24-Page-7-S2-09

ගුරුනගර් ජෙටිය අත්පත් කරගත් සෙබළුන්

 

 

දශක තුනකට ආසන්න කාලයක් පැවැති යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කරමින් ශරීරය ආබාධයට ලක් කර ගනිමින් අමිල මෙහෙයක් සිදු කළ වීර සෙබළුන් අමතක කළ නොහැකිය. අද යුද්ධය අවසන් වී තිබුණත් මිය ගිය සෙබළුන්ගේ ඥාතීන් හෙළන දුක් සුසුම් ජීවමානය. රෝද පුටු වලට වී අත් පා අහිමි වීමෙන් එක් තැන් වූ සෙබළුන් හෙළනා දුක් සුසුම් ජීවමානය.


අප නිදහසේ හුස්ම ගන්නේ ඔවුන් කළ ඒ අපරිමිත කැප කිරීම් හේතුවෙනි. ඒ නිසාම මෙවර ලිපියෙන් විස්තර කරන්නේ යාපනය මුදා ගත් රිවිරැස මෙහෙයුමේදී විශේෂ බළකා සෙබළුන්ගේ දායකත්වය පිළිබඳවය.

24-Page-7-S2-03
ඒ 1995 වසරේ ඔක්තෝබර් මාසය විය. මෙතෙක් කලක් වනය ආශ්‍රිතව යුද කළ සෙබළුන්ට විශේෂ අභියෝගයකට මුහුණ දිය යුතු විය. එනම් ගොඩනැගිලි සහිත ජනාශ්‍රිත ප්‍රදේශයක් වූ යාපනය නගරය සතුරාගෙන් මුදවා ගැනීමේ කර්තව්‍ය භාරවූයේය. සිවිල් වැසියන්ට හානි නොවන පරිදි සතුරා පරාජය කිරීම සිදු කළ යුතු වූ අතර සිවිල් වැසියන් ලෙස සැරසී සිටින ත්‍රස්තයන්ගේ යුද උපක්‍රමයන් ජය ගැනීමත් සිදු කළ යුතුවිය.


එවැනි වාතාවරණයකදී සිවිල් වැසියන්ට හානි නොවන පරිදි ත්‍රස්තයන් මර්දනය කර යාපනය නගරය අල්ලා ගත් ආකාරය පිළිබඳව විශ්‍රාමික කර්නල් රාජ් විජේසිරි මහතා අදහස් දැක් වූයේ මෙලෙසය.


1995 වසර වන විට මණ්ඩතිව්, කයිට්ස් වැනි දූපත් කීපයක් සහ පලාලි ප්‍රදේශය යුද හමුදාව සහ නාවික හමුදාව අත්පත් කරගෙන තිබූ අතර යාපනය කොටුව ඇතුළු මුළු අර්ධද්වීපයේම බලය ත්‍රස්තයන් සතු විය. එවැනි වාතාවරණයකදී රාජ්‍ය ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කර ගැනීමට භූමියෙන් සැපයුම් මාර්ගයක් නොමැති වූ අතර එය ලබාගැනීමේ අවශ්‍යතාව මතුව ආවේය. 


එනම් අනුරාධපුරයේ සිට වව්නියාව, මාන්කුලම් ඔස්සේ සැපයුම් මාර්ගයක් සාදා ගැනීම ඔවුනට අත්‍යවශ්‍ය දෙයක් විය.


ඊට හේතුව වූයේ යුද හමුදාවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කළ ගුවන් යානා වලට සහ නාවික යාත්‍රා වලට එල්.ටී.ටී.ඊ. තද බල ලෙස ප්‍රහාර එල්ල කිරීමය.
මීළඟට ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජෙනරාල් රත්වත්තේ සහ ජෙනරාල් දළුවත්ත වැනි ප්‍රධාන හමුදා නායකයෝ යාපනයේ ඔළුව අල්ලා ගැනීම තුළින් කඳ අල්ලා ගැනීම පහසු කාර්යයක් වනු ඇතැයි සිතූහ.

 

24-Page-7-S2-08

ත්‍රස්ත භූමියක් විනාශ කළ යුද්ධ ටැංකිය

 


මේ ප්‍රධාන හේතු සාධක දෙක ඔස්සේ සාකච්ඡා කළ හමුදා නිලධාරිහු රිවිරැස මෙහෙයුම පිළිබඳව අදහස් ඉදිරිපත් කළහ.


එම අදහසට ජීවය දෙන විට ෂ වැනි විශේෂ බළකායේ අණ දෙන්නා ලෙස මේජර් ජයවි ප්‍රනෑන්ඩෝ කටයුතු කළ අතර  දෙවැනි අණ දෙන නිලධාරියා ලෙස මේජර් චන්න වඩුගේ කටයුතු කළේය.


ෂෂ වැනි විශේෂ බළකායේ අණ දෙන නිලධාරියා ලෙස කර්නල් රාජ් විජේසිරි කටයුතු කළ අතර දෙවැනි අණ දෙන්නා ලෙස මේජර් උපුල් වීරසිංහ ක්‍රියා කළේය.


ඒ වන විට නැගෙනහිර ප්‍රදේශයේ ඡන්දයක් පැවැත් වූ අතර විශේෂ බළකා සෙබළු එල්.ටී.ටී.ය අඩපණ කරමින් ඡන්ද කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙමින් සිටියහ.

24-Page-7-S2-04

විනාශයට පත් ත්‍රස්ත බංකරයක්

 


ඔවුන් සැප්තැම්බර් මාසයේ මුල් සතියේ ගුවන් යානා මගින් යාපනයට ගෙන්වා ගත් අතර රිවිරැස මෙහෙයුම සාර්ථක කරවීමේ වගකීම භාර දුන්නේය.


කැලෑ සටන් වල නිරත වෙමින් සිටි විශේෂ බළකා සෙබළුන්ට මෙවර සටන් කිරීමට සිදුවූයේ සිවිල් වැසියන් සිටින ගොඩනැගිලි සහිත ජනාකීර්ණ ප්‍රදේශයකය. එහිදී කැලෑ සටන් වල මෙන් බර අවි වලින් වික්‍රමාන්විත කළ නොහැකි වූ අතර යුද උපක්‍රම සියල්ලම වෙනස් කිරීමට සිදුවූයේය. එම නිසා සති කීපයක්ම ජනාකීර්ණ ප්‍රදේශයක අවි ආයුධ භාවිත කරන ආකාරය පිළිබඳව පුහුණුවීම් සිදුකළහ. දිවා රාත්‍රී දෙකම පුහුණුව සඳහා භාවිතයට ගත් අතර වෙඩි ද්‍රව්‍ය භාවිත නොකර හා අවසන් මොහොතේ වෙඩි ද්‍රව්‍ය භාවිතා කර සටන ජය ගන්නා ආකාරය පිළිබඳව පුහුණුවීම් සිදු කළහ. ඒ වන විට ආරක්ෂක ඇමැති ලෙස ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ කටයුතු කළ අතර යාපනයේ සිදු කළ රිවිරැස ක්‍රියාන්විතය ජෙනරාල් රොහාන් දළුවත්තට භාර වූවේය.


මෙම ක්‍රියාත්විතයට 51, 52, 53 යන සේනාංක සම්බන්ධ කර ගත් අතර විශේෂ බළකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව 53 වැනි සේනාංකයට අයත් වූවේය.
ඊට නායකත්වය ලබා දුන්නේ ජෙනරාල් ජානක පෙරේරාය.


මේ ආකාරයට සූදානම් කළ රිවිරැස ක්‍රියාන්විතයට පෙර සූදානමක් ලෙස -තණ්ඩස්ට්‍රයික්” මෙහෙයුම ක්‍රියාවට නැංවූවේය. එහි මූලික අරමුණ වූයේ උතූරු අච්චුවෙලි පාර දක්වා මෙහෙයුමක් දියත් කර එය අල්ලා ගැනීමය. ෂෂ වැනි විශේෂ බළකායට හා කර්නල් චන්ද්‍රවංශ ප්‍රමුඛ කමාන්ඩෝ රෙජිමේන්තුවට පලාලි කඳවුරේ සිට එල්.ටී.ටී.ඊ. බලය බිඳගෙන මෙහෙයුමේ පළමු පියවර සාර්ථක කිරීම භාරව තිබුණේය. එහිදී බුද්ධි අංශ තොරතුරු ලබාගත් එම පිරිසට බිම් වෙඩි සහ විවිධ බෝම්බ වර්ග වලින් ආරක්ෂා වෙමින් මෙහෙයුම සිදු කළ යුතු විය.

24-Page-7-S2-02

කැප්ටන් උපුල් වීරසිංහ, කර්නල් සරත් ෆොන්සේකා, මේජර් රාජ් විජේසිරි

 


ඉතාමත් රහසිගතව අඳුරේ ක්‍රියාන්විතය ආරම්භ කරන ස්ථානයට පැමිණි සෙබළු පිරිස හිමිදිරියේම පහරදීම ආරම්භ කළහ. වෙඩි බලය යොදා ගනිමින් හා සන්නාහ සන්නද්ධ බළකායට අයිති යුද ටැංකි කීපයක් භාවිතයට ගනිමින් සිදු කළ මෙහෙයුම ඉදිරියටම ඇදුණේය. ෂෂ වැනි විශේෂ බළකාය ඉදිරියට ඇදෙනවාත් සමගම මේජර් චන්ද්‍රවංශ ප්‍රමුඛ හමුදා භට පිරිසද සටනට එක්වූවේය. ෂ වැනි විශේෂ බළකාය රැගත් මේජර් ජයවි ප්‍රනෑන්ඩෝ ඇතුළු පිරිස දකුණු දෙසින් මෙහෙයුමට සම්බන්ධ වූහ.


සුළු වෙඩි බලයක් යොදවා කිලෝ මීටර් 2ක් පමණ ගෙවා ගිය ෂෂ වැනි විශේෂ සෙබළු බළකාය ත්‍රස්තයන් පරාජය කොට උතුරු - අච්චුවේලි මාර්ගය අත්පත් කර ගත්හ. එම වික්‍රමාන්විතය පැය තුනක පමණ කාලයකින් අවසන් වූවේය.

24-Page-7-S2-05
එහෙත් ෂ වැනි විශේෂ බළකායට ත්‍රස්තයන් හා මහා සංග්‍රමයක් කිරීමට සිදු විය. 


ඉන් සෙබළු කීප දෙනෙක් මිය ගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූහ. එම පරිත්‍යාගයන් වල අවසන් ප්‍රතිඵලය වූයේ රිවිරැස මෙහෙයුමට පූර්ව මාර්ගෝපදේශනය වූ තණ්ඩස්ට්‍රයික් මෙහෙයුම සාර්ථකව නිම කිරීමය.


ජයග්‍රහණය අත්පත් කරගෙන ප්‍රීති ප්‍රමෝදයෙන් සිටි සෙබළුන්ට එදින රාත්‍රිය යළිත් බියකරු වූවේය. එනම් රාත්‍රී අඳුර ප්‍රයෝජනයට ගත් ත්‍රස්තයෝ විශාල පිරිසක් නැවතත් සටනට පැමිණියහ.


එයා මොබයිල් කණ්ඩායම පැත්තෙන් ආරක්ෂක වළල්ල ඇතුළට පැමිණි ත්‍රස්තයෝ මර්දනය කිරීමට මේජර් ගැමුණු පෙරේරා ඇතුළු පිරිස සමත් වූහ. එහිදී ත්‍රස්තයෝ 150ක පමණ ප්‍රමාණයක් ආරක්ෂක හමුදාවන්ගේ ඉලක්කයට හසු වූහ. එමෙන්ම ෂ වැනි විශේෂ බළකායට ද එවැනි සතුරු ප්‍රහාරයකට මුහුණදීමට සිදු වූවේය.


මේ ආකාරයෙන් ත්‍රස්තයන් මර්දනය කර ජයගත් තණ්ඩස්ට්‍රයික් මෙහෙයුම් කණ්ඩායම රිවිරැස මෙහෙයුම සඳහා සූදානම් කිරීම සිදු විය. එනම් එහි සිටි අණදෙන නිලධාරින් කණ්ඩායම් දෙකකට බෙදා සැලසුම් දෙකකට අනුව මෙහෙයුම සිදු කිරීම අවසන් තීරණය වූවේය.


එහිදී දෙවැනි විශේෂ බළකායේ මේජර් රාජ් විජේසිරි, මේජර් සුමේධ පෙරේරා, මේජර් කමල් ගුණරත්න සහ මේජර් දයා රත්නායක එක් කණ්ඩායමකට වැටුණු අතර මේජර් සරත් ප්‍රනෑන්ඩෝ, මේජර් ජගත් අල්විස් වැනි තවත් නිලධාරිහු සමූහයක් දෙවැනි කණ්ඩායමට අයිති වූහ.


මෙම කණ්ඩායම් දෙක වෙන් වෙන්ව රිවිරැස සැලැස්ම නිර්මාණය කළ අතර එය ජෙනරාල් රත්වත්තේ අතට පත් කළේය. එහිදී ෂෂ වැනි විශේෂ බළකායේ සැලැස්ම තෝරාගත් අතර ඒ අනුව රිවිරැස මෙහෙයුම සිදු කිරීමට තීරණය විය.

 

24-Page-7-S2-07

කැප්ටන් චන්න වඩුගෙ,් මේජර් රාජ් විජේසිරි, කැප්ටන් සුජීව පෙරේරා

 


එම සැලැස්මට අනුව ෂ වැනි හා ෂෂ වැනි විශේෂ බළකායට 53 වැනි සේනාංකයට ඉදිරියෙන් ගොස් සටන් කිරීම භාර වූ අතර ඇතැම් අවස්ථාවල පමණක් පිටුපසින් ගොස් සටන් කිරීම සිදු විය. ඒ ආකාරයට සතුරා සමග සටන් කර අත්පත් කර ගත් සෑම ප්‍රදේශයකම ආරක්ෂක වළල්ලක් පිහිටුවීම සිදු කළේය.
එසේ ආරක්ෂක වළල්ලක් පිහිටුවා සිටි එක් රාත්‍රියක , වැනි විශේෂ බළකා කණ්ඩායම සිටි පැත්තෙන් සතුරු ප්‍රහාරයක් දියත් වූ අතර මේජර් කමල් ගුණරත්න සිටි දෙසින් තවත් සතුරු ප්‍රහාරයක් දියත් වූයේය. මුළු රාත්‍රියම හමුදා සෙබළු සහ ත්‍රස්තයින් අතර සටන් සිදු වූ අතර එම ප්‍රදේශයම වෙඩි හඬින් ගිගුම් දුන්නේය. ඉර උදාවත් සමග සටන නැවතුන අතර ෂ වැනි විශේෂ බළකා කණ්ඩායම දෙසින් එල්.ටී.ටී.ඊ. මළ සිරුරු 170ක පමණ ප්‍රමාණයක් සොයාගත හැකි විය. එසේම ,, වැනි විශේෂ බලකා සෙබළ සිටි දෙසින් ද එල්.ටී.ටී.ඊ. සිරුරු 20ක් පමණ සොයා ගත හැකි විය. මීට අමතරව මේජර් කමල් ගුණරත්න සිටි දෙසින් ද ත්‍රස්ත මළ සිරුරු 150ක් පමණ සොයා ගත හැකි විය.


මේ සියලු මළ සිරුරු එල්.ටී.ටී.ඊ.ය විසින් දමාගිය සිරුරු වූ අතර එහිදී ඔවුනට අසීමිත හානියක් සිදු වී තිබුණි. මෙම ගැටුම සිදුවූවේ වලිකාමම් ප්‍රදේශයේය. ත්‍රස්තයන් මර්දනය කර එම ප්‍රදේශය අත්පත් කර ගැනීමට ආරක්ෂක භටයන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමට හේතු පාදක විය.


මේ ආකාරයට දිගින් දිගටම දිවා රෑ සටන් කරමින් ජයග්‍රහණය තහවුරු කර ගත් හමුදා සෙබළු යාපනය නගරයට ළඟා වූ අතර 51, 52, 53 යන බළසේනා තුනමට නැවතත් ප්‍රබල එල්.ටී.ටී.ඊ. ප්‍රහාර වලට මුහුණ දීමට සිදු විය. එම නිසා දින කීපයක්ම නගරයට ඇතුලු නොවී එකම තැන සිට සටන් කිරීමට සිදු විය.
එවැනි වාතාවරණයකදී ජෙනරාල් ජානක පෙරේරා විසින් අණ දෙන නිලධාරින් සියලු දෙනා එකතු කර මුහුණ පා සිටින තත්ත්වය පැහැදිලි කර නගරයට ඇතුළුවීමේ කටයුත්ත විශේෂ බළකා සෙබළුන්ට භාර කළේය.


ගොඩනැගිලි බහුල වූ මෙම ප්‍රදේශය එල්.ටී.ටී.ඊ.යට හුරු පුරුදු වූ අතර සැඟව සිටින වෙඩික්කරුවන්ට හමුදාව ඉලක්ක කිරීම පහසු විය. සිවිල් වැසියන් බේරමින් ත්‍රස්තයන් සොයා ගැනීම හමුදාවන්ට දුෂ්කර කටයුත්තක් වූවේය. එම නිසා ෂෂ වැනි විශේෂ බළකාය බුද්ධි අංශ තොරතුරු වල සහාය ලබා ගත්හ. එහිදී යාපනය ජැටිය පැත්තෙන් තිබූ එල්.ටී.ටී.ඊ. සැපයුම් මාර්ගය අවහිර කිරීම පිළිබඳ කටයුත්ත ෂ වැනි හා දෙවැනි විශේෂ බළකා සෙබළුන්ට හා කමාන්ඩෝ භටයන්ට  භාර වූවේය.

 

24-Page-7-S2-06

කැප්ටන් උපුල් වීරසිංහ, මේජර් රාජ් විජේසිරි, බි්‍රගේඩියර් ජානක පෙරේරා සමග

 


ඒ අනුව කටයුතු කළ මෙම ආරක්ෂක භට පිරිස් ජැටිය පැත්තෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කළහ. එල්.ටී.ටී.ඊ.ය මෙම ප්‍රහාරය බලාපොරොත්තු නොවූ අතර පළමු දවස තුළම කිලෝමීටර් 3ක ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට ආරක්ෂක හමුදාවන්ට හැකි වූවේය.


දෙවැනි දවසේදී ආරක්ෂක භට පිරිස් ජැටිය ආසන්නයටම ගිය අතර බියට පත් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත භට පිරිස් බොහෝමයක් නගරයෙන් පලා ගොස් සිටියහ. 
එය ආරක්ෂක හමුදාවන්ගේ බලය තහවුරු කර ගැනීමට හේතු පාදක වූ අතර ඔවුහූ නගරය මධ්‍යයටම ගොස් බලය තහවුරු කළහ.


එහෙත් සිවිල් වැසියන් අතර සැඟවී සිටි ත්‍රස්තයන්ගේ සහ ගොඩනැගිලි වල සැඟවී සිටි සැඟවුණ වෙඩික්කරුවන්ගේ (ස්නයිපර්) වෙඩි ප්‍රහාර වලින් බේරී සිටීමත් බිම් බෝම්බ සහ ගොඩනැගිලි වල අටවා තිබූ පැති බෝම්බ වලින් ආරක්ෂාවීම පිළිබඳවත් අවධානයෙන් සිටීමට ආරක්ෂක හමුදාවන්ට සිදු විය.


එවැනි වාතාවරණයකදී දෙමළ ජනයාගේ ආරක්ෂාව සඳහා ඔවුන් කෝවිල් සහ පන්සල් වලට යොමු කිරීමද ආරක්ෂක හමුදාවන් විසින් සිදු කරන ලදී.
මේ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් යාපනය නගරයේ බලය හමුදාව අතට පත්වෙද්දී සිවිල් දෙමළ ජනතාව හමුදා පාලන ප්‍රදේශයක සිටීම එල්.ටී.ටී.ඊ.යට බලවත් පාඩුවක් වන බව ඔවුහු දැන සිටියහ. ඊට ප්‍රධානම කාරණා කීපයක් තිබූ අතර සිවිල් ජනයා අතර පවතින රත්‍රන්, මිල මුදල් ලබා ගැනීමත් අවශ්‍ය වූ විට ඔවුනගේ දූවරුන් හා පුතුන් එල්.ටී.ටී.ඊ.යට බඳවා ගැනීමත් එල්.ටී.ටී.ඊ.යේ අරමුණු විය. ඒ නිසා යුද හමුදාවේ විවිධ කරදර වලට සිවිල් දෙමළ ජනතාව පත්වේවි යන මානසික බිය උපදවා ඔවුන් නගරයෙන් පිටමන් කර ගැනීමේ කටයුත්ත එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාත්මක කළේය. එහිදී සිය දේපළ දමා යාමට අකමැති වූ සිවිල් වැසියන් එල්.ටී.ටී.ඊ. තුවක්කුකරුවන්ගේ වෙඩි උණ්ඩයට ගොදුරු වූ අතර විශාල පිරිසක් මරණ භය නිසාම නගරයෙන් පිටවීමට කටයුතු කළහ.


මේ ආකාරයට රාජ්‍ය හමුදාව ජයග්‍රහණය කර යාපනය අත්පත් කර ගනිද්දී එල්.ටී.ටී.ඊ.ය ඔවුන්ගේ පෞද්ගලික වාසිය තකා අහිංසක දෙමළ ජනතාව අසරණභාවයට පත් කළහ. මෙම මෙහෙයුම් සඳහා විශේෂ බළකා සෙබළු 1000ට අධික ප්‍රමාණක් සම්බන්ධ වූ අතර ෂෂ වැනි විශේෂ බළකායේ නිලධාරින් ලෙස කර්නල් රාජ් විජේසිරි, කැප්ටන් හරේන්ද්‍ර රණසිංහ, කැප්ටන් උපුල් වීරසිංහ, කැප්ටන් චූල දෙල්වල කැප්ටන් ගනී මොහිදීන් සහ හොටෙල් බලගණයේ කැප්ටන් මාතග යහම්පත්, එකෝ බලගණයේ කැප්ටන් ඊරියගම, බ්‍රාබෝ බලගණයේ කැප්ටන් සුජීව යාපා, ඩෙල්ටා බලගණයේ කැප්ටන් මහින්ද රණසිංහය යන පිරිස සහභාගි වූහ. ෂ වැනි විශේෂ බළකායට සම්බන්ධ වූයේ කර්නල් ජයවි ප්‍රනෑන්ඩෝ, මේජර් චන්න වඩුගේ, ඇල්ෆා බලගණයේ මේජර් අනිල් ප්‍රනෑන්ඩෝ, චාලි බලගණයේ මේජර් සුජීව යාපා, ඩෙල්ටා බලගණයේ මේජර් කැළුම් ප්‍රනෑන්ඩෝ ෆොක්ස්රෝඞ් බලගණයේ මේජර් ධම්මික හේවගේ යන පිරිසයි.


බිම්වෙඩි, සැඟවුණ වෙඩික්කරුවන් ගොඩනැගිලි වලට සවි කළ බෝම්බ වැනි යුද උපක්‍රම භාවිත කළ ත්‍රස්තයෝ නිදහස් භූමි වල ගමන් ගන්නා යුද්ධ ටැංකි වලට පහරදීමට ආර්.පී.ජී. භාවිතා කිරීම ද සිදු කළහ. ඊට අමතරව බර අවි භාවිතා කර ආරක්ෂක හමුදාවන්ට පහර දුන් අවස්ථාද විය.


ඔවුන් එවැනි දේ සිදු කළ ද යුද හමුදාවන් ජයග්‍රහණය ලැබුවේ සීබ්‍රවා යුද උපක්‍රම භාවිත කිරීමෙනි. එහිදී ගොඩනැගිලි සහිත සිවිල් වැසියන් සිටින ස්ථාන වල ඔවුනට හානි නොවන පරිදි සතුරා පරාජයට පත් කිරීමේ ක්‍රමවේදය ලංකාවේ භූමි පිහිටීමට අනුව නිර්මාණය කර ගැනීම, අප හමුදාව සිදු කළහ. එවැනි මානුෂික මෙහෙයුමක යෙදුණු ආරක්ෂක හමුදාව මාසයක පමණ කලක් සටන් කළ අතර ඉන් ආරක්ෂක සෙබළු 50ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර 150ට අධික සෙබළු තුවාල ලැබූහ.


මේ නිදහස් මාතෘභූමිය තෙත් කරමින් ගලා ගිය වීර සෙබළුන්ගේ රතු රුධිරයේ ප්‍රතිඵලයයි. එය ආරක්ෂා කිරීම සැමගේ යුතුකමයි.

Untitled-2