හෙළ සංස්කෘතිය පුරාවටම සඳහන් වන හීලෑ අලි ඇතුන් එය ආරක්ෂා කරන දැවැන්ත පවුරක් හෝ ආවරණයක් ලෙස සැලකිය හැකිය. ප‍්‍රතාපවත් බවේ මෙන්ම විශාලත්වයේ සංකේතයක් ලෙස සැලකෙන අලියා හෙළ සංස්කෘතියේ වඩාත්ම කතාබහට ලක්වන සත්වයාය. එතරම්ම අලි ඇතුන් අප සංස්කෘතියට මහා ශක්තියක් වී ඇති බව පිළිගැනීමට සිදුවේ. අතීතයේදී වරින්වර වනයෙන් අල්ලාගත් අලින්ගෙන් හා පින්නවල අලි අනාථාගාරයෙන් ශ්‍රී දළඳා මාළිගාව ඇතුළු විහාර දේවාල සඳහා ලබාදුන් අලි ඇතුන්ගෙන් හීලෑ අලි පරපුර වර්ධනය විය. එහෙත් මෑත කාලයේදී සැලකිය යුතු අලි සංඛ්‍යාවක් හීලෑ අලි පරපුරට අලූතෙන් ඇතුළත් නොවීමත්, වයෝවෘද්ධව සිටි අලි සංඛ්‍යාව බෙහෙවින් අඩුවී ඇත. මේ වන විට අප රටේ ඉතිරිව සිටින හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව සියයකට (100* ආසන්න වන අතර එයින් විසිදෙනකු (20* පමණ වාර්ෂිකව වෙසක් පොසොන් හා ඇසළ මාසවල මදකිපී ගාල් කිරීමට සිදුවේ. ඉතිරි අලි අසූ දෙනාගෙන් (80* දසදෙනෙක් (10* පමණ වයෝවෘද්ධව ඉතාම දුර්වල තත්ත්වයෙන් පසුවේ. දිවයිනේ සිටින හීලෑ අලි ඇතුන් සියදෙනා අතර දළ ඇතුන් සිටින්නේ විසි දෙදෙනකු (22* පමණි. එයින් කරඬුව වැඩම කරවීම සඳහා සුදුසු වූ ගති ලක්ෂණ වලින් මෙන්ම සුුදුසු සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්ත පරිනත දළ ඇතුන් වශයෙන් තෝරාගත හැක්කේ මහා කතරගම දේවාලයේ වාසනා, නැදුන්ගමුවේ රාජා සහ ඉන්දිරාජා යන සතුන් පමණි. මෙම තත්ත්වය නිසා එදා අලි ඇතුන් දෙසීයකට (200* ආසන්න සංඛ්‍යාවක් ගමන් කළ මහනුවර ඇසළ පෙරහරට පවා සහභාගි කරවා ගැනීමට හැකි තත්ත්වයේ අලි ඇතුන් සිටින්නේ හැත්තෑ (70* දෙනකු පමණි. විශේෂයෙන් මහනුවර ඇසළ පෙරහරේ සහ අනෙකුත් පෙරහරවල කරඬුව හා දේවාභරණ වැඩම කරවීම ඉතාම භාරර වගකීමකි. මේ සඳහා යොදා ගනු ලබන දළ ඇතුන් තුළ ඉතා හොඳ ගතිලක්ෂණ තිබිය යුතුය. ඉතා හොඳින් වැඩුණු සිරුරක් ඇති, සෘජුව මෙන්ම තේජවන්තව හිස (ඉහකර  ඔසවා සිටින, පිටකොන්ද (ආසනයහොඳින් පිහිටා ඇති දළ යුගලය අලංකාර ලෙස ඉදිරියට නෙරා ඇති, තැන්පත් නුවණින් යුතු, උපශාන්ත ගමන් විලාසයක් සහිත සන්සුන් මනසකින් යුතු තීක්ෂණ බුද්ධියෙන් කරුණා ගුණයෙන් පරිපූර්ණ වූ මැදි වයසේ තැන්පත් ඇතුන් මේ සඳහා ඉතාම සුදුසුය. මෙවන් තැන්පත් ගතිලක්ෂණවලින් හෙබි දළ ඇතුන්ගේ හිඟය නිසා වර්තමානයේ මේ සඳහා තරුණ අලි ඇතුන් යොදා ගත්තද අතීතයේ මේ සඳහා යොදාගනු ලැබුවේ වයස අවුරුදු හතළිහ (40* ඉක්මවූ සතුන්ය. එහෙත් දළ ඇතකු තරුණ වියේදීම මේ සඳහා පුහුණු කරවනු ලබයි. මෙසේ පුහුණු කරනු ලබන්නේ පැරණි චාරිත‍්‍රවාරිත‍්‍රවලට අනුකූලව වන අතර එය කරනු ලබන්නේ පෙරහර පවත්වන දිනක නොවේ. ප‍්‍රථමයෙන්ම අදාළ විහාරය හෝ දේවාලය ඉදිරියට ඇතා රැුගෙන විත් දණ නමස්කාරය කරවා මහා සංඝරත්නය විසින් සෙත්පිරිත් දේශනය කර පැන් ඉසින විට රන්සිවිගෙය සවිකරනු ලබන වකපුටුව නමැති කොටස ශුභ නැකතට ඇතාගේ පිට මත තැන්පත් කෙරේ. ඉන්පසුව එයට අදාළ බඳපටි ආදිය තද කොට වකපුටුව මත රන්සිවිගෙය සවිකරනු ලැබේ. ඒ සමගම ඇඳුම් ආයිත්තම්ද පළඳවා මද දුරක් ඇවිද්දවා පුහුණුව ලබාදේ. පුහුණු කරන ලද මංගල හස්තියකු පිටේ රන්සිවිගෙය බැඳ අලංකාර වූ ඇඳුම් අන්දවා දළ කොපු පළඳවා විදුලි බුබුළුවලින් සරසා, දෙකන්වල චාමර සවිකර මුල්වරට කරඬුව තැන්පත් කරන්නේද ශුභ නැකතකටය. එසේ පාවඩ මත පෙරහරේ ගමන් කරන ඇතාට ගෙවදුනාට පසුව කැවුම් හා කිරිබත්වලින් සංග‍්‍රහ කරනු ලැබේ. මෙම ඇතුන්ගේ වස්දොස් දුරුවීම සඳහා ශ්‍රී දළඳා මාලිගාව ප‍්‍රධාන කොට ඇති පැරණි විහාර දේවාලවල සෙත්පිරිත් දේශනා කිරීම, පිරිත් පැන් ඉසීම මෙන්ම දේවපූජා ආදිය පැවැත්වෙයි. සබරගමුව මහා සමන් දේවාලයේ දේවාභරණ වැඩම කරවන ඇතා ගෙවදුනාට පසුව විශාල කැවුම්වලින් ඇතාගේ පාද තවා සමන් දෙවියන් උදෙසා, විශේෂ පූජා පවත්වා ඇතාගේ නිරෝගි බව ප‍්‍රාර්ථනය කෙරේ. එමෙන්ම අලූත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේද ප‍්‍රථමවරට දේවාභරණ වැඩම කරවන ඇතුන්ගේ වස්දොස් දුරුවීමට රැුයක් පහන් වනතුරු ශාන්තිකර්මයක් කර දෙහි ආදිය කපනු ලැබේ. කරඬුව හා දේවාභරණ වැඩම කරවීමට කැප කරන ඇතකු පිට කිසිම දිනක කාන්තාවක් නංවන්නේ හෝ අවමංගල කටයුතු කරන ස්ථාන ආසන්නයට රැුගෙන යන්නේ හෝ නැත. මහනුවර ඇසළ පෙරහරේ දළදා කරඬුව වැඩම කරවීම ඇතකු ලබන උතුම්ම අවස්ථාවයි. මෙම කටයුත්ත සඳහා යොදා ගන්නා දළ ඇතුන්හට නිරෝගි සුවය හා ආරක්ෂාව පතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය විසින් සෙත්පිරිත් දේශනා කර දියවඩන නිලමේතුමන්ද සමග කැවුම් කිරිබතින් සංග‍්‍රහ කර ආශිර්වාද කරනු ලැබීම සිරිතකි. දැනට වසර විසිපහකට පමණ පෙරදී මහනුවර ඇසළ පෙරහරේ කරඬුව හා දේවාභරණ වැඩම කරවීමට මෙන්ම පෙරහරේ අනෙකුත් ස්ථානවල ගමන් කරවීමට අවශ්‍ය තරම් හීලෑ අලි ඇතුන් සිටි බැවින් එකල පෙරහරේදී අලි ඇතුන් සිය ගණනින් දැකගත හැකි විය. එහෙත් වර්තමානයේ මහනුවර පෙරහරට අලි ඇතුන් හැත්තෑවක් ‍ ගෙන්වා ගැනීමත් විශාල අභියෝගයක් වී තිබේ. හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව වර්ධනය නොවීමත් දැනට සිටින වයෝවෘද්ධ සතුන් දිනෙන් දින මිය යාමත් පෙරහර සංස්කෘතිය පවත්වාගෙන යාමට විශාල ගැටලූවක් වී තිබේ. පසුගිය වර්ෂ දෙකතුළදී පමණක් ගංගාරාමයේ නවම් රාජා, බෙල්ලන්විල අලියා, පස්ගම විහාරයේ අලියා, ගඟහගෙදර ඇතින්නි, දෙහිදෙනියේ ඇතින්නි, අරංගල්ල මහතාගේ ඇතින්නි, හොඳැල්ලේ ඇතින්නි, මිල්ලතේ සරත්චන්ද්‍ර රාජකරුණා මහතාගේ ඇතින්නියන් දෙදෙනා, මිල්ලන්ගොඩ රාජා ඇතුළුව තවත් වයෝවෘද්ධ අලි ඇත්තු කිහිප දෙනෙක් මියගියහ. ජීවමාන අලි ඇතුන් සොයා ගැනීමට ඇති දුෂ්කරතාව නිසා ග‍්‍රාමීය පෙරහර සංවිධානය කරන ඇතැම් අය විසින් කෘත‍්‍රිමව සාදා සරසන ලද අලි පෙරහරේ රැුගෙන යාමට පටන්ගෙන තිබේ. හීලෑ අලි පරපුර මෙසේ සීග‍්‍රයෙන් අවසන් වුවහොත් වැඩිකල් ගතවීමට පෙර ග‍්‍රාමීය පෙරහරවල පමණක් නොව මහනුවර පෙරහර ඇතුළු අනෙකුත් ඓතිහාසික පෙරහරවල කරඬුව හා දේවාභරණ වැඩමකරවීමට කෘති‍්‍රම අලි ඇතුන් යොදා ගැනීමට සිදුවනු නියතය. මේ පිළිබඳව රජයේ අවධානය යොමුකර වාර්ෂිකව පෙරහර පවත්වනු ලබන විහාර හා දේවාලවලට මෙන්ම අලි ඇතුන් නඩත්තු කිරීමට පළපුරුද්ද හා සියලූ පහසුකම් ඇති අයට පින්නවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත සතුන් කිහිපදෙනකු ලබාදෙන ලෙසත්, රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කර වෙනත් ආසියාතික රටකින් දළ ඇතුන් කිහිපදෙනකු ගෙන්වා දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ සභාපති නිලංග දෑල දියවඩන නිළමේතුමන් රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් දැනට පින්නවල අලි අනාථාගාරයේ ඇතිවී තිබෙන්නාවූ තදබදය ඇතුළු තවත් ගැටලූ කිහිපයක් නිසා එහි සිටින අතිරික්ත අලි කිහිපදෙනකු සංස්කෘතික කටයුතුවලට පමණක් යොදවා ගතයුතුය යන කොන්දේසියට යටත්ව තෝරාගත් විහාර දේවාලවලට රැුකබලා ගැනීමේ පදනම මත බාරදීමට ආරම්භ කර තිබීම පිළිබඳව සතුටු විය හැකිවන අතර එය හීලෑ අලි ඇතුන්ගේ අඩුව පිරවීමට යම් තරමකින් හෝ ඉවහල් වනු ඇත. හීලෑ අතුන් හිමියන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මාළිගාවේ කරඬුව වැඩම කරවීමට සූදානම් වන නැදුන්ගමුවේ රාජා ඇතා දැනට ඉතිරිව සිටින දළ ඇතුන් 18 දෙනෙකු පසුගිය වසරේදී මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරියේ