
ගලිගමුව හන්දිය පසුකර කෙමෙන් කෑගල්ල දෙසට කන්ද නගින විට දකුණ පැත්තේ පිහිටි උස් බිමකි. එහි ඇති රුක් ගස් අතරින් වටවූ භූමියේ ඓතිහාසික කාරණා රැසක් සඟවාගත් නිහඬ නිවෙස්නයකි. ඒ කෑගල්ල, අඹන්පිටියේ පිහිටි ඩෝසන් බංගලාවයි. නුවර - කොළඹ මාර්ගය ඉදි කරන්නට තම දිරියෙන් විරියෙන් අවසනදී ජීවිතයෙන්ද වන්දි ගෙවූ ශ්‍රී ලාංකිකයන්ට හදවතින්ම ආදරය කළ බි‍්‍රතාන්‍ය රාජකීය යුද හමුදා ඉංජිනේරු බළකායේ කපිතාන් විලියම් ෆ‍්‍රැන්සිස් ඩෝසන් මෙම නිවෙස්නෙහි වාසය කළේය.
වන සතුන් අලි ඇතුන් ගහන කැලෑ ප‍්‍රදේශයේ තම සේවකයන්ද කඩිසරව මෙහෙයවමින් කටයුතු කළ කපිතාන් ඩෝසන් මහතා තම නිවෙස්නය ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබුණේ උස් භූමියකි. මෙම නිවෙසේ මිදුලේ දුර දක්නයක්ද සවිකර ගනිමින් ප‍්‍රදේශයේ සහ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඔහු විසින් නිරීක්ෂණය කළ බවද ඉතිහාසය සඳහන් කරයි.
කොළඹ - නුවර මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඇරැඹෙන්නේ මීට වසර 189කට පමණ පෙරය. එහිදී කැප්ටන් ඩෝසන්ගේ දක්ෂතාව නිසාම සර් එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරතුමන් විසින් ඔහු රාජකීය ඉංජිනේරු හමුදාවේ අණදෙන නිලධාරි තනතුරට පත් කර ගත් බව කියැවේ.
කොළඹ - නුවර මාර්ගයේ පළමු අදියර ඉදිවන්නේ කොළඹ සිට අඹේපුස්ස දක්වාය. අනතුරුව දෙවැනි අදියර ලෙස අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වා මාර්ගය ඉදි කරන්නට කටයුතු යෙදුණි. ඒ කාලයේදී කපිතාන් ඩෝසන් මෙම බංගලාවේ වාසය කළේය.
අශ්වයන් බඳින ස්තාලයන් සේම නවීන තාක්ෂණයට අභියෝග කළ හැකි තාක්ෂණික අංගයන්ගෙන් ද මෙම නිවෙස්නයේ දක්නට ලැබීම සුවිශේෂත්වයකි. අඹන්පිටිය කන්දේ සිට ගෙන ආ ජල නළයන් හරහා පීඩනය වැඩිකර නාන කාමර සඳහා ජලය ලබාගෙන තිබුණි. එසේම සේවකයන් සඳහා වෙනම නිවෙස්නයන් ද මුළුතැන්ගෙයි ඇති සුවිශේෂත්වය මෙම නිවෙස්නයෙහි ගෘහනිර්මාණ ශිල්පයේ අපූර්වත්වය කියා පායි.
වහලය සම්පූර්ණයෙන්ම උළු සෙවිලි කොට තිබූ අතර එහි වර්ෂය වශයෙන් සඳහන්ව තිබුණේ 1865 යන්නයි. මෙහි දැකිය හැකි තවත් සුවිශේෂි අංගයක් වන්නේ විශාල නිදන කාමර කිහිපයකින් සමන්විත වීමත් පුළුල් වූ කොරිඩෝ කිහිපයකින් යුක්තවීමත්ය. එමෙන්ම මනරම් උද්‍යානයකින්ද සමන්විත වීම මෙම ගෘහයේ අලංකාරය තවත් වැඩිදියුණු කරන්නට සමත් විය. බි‍්‍රතාන්‍ය ගෘශනිර්මාණ ශිල්පයට අනුව නිම වුණු ඩෝසන් බංගලාව කාලයේ බොහෝ තොරතුරු රැසක් දරා සිටින නිහඬ ස්මාරකයකි.
කැප්ටන් ඩෝසන් බොහෝ සාමකාමී නිහතමානී පුද්ගලයෙක් විය. ඔහුගේ දක්ෂතාවයේ උපරිමයක් දතහොත් කඩුගන්නාව දුම්රිය ස්ථානයයි. එහිදී තම ශිල්පීය දක්ෂතාවයන් කදිමට පෙන්වීමට කැප්ටන් ඩෝසන් සමත් වී ඇත්තේය.
අඹන්පිටිය බංගලාවේ සිටි ඩෝසන් මහතා හදිසි අනතුරකට මුහුණ දෙන්නේ ද මේ බංගලාවේදීමය. ගම්මුන් කියන්නේ දිවා කාලයේදී පාර තැනීමේ කටයුතුවල නිරතව සිටි ඩෝසන් මහතා තම සේවකයින් තුඹසක් කැඞීමට ඉදිරිපත් නොවීම නිසා තමාම ඉදිරිපත්වී තුඹස කඩා දමා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කළ බවයි. එහිදී රාති‍්‍රයේ තම නිවසේ සිටි කැප්ටන් ඩෝසන්ට නයෙක් දෂ්ඨ කළේය. ඔහුට අසාධ්‍ය වූ බැවින් කොළඹට ගෙන යද්දී මිය ගියේය. ඒ 1829 මාර්තු 28 වැනිදාය. ඔහුගේ අභාවය ගැන ඩබ්. ටී. කිමල් මහතා විසින් රචිත "Ceylon Beaten Trak" කෘතියේ පේ‍්‍රමචන්ද්‍ර අල්විස් මහතා විසින් පරිවර්තනය කරන ලද පුරුදු පාර ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි.
”1829 මාර්තු මස 28 වෙනිදා රාජකීය ඉංජිනේරු කපිතාන් ඩෝසන් අභාවයට පත්වූයෙන් හොඳ මිතුරෙකුද අගනා නිලධාරියකුගේ සේවයද මට අහිමිවිය. මේ අහිංසක මනුස්සයා අවසන් හුස්ම හෙළුවේ මගේ දෑත මතය. මුළු දිවයිනම ඔහුගේ අභාවයෙන් ශෝක වූවාය.
ඩෝසන් මහතා බංගලාවේදී විෂඝෝර සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මිය ගියේය. කපිතාන්වරයාගේ දේහය කොළඹ ශාන්ත පීතර දේවස්ථානයේ භූමියක තැන්පත් කෙරුණි. ඔහු මියගියේ මේජර් ස්කිනර් දෑත මත බව ලිඛිත සාක්ෂිද ඇත.
කපිතාන් ඩෝසන් සිහි කරන්නට සුවිශේෂ ස්මාරකයක්ද ඉදි විය. එය දිගින් අඩි 150ක් විය. ගෘහ නිර්මාණයේ අපූර්වතා රැුසක් සහිත වූ ඩෝසන් බංගලාව නඩත්තුව නොමැතිකම නිසා පසු කලෙක ගරා වැටෙන්නට විය. අනතුරුව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ යෝජනාවකට අනුව දැයට කිරුළ යටතේ මෙම ඓතිහාසික නිවෙස්නය ප‍්‍රතිසංස්කරණය විය. ප‍්‍රතිසංස්කරණ වූ ඩෝසන් බංගලාව ජනාධිපතිතුමා අතින් පසුගිය 26 වෙනිදා යළි විවෘත විය.
කාලයේ වැලි තලාවෙන් ගරා වැටීමට නියමිතව තිබූ ඩෝසන් බංගලාව දැන් අඹන්පිටිය කඳු මුදුනේ විරාජමානව ඇත.
COMMENTS
පෞරාණික අතීතයක් තියෙන වැදගත් ස්ථානයක් (දී)
අපේ අය හිතන් ඉන්නේ සුද්දෝ පාර හැදුවේ අපිට ආදරේට කියල . අපේ රට හුරගෙන යන්න තමයි ඔය පාරවල් හැදුවේ. එහෙම හුරගෙන ගිහින් තමයි සංවර්දිත රටක් උනේ.(නදී)
ධම්ම, පාර හදපු ඉංජිනේරුවෙකුගේ නමින් කුළුණක් හැදුවොත් මිනිස්සු ආඩපාලි කියන්නනේ නැහැ. නමුත් අපේ රටේ වෙන්නේ කොහෙවත් නැති කෙනෙකුගේ නමින් කුළුණු හදන එකනේ. (නදී)
ඩෝසන් නැත්නම් නුවර උදවිය තාමත් කැලේ (දී)
සුමේද පුරුද්දටද කොහෙද තාම සුද්දන්ට ආවඩන්නේ. සිංහලයන්ගේ හපන්කම් ලංකාවේ හැමතැනකම තියෙනවා. හොදට ඇස ඇරලා බලන්න. (අ)
ඉතා වටිනා ලිපියක් (දී)
බ්‍රිතාන්‍යයන් මේ දේවල් කලේ ඔවුන්ගේ පහසුව හා ප්‍රයෝජනයට මිසක් අපිට ආදරේට නොවේ. නමුත් දැන් ඉන්න "ඇඟපුරා දේශප්‍රේමීන්ට" වඩා ඒ මිනිස්සු කරන දේ හරියට කළා. බාල බඩු දාල යන්තම් අටවලා තියන පාලම් කොච්චර ගිලා බහිනවාද? කඩා වැටෙනවාද? නමුත් සුද්දෝ හදපුවා අවුරුදු 100 150 තවමත් හොඳට තියනවා. ඒ අය කොමිස් ගැහුවේ නැහැනේ. අපේ දේශප්‍රේමීන් කරන්නේ සුද්දෝ හදාපු පාරවල් වල දුම්රිය වල ගමන්කරමින්ම සුද්දන්ට ගරහන එකයි ඉතින් අපි දියුණු වෙයිද? (අ)
කොළඹ නුවර පාර හදලා ඩෝසන් කුළුණ වගේ ස්මාරකයක් අද හැදුවා නම් මිනිස්සු මොන තරම් ආඩපාලි කියයිද.(දිල්)
ඇත්තටම එක හොද වැඩක් (දී)