IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රජරට රැජින දුම්රිය - ප්‍රථම ජෙට් එන්ජින් ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ඊ.එල්.බී. හුරුල්ලේ

දේශමාන්‍ය එඩ්වින් ලොකු බණ්ඩාර හුරුල්ලේ 1919 ජනවාරි 19 වැනිදා උපත ලැබුවේය. ඔහු මධ්‍යම පළාතේ සහ උතුරු මැද පළාතේ පළාත් ආණ්ඩුකාරවරයා වූවේය. ඔහු අගමැති ඩඩ්ලි සේනානායක රජයේ  ප්‍රවාහන කැබිනට් අමාත්‍ය, ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය යටතේ සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ඉලංගසිංහ කළුකුමාර රාජකරුණා එඩ්වින් ලොකු බණ්ඩාර හුරුල්ලේ උපත ලැබුවේ ටිකිරි බණ්ඩාර හුරුල්ලේ සහ අනුරාධපුර අටමස්ථාන නිලමේ (අටමස්ථාන ප්‍රධාන ගිහි භාරකරු) වූ ලොකු බණ්ඩාර බුලන්කුලමේ දිසාවගේ දියණිය වන ඇලිස් බුලන්කුලමේ හුරුල්ලේටය. ඔහු පවුලේ වැඩිමලා විය. ඔහුගේ පවුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නායකයන් ලෙස ස්ථාපිත වී ඇත. ඔහුගේ මී මුත්තා පුංචි බණ්ඩාර හුරුල්ලේ හොරොව්පොතාන මොරකෑව වැව අයිනේ වලව්වක් හැදුවා. හුරුළුපළාත රටේ මහත්මයා වූ ඔහුගේ සීයා හෙනරත් බණ්ඩාර හුරුල්ලේ ක්‍රිස්තු වර්ෂ 1865 දී මොරකෑව වැව සහ අනුරාධපුර - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගය අතර දෙමහල් වලව්ව ඉදිකරන ලදී. හෙනරත් බණ්ඩා හුරුල්ලේ මානිංගමුවේ වේරගම කුමාරිහාමි සමඟ විවාහ වී සිටියේය. 1988 කැරැල්ලේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිනි තැබූ ගොඩනැගිල්ල මෙයයි.

ඔහු යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කර එහිදී ලන්ඩන් අන්තර් කලා විභාගය සමත් විය.

හුරුල්ලේ ස්වදේශීය දෙපාර්තමේන්තුවේ රජයේ සේවයට බැඳී පවුල් සම්ප්‍රදාය අනුගමනය කළේය. ස්වදේශීය දෙපාර්තමේන්තුව අහෝසි කර උඩරට ප්‍රදේශයේ සිටි  රටේ මහත්මාවරුන් සහ පහතරට කෝරලේ මුදලිවරුන් වෙනුවට ප්‍රාදේශීය ආදායම් නිලධාරි කාර්යාල පිහිටුවීමත් සමඟ හුරුල්ලේ උතුරුමැද පළාතේ කහටගස්දිගිලියේ හුරුළු පළාතේ ඩී.ආර්.ඕ. වූයේය.

ඔහු විවාහ වූයේ මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ (ප්‍රධාන භාරකරු) සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වූ තෙල්දෙණියේ ගලගොඩ වලව්වේ මද්දුම බණ්ඩාර ගලගොඩගේ බාල දියණිය වූ මාලිනී ගලගොඩ සමඟය. ඊ.එල්.බී. හුරුල්ලේ සහ ඔහුගේ බිරිඳ මාලිනීට මායා සහ දීප්ති නමින් දියණියෝ දෙදෙනෙක් සහ තේමිය, වජිර සහ කණිෂ්ක නමින් පුතුන් තිදෙනෙක් වූහ.

ටී.බී. පොහොලියද්ද දිසාව මහතාගේ අභාවයෙන් පසු 1956 මහ මැතිවරණයට නාමයෝජනා භාරදීමට පෙර එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) හොරොව්පොතාන ආසනයට හුරුල්ලේගේ නම ඉදිරිපත් වූ අතර ඔහු රජයේ සේවයෙන් ඉල්ලා අස් වූයේය. ඉන් අනතුරුව පැවති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 8 දක්වා පහත වැටුණේ මහජන එක්සත් පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමිනි. අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කළ ඔහුගේ මාමා වන පී.බී බුලන්කුලමේ දිසාවට මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රැක ගැනීමට නොහැකි විය.

මෙතුමා 1965-70 ඩඩ්ලි සේනානායක රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා වූයේය. ඉන් එතුමා රටට විශාල සේවයක් සිදු කළේය. එම සේවාවන් මොනවාදැයි වර්තමානයේ ජීවත්වෙන බොහෝ දෙනා නොදනී.

ඉන් කිහිපයක් මෙහි සඳහන් කිරීම වැදගත් යැයි මම සිතමි. ඔහු ලංකාවට දුම්රිය ඩීසල් බලවේග කට්ටල් හඳුන්වා දුන්නේය. ගාලු‍, මාතර දුම්රිය මාර්ගයට ‘රජරට රැජින’ දුම්රිය සේවාව යනුවෙන් නම් කෙරිණි.

ජෙට් ගුවන් යානාද ඔහු ලංකාවට හඳුන්වා දුන්නේය. ලංකාවේ ගම්බද ප්‍රදේශවල අතුරු මාර්ගවලට ලංගම බස් රථ හඳුන්වාදී ගමනා ගමනය පහසු කළේය. මෙලෙස සුවිශේෂී සේවාවන් සිදු කළ මෙතුමා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ඔහු දුම්රිය ඩීසල් එන්ජින් ලෙස වෙනස් කිරීම කඩිනම් කළේ යල් පැන ගිය  ගල් අඟුරු වාෂ්ප එන්ජින් ක්‍රමානුකූලව ඉවත් කරමිනි. ඔහු ට්‍රයිඩන්ට් මගී ජෙට් ගුවන් යානය ‘එයාර් සිලෝන්’ වෙත ඇතුළත් කරන ලද අතර එමඟින් එයාර් සිලෝන් ජෙට් එන්ජින් යුගයකට ගෙන ගියේය. රේගු බදු රහිතව ආනයනය කිරීමට අවසර ලත් මෝටර් කුලී රථ ප්‍රථම වරට ලංකාවට හඳුන්වා දුන්නේ ද ඔහුය.

1970 මහ මැතිවරණයේදී ටී.බී. හේරත්ට එරෙහිවූ ඔහුට ආසනය අහිමි විය. 1970 මහා මැතිවරණයේදී හොරොව්පතාන ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයාට පැරදුණේ වැඩි ජන්ද 2,572 කිනි. 1977 දී යළිත් හොරොව්පතාන මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූයේ ඡන්ද 13,982 ක් ලබා වැඩි ජන්ද 4,182 කිනි.

ඔහු 1977 මහ මැතිවරණයෙන් නැවත තේරී පත් වූ අතර සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීය. සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය විධිමත් කිරීමට පැරිසියේ යුනෙස්කෝ වෙතින් සහාය ලබා ගත්තේය. ඔහු පුරාවිද්‍යා ස්ථානවල පුරාවිද්‍යා කැණීම් කටයුතු කඩිනම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දුර්ලභ පුරාවිද්‍යාත්මක කෞතුක වස්තු රැසක් සොයා ගැනීමට හැකි විය. තවත් වසර 20ක් ගත වනු ඇතැයි සිතූ සිංහල ශබ්දකෝෂය නිම කිරීම ඔහුගේ නිල කාලය තුළ ද වේගවත් විය. ත්‍රිපිටකය සහ අල් කුර්ආනය සිංහලට පරිවර්තන කිරීම ද ඔහුගේ නිල කාලය තුළ සිදු කරන ලදී. 1989 මහ මැතිවරණයෙන් ඔහුගෙන් පසුව ඔහුගේ පුත් තේමිය ලොකු බණ්ඩාර හුරුල්ලේ අනුරාධපුර දිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් විය.

1988 දී මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා වූ ඔහු, ශ්‍රී ලංකාවේ දකුණේ විරුද්ධ වූ සන්නද්ධ කැරලිකරුවන් අතින් පළාත් සභාවට සම්බන්ධ පුද්ගලයන් ඝාතනයට හා හානියට පත් කළවිට ප්‍රථම වරට මධ්‍යම පළාත් සභාව නොබියව පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සහතික කළේය.

 ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ හුරුල්ලේ මහතා ඕස්ට්‍රේලියාවේ වෙසෙන සියලු‍ම ජාතීන්ට සහ ආගම්වලට අයත් ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ඇති කර ගැනීමට උනන්දු කළේය.

ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන්, නිලධාරීන් හමුවීමෙන් කොටි හිතවාදී ක්‍රියාකාරීන්ගේ ශ්‍රී ලංකා විරෝධී ව්‍යාපාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට ඕස්ට්‍රේලියානු මාධ්‍ය භාවිත කළේය.

ඔහුගේ අවසන් පත්වීම උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා තනතුර වූ අතර ඔහු 1994 දී විශ්‍රාම ගියේය. 1992 දී ඔහුට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා, විසින් දේශමාන්‍ය ගෞරවය පිරිනමන ලදී.

(*** තිස්ස අත්තනායක)



අදහස් (0)

රජරට රැජින දුම්රිය - ප්‍රථම ජෙට් එන්ජින් ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ඊ.එල්.බී. හුරුල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 8 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1995 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site