IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


රාජ්‍ය නායක හතකට නැතිවම බැරි වූ බ්‍රැඩ්මන්

පුද්ගලයකුගේ මරණය ශ්‍රී ලංකාව තුළ ප්‍රවෘත්තියක් නොවේ. මන්ද සෑම පැයකදීම විවිධ හේතු මත ශ්‍රී ලාංකිකයකු මරණයට මුහුණ දෙන නිසාය. එහෙත් බ්‍රැඩ්මන් වීරකෝන්ගේ නික්මයාම අතිමහත් ප්‍රවෘත්ති වටිනාකමක් නිර්මාණය කළේය. ඔහු ජීවතුන් අතර සිටීමට වඩා ඔහුගේ නික්මයාම ඉදිරි වසරවලදී අපට වඩා හොඳින් දැනෙනු ඇත. ඔහු ඉතිරි කර ඇත්තේ එක් අයකුට පමණක් නොව, රංචුවකට පමණක් පිරවිය හැකි රික්තයකි. ඔහු සෑම කාලයකම මිනිසකු වූ අතර, බොහෝ හදවත් තුළ ජීවත් විය.

කුලය, ආගම, ජාතිය, තත්වය, ස්ථානය කිසි විටෙකත් බ්‍රැඩ්මන් වීරකෝන්ගේ වචන මාලාවේ නොතිබුණි. ඔහු කවුරු වුවත්, ඔහු කොතැනක සිටියත්, ඔහු සේවය කිරීමට සූදානම් විය. රාජ්‍ය නායකයා වුවත්, දුප්පතුන් අතරින් දුප්පත්ම මිනිසා වුවත් මේ සියලු දෙනාටම බ්‍රැඩ්මන් වීරකෝන් යනු සැමවිටම ලබාගත හැකි සහ ප්‍රවේශ විය හැකි මිනිසෙක් විය. ඔහු සියලු දේට සවන් දීමට, සියලු දේ දැකීමට සහ ඒවාට පිළියම් යෙදීමට සූදානම් විය.

ඔහු රාජ්‍ය නායකයන් නව දෙනකුට (අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්) සේවය කළේය. ඔවුහු එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ගති පැවතුම් ඇති අය වූහ. ඔවුන්ගේ චරිත, අභිප්‍රාය, මතවාද සහ දේශපාලන සම්බන්ධතා බොහෝ පරස්පර විරෝධී විය. එහෙත්, ඔවුන් සියල්ලන්ටම අවශ්‍ය වූ මිනිසා බ්‍රැඩ්මන් වීරකෝන් විය. ඔවුන්ගෙන් කිසිවකු කිසි විටෙකත් ඔහු සමග අමනාප නොවීය. රාජ්‍ය නායකයකු, අමාත්‍යවරයකු හෝ සෙසු රාජ්‍ය සේවකයකු දුෂ්කර තත්වයකට මුහුණ දෙන්නේ නම්, අවසාන විසඳුම වූයේ බ්‍රැඩ්මන් වීරකෝන් ය. ඔහු සැමවිටම විසඳුම සමග සූදානම්ව සිටි අතර, කිසිදාක මැකී නොයන මිත්‍රශීලී සිනහවක් ඔහු සතු විය. ඇත්ත වශයෙන්ම සිනහමුසු මුහුණ යනු ඔහුගේ වෙළෙඳ ලකුණ විය.

බ්‍රැඩ්මන් උපත ලැබුවේ යටත්විජිත පාලන සමයේදීය. ඔහු යටත්විජිතවාදීන් විසින් පිහිටුවන ලද පාසල්වල අධ්‍යාපනය ලැබීය. ඔහු උසස් අධ්‍යාපනය ලැබුවේ ලංකා විශ්වවිද්‍යාලයේ වූ අතර, එය යටත්විජිත ආයතනයක් විය. එහෙත් බ්‍රැඩ්මන් යනු 2025 ජූලි 7 වැනි දින මිය යන තෙක්ම, 1930 ඔක්තෝබර් 20 වැනිදා කළුතර දී උපත ලැබූ පිරිමි ළමයාම විය. ඔහුගේ පෞරුෂයට ඕනෑම කුණාටුවකදී කෙළින් සිටිය හැකි විය. 1930 ඔක්තෝබර් 20 වැනි දින බ්‍රැඩ්මන්වරු දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණියහ. එක් අයෙක් එඩ්මන්ඩ් ආර්. වීරකෝන් සහ ඔහුගේ බිරිඳට දාව උපන් පුතෙක් විය. ඒ බ්‍රැඩ්මන් වීරකෝන්ය. අනෙක් පුද්ගලයා පැමිණියේ ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරන නැවකිනි. ඒ ජනප්‍රිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්‍රැඩ්මන් ය. වීරකෝන්ගේ මවුපියෝ තම පුතාට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයාගේ නම තැබූහ. ඔවුන්ගේ බ්‍රැඩ්මන් පුරාවෘත්තයන්ගෙත් පුරාවෘත්තයක් වනු ඇතැයි ඔවුන් ප්‍රාර්ථනා කළ නමුත්, එය යථාර්ථයක් වේ යැයි කිසි විටෙකත් සිහිනෙන්වත් නොසිතන්නට ඇත.

පුරාවෘත්තයකගෙන් හැඩගැන්වී ආශිර්වාද ලබා ගැනීමට තරම් අපි වාසනාවන්ත වීමු. අපි හරි හෝ වැරැදි දෙයක් කළත්, ඔහු අපට උපදෙස් දුන්නේ වඩාත් හොඳ වීමටය. ඔහු අප දිරිමත් කළේ අපේ දුෂ්කරතා අමතක කර අනෙකාගේ දුෂ්කරතා ගැන සිතීමටය. අපි ඔහු බැලීමට යන්නේ ගැටලු රාශියක් පිරවූ බෑගයක් රැගෙනය. එහෙත් අපි ආපහු පැමිණෙන්නේ හිස් බෑගයක් රැගෙනය. ඕනෑම කෙනකුගේ ඕනෑම ගැටලුවකට විසඳුමක් ඔහු සතුව තිබුණි.

අද අපි ජීවත් වෙන්නේ ආචාරධර්ම, ගුණධර්ම, අවංකකම අතුරුදන් වෙමින් පවතින සමාජයකය. මේවා බ්‍රැඩ්මන් වීරකෝන් සැමවිටම සිටි සහ ප්‍රවර්ධනය කළ ගුණාංගම විය. මෙතරම් පිරිහුණු සමාජයකට බ්‍රැඩ්මන් දිනෙන් දින නුසුදුසු පුද්ගලයකු බවට පත්වන බව දෙවියන් වහන්සේ දැන සිටියහ. ඔහු සමග ජීවත් වීමට ඔහුට කතා කිරීම හැර වෙනත් විකල්පයක් දෙවියන්ට නොතිබුණි. ඉතින් මෙය දෙවියන් වහන්සේගේ කැඳවීමයි. අපට අහිමි වූයේ අවුරුදු 85 ක ජීවිතයක් පුරා උරුම වූ දිව්‍ය ගුණාංග සහිත දෙවියන් වහන්සේගේ පුත්‍රයෙකි.

ඔබගේ පැමිණීම, ආත්මය, උපදෙස් සහ ආදර්ශවත් ජීවිතය අපට ආශිර්වාදයක් විය. අද අප අතරමං වී ඇත. අප ඔබට ආශිර්වාද කරන්නේ දෙවියන් වහන්සේ සම සතුටින් සිටින ලෙසය!

(*** චන්ද්‍රසේන මාලියැද්දේ විසිනි)
පරිවර්තනය - අනිල් කරුණාරත්න



අදහස් (0)

රාජ්‍ය නායක හතකට නැතිවම බැරි වූ බ්‍රැඩ්මන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site