අවිස්සාවේල්ල සීතාවකපුර ශ්‍රී සුධර්මාරාම විද්‍යායතන පිරිවෙනට හැට වසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
වේහැල්ලේ සඟ පරපුරට සම්බන්ධ කීර්තිමත් පඬිරුවනක් වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති, අග්ග මහා පණ්ඩිත, ආගම චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත පලන්නෝරුවේ ශ්‍රී සිද්ධාර්ථ විමලධම්මාභිධාන කොළඹ නව කෝරළයේ උප ප්‍රධාන සංඝ නායක ස්වාමින්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයක් වූ වේරහැර අරියවංස හිමියන් පිරිවෙනක් ආරම්භ කරමින් පවත්වාගෙන යාම සඳහා 1965 වර්ෂයේදී අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මාරාම විහාරයට වැඩම කරවන්නේ දෙවුන්දර සිරි වාචිස්සර නාහිමියන්ගේ හා ගල්බොඩ ඤාණිස්සර පොඩි හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා සමඟිනි.
ඒ අනුව, 1965 සැප්තැම්බර් 13 වැනිදා එවකට කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරාධිපතිව වැඩ සිටි කොළඹ කඩවත් සතර තුළ ප්‍රධාන සංඝ නායක දෙවුන්දර සිරි වාචිස්සර නාහිමියන්, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් සහ වේරහැර අරියවංස නාහිමියන් විසින් සුධර්මාරාම මූලික පිරිවෙන ආරම්භ කළ අතර, ඉන් අනතුරුව මෙම පිරිවෙන හුණුපිටිය ගංගාරාම මහා විහාරස්ථානයේ පූර්ණ අධීක්ෂණය සහ ආශිර්වාදය සහිතව මහ පිරිවෙනක් බවටත්, පසුව විද්‍යායතන පිරිවෙනක් බවටත් උසස් වී ඇත.
ලෝකවාසි පොදු මහජනතාව අතර ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ වශයෙන් ප්‍රකට වූ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් සුධර්මාරාමයේ කෘත්‍යාධිකාරිත්වය දරන යුගය ද පිරිවෙන් විද්‍යායතනයේ සංවර්ධනයේ කැපී පෙනෙන අවධියක් විය.
ඉන් අනතුරුව ආචාර්ය පල්ලේගම රතනසාර නාහිමියන්ගෙන් පසු වර්තමානය වන විට කොළඹ, හුණුපිටිය ගංගාරාම මහා විහාරාධිපති, ධර්ම කීර්ති ශ්‍රී ඤාණිස්සරාභිධාන කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක, රාජකීය පණ්ඩිත, ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේගේ කෘත්‍යාධිකාරිත්වයෙන් යුත් සුධර්මාරාම විද්‍යායතනය උගත් වියත් ගිහි පැවිදි සිසු පරපුරක් දැයට දායාද කරන පුණ්‍ය භූමියක් බවට පත්ව ඇත.
පිරිවෙනේ සේවය කොට විශ්‍රාම ගිය පරිවෙණාධිපතිවරු වශයෙන් වේරගොඩ සාරද හිමි, වේරහැර අරියවංස හිමි, පරණගම ධම්මානන්ද හිමි, දේවාලේගම සුමංගල හිමි, මාපිටිගම ඉන්දසාර හිමි, කපුවැල්ලේ රතනසාර හිමි සහ බස්නාගල සමිතරතන හිමි සඳහන් කළ හැකිය.
වේරහැර අරියවංස ස්වාමින්වහන්සේ සුධර්මාරාම පිරිවෙන තුළ සුවිශේෂි යථිවරයාණන් වහන්සේ නමකි. ගංගාරාම මහා විහාරයේ පූර්ණ ආශිර්වාදය සහිතව ශ්‍රී සුධර්මාරාම පිරිවෙන ආරම්භ කිරීම, එය විද්‍යායතන පිරිවෙනක් බවට පත් වීමත් සමඟ සාමණේර හිමිවරුන්ගේ මූලික අධ්‍යාපනය සඳහා කොස්ගම කරගල්ල ශ්‍රී න්‍යග්‍රෝධ මහා පිරිවෙන ආරම්භ කිරීම මෙන්ම රත්මලානේ පැවැති පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය සීතාවකපුරයට ගෙන එමින් සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය ආරම්භ කිරීම උන්වහන්සේ අතින් සිදු වූ ජාතික ආගමික කාර්යභාරයේ වඩාත් සුවිශේෂි සේවා කිහිපයක් පමණි.
ආරම්භයේ පටන් පරිවෙණාධිපති ස්වාමින්වහන්සේලා හත්නමක් යටතේ පාලනය වූ සුධර්මාරාම විද්‍යායතනයේ වර්තමාන පරිවෙණාධිපති ධුරයේ කටයුතු කරන්නේ ගෞරව ශාස්ත්‍රවේදි සියඹලාවල නන්දවංස ස්වාමින්වහන්සේය. උන්වහන්සේගේ මෙහෙයවීම යටතේ රජයේ පත්වීම්ලාභි පැවිදි ගුරුභවතුන් පස් නමක් සහ ගිහි ගුරුභවතුන් 15 දෙනෙක් වශයෙන් ගුරුභවතුන් 20 දෙනෙක් සුධර්මාරාම විද්‍යායතනයේ සේවයේ නියුතුව සිටිති. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා උසස් පෙළ කලා සහ වාණිජ අංශ සහිතව අධ්‍යයන කටයුතු සිදු කරන සුධර්මාරාම විද්‍යායතන පිරිවෙන බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් එකම විද්‍යායතන පිරිවෙන වශයෙන් කටයුතු කරයි. සෑම වසරකදීම පාහේ විශ්වවිද්‍යාල පද්ධතියට ගිහි පැවිදි සිසුන් දායාද කරමින් ශාස්ත්‍රීය අධ්‍යාපනයට අමතරව සෞන්දර්ය, ක්‍රීඩාව සහ ප්‍රායෝගික මාධ්‍ය අධ්‍යාපනය වැනි විෂය සමගාමි කුසලතා දරුවන්ට දායාද කරන්නට සුධර්මාරාම පිරිවෙන කටයුතු කරයි.
1965-2025 අභිමානවත් සැට වසක් පිරීම නිමිත කරගෙන වත්මන් කෘත්‍යාධිකාරි, කොළඹ, හුණුපිටිය ගංගාරාම මහා විහාරාධිපති, ධර්ම කීර්ති ශ්‍රී ඤාණිස්සරාභිධාන කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක, රාජකීය පණ්ඩිත, ආචාර්ය අති පූජනීය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේගේ හා සුධර්මාරාම පිරිවෙන් විහාරයේ විහාරාධිපති, අතිපූජ්‍ය දේවාලේගම සුමංගල හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 2025 නොවැම්බර් මස 27 වැනි බ්‍රහස්පතින්දා සීතාවකපුර අවිස්සාවේල්ල නගර ශාලාවේදී මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ගිරිහාගම ශ්‍රී සුමංගලාරාමාධිපති, යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහ සද්ධම්මජෝතිකධජ, සාහිත්‍ය චක්‍රවර්ති, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලාසනයෙන් ‘සුදම් අභිමන් හරසර’ නමින් විශේෂ උත්සව සභාවක් පැවැත්වේ.
(***)
ශ්‍රී සුධර්මාරාම විද්‍යායතන
පිරිවෙන් ආචාර්ය
කමල් රුවිරංග සෙනෙවිරත්න
2025 නොවැම්බර් මස 21
173
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සැට වියට පා තබන සීතාවකපුර ශ්‍රී සුධර්මාරාම විද්‍යායතන පිරිවෙන