පළමු වරට සිදුවන වැරැද්දක් අත්වැරදීමක් විය හැකිය. නොදැනුවත්කම විය හැකිය. බරපතළකමක් ගැන නොසිතා එම වැරැද්ද සිදුවූවා විය හැකිය. එවැනි පළමුවරට සිදුකෙරෙන වැරැද්දක් පිළිබඳ සමාව දීම ගැනද අවධානය යොමු කළ හැකිය. ඇතැම් අවස්ථාවල අධිකරණමය කරුණුවලදීද පළමුවර සිදුකෙරන වැරැද්දක් සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමේදී ද කිසියම් විශේෂයක් දක්වන අවස්ථා ඇත. වැරැද්දක් දෙවැනිවර සිදුකිරීම නොසිතා, නොබලා සිදුවූවක් ලෙස නොසලකා හැරිය නොහැකිය. කිසිදු සමාවක් නම් දිය නොහැකිය. බාල ඉන්ධන ගෙන්වීමේ ප‍්‍රශ්නයද එලෙසය. දෙවැනි වතාවටත් රටට බාල ඉන්ධන ගෙන්වා ඇති බවට චෝදනා ඇත. මෙවර නම් නොදැනුවත්කමක් විය නොහැකිය. බාල පෙට‍්‍රල් ගෙන්වා හරියටම දොළොස් මසක් ගත වූවා පමණි. දැන් බාල ඞීසල් ගෙන්වා ඇත. කාට කියන්නද? ඛනිජ තෙල් සංස්ථාවට වගක් ඇති පාටක් නැත. හේතුව නම් අලාභය හෝ වන්දිය සංස්ථාවට නොවන නිසාය. දස ලක්‍ෂ ගණනින් මුදල් විනාශ කිරීමට මේ ගණුදෙනුවලට මූලිකවූ සංස්ථා නිලධාරීන් කිසිවකුට නිසි දඬුවමක් නොලැබෙන නිසාය. මෙවර ගෙන්වන ලද ඞීසල් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 20,000ක් බව සඳහන් වේ. මේ ප‍්‍රමාණය ගෙන්වා ඇත්තේ ක්ෂණික කැඳවීමක් මතය. ඉන්ධන ගෙන්වීම සඳහා ක්‍ෂණික කැඳවීම් කරනු ලබන්නේ කුමක් නිසාද? පළමුවරට වර්ෂ 2011 ජූනි මාසයේ බාල පෙට‍්‍රල් ගෙනඑනු ලැබුවේද ක්ෂණික කැඳවීමක් මතය. වසර 50 ක් වූ ඛනිජ තෙල් සංස්ථාව ඉතිහාසයේ බාල පෙට‍්‍රල් ගෙන්වීමක් පිළිබඳව වාර්තා නොවිණි. එයට හේතු වූයේ දෛනිකව, මාසිකව හා ඒ ඒ කාලයට අවශ්‍ය ඉන්ධන තොග පිළිබඳව සංස්ථාව අපූරුවට සැලසුම් කර ඒවා ගෙන්වීමට පියවර ගෙන තිබීමයි. තොග සමාලෝචන රැස්වීම් එදා සති පතා පැවැත්විණි. ඛණිජ තෙල් සංස්ථාවේත්, ඛනිජ තෙල් තොග ගබඩා අංශයේත්, ඛනිජ තෙල් අමාත්‍යංශයේත් නිලධාරීන් එක්ව ඉන්ධන තොග පිළිබඳ සමාලෝචනය කරනු ලබති. තෙල් පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවූවා නම් ඒ ඉන්ධන පිරවුම් හලක ප‍්‍රශ්නයකි. එය සංස්ථාවට බලපානු ලබන ප‍්‍රශ්නයක් නොවීය. ක‍්‍රමවේදයට නොගැලපෙන යමක් සිදුවූවා නම් තෙල් පිරවුම් හලට සීල් තැබීම සිදු විය. ඉන්ධන ආනයනය කිරීමට පෙර කමිටු තුනක් රැුස්වේ. එනම් තෙල් සමාලෝචන කමිටුව, තාක්‍ෂණ ඇගයීම් කමිටුව හා ප‍්‍රසම්පාදන කමිටුව වශයෙනි. ප‍්‍රසම්පාදන කමිටු අවස්ථාව වන විට භාණ්ඩාගාරයේ හා ඛනිජ තෙල් අමාත්‍යාංශයේද නිලධාරීන් එක්වී රැස්වීම පැවැත්වෙයි. මේ සියලූ අවස්ථාවන්හිදීම නියමාකාරව ක‍්‍රියාකර ඉන්ධන ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීම සිදු කෙරේ. තෙල් සංස්ථාවේ දූෂණ, වංචා ගැන විටින් විට සාකච්ඡා කෙරුණත් බාල ඉන්ධන ගෙන්වීම පිළිබඳ නම් ඉතිහාසය පුරා කිසිදු සටහනක් නොවීය. ඒ ඉතිහාසය විකෘති කරමින් තෙල් සංස්ථාව අද වන විට අලූත් සංස්කෘතියක් බිහිකර ඇත. ඒ බාල තෙල්ය. මේ ලිපියේ ඉහතින් සඳහන් කළ ආකාරයට එක්වරක් කිසියම් දෝෂයකින් බාල තෙල් මෙරටට ආනයනය කෙරුණා විය හැකිය. එහෙත් දෙවැනි වරටත් එයම සිදුවී ඇත. වර්ෂ 2011 ජූනි මාසයේදී බාල පෙට‍්‍රල් නිසා වාහන මග නතරවීම සිදුවිණි. එම වාහනවලට අලාභ ගෙවීමද සිදු වුණි. ගෙවු වන්දි මුදල් ප‍්‍රමාණය රුපියල් දෙකෝටි විසිලක්‍ෂයක් බව සඳහන්වේ. එම බාල පෙට‍්‍රල් ගණුදෙනුවෙන් සිදුවූ පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි 49ක් බව ඛනිජ තෙල් සංවර්ධන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පත් කරන ලද නිරීක්‍ෂණ කමිටු වාර්තා කර තිබූ බව සඳහන්වේ. දැන් අපි බාල ඞීසල් ගැන සාකච්ඡුා කරමු. බාල ඞීසල් යෙදීම නිසා දුම්රිය එංජින් 36ක්, වරායේ දොඹකර 18 ක්, පෞද්ගලික බස් රථ 150ක්, ලංගම බස් රථ 50ක්, තැපෑලේ වාහන 26ක් ක‍්‍රියා විරහිත වී ඇති බව වාර්තාවේ. ෆිල්ටර් හිරවීම නිසා ඉන්ධන දුම්රිය එංජිම ඇතුළට ගලා නොගිය බව සඳහන්වේ. රුපියල් 30,000 කට අධික මුදලක් බැගින් වැය කර එක් ෆිල්ටරයක් පිළිසකර කිරීමට සිදුවී ඇත. හානියට පත් දුම්රිය එංජින් අතර එස් - 10 බලවේග කට්ටල 15ක් සහ එස් - 11 බලවේග කට්ටල 15කි. රට පුරා ධාවනය වන බලවෙග කට්ටල 75න් 30ක්ම ප‍්‍රතිසංස්කරණය කිරීමට සිදුවිය. ඉන්ධනවල සාන්ද්‍රනය ඝනවීමෙන් ෆිල්ටරයේ බැඳෙන ඉටි වැනි ද්‍රව්‍යයක් නිසා ඉන්ධන ”ෆිල්ටර්” වීම සිදුවී නැත. විශේෂයෙන් මෙහිදී සඳහන් කළයුත්තක් නම් ආබාධවලට ලක්වූයේ චීනයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වන ලද එංජින්ය. ඒවායේ ඉතා කුඩා අපද්‍රව්‍යයක්වත් එංජිම ඇතුළට ගලා යාම සිදු නොවන ආකාරයට ඉතා සියුම්ව සකස් කර ඇත.සාමාන්‍යයෙන් එක් එංජිමකට ෆිල්ටර් 3ක් හෝ 4ක් පවතින අතර, පොදුවේ ගත්කළ ෆිල්ටර් 108ක් මෙම එංජින්වල පවතී. මේ සියල්ලම ඉවත්කර අලූතින් ෆිල්ටර් සවිකිරීමට සිදුවී තිබිණි. බාල ඞීසල් නිසා අලාභහානි වූ දුම්රිය එංජින් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇත. ඒ සඳහා අමතර මුදලක්, කාලයක් හා ශ‍්‍රමය වැය කිරීමට සිදුවී තිබිණි. දැන් මේ බාල ඞීසල් දෙවැනි වරටත් ගෙන්වූ කාලය සලකා බැලීමේදී එය කිසියම් සැළසුම් සහගත ක‍්‍රියාවලියක් බව පැහැදිලිය. කිසියම් කාන්තාවක් හා තරුණයෙක් බලය අනියමින් යොදවන බවක් සංස්ථා සේවකයෝ පෙන්වා දෙති. මේ දෙවාරයේදී ඉන්ධන ප‍්‍රශ්නය මතු වූයේ සපුගස්කන්දේ පිරිපහදුව නඩත්තු කටයුතු සඳහා නතර කරන ලද අවස්ථාවලදීය. පිරිපහදුව නඩත්තුවට යොදවන්නේ ක්ෂණිකව ගනු ලබන තීන්දු - තීරණ මත නොවේ. පිරිපහදුවේ නඩත්තු කටයුතු සිදු කරන කාලවලදී බොර තෙල් නිෂ්පාදන ක‍්‍රියාවලිය නතර වේ. ගුවන් යානා තෙල් ඇතුළු ඉන්ධන සැපයීමේ ක‍්‍රියාවලිය පිරිපහදුව මගින් සිදුවීම නතර වේ. දිනකට පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 700 ත් 750ත් අතර ප‍්‍රමාණයක් නිකුත් කිරීමට නොහැකි වෙයි. ඞීසල් මෙටි‍්‍රක් ටොන් 2300ත් 2400ත් අතර ප‍්‍රමාණයක් නිකුත් කිරීමට නොහැකි වෙයි. මේ අවහිරතා වැළැක්වීමට පිරිපහදුව නඩත්තු කිරීමට වසා දැමෙන කාල සීමාව තුළදී රටේ ජනතාවට අවශ්‍ය ඉන්ධන නොඅඩුව ලබාදීමට නිසි සැලැස්මක් මත ක‍්‍රියා කිරීම සිදු කෙරේ. තොග රැස්කර, විධිමත් ලෙස බෙදා හැරීමට සැළසුම් කරනු ලබති. තවත් කරුණක් නම් පිරිපහදුව නඩත්තු කටයුතු සඳහා සාමාන්‍ය ක‍්‍රියාදාමය නතර කරනු ලැබූ පළමු අවස්ථාව ගිය වසරින් ආරම්භ වූවා නොවේ. ඒ සෑම අවස්ථාවකදීම හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීම සිදුවිය. බාහිර ප‍්‍රශ්නයක් නොවූයේ නම් (වැඩ වර්ජනයක් වැනි) විධිමත් ලෙස ඉන්ධන බෙදා හැරීම සිදු කෙරිනි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ”අලූත් කලාවක්” අනුගමනය කරන තත්ත්වයක් දැන් පෙන්නුම් කරයි. එනම් ”හදිසි මිලදී ගැනීම්” යනුවෙන් හිටි හැටියේ ඉන්ධන මිලදී ගැනීමයි. මේ අපූරු හදිසි මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් තුනක් අවලංගු කර රටේ ඉන්ධන හිඟයක් මැව් බව ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් පාලිත ආනන්ද මහතා ප‍්‍රකාශ කළේය. ටෙන්ඩර් තුනක් පිට පිටම අවලංගු කර ඉන්ධන හදිසියේ මිලදී ගැනීමට පෙළඹීම ගැන ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැහැදිලි හේතුවක් ඉදිරිපත් කර නොමැති බව වාර්තාවේ. අඩු වශයෙන් ඛනිජ තෙල් අමාත්‍යංශයටවත් ඒ සම්බන්ධයෙන් පිලිතුරු නැත. මේ කරුණ පිලිබඳව ඛනිජ තෙල් අමාත්‍යාංශය සද්භාවයෙන් කටයුතු කළාද යන සැකය රටේ ජනතාව තුළ ඇතිවීම ස්වභාවිකය. ටෙන්ඩර් තුනක් අවලංගු කර හදිසි තෙල් තොග ගෙන ඒමට නිලධාරීන් පෙළඹීමට හේතු වූයේ සාක්කුවේ බරට බව නම් කිව යුතුමය. සත්‍යයද එය වනු ඇත. දෙවැනි වරට බාල ඞීසල් පිළිබඳව පැමිණිලි සලකා බැලීමට සිදුවී ඇත. අසාදු ලේඛන ගත කරනු ලැබූ ආයතනයක් වු විටෝල් ආයතනයෙන් මේ ඉන්ධන ගෙන්වා තිබිණි. වර්ෂ 2010 දී අසාදු ලේඛන ගත කරන ලද (Black List)විටෝල් සමාගම යළි ලැයිස්තුගත කර තිබිණි. ඩොලර් 150,000 ක මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ලබා දී ඇති විටෝල් සමාගම යලි ලැයිස්තුගතවී ඇත. ඛනිජ තෙල් සංස්ථාව මේ සිදුකරන ක‍්‍රියාවලියට අදෘශ්‍යමාන හස්තයක් ඇති බව නම් වඩාත් පැහැදිලිය. මෙහිදී ජනප‍්‍රවාදයේ පැවැත එන කතාවක් සඳහන් කළ යුතුව ඇත. පළමු වැරැද්දට දඬුවම් නොලැබීම නිසා, දෙවැනි තුන්වැනි වතාවලදීත් එම වැරැද්දම සිදු කරන බවයි. දඬුවමක් නොමැති නිසා බියක්, සැකක්ද නැත. ප‍්‍රභාකරන් සඳහන් කළ ආකාරයට කාලයත් සමග සියල්ල අමතක වන රටාවක් අප සමාජයේ පවතී. රජයටත් එය වෙස්වලාගත් ආශීර්වාදයකි. ජනමාධ්‍යයෙන්, විපක්‍ෂයෙන් කරනු ලබන කෑකෝ ගැසීම් මැඩ පැවැත්වීමට කමිටුවක් පත් කරනු ලබයි. ඒ කමිටුවට සාමාජිකයන් නම් කරනු ලබයි. එහෙත් කමිටුව රැස්වන දිනයක් හෝ කමිටුවේ වාර්තාවක් නැත. නිදහසේ ගලා යන දිය පාරක් මෙන් සිදුවීම ගලා යයි. පිළිතුරක් නැත. දෙවැනි වරටත් එම වැරැද්දම යලි සිදුවී ඇත. පළමුවැනිවරට සිදුවූවා මෙන්, දෙවැනි වැරැද්ද ක‍්‍රමයෙන් මතකයෙන් ඉවත් වනු ඇත. වැරදිකරුවන්ට දඬුවමක්ද නැත. තෙල් සංස්ථාව රූකඩයක් කර ගත් පිරිස තනිව සතුටු වනවා ඇත. තුන්වැනි වරට යළි මෙවැනි වැරැද්දක් සිදුකළත් අවසන් තීන්දුව මෙයමය. මුදල් හදල් හම්බ කරගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට රිසි සේ ඒ කටයුත්ත කර ගැනීමට රජය විසින්ම ඉඩ සලසාදී ඇත. වැළැක්වීමට කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත් බවක් පෙනෙන්නටවත් අසන්නටවත් නැත. ”වැටත් නියරත් ගොයම් කානම්, කාට පවසමි ඒ අමාරුව” රටේ ජනතාවට සිදුවී ඇත්තේ එයයි.
චැනල් ෆෝ නාලිකාවේ පාස්කු හෙළිදරව්ව, සමගි ජන බලවේගයේ සමගිය, ඉදිරි ජනපතිවරණය ආදි කරුණු පිළිබඳව මෙවර රජවීදියෙන් අදහස් දක්වන්නේ බදුල්ල දිස්ත්‍රික් සමගි
ආර්ථික වර්ධනයට විශාල අහිතකර බලපෑමක් වන්නේ රටෙහි නිෂ්පාදන ආර්ථිකයක් නැතිකමය. එහිදී ඉතා වැදගත් වන්නේ අපනයනය මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමය.
රටක ජීවත්වන ජනතාවට තම ජීවිත සම්බන්ධයෙන් උපරිම විශ්වාසය රැගෙන එන්නේ එරට සෞඛ්‍ය සේවය මගිනි. එහෙයින්ම සෞඛ්‍ය සේවය උපරිම උසස් තත්ත්වයෙන් මෙන්ම කාර්යක්‍ෂ
කියුබාව බොහෝ දෙනකු විසින් දැන සිටින්නේ ලෝක සමාජවාදී විප්ලවයන්ගේ පෙරමුණ ගත් ජනප්‍රිය නායකයන් දෙදෙනකු නිසාය. ඒ කියුබානු විප්ලවයේ නායක ෆිඩෙල් කැස්ත්‍ර
තුන්වැනි ලෝකයේ සෑම රටකම මහා ව්‍යාධියක් ලෙස පැතිර පවත්නා දුප්පත්කම විසින් ලෝකයට දායාද කරන ලද අතුරුඵල රාශියකි. ඉන් පළමුවැන්න ආහාර හිඟය සහ මන්දපෝෂණයයි. ම
ගීතය, සංගීතය, සිනමාව, විචාර කලාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රබල නිර්මාණ බොහොමයක් දායාද කොට ඇති මහාචාර්ය සුනිල් ආරියරත්න මහාතගේ අගනා පර් යේෂණ කෘති එකතුව
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
බාල තෙලෙන් වෙච්ච හානිය
ද සිල්වා Tuesday, 14 August 2012 12:32 PM
ජනපතිතුමනි, ඔබ පැවසූවා දූෂිත නිලධාරීන් ගැන පැමිණිලි කරන්න කියලා..? මෙන්න මගේ පැමිණිල්ල.. දූෂිත නිලධාරීන් පිළිබදව හොයා බලා නිසි පරීක්ෂණයක් කර මේ පිළිබදව ප්‍රකාශයක් රටට ලබා දෙන්න..!!(නු)
සුනිල් ජය Thursday, 16 August 2012 03:14 PM
වෙන රටකනම් ඇමතිවරයා ඉල්ලා අස්වෙලා.. ලැජ්ජාවක් නැති කෙනෙක්..!!(නු)
සරත් Thursday, 16 August 2012 09:34 AM
අසහස් දක්වලා තේරුමක් නැ..බාල තෙල්මනේ ගෙන්වන්නේ..(ස)
බණ්ඩාර Monday, 13 August 2012 12:12 PM
හා... හා... අපේ බබාලට මොකුත් කියන්න එපා. (දී)
රාජා සෞදි Thursday, 16 August 2012 11:31 AM
ලංකාවෙ රැකියාවක් කරනවනං කොච්චර හොදද? වැරැද්දක් කලාම උසස්වීම්. ඒකට මෙහෙ වැරදි කලොත් ගෙදර. ලංකාවෙ ඉන්න අය හරිම වාසනාවන්තයි..!!(නු)
චමින්ද Thursday, 16 August 2012 12:35 PM
කාටද දඩුවම් දෙන්නේ කොහොමද දඩුවම් දෙන්නේ.. (ස)
ප්‍රභාත් Monday, 13 August 2012 03:38 AM
අයියෝ සල්ලි
සුරේ Thursday, 16 August 2012 03:23 AM
මෙයාලට ගහන්නයි තියෙන්නේ. (නි)
දුමින්ද Monday, 13 August 2012 08:59 AM
කොච්චර කිවුවත් වැඩක් වෙන්නේ නැහැ. (නි)