IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මිස් කෝල් පේ‍්‍රම කුරුල්ලන්ට තවමත් රැවටෙන කෙල්ලෝ

   15_PAGE_06_RASA

විවිධ ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා මගින් මේ දිනවල ඔවුන්ගේ වැඩ සටහන් නරඹන පිරිස සොයා මග තොටේ, ගෙයින් ගෙට, බස් එකේ හෝ ජංගම දුරකථනවලට ගොඩ වදී. ඔවුන්ගේ නාලිකා බලන, අසන අයට තෑගි බෝග දෙයි. මෙලෙසම ක‍්‍රමයක් අපි ද අනුගමනය කරමින් මිස් කෝල් මේනියාවෙන් තවමත් පේ‍්‍රමවන්තයන් සොයන තරුණියන් පිළිබඳ ගවේෂණයක් කළෙමු. නමුත් අප ඔවුන්ට තෑගි බෝග දුන්නේ නැත. ඔවුන්ට දුන්නේ මෙවන් තරුණයන්ට නොරැුවටීමට අවශ්‍ය ආත්ම විශ්වාසය හා උපදේශනය පමණි. මේ මගින් අප සමාජයට උකහාගත් පණිවුඩය වනුයේ ජනමාධ්‍ය වෙතින් මෙපමණ දැනුවත් කරද්දීත් තම දූවරු මෙලෙස රැුවටෙයි ද? රැවටුණේ ඇයි යන්න ගැන විමසීමකි.

 

මීට වසර 10කට පෙර පාසල් සිසු සිසුවියන්ට ජංගම දුරකථන තිබුණේ නැත. එලෙසම විවිධ පාඨමාලා සහ පන්ති යන වයස 18-21 අතර තරුණියන්ට ජංගම දුරකථන තිබුණේ නැත. ඊට ප‍්‍රධානම හේතුව එවකට දුරකථන මිල අධික වූ නිසාවෙනි. නමුත් අද ‘‘චයිනීස් ෆෝන්’’ නිසා රු. 1999/- කට සිම්පත් දෙකක් පාවිච්චි කළ හැකි දුරකථන වෙළෙඳපොළේ බහුලය. ජනගහනයටත් වඩා ජංගම දුරකථන තිබෙන රටක සිසු සිසුවියන් අතරින් 50%කට ආසන්න පිරිස අත ජංගම දුරකථන පවතියි. මුහුණු පොත (Facebook) පීරූ කල පාසල් නිල ඇඳුමින් පාසලේ දී ගත් ඡුායාරූප දමා ඇති සිසු සිසුවියන්  ඕනෑ තරම් සොයා ගත හැකිය. මෙයින් තරුණියන් මීට වසර කිහිපයක පටන් මිස් කෝල්වලට රැුවටුණු සිද්ධීන්  ඕනෑ තරම් අප අසා ඇත. නමුත් අද අපගේ වෑයම මෙතරම් සිද්ධි ජනමාධ්‍ය මගින් වාර්තා කරද්දීත් තවමත් මිස් කෝල් මගින් පේ‍්‍රම කුරුල්ලන් සොයනා තරුණියන් පිළිබඳවයි.


මේ සඳහා අප අපගේ දුරකථන භාවිත කර ඉතා දුෂ්කර ලෙස දිවයිනේ පළාත් කීපයකින් සොයා ගත් ජංගම දුරකථනවලට මීට සති කිහිපයකට ඉහත දී මිස් කෝල් එකක් දුනි. අපගේ ඉලක්කගත පිරිස වූයේ වයස 22ට අඩු නාගරික හා ගම්බද තරුණියන්ය. සංෂිප්තව මෙලෙස විස්තර කළත් මෙම තොරතුරු සහ දත්ත සොයා ගැනීමට අපට බොහෝ කාලයක් ගත වුණි. අප දුරකථනයක් පාවිච්චි කරනුයේ අද දන්න හඳුනන අය සමග කතාබස් කිරීමටයි. මෙහි මූලික පරමාර්ථය නම් දුරින් සිටින ලබැඳියන් හා සම්බන්ධ වීමයි.


අතීතයේ ලියුම්, හසුන් භාවිත කිරීමට බොහෝ කාලය වැය වූ නිසා ජංගම දුරකථනය අපේ දුර සිිටින නෑ හිතවතුන් හදවතේ ළඟින්ම තබා ගැනීමට අවස්ථාව උදා කර දුනි. අප දන්නා පිරිසගේ දුරකථන අංක අප ගබඩා කර තබා ගන්නා අතර නොදන්නා අංක පස්සේ එළවන්නේ නැත. විටෙක වැරදි අංකයකින් (Wrong Number) ඇමතුමක් ආ විට එය වැරදි බව පවසා විසන්ධි කරයි. නමුත් යෞවනයේ තම පාළුව තනිකම බෙදා ගනු වස් හෝ මකා ගනු වස් සමහර තරුණියන් මෙවැනි වැරදි අංකවලින් එන මිස් කෝල් ලූහුබඳියි. ඒ ඔස්සේ දැන හෝ නොදැන හෝ පේ‍්‍රමවන්තයකු සොයා ගැනීමට නොදැනුවත්වම පෙළඹෙයි.

 

1


පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචි හංසනීටත් මීට දින කිහිපයකට පෙර ඇගේ පුද්ගලික ජංගම දුරකථනයට මිස් කෝල් එකක් ලැබුණි. ඇගේ සම්බන්ධතා ගොනුවේ නොතිබෙන මෙම අංකයෙන් තමාට ඇමතුවේ කවු ද? ඒ ඇයි? කියා කුතුහලයක් ඇයට නැගුණි. වෘත්තීය පාඨමාලාවක් කරන ඇය පාවිච්චි කරන්නේ රු. 3,000/-කට මිල දී ගත් චයිනීස් ෆෝන් එකකි. එහි ඇති සකලවිධ උපාංග භාවිත කරන ඇය තමාට ලද මිස් කෝල් එකට ‘‘කවුද මේ’’ කියා කෙටි පණිවුඩයක් (SMS) යැවීය. ඊට පෙරළා පිළිතුරු යැවූයේ ‘‘හිරාන්, මම අහවල් පුද්ගලික විශ්වවිද්‍යාලයේ යාළුවෙක්’’ යනුවෙනි. මෙහි දී අහවල් විශ්වවිද්‍යාලය යනු  කොළඹ පිහිිටි උසස් අධ්‍යාපන ආයතනයකි. ‘‘සොරි මම හිරාන් නෙවෙයි’’ කියා හංසනී නැවත පිළිතුරු යැවීය. පසුව ‘‘මචන් මම කෝසල බං, අපේ ව්‍යාපෘතියෙ වැඩ කොහොම ද?” කියා නැවත පිළිතුර යැවීය. හංසනී නැවතත් ‘‘සොරි වැරදි නොම්බරයක්’’ කියා ඊට පෙරළා පිළිතුරු දුනි. පසුව ‘‘අනේ සොරි, මං හිතුවෙ අපේ කැම්පස් එකේ හිරාන් කියලා. මම කෝසල මීරිගමින් කතා කරන්නේ, ඔයා කවු ද?” ලෙස යැවූ පිළිතුරට හෝරාවක් පමණ යන තුරු පිළිතුරු ආවේ නම් නැත. පසුව නැවතත් ‘‘මචං කරදර කළාට සොරි, මං මේ අපේ ව්‍යාපෘති කණ්ඩායමේ යාළුවෙක් කියලා හිතුවේ. සුබ රාත‍්‍රියක්” ලෙස පිළිතුරු යවමින් ඉංග‍්‍රීසි වදන් කිහිපයක් ද යැවීය.


‘‘ඒකට කමක් නෑ, මං කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක්’’ කියා හංසනී පිළිතුරු යැවුවේ තමාට පැමිණි මේ මිස් කෝල් අමුත්තා හොඳ ඉගෙනීමක්, තත්්ත්වයක් ඇති කෙනෙකු යැයි සිතාගෙනය. මෙහි දී ඇය කෝසල නම් අමුත්තාගේ වචන හැසිරවීමේ විලාශයටත්, නිහතමානීකමටත් ඉංග‍්‍රීසි භාෂාවේ හැකියාවටත් මදක් වශී වුණි. පසුව ‘‘අනේ සොරි මගේ අතින් වැරැුද්දක් වුණේ ඔයා අසූ කීයේ කෙනෙක් ද? ‘‘මං නම් අසූ අටේ’’ කියල කෝසල යැවූ පිළිතුර තිබූ සමාව අයැදීමේ පිළිවෙතට හංසනීගේ හිත උණු වුණි. ‘‘අයියේ මං හංසනී 93’’ ලෙස හංසනී පිළිතුරු යැවීය. පැය කිහිපයක් තුළ අහඹු ලෙස පැමිණි මිස් කෝල් එකක් එදා ? හංසනීගේ නින්ද සොරා ගත්තේය. තමාගේ හුදකලා ජීවිතයට මෙවැනි උගත් මිතුරෙකු ලැබීම සතුටක් ලෙස ඇය සිතීය. දින කිහිපයක කෙටි පණිවුඩ හුවමාරුවෙන් හංසනී බොහෝ විස්තර කෝසලට පැවසීය. ඇයගෙන් අසා ගත් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව අප සොයා බැලූ අතර ඒ සියල්ලත් හංසනීත් ඇත්තක් බව අපි දැන ගත්තෙමු.


කෙල්ලෙකුගේ හිතක් එක්ක සෙල්ලම් කිරීම පවක් වූ නමුදු අප ඇයට කිිසිදු බලපෑමක් හෝ අනවශ්‍ය යෝජනා හෝ ඉදිරිපත් නොකළෙමු. මෙම දැන හැඳිනීම පේ‍්‍රමයකට පෙරළීමට හංසනීට වැඩි කල් ගත වූයේ නැත. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇයට මේ මිස් කෝල් පේ‍්‍රම කුරුල්ලා හමු වීමට ආසාවක් ඇති වුණි. දින කිහිපයක සිට රූපයවත් නොදැකපු, නම් ගම් විස්තරවල නිර්වද්‍යතාවත් නොබලපු හංසනී කෝසලව හමු වීමට තීරණය කළේ කුමන හේතුවක් මත දැයි තීරණය කිරීම ඔබ සතුය. මන් ද ආදරයට ඉඩ හසර සොයන අවදියක ලද අවසරින් හඳුනාගත් අයියෙකුව තමාගේ කරගැනීමට හංසනීගේ සිත කැමැති වූවා විය හැක.


යටියන්තොට ඉන්දිවරීටත් මිස් කෝල් එකක් ලැබුණේ ඔය කාලේමය. මුල දී දැඩි ලෙස බැණ වැදුණත් කෙසේ හෝ යන්තමින්වත් ඇගේ හිත දිනා ගැනීමට අපට හැකි විය. විවිධ සිනහ උපදවන වැඩ සටහන්වලින් මිනිසුන් රවටන යුගයක අප බැලූවේ මිනිසුන්ගේ ජීවිතයට අමතක නොවන පාඩමක් කියා දීමටයි. ඉන්දිවරී යනු කටුනායක ප‍්‍රදේශයේ ඇඟලූම්හලක සේවය කරන 1996 උපන් තරුණියකි. තම දුරකථන අංකය ලැබුණේ කෙසේ ද යන්න ඇයට විශාල ප‍්‍රශ්නයක් විය. එලෙසම ඈ සිතුවේ මේ මිස් කෝල් තරුණයා ඇගේ සේවා ස්ථානයේ සිටින්නකු විය හැකි බවටයි. ඇය මුහුණු පොත හෝ ඉලෙක්ට්‍රොනික සේවා භාවිත නොකරණ නිසා කෙටි පණිවුඩ හරහා ඇය බොහෝ විස්තර බෙදා ගත්තීය.


මෙලෙස තවත් තරුණියක් අපේ උගුලට හසු වූයේ එම මිස් කෝල් එක ඇගේ පිටරට ගිය මිතුරාගේ යහළුවකු සිතාය. නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචි ඇය මිස් කෝල් එකට පසු දිනම බස් නැවතුම්පළක දී හමු විය හැකි බව පැවසුවාය. ඇගේ ඉක්මන් බවේ ඉක්මන වැඩි නිසා අපි ඇයව මග හැරියෙමු.


සමස්තයක් ලෙස අප ඇමතූ මිස් කෝල්වලට හසු වුණු තරුණියන් ගණන හතක් පමණ වූහ. ඔවුන්ගේ විස්තර සහ පවුල් පසුබිම් විශ්ලේෂණය කිරීමේ දී අප පහත පරිදි තොරතුරුවලට එළඹුණි. මේ තරුණියන්ගෙන් සතර දෙනකුට මීට පෙර පෙම් සබඳතා තිබී ඇති අතර ඒ ඔවුන්ගේ පාසල් කාලයේදීය. ප‍්‍රථම හමු වීමෙන් සිත් බැඳෙන වයසේ ඔවුන් ද එලෙස තම වයසේ තරුණයන් සමග පේ‍්‍රමයෙන් වෙලී ඇත. නමුත් දැනුමක් හෝ තේරුමක් හෝ නොමැති බැවින් එම තරුණියන්ගේ පේ‍්‍රමය වසරක කාලයක දී නැති වී ගොස් තිබේ.

 

2


ඊට හේතු ලෙස ඔවුන් පැවසුවේ තම මාපියන්ට දැන ගැනීමට ලැබීම සහ එම කොල්ලන්ගේ අසංවර පුරුදු නිසාවෙනි. නමුත් ඇතැමුන් පේ‍්‍රමය විඳිනු වස් උද්‍යාන සහ මුහුදු වෙරළවලට ගොස් තිබුණි. ඉතිරි තිදෙනාට මීට පෙර පේ‍්‍රමවන්තයන් නොසිටි අතර තම යහළුවන් බොහෝමයකට එසේ සිටිනු දැකීමෙන් ඔවුන්ගේ සිත් ද ව්‍යාකූල වී තිබුණි. ගමෙන් හොඳ කෙනකු සොයා ගත නොහැකි යැයි සිතූ ඔවුන් මිස් කෝල් අමුත්තාට හදිසි ප‍්‍රතිචාර දැක්වූයේ එහෙයිනි. මොවුන් බොහෝමයකගේ මාපියන් බොහෝ උගත් නැති වූ අතර සහෝදර සහෝදරියන් ද එකෙකුට වඩා සිටියේ නැත. බොහෝ විට උපකාරක පන්ති සඳහා තනියම යනෙන මොවුන් පිළිබඳ ඔවුන්ගේ මාපියෝ බොහෝ විශ්වාස කළහ.


වයසත් සමග ආකර්ෂණීය සිතුවිලිවලින් වැඩෙන තරුණියන් බොහෝමයක් පවතින පේ‍්‍රම රැුල්ලට අනුගත වී තමාට ද සහකරුවකු සොයා ගැනීමට උත්සාහ දරයි. එහි දී ඔවුන් ගතානුගතික සමාජ සිරිත් විරිත් හෝ වැඩිහිටි මත අතර එල්බ සිටීමට උත්සාහ නොකරයි. විශේෂයෙන් පරිගණක, ඉංග‍්‍රීසි දැනුම සහ නාගරික බවට ඇල්මක් දක්වන මොවුන් ෆේෂල් සහ විලාසිතා පසුපස හඹා යන්නියන් විය. ජීවිතයේ ලොකු ලොකු සිහින මැද කල් ගෙවන අතර ජීවිත් වීම පිළිබඳව තේරුමක් නොමැත්තියෝ වූහ.


හංසනී හමු වීමට අප දෙදෙනකු තවත් යෙහෙළියක් සමග ගිය විට ඇය පුදුම වුණාය. මහරගම වැවක් අසල දී මුණ ගැසුණු අප ඇය සිදු කළ අනුවණ ක‍්‍රියාව ගැන ඈ සමග කීවාය. රුවින් බොහෝ සුන්දර නොවුණත් ඇය ද තමාට පෙම්වතෙකු ලැබෙන තුරු බලා සිට ඇත. එම නිසාම මිස් කෝල් කුරුල්ලා පිළිබඳ වැඩිදුර සොයා බලා නැත. හංසනීගේ අධ්‍යාපන පසුබිමත් පවුලේ පසුබිමත් යහපත් වූ අතර ඇය නිකමටවත් ප‍්‍රවෘත්ති, පුවත්පත් වැනි  කිසිවක් කියවන්නේ නැත. සතියට කාන්තා පුවත්පත් තුනක් මිල දී ගන්නා ඇය බොහෝ විට උදෑසන කාලයේ රූපවාහිනී නාලිකාවල යන කාන්තා වැඩ සටහන්, රූපලාවන්‍ය උපදෙස් නම් මග නොහැර බලන්නියක් වූවාය. ඇය කොණ්ඩය කපා තිබුණෙත් නවීන මෝස්තරයකට අනුවය. වර්තමාන සමාජයේ විශේෂයෙන් අර්ධ නාගරික ප‍්‍රදේශවල වෙසෙන තරුණියන් නාගරික පොහොසත් තරුණියන් මෙන් සිටීමට වැඩි රුචිකත්වයක් දක්වති. විශේෂයෙන් මුහුණ සහ සම පිළිබඳවත් අඳින ඇඳුම් පිළිබඳවත් බොහෝ සිතයි. හංසනී තම වැරැුද්ද ගැන බොහෝ පසුතැවුණු නමුත් ආයෙ මෙලෙස නොරැුවටෙන ලෙස සිතා ගත්තාය. නමුත් අපට නම් ඒ පිළිබඳව විශ්වාසයක් නොමැති වූයේ ඇගේ මොඞ් කතා විලාශය හා හැසිරීම නිසාවෙනි.


ඉන්දිවරීත් අනෙක් තරුණියත් ගත් විට ඔවුන් ගැමි තරුණියන් වූ නිසා පවුලේ බර අඩු කරනු වස් ඉගෙනුමට සමු දී රැුකියා සොයා පැමිණ ඇත. ඔවුන් හමු වීමට අප නොගිය අතර ඔවුන්ට මේ සියල්ල පිළිබඳ නිවැරදිව වටහා දුණි. ආර්ථික අපහසුකම් මැද නිවැරදි ලෙස රැුකියාවක් කරන ඔවුන්ට තම චරිතය හා ජීවිතයේ වටිනාකම ගැන බොහෝ දේවල් කියා දුනි. විශේෂයෙන්ම බොහෝ දුර බැහැර ප‍්‍රදේශවලින් කොළඹ පැමිණ මාපියන්ට බොරු ආයතනවල සේවය කරන බව පවසා සම්භාහන ආයතනවල රැඳෙමින් පිරිමින්ගේ සතුට ලබා දෙනු වස් තම පොකැට්ටුව මසකට රු. 40,000/- කින් තර කර ගන්නා තරුණියන් අතර ඔවුන්ගේ රැුකියාවේ වටිනාකම කියා දුනි.


විශේෂයෙන් පන්නල, කටුනායක ආදී මහ පරිමාණ ඇගළුම් කර්මාන්තශාලාවල වයස 18 වියේ පසු වන තරුණියෝ බොහෝ දෙනා සේවය කරති. ඔවුහු සියල්ලම මිස් කෝල් පේ‍්‍රම කුරුල්ලන්ට රැවටීමේ අවදානමක පසු වෙති.


මීට අමතරව අප සොයා ගත් තරුණියකගේ විස්තර මෙලෙසය. ඇය රත්මලාන ප‍්‍රදේශයේ ධනවත් පවුලක වැඩිමහල් දියණිය විය. ඉතා උසස් පාසල්වලින් ඉගෙන ගත් ඇගේ පියා ව්‍යාපාරිකයෙකි. තට්ටු දෙකකින් සමන්විත නිවසේ පහත මාලයේ එක් කොටසක වෙළෙඳසලකි. පියා තනිවම පාලනය කරන අතර පාරිභෝගිකයන් වැඩි වන විට මව ද ඊට සහය දෙන්නීය. එබැවින් ඇය සහ එකම සොයුරා බොහෝ විට උඩ මහලේ නිදහසේ කාලය ගෙවයි. ඇය උසස් පෙළ නිම කොට වසරක් යන විට මාපියෝ ඇයට ජංගම දුරකථනයක් තෑගි කළහ. දිනක් මේ ජංගම දුරකථනයට ආ මිස් කෝල් එකක් ඇගේ දෛවය වෙනස් කළේය. මිස් කෝල් එක දුන් තරුණයා අනුරාධපුරයේ දුෂ්කර ගමක ජීවත් වන්නකි. සති කිහිපයක් යන විට ඔවුන් ආදරයෙන් වෙලූණහ. තරුණයා කොණ්ඩා සැකසුම් පාඨමාලාවක් හදාරන අතර ඔහුගේ සිතේ ස්වයං ව්‍යාපාරයක් ඇරඹීමේ අදහසක් තිබුණු බව ඇයට ද පවසා ඇත. කෙසේ හෝ මොවුන් දෙදෙනා ප‍්‍රථම වරට පානදුර මුහුදු තීරයේ හමුවී ඇත.

 

3


ඉන් පසු තම ව්‍යාපාරයේ මුදල් අවශ්‍යතා පිළිබඳ ඇය සමග බෙදා ගත්තේ දැඩි ආදරයක් පෙන්වමිනි. කෙසේ හෝ දින කිහිපයක් ගත වූ කල ඇය විසින් මවගේ රු. ලක්‍ෂ දෙකක පමණ වටිනා රන් බඩු නැවතත් පානදුරේ දී හමු වී ලබා දී ඇත. රන්තරන් බඩු තොගයේ වටිනාකම ඈ නොදැන සිටියාය. කෙසේ හෝ එම රන් බඩු ලබා ගත් ඔහු දින කිහිපයක් ඇය සමග දුරකථනයෙන් කතා කොට ඇත.


නිවසේ රන් බඩු නැති වීම විමසීමේ දී සියලූ කාරණා හෙළදරව් විය. ඒ විගස ඇගේ මාපියෝ තරුණයා ඇයට දී තිබූ ජාතික හැඳුනුම්පතේ ඡුායාපිටපත මගින් අනුරාධපුරේ එම ප‍්‍රදේශය සොයා ගිය ද එවැන්නකු ඒ වන විට එම ප‍්‍රදේශය හැර ගොස් ඇති බව දැන ගත්හ. පසුව ඔවුන්ගේ ඥාතියකු මගින් හැඳුනුම්පත් අංකය හරහා බැංකු ගිණුම් පිරික්සීමේ දී එක් ගිණුමකට ඉතා ආසන්නම දිනක දී නිට්ටඹුව ප‍්‍රදේශයෙන් තෙවරක් පමණ මුදල් බැර කොට තිබුණි. පසුව ඔහු එම ගනුදෙනු අදාළ ශාඛාවෙන් පිරික්සන විට එම තැන්පතු කරන්නේ තරුණියක් බව දැන ගන්නට ලැබුණි.


ඉන් නිගමනය වූයේ එම තරුණිය ද එම වංචනික තරුණයාට හසු වී ඇති බවයි. රත්මලානේ තරුණියගේ පවුල් පසුබිම් මත එම මාපියෝ පොලිසි නොගිය අතර දියණියගේ හැසිරීමට දැඩි අවවාද දෙමින් ඇයට සමාව දුන්නෝය.


ඒත් මාපියන්ගේ වගකීම වැරැුද්දක් වූවාට පසු සමාව ලබා දීම නොවෙයි. රැුකියාවක් නොකරන පාසල් හා පාඨමාලා පන්ති යන තම දියණියන් අත තිබෙන ජංගම දුරකථනය පිළිබඳව දැඩි සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් සිම්පත් දෙකක් පාවිච්චි කළ හැකි දුරකථන ඔවුන්ට ලබා නොදීමටත් සරල දුරකථන ලබා දීමටත් සිතිය යුතුය. මන් ද ඉස්සර දුරකථනයේ ප‍්‍රධාන රාජකාරිය වූයේ කතා කිරීම වුවත් අද එහි මුඛ්‍ය රාජකාරිය චාජ් (Battery Charge) කිරීම වී ඇත.


මිස් කෝල් පේ‍්‍රමයක පැටලෙන තරුණයින් සමාජයේ උගත් අය නොවන බව බොහෝ දුරට පැහැදිලිය. මන් ද සමාජ ජාල අඩවියකින් රූපයක් දැකිය හැකි වුවත් මිස් කෝල් පේ‍්‍රමයේ එලෙස නොහැකි නිසා යහපත් චරිතවත් තරුණයින් මෙලෙස බොළඳ ක‍්‍රම මගින් සහකාරියන් සොයා ගන්නේ නැත.


ඔබේ දුවගේ ජංගම දුරකථනය භාවිතය පිළිබඳ අම්මේ, තාත්තේ ඔබ දන්නේ ද? රැය පුරා ඔබට හොරා නිදි වරාගෙන ඇමතුම් ගන්නා කෙටි පණිවුඩ යවනා ඔබේ දියණිය ගැන සොයා බැලූවා ද? ඇයගේ සම්බන්ධතා ගොනුවේ සිටින යහළුවන් කවු දැයි ඔබ සොයා බැලූවා ද?


බොහෝ අය පෙම්වතියගේ හෝ පෙම්වතාගේ නම යොදන්නේ තම වර්ගයේ කෙනකුගේ නමක් ලෙසයි. ඉතින් තාක්‍ෂණික දියුණුව හා උපක‍්‍රම නිතිපතා අලූත් වන ලෝකයේ මිස් කෝල් පේ‍්‍රම කුරුල්ලන්ට ඔබේ දියණියවත් බිලි ගැනීමට අවස්ථාව දෙනවා ද?


(නම් ගම් මනඃකල්පිත බව සලකන්න)


M

 



අදහස් (0)

මිස් කෝල් පේ‍්‍රම කුරුල්ලන්ට තවමත් රැවටෙන කෙල්ලෝ

ලසිත් Tuesday, 18 November 2014 08:56 AM

අනේ කාලේ වනේ වාසේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 233 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 113 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 238 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 606 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4818 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site