගීතයක් නොවේ. බක්මහ දීගේ චිත්‍රපටයේ එන මේ ගීතය ගයන්නේ පණ්ඩිත අමරදේවයන්ය. සංගීතය සෝමදාස ඇල්විටිගලගේ වන අතර පද රචනය දයානන්ද ගුණවර්ධනගේය. 
‘සිහිනයක රෑ‘ ගායනා කළේ සසිකා නිසංසලාය. මැදිවිය ඉක්මවූ මුදලිතුමාට තම නිවසේ තරුණ මෙහෙකාරිය පිළිබඳ සිතක් පහළ වීමෙන් රාත්‍රියේ වෙනත් නිවසකට එන ලෙස දන්වයි. ඇය ඒ බව ළමාතැනීට පවසයි. ළමාතැනී මෙහෙකාරිය සේ වෙස්වලාගෙන මුදලිතුමා දැන්වූ ස්ථානයට යයි. මුදලිතුමාගේ සිත තුළ ම මුදලිතුමාගේ සිත තුළ ඇති වන හැඟීම් පදපේළිවලට හරවා සඳ, තරු එළිය, අඳුරු රාත්‍රිය සීතය වැනි ස්වභාවික වස්තුන් සමග ගලපා ඊට සප්ත ස්වරය මුසුකර මැවූ ඒ ආශ්වාද ජනක රාත්‍රිය ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළින් බැහැර නොවේ. වයලීනය සහ බටනලාව උපයෝගී කරගෙන විශාරද අජිත් ජයවීර මුසුකළ සංගීතය ප්‍රේක්ෂකයන්ගේ ආශ්වාදයේ උපරිමය දක්වා රැගෙන ගිය අතර විශාරද සසිකා නිසංසලා ඊට මුසුකළ කටහ~ පණ්ඩිත් අමරදේවයන්ට මිසක වෙන කිසිවෙකුටත් දෙවෙනි නොවේ. මෙවැනි උසස්  රසාස්වාදයක් ඇති ගීතයක් සිහිනයක් කළ වැඩ සටහනට රැගෙන ආවාට වසන්ත කුමාර කොබවකට සිතුතිය හිිමි විය යුතුය.

සිහිනයකි රෑ වැඩසටහනින් මහේස් නිශ්ශංක නිතරම වෙර දරන්නේ ගී කිරීමට පැමිණෙන ආරාධිතයාගේ ඇතුළාන්තයට ගොස් ඔහු තුළ සැඟවී සිටින දෙවෙනි මිනිසා හෙළිදරව් කර ගැනීමේ සෞන්දර්යාත්මක ගීත චාරිකාවක යෙදෙන්නටය. 
එම ව්‍යායාමය තුළ සොඳුරු පැතිකඩක් මෙන්ම භයානක කමක්ද තිඛෙන බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය පවසයි. මහේෂ් නිශ්ශංක පවසන්නේ ප්‍රේක්ෂකයන් එයට මනාප බවයි.

සිය කැමැත්තෙන් ඇතුළාන්තය හෙළිකරන ආරාධිත ශිල්පීන් විරලය. ඒ අතරින් ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්මිය සමඟ සිදුකළ පිළිසදර සොඳුරු මෙන්ම නිර්ව්‍යාජ එකක් විය. ඇය සිය කැමැත්තෙන් තම ඇතුළාන්තය ප්‍රේක්කෂයන්ට විවර කර පෙන්නුවාය. ඇයට අනුව ඇයගේ සිතට අසම්මාතයේ ආදරයක් ඇතුළු වී තිඛෙන බවත්, එවැන්නක් ඇයටත් හොරා ඇයගේ සිතට ඇතුළු වූයේ කෙසේ දැයි ඇය නොදන්නා බවත් කීවාය. ඇය ඒ පිළිබඳව  සොයන බවත් සඳහන් කරන්නීය. ඇය මේ අනාවරණය කළේ යමුනා මාලිනි සිල්වා ගී පද රචනා කළ කරුණාරත්න දිවුල්ගනේ ගයන ‘ගහක මල් පිපිලා‘ ගීතය ගැන විමසු අවස්ථාවේදීය එහිදී නිර්ලෝභීකම තම ඇතුළාන්තය හෙලි දරව් කළාය.

සිහිනයකි රෑ වැඩ සටහනට සහභාගි වූ ජයන්තා රුක්මනි සිරිවර්ධන මහත්මිය ආදරය සහ විරහව පිළිබඳ ප්‍රේක්ෂකයන් සමඟ රස වින්දනයක් යෙදුණේ ඉතා සූක්ෂම ලෙසය. විරහව පිළිබඳව අත්දැකීම නැති බවත්, ප්‍රථම ප්‍රේමය ගැන පසුව හෙළිදරව් කරන බවත් සඳහන් කළ ඇය ප්‍රේක්ෂක මහේෂ් නිශ්ශංකටත් නොදැනෙන්න සූක්ෂම ලෙස බේරී යෑමට සමත් වූවාය.
ජයන්තා මහත්මියගේ ගීතාවලියේ මුල් ගීතය වු ‘රුවන් වලා දුහුල් සලින්‘ ගීතය මා ඇතුළු මගේ මිතුරන් කීප දෙනෙකුගේ ජීවිත හා බද්ධ වී තිබූ නිසා කිසි දිනක අමතක නොවේ. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් සිටි අවධියේ දේශන නොමැති විවේක වේලාවේ දී විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේ දී මිතුරන් හා එක්ව උස් හඬින් ගායනා කළ ගීතයන්ගෙන් එක් ගීතයකි. රුවන් වලා ගීතය.

ඇය ඉදිරිපත් කර තිබූ ගීත 10ම උසස් රස වින්දනයකට හේතු වූ ගීත බව අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුය. ඇගේ ගීත තේරීම ඉස්තරම්ය. සිහිනයකි රෑ වැඩ සටහනේ ගායනා කළ ගීත අතරින් ප්‍රති නිෂ්පාදනය කළ යුතු යැයි හැ‍ෙඟන ගීත කීපයක් පිළිබඳව ද අදහස් පළ කළ යුතු යැයි සිතමි.

අනුලා කරුණාතිලක මහත්මිය සහභාගි වූ වැඩසටහනේ දී ගැයුණු අවසන් ගීතය වන ‘ඔබ එක්ක ඔබ ඇවිත් යන්න‘ ගීතය හා රොෂාන් පිලපිටිය සහභාගි වූ වැඩසටහනේ දී ගැයුණු සසද සසද අපි මහ පාරේ යනවා යන ගීත දෙකම ඊට සුදුසු ගීත දෙකක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම ගීත දෙකම ගායනා කරන්නේ නවක ගායිකාවක වු උපේඛා නිර්මාණය.

‘ඔබ එක්ක ඔබ ඇවිත් යන්න‘ ගීතය උපුල් ශාන්ත සන්සන්ගල ලියූ පද රචනයකි. ගැයුවේ මොරිස් විෙජ්සිංහයන්ය. එය ගැඹුරු මැදිවියේ කටහඬිනි. මේවර එය ඇසුණේ තාරුණ්‍යයේ සුකුමාල හඩිකිනි. ‘සසද අපි මහ පාරේ යනවා‘ ගීතයත් ඒ සමානය. එම ගීතය ගැයුවේ රෝහණ බැද්දගේය. එය අපට ඇසුණේ වියපත් ගැඹුරු හඩකින්. මෙවර අපට ඇසුනේ ජවසම්පන්න තරුණ කාන්තා හ~කි‚.
සිහිනයකි රෑ මෙපමණ දුරක් පැමිණීමට එක් හේතුවක් වූයේ මහේෂ් නිශ්ශංක බව කීවොත් එය නිවැරැදිය. සිහිනයකි රෑ ප්‍රේක්ෂකයන් වසඟයට ගත් අකාර්ශනීය වැඩ සටහනකි.
සදාචාරාත්මක රීතිය අනුව යමින් හැබිචෝල් නොවූ උසස් සංගීත සම්ප්‍රදායයන්ගෙන් සමන්විත වූ අතිරමණීය ගීත දහසකින් ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කළ වැඩ සටහනකි සිහිනයකි රෑ එය කිසිදා නොසිදෙන රස උල්පතකි. 
මා දුටුවේ සිහිනයක් රෑ පසු පස සම්මාන රැගෙන ප්‍රේක්කෂයන් හඹා ඒමය.

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න.

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තයේ සිට.

(rathchg@gmail.com)