වාර කීපයක්ම උතුරු කොළඹ හා බොරැල්ල යන ආසන නියෝජනය කළ විවියන් ගුණවර්ධන ලංකා සමසමාජ පක්ෂයේ මෙන්ම වමේ ව්‍යාපාරයේ නායිකාවකි. 1977 ජේ.ආර්. ජයවර්ධන රජයේ මුල් අවදියේ ඊට එරෙහිව අරගල හා උද්ඝෝෂණවල යෙදුණේ වමේ පක්ෂයි. විවියන් ගුණවර්ධන ඒ හැම අරගලයකදීම ඉදිරියෙන් සිටිමින් ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කළාය. සාමාන්‍යයෙන් පිරිමි පක්‍ෂය කාන්තාවන්ට පහර දෙන සිරිතක් නැත. එහෙත් ගෘහස්ථව පිරිමින්ගේ ප‍්‍රහාරයට ලක්වන කාන්තාවෝ ඕනෑතරම් සිටිති. ඒවා ප‍්‍රසිද්ධියට පත්වන්නේ ද නැත. එසේම එය පහත් කි‍්‍රයාවක් ලෙසද සමාජය සලකයි. වරක් කොල්ලූපිටියේ කළ උද්ඝෝෂණයකදී ඇය ඇතුළු පිරිසට ප‍්‍රහාරයක් එල්ල වන්නේ පොලීසියෙනි. ඉතා කෲර ලෙස විවියන් ඉලක්ක කර පහර දෙන පොලිස් නිලධාරීහු ඇය පාර දිගේ ඇදගෙන ගියෝය. සමහර පොලිස් නිලධාරීන් කවදත් ඉහළ නියෝග මත ඕනෑම කැත වැඩක් ඉටුකිරීමට සැදී පැහැදී සිටීම අරුමයක් නොවේ. අවසානයේ විවියන් ඇතුළු පිරිස මෙම ප‍්‍රහාරයට එරෙහිව අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ. එහිදී තීන්දුව ලැබුණේ විවියන්ට වාසියටය. විත්තිකාර පොලිස් නිලධාරියාට දඩ නියම විය. ඔහුගේ උසස්වීම් පවා අත්හිටුවන ලදී. මෙය ජනාධිපති ජේ.ආර්. රජයේ සමහර අයට ඇල්ලූවේ නැත. එහෙත් එම ආණ්ඩුවේම පිරිසක් විවියන්ට එරෙහිව එල්ල වූ පොලිස් ප‍්‍රහාරය හෙළා දැක තිබුණු බවද සටහන් කළ යුතුය. අවසානයේ මෙම නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කළ දාම ඊට දායක වූ විනිසුරුවන්ගේ නිල නිවෙස් වෙත ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල වූ අතර එම මැරයන් නරියන් සේ හැසිරුණු බවද මාධ්‍ය වාර්තා කළේය. මේ අතර පොලීසියට නියම කළ දඩ මුදල ආණ්ඩුවේ ඉහළ නියෝගයක් මත රජය මඟින් ගෙවා දමනු ලැබීය. සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ අත්හිට වූ උසස්වීම් පවා ලබාදෙන ලදී. විනිසුරුවරයකුගේ පුත‍්‍රයකු වූ ද තම සොහොයුරකු වූ එච්.ඩබ්. ජයවර්ධන කීර්තිමත් නීතිඥවරයකුව සිටියදී ජනාධිපති ජේ.ආර්. උසාවි තීන්දුවලට සැලකුවේ එහෙමය. එහෙත් විනිශ්චකාරවරුන්ගේ නිවාසවලට ගල් ගසා හූ කීමට තරම් පහත් තැනකට තම අනුගාමිකයන් මෙහෙය වීමට ජේ.ආර්. ට වුවද පිස්සුවක් තිබිණැයි සිතිය නොහැක. ආණ්ඩුවක රස්නෙන් ඔළුව උදුම්මාගෙන නිදැල්ලේ පිස්සු නටන දඩ බල්ලන් නිසි අයුරින් බැඳ තබාගෙන දේශපාලන වශයෙන් පමණක් උදව් ගැනීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වුවද දැන සිටියේ නැත. මේ නිසා අර මැරයන්ට එරෙහිව පියවරක් ගැනීමට ජේ.ආර්. අපොහොසත් විය. ඒ වෙනුවට ජේ.ආර්. කීවේ එය ඔවුනගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් බවය. බලය අසීමිත ලෙස තමන් වටා කරකැවෙන විට පෘතග්ජන බුද්ධිමතකු වුවද පිස්සු නැටූ හැටි හැදෑරීමට මේ සිදුවීම අදත් දේශපාලනය කරන අයට වැඩදායකය. එදා ගල් වැදුණේ විනිසුරුවරුන්ගේ නිවෙස්වලටය. මෙදා කෙළින්ම ගල් මුල් වදින්නේ යුක්තියේ පූජාසනයටය. නැතිනම් උසාවියටය. විනිසුරුවරුන් නඩු විභාග කරමින් සිටින විටය. මෙමගින් අපචාරයට ලක්කළේ යුක්තියේ සාධාරණත්වයේ දෙවඟන බවට විවාදයක් නැත. උසාවියක් පොඩි පට්ටම් කිරීමේ මේ නිවට ”මන්නාරම් සටන” රජයේ දේශපාලනඥයකුගේ මෙහෙය වීමෙන් සිදු වූ බවක් මාධ්‍ය මගින් වාර්තා කෙරිණ. මේ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම් මහේස්ත‍්‍රාත්වරයා පවසන්නේද මන්නාරමේ රජයේ දේශපාලනඥයකු මීට සම්බන්ධ බවයි. ඔහුගෙන් මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබුණ බවද පැවසේ. එහෙත් මෙයට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින දේශපාලනඥයා මේ සියල්ල ප‍්‍රතික්ෂේප කරයි. එතකොට බොරු කියන්නේ විනිසුරුවරයාද? ඒක නම් පරීක්‍ෂණයකින්ම සොයාගත යුතුය. විනිශ්චයකාරවරුනට මෙහෙම නම් සාමාන්‍ය මිනිහාට කොහොම වේදැයි කෙනකුට නිරායාසයෙන්ම ගලා එන සිතුවිල්ල කිසිවකුට පාලනය කළ නොහැක. එහෙත් දේශපාලන වශයෙන් මේ සිදුවීම් දෙකටම අදාළ ප‍්‍රතිකි‍්‍රයාවේ වෙනසක් තිබේ. සමහරු විග‍්‍රහයක යෙදෙන්නේ එහෙමය. ”ඔව් වෙනසක් තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහු කිසිසේත් ම මේ වගේ කි‍්‍රයා අනුමත කරන්නේ නැහැ. එතුමා මේ වන විට මේ සම්බන්ධයෙන් කිසිදු බලපෑමකට යටත් නොවී අපක්ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන මෙන් පොලීසියට උපදෙස් දී තිබෙනවා. එසේම එම පරීක්‍ෂණය රහස් පොලීසියට පවරන ලෙසද අදාළ අංශවලට දැනටමත් ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබිල. එදා ජනාධිපති ජේ.ආර්. එසේ කි‍්‍රයාකළේ නැහැ.” මෙසේ සමබරව තර්ක කරන අයද සිටිති. ”අපට නීතිය අයාලේ යෑමට ඉඩදිය නොහැකියි. නීතියක් නොමැතිව රටක් පාලනය කිරීමටද නොහැකියි. අප හැම විටම රටේ නීතිය උපරිමයෙන් ආරක්‍ෂා කිරීමට රජයක් වශයෙන් බැඳී සිටිනවා.” ”මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන්නැයි මා උපදෙස් දී තිබෙනවා. මා වෘත්තියෙන් නීතිඥයෙක්.” ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ පිළිබඳව දරන මතය මාධ්‍ය වාර්තා කර තිබුණේ එලෙසිනි. ”නියෝග විතරක් දුන්නම ඇද්ද ? මේ සිද්ධියේදී නම කියැවෙන අය තාවකාලිකව හෝ පදවි තානාන්තරවලින් ඉවත් කළොත් නේද පරීක්‍ෂණය සාධාරණ වෙන්නෙ? ආණ්ඩුවක් විධියටත් හොඳ වෙන්නේ. එහෙම වුණොත් නේද? ඇමැති මර්වින් සිල්වා සම්බන්ධයෙන් ද එහෙම කළානේද ?” ”ටිකක් ඉවසන්න පුරුදු වෙන්නෙ නැත්තෙ ඇයි. පුදුම හදිස්සියක්නෙ සමහරුන්ට තියෙන්නෙ. ජනාධිපතිතුමා හා ආණ්ඩුව මේ කි‍්‍රයාව අනුමත කරන්නෙත් නෑ. එතුමා ජේ.ආර්. වගේ අදාළ අයට මීටත් වඩා ඉහළ තනතුරක් දෙන්න යන එකකුත් නැහැනෙ.” මෙවන් වාද විවාද සහිතව තර්ක කරන අයද සිටිති. මේ සිදුවීම්වලට අදාළ පසුබිම් කතාවද ඛේදජනකය. උසාවියක කටඋත්තර මඟින් ඒවා සම්පූර්ණයෙන්ම මතුවන්නේ නැත. එල්.ටී.ටී.ඊ.යේ තර්ජන නිසා තම පාරම්පරික ගම්බිම් හා ධීවර වාඩි අතහැර ගිය මුස්ලිම් ප‍්‍රජාව මේ දිනවල නැවත තම පැරැණි වාසස්ථානවලට පැමිණෙමින් සිටිති. ඒ උදා වූ සාමයට පින් සිදුවන්නටය. එහිදී දක්නට ලැබෙන්නේ සමහර ධීවර වාඩි තවමත් පාලනය කරන්නේ පැරණි එල්.ටී.ටී. කාරයන් බවය. ඔවුන් දැන් පුනරුත්ථාපනය වී සිටීම වෙනම කාරණයකි. එහෙත් ඔවුන්ගේ අතයට කප්පම් සෙල්ලම් තවමත් සිදුවෙනවා වාගේය. ”එල්.ටී.ටී.ඊ. කාලෙත් මුං අපෙන් කම්පම් ගත්තා. දැනුත් ගන්නවා. මේක පුදුම අසාධාරණ ක‍්‍රමයක්නෙ.” සමහරුන් තම විරෝධය පාන්නේ මෙලෙසින්ය. ධීවර වාඩි විනාශ වන්නේ, දැල් ආම්පන්න පැහැර ගැනෙන්නේ මේ නිසාදැයි කියන්න දන්නේ නැත. අද අමාත්‍යවරයකු ව සිටින රිසාද් බදුඋද්දීන් ද එදා අනාථ කඳවුරක ජීවිතයේ වටිනාම සමය ගෙවා දැමූ අයෙකි. එල්.ටී.ටී.ඊ.ය නිසා මේ සියල්ලෝ ම අනාථ වූහ. මේ නිසා ප‍්‍රශ්නයට රිසාද් බදුද්දීන් තරුණ ඇමැතිවරයා අනුගතවන්නේ හැඟීම් උද්දීපනයකින් බව පෙනේ. උසාවිය දක්වා ගමන් කර තිබෙන්නේ මෙවන් ආරවුල් සමුදායකි. ඒ නිසා මේ ප‍්‍රශ්නවලට සමාජමය හා දේශපාලන විසඳුමක් අවශ්‍යය. එය උසාවිවලට ගල් මුල් ගසා විනිසුරුවරුන්ට දුරකතන මඟින් තර්ජනය කර ම්ලේච්ඡ ලෙස ලබාගත නොහැක. විශේෂයෙන්ම දේශපාලනය කරන අය මගෝඩිස්තුමන්ලා යන ලේබලය අලවා නොගත යුතුය. ශීලාචාර විය යුතුය. විසඳුම් සොයාගත යුත්තේ ආණ්ඩුවේ හයිය පෙන්නා නොවේ. අද මගෝඩිස්තුමන්ලාගේ මේ දේශපාලනය අබියස ආණ්ඩුවේ හා විපක්ෂයේ සැබෑ මහත්වරුන් අසරණව සිටින බව පෙනේ. මේ ආණ්ඩුව සැදී ඇත්තේ මන්නාරමේ ඡුන්දවලින් පමණක් නොවේ. සමහරුන්ට මේ පදවි බර වැඩි වාගේය. ඒ නිසාම සිදුවන නොපනත් කි‍්‍රයා සමස්ත රාජ්‍යයම කාබාසිනියා වන තැනට තල්ලූවෙමින් පවතී. මෙහෙම ගියොත් යම් දිනක සියල්ල එකතු වී අසාර්ථක රාජ්‍ය පාලනයක තහඩුව වැදී ස්වර්ගස්තවීමට සිදුවන්නේ ආණ්ඩුවටය. එවන් අසාධාරණයක් වේ නම් රටක් රාජ්‍යයක් දිනාදුන් නායකයකුට හා ආණ්ඩුවකට ආණ්ඩුවේම අය කරනු ලබන්නේ අපරාධයකි. මේවා සිදුවෙමින් පවතින්නේ කිසියම් දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව ද යන සැකය දැන් සමහරුන් තුළ මතුවෙමින් පවතී. අවසානයේ මේ සියල්ලෙන් පාඩු සිදුවන්නේ මේ ආණ්ඩුවට ඡන්දය දුන් සාමකාමී ශී‍්‍ර ලංකාකාරයන්ට, යූ.ඇන්.පි.යෙන් පැමිණි අයට හා කිසිදු ලාභ ප‍්‍රයෝජනයකින් තොරව බුලත් කොළයට කතිරය ගැසූ අයටය. මෙවන් සිදුවීම් කීපයක් හරහා සමහරුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ හා ආණ්ඩුවේ ප‍්‍රතිරූපය විනාශ කරමින් සිටිනවා වාගේය.” ඉතින් එතුමා මොනව කරන්නද? එතුමා කීවද උසාවිවලට ගහන්න කියල? ”බොහොම හරි” එතුමා එවැන්නක් නොකී බව සත්‍යයකි. ”එහෙම නම් කවුද කියන්න ඇත්තේ? කිව්ව මිනිහත් ඉන්නවාය කියන්නේ මේ ආණ්ඩුවේම නේද? ” ඕවා මන්නාරමේ විතරද? වතුර බෝතල් කම්හලක් කුඩුපට්ටම් කළ අය ද සිටිනවා කියන්නේ ඇත්තද?” මෙහෙමත් තර්ක කරන අය ආණ්ඩුවේ ඇතුළේ ම සිටිති. අනේ අපට ඕවා කියන්න බෑ ජනමධ්‍යයෙන්වත් කියන්න.” සමහරුන් අසරණකමට කියන කතාය. මොන මාධ්‍යයෙන් කීවත් එක්කෙනෙක් දෙන්නෙක් නිසා ආණ්ඩුවක් පරිප්පු කන්නේ ඇයි ද යන ප‍්‍රශ්නය පැන නඟී. 17 අවුරුදු යූ.ඇන්.පී. රාජ්‍ය සමයේ සිදු වූ කීපදෙනකුගේ අමන කි‍්‍රයාවලට එම ආණ්ඩුවේ නායකයෝ කනගාටුව පළ කළහ. අදාළ ක්ෂේත‍්‍ර හරහා දඬුවම් කළ අවස්ථා ද තිබුණි. අපක්ෂපාතී පරීක්‍ෂණ යට ගැසූ අවස්ථා ද තිබුණි. මේ අතර හදිස්සියේ කඩාවැදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විපක්ෂයට නායකත්‍වය දී ”දුෂණය භීෂණය” යන සටන් පාඨය ඔස්සේ ජනයා සංවිධානය කර එම ආණ්ඩුව ඉවත් කළ හැටි අපට මතකය. එය දේශපාලනය කරන අයට අලූත් පාඩමකි. යූ.ඇන්.පි.ය කළ හොඳ වැඩ දැවැන්ත සංවර්ධනය, යහපත් කි‍්‍රයා සියල්ල යටපත් විය. ජනයා ඒවා ගණන් ගත්තේ නැත. අන්තිමේදී සූරියවැව සමුහ මිනීවළෙන් මතු වූ රෙදි කැබැල්ලකට ආණ්ඩුවක් කපෝති විය. මේ දේශපාලන ලෝකයේ හැටි එහෙමය.
2021 වර්ෂයේදී කොවිඩි 19 වසංගතයෙහි බලපෑම බදු කප්පාදුවල රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 118.7 ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යාම, ජාත්‍යන්තර සංචිත දැඩි ලෙස පහත ව
රාජාණ්ඩු සමයේ රජුගේ පාලනයට සහාය වූ ප්‍රභූන් විසූ නිවාස හැඳින්වූයේ වලව් ලෙසය. අධිරාජ්‍යවාදීන් මෙරට ආක්‍රමණය කිරීමෙන් පසු ඉංග්‍රිසීන්ට අපේ රටේ පාලනය ප
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මන්නාරම් සටන
රොහාන් Friday, 27 July 2012 05:21 PM
කවුරුහරි මෙහෙම කරනවා නම් කවුරු වුණත් ඒක වැරැද්දක්. (නි)
සනත් Saturday, 28 July 2012 11:30 AM
දැන්ම මේක විසඳුවොත් හොඳයි...නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න ඕන නෑනේ නේද .... (ස)
ජානක Saturday, 28 July 2012 01:36 PM
එස්බී මහත්තයාව හිරේට යැව්වෙ වචනයකට දෙකකට ඇයි තවත් කල් යවන්නෙ.. (නු)
චමින්ද ප්‍රනාන්දු Saturday, 28 July 2012 02:33 PM
ඉතාම වටිනා ලිපියක්... ලියුම්කරු සෑම තැනම ආවරණය වන ලෙස ඉතා වැදගත් ලක්ෂයන් ඔස්සේ ලියා තිබෙනවා මේ සිදුවීම පිළිබදව.. අපි අනුමත කරන්නෙ නැහැ ලංකිකයෝ ලෙස මෙවගේ දේවල්..(නු)
රොෂාන් Saturday, 28 July 2012 03:08 AM
කොහොම කිව්වත් මුස්ලිම් කට්ටියට අසාධාරණයක් වෙලා තියෙනවා. දැනං කතා කරන්නෙ දෙමළ අය ගැන විතරයි.. මුස්ලිම් අයටත් සාධාරණයක් විය යුතුයි..!!(නු)