දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන්ගේ පියා (අප්පිල ඇත්තෝ) ඌරු වරිගේ තිසාහාමි නම් විය. හිටපු වැදිනායකයා වූ ඔහු කලූරිය කළ පසු වත්මන් නායක වන්නියලැ ඇත්තන්ට නායක කම හිමිවිය. තිසාහාමි ඇත්තන්ගේ දෙවැනි බිරිඳට දාව වන්නියලැ ඇත්තන් බිහිවුවත් පළමු බිරිඳට දාව උපන් ඌරුවරිගේ සුදු බණ්ඩා වැඩිමල් පුත‍්‍රයායග පළමු බිරිඳ මියගොස් ඇත්තේ අසනීපයකිනි. ඉන්පසු දෙවැනි බිරිඳ සහේට ගෙන ඇතග සුදු බණ්ඩා නම් වූ පවුලේ වැඩිමලා නායකත්වයට නුසුදුසු වූයේ ඔහු වන්නියලැ ඇත්තන් තරම් බුද්ධිමත් හා කාර්යශුර පුතකු නොවූ බැවිනි. 1992 දී මාදුරුඔය වනෝද්‍යානයක් ලෙස වන ජීවී දෙපාර්තමේන්තුව අත්පත් කරගන්නා තෙක් මේ වනබිමේ නිරවුල් අයිතිය තිබුණේ තිසාහාමිගේ නායකත්වයෙන් යුතු රැහේ ජනතාවටයගඑදවස තම රාජධානියේ සීමාව හැඳින්වීමට තිසාහාමි යොදා ගත්තේ කඳු හතකි. කොක්කාගලල උණුකිරිගලල පලූටාගලල දමුංගලල මාදේගලල කන්දේගල හා දිඹුලාගල යන කඳුය. එම සීමාවන්හි කල්පවත්නා රූස්ස ගස්වලිදුන්නක සලකුණ කොටා තිබිණග කුඩාතලාවල මුළුගහදෙනල වෙහෙරපොකුණල නිධිරානල රත්මල්යායල කිවුලේයායල නඹුටංවලල විලේගම යනාදි වශයෙන් වන බිම් නම් කර ඒ ඒ කොටස්වල ජිවත්වූ  වැදි ජනතාව සඳහා වෙන් කර දී තිබුණි. ඒ අනුවල එක් කොටසක ජිවත්වන රැහේ අයට තමන්ට වෙන්කළ කැලෑවේ හැර වෙනත් තැනක දඩයම් කිරීමල පලතුරු ඇහිදීමල මී වද කැඞීම තහනම් වියග තම දරුවන්ට පවා නම්කළ ප‍්‍රදේශවල හැර මෙම කටයුතු කිරීම තහනම් විය. පළමු බිරිඳගේ පුත‍්‍රයා වූ සුදු බණ්ඩා තිසාහාමිට බොහෝ සෙයින් ළං වූයේ දඩ බිමේදීය. ඒ යන අතරේ වන සතුන් පිළිබඳ කියා දුන්නේයග සුදු බණ්ඩා මුල් වරට වළහකු දුටුවේ අප්පිල ඇත්තන් (පියා) සමඟ කැලේ යද්දීය. මීවදයක් කඩා ගැනීම සඳහා වලහා’ මිනිසකු මෙන් ගසකට නඟින හැටි මී වදයට අත දමා මී වදය ගෙන මුවට ළංකර පැණි කන හැටි පියා සමඟ ගසකට මුවා වී බලා සිටියහ. ඉන්පසු කැලෑවට ගිය අවස්ථා කීපයකදීම පලූල වීරල මොරල කෝන්ල දඹ යන ගස්වල නැග පලතුරු කනහැටි දුටුවේය. ‘‘උඔට වලහෙක් මුලිච්චි වුණෙත් මොකද කරන්නේ?” දිනක් තිසාහාමි ඇසුවේය. ‘‘පස්ස නොබලා දුවනවා.’’ සුදු බණ්ඩා උත්තර දුන්නේය. තිසාහාමිට හිනා නතරකර ගත නොහැකිවිය. ‘‘මෝඩයා වලහත් එක්ක දුවල බේරෙන්න බැහැ.’’ ‘‘වලහා මුලින්ම කරන්නේ ගහකට හරි ගලකට හරි මුවාවෙලා සෝදිසියෙන් ඉන්න එකග ඊට පස්සේ එකපාරටම පැනල බදා ගන්නවා. උගේ අත්දෙක අපේ උරහිසට තියලයි බදා ගන්නේ. එතකොට පොරබදන්න  ඕනෑ. පොර බදන ගමන් ආයුධයක් අරන් පහර දෙන්න  ඕනෑග එහෙම නැතිව බේරෙන්න බැහැ.’’ තිසාහාමි දිගින් දිගටම කියාගෙන ගියේය. ගතවූයේ දින කීපයකිග සුදු බණ්ඩා උදෑසන 6.00 ට පමණ මී වද කැඞීම සඳහා කැලයට යාමට සූදානම් විය. ඔහුගේ (12) හැවිරිදිව සිටි පුතාද මස්සිනාද මේ ගමනට එකතු වූහ. ගස් නැග මීවද කඩ කඩා මල්ලට දමා ගනිමින් හෝරා කීපයක්ම ගත කළහ. තවදුරටත් කැලේ මැදට යද්දී ජීවිතයේ කිසිදිනක මුහුණ නොදුන් බිහිසුණු අත්දැකීමට මුහුණ දුන්නේය. ගලකට මුවා වී සිටි වලහෙක් එකවර සුදු බණ්ඩා වෙත කඩා පැන්නේය. මේ බිහිසුණු දසුන දුටු පුතා සහ මස්සිනා පස්ස නොබලා දුවන්නට වූහ. පියා කියාදුන් සටන් ක‍්‍රමය අනුව සුදු බණ්ඩා වලහා සමඟ පොරබැදුවේය. වරෙක වලහා ඇඟ උඩය. තවත් වරෙක වළහාගේ ඇඟ මත සුදු බණ්ඩාය. එකවරම වලහාගේ අතක් සුදු බණ්ඩාගේ වම් ඇස ඇතුළට ගියේය. ඇස උදුරා එළියට දැම්මේයග වේදනාවෙන් කෑගැසුණු සුදු බණ්ඩා මරු විකලයෙන් මෙන් අත දමා ඉනේ ගසාගෙන සිටි පොරව අතට ගත්තේය. එය කි‍්‍රයාත්මක වූ වේගය ඔහුට පවා සිතාගත නොහැකි වියග පොරෝ පහර කාගෙනම වලහා පසු බැස පලා ගියේය. වලහා පලායන තෙක් සැඟවී බලා සිටි මස්සිනා එතැනට එනවිට සුදු බණ්ඩාගේ මුහුණ ලෙයින් පිරී තිබිණි. ඇස ගැළවී එල්ලෙමින් තිබුණේය. සුදු බණ්ඩා වාත්තුකරගෙන ඔසවා ගන්නට මස්සිනා උත්සාහ කළත් ඒ සඳහා සවියක් නොවීය. ගෙදර දිව ගිය පුතා තවත් කීප දෙනෙකු සමඟ එතැනට දුවගෙන ආවේය. සියලූදෙනා එක්ව සුදු බණ්ඩා ඔසවා ගත්හ. ඉදිරී එල්ලා වැටෙමින් තිබෙන ඇස එක අතකට ගත් සුදු බණ්ඩා වේදනාවෙන් කෑ ගසද්දීල ඔසවාගෙන මහපාරට ගෙනැවිත් පාරේ ගිය වාහනයකින් මහියන්ගනයේ රෝහලට රැගෙන ගියහ. තත්ත්වය අසාධ්‍ය බැවින් ගිලන් රියකින් මහනුවර මහ රෝහලට යවන ලදී. එහිදී සැත්කම් කීපයක් සිදුවියග එහෙත් එම ඇසට පෙනීම ලබාදීමට නොහැකි විය. ඇසක් අහිමි වුණත් ජීවිතය බේරා ගැනීමට හැකිවීම ගැන සුදු බණ්ඩා සෑහීමකට පත්වූයේය. සුදු බණ්ඩාගේ කැලෑ ගමනද එතැනින් අවසන් වියග ඔහු දඹානට එන දේශීය හා විදේශීය සංචාරකයන්ට රැහේ අය කඩාගෙන එන අඹල දඹල කෝන්ල පලූ වැනි පලතුරු ද රැහේ අය හදන අත්කම් භාණ්ඩ ද විකුණන්නේය. ඔහුගේ ඇසෙහි අඩුව දකින අය විමසූ විට ඒ බිහිසුනු අත්දැකීම විස්තර කරන්නටද ඔහු පැකිළෙන්නේ නැතග එමිඇස’වලහෙකුගේ’ නපුරු කම පිළිබඳ මතක ඇසකි. වැදි රැහේ ජීවිතය-1