IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ප්‍රශ්න විසඳන්න ඕනෑකමක් නෑ

අඩසිය වසක කාලයක් රංගන ක්ෂේත්‍රයේ සක්‍රීයව සිටිමින්, තම අණසක වේදිකාවේ හා පුංචි තිරයේ ඔහු පතුරන්නේ ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමිනි. වේදිකාවේ විවිධ  චරිතවලට ජීවය ලබාදෙන ඔහු අද දවසේ දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරයකු ලෙස තම දැනුම අලුත් පරම්පරාවට ලබාදෙන ගුරුවරයෙකි.

එමෙන්ම  නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් කැපවුණු රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සභාපතිවරයාය. ඒ සියල්ල අබිබවා ඔහු අද දවසේ දී අප හමුවේ පෙනී සිටින්නේ විශිෂ්ට රූපණවේදියකු නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසිනි.

 ඔහු නමින් ප්‍රසන්නජිත් අබේසූරිය වේ. ඔහුගේ රංගන දිවියට වසර 50ක් පිරීම නිමිතෙන් ‘‘ප්‍රසන්නා ලෝකන’’ නමින් නාට්‍ය උළෙලක් අනිද්දා (10) සිට 18 වැනිදා දක්වා ඔහු රංගනයෙන් දායක වන නාට්‍ය 10ක් රඟදැක්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී ඔහු අධ්‍යක්ෂණය කළ නාට්‍ය 4ක්ද රඟදැක්වීම විශේෂත්වයකි. 10 වැනි දින මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ඔහුගේ අඩසියවසක රඟයුග මෙහෙවර වෙනුවෙන් ‘‘ප්‍රසන්නාවලෝකන’’ නමින් ග්‍රන්ථයක් ද එළිදැක්වේ. මේ කාරණා නිමිති කරගෙන ප්‍රවීණ රංගධරයා සමඟ අපි කතාබහ කෙළෙමු.

 ‘‘50 වසරක කාල පරිච්ඡේදය තුළ ගොඩක් දේවල් කළා කියලා හිතෙනවා. ඒ කළා වගේ තව දොළොස් ගුණයක් කරන්න තියෙනවා කියලා හිතෙනවා. නළුවෙක්, රූපවේදියෙක් වුණාම විශේෂයෙන්ම වේදිකාවේ සතතාභ්‍යාසය ඕන වෙනවා. හැම තිස්සෙම නිරන්තර පුහුණුව අවශ්‍යයි. ඒ පුහුණුව අපි කොච්චර වයසට ගියත් සිදුකළ යුතුයි. නැතිනම් අපට සාර්ථක රංගන ශිල්පියකු වෙන්න බැහැ.

මේක අමාරු වැඩක්. අමාරු වැඩේ ජයගන්න නම් වේදිකාවේ අපට හොඳ අභ්‍යාසයක් ඕනෑ වෙනවා. ඉතින් මට වාසනාවට ඒ  අභ්‍යාසයේ යෙදෙන්න පුළුවන් වුණා. වීදි නාට්‍ය කණ්ඩායමේ අවුරුදු 25ක වැඩ කිරීමෙන්. සෝමලතා සුබසිංහ මහත්මිය යටතේ වැඩ කිරීමෙන් හා විවිධ ශෛලීන්ගෙන් යුත් නාට්‍යවල විවිධ හැකියාවන් තිබෙන අධ්‍යක්ෂවරුන් යටතේ  වැඩ කරන්න ලැබීමෙන් තමයි ඒ වාසනාව උදා කර ගත්තේ. එය විශාල භාග්‍යයක්. හා අභ්‍යාසයක් වුණා. මා හිතන්නේ සාර්ථකත්වයක් කරා ගමනක් යන්න නම් ඒ අභ්‍යාසය ඕනෑමයි. මට ඒ අවස්ථාව ලැබුණා. ඒ  නිසා තමයි මට විවිධ ශෛලීන්ගේ නාට්‍යවල විවිධ චරිත රඟපාන්න  අවස්ථාව ලැබුණේ.

මගේ මේ ගමනේ විවිධ මං පෙත් පෙන්වන නාට්‍ය 10ක උළෙලක් පවත්වනවා. එය ඉතා අමාරු වැඩක්. නාට්‍ය රඟ දක්වන එක අවුලක් නෑ. මොකද අපි නිරන්තරයෙන්ම වේදිකාවේ නාට්‍යවල රඟපාන නිසා සමහර දවස්වලට එක දිගට නාට්‍ය 4-5 රඟපාලා තිබෙනවා. ඒත් නාට්‍ය උළෙලක් එක දිගට සංවිධාන කරමින්, ඒවායේ රංගනයේ යෙදෙමින් කටයුතු කරන එක ලොකු අභියෝගයක් තමයි. ලොකුම අභියෝගය වුණේ. අලුතෙන්ම නාට්‍ය 2ක් නිෂ්පාදනය කිරීමයි. මාගේ ‘‘දුක්ගන්නාරාල’’ හා ‘‘දෝදණ්ඩා’’ නාට්‍ය දෙක අවුරුදු 36කට හා අවුරුදු 30කට පස්සේ කරන්නේ නාට්‍ය 2ක් එකවර නිෂ්පාදනය කරමින් නාට්‍ය උළෙලක් කරනවා කියන එක අභියෝගාත්මකයි. කොහොම හරි ඇදගෙන යනවා.  මෙච්චර කාලයක් වේදිකාව තුළ සිටීමට විශාල ඉවසීමක්, කැපවීමක් හා භාගයක් තිබිය යුතුමයි. අපට අතිශය දුෂ්කර අවස්ථා එළැඹිලා තියෙනවා. සමහර අවස්ථාවලට නාට්‍යයක් කරලා ඇවිත් ආපසු ජීවිතේට නාට්‍යයක් කරන්නෙ නෑ කියනවා වාගේ මාත් එහෙම කියපු වාර අප්‍රමාණයි. හැබැයි ඊළඟ සුමානේ තව එකක් පටන් ගන්නවා. මේකට තිබෙන නොතිත් ආශාව අප පෙළඹවනවා. අනෙක් අතට ඒ පෙළඹවීම නිසා කැපවෙනවා. වගකීම්සහගත බව මේ කලාව තුළට ගන්නවා. මේ සියලු දේවල එකතුවෙන් තමයි වසර 50ක් තුළ මෙහි අපි රැඳිලා ඉන්නේ. මේ වසර 50 තුළ විවිධ අය මා සම්බන්ධව ලියූ ලිපි එකතුවක් ලෙස ‘‘ප්‍රසන්නාව ලෝකන’’ නමින් ග්‍රන්ථයක් ද එළි දක්වනවා. කෞෂාන් පෙරේරා හා බුද්ධික රණවීර තමයි එය සංස්කරණය කළේ. මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය මුදියන්සේ දිසානායක ඇතුළු ගොඩක් දෙනෙක් මා පිළිබඳ මෙහි ලියා තිබෙනවා.

මෙවර නාට්‍ය උළෙලේ විශේෂත්වයක් වන්නේ මා සමඟ මගේ බිරිඳ හා පුතුන් දෙදෙනාම රඟපෑමයි. බිරිඳ නයනා නාට්‍ය දෙකකත්, ලොකු පුතා නාට්‍ය දෙකකත්, පොඩි පුතා නාට්‍ය 5කටත් රංගනයෙන් දායක වෙනවා. මගේ පුතා රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍යයක රඟපාන නිසා තාවකාලිකව උළෙල අවසන් වන තෙක් රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ධුරයෙන් මා ඉවත් වෙලා ඉන්නේ. එය ස්වාධීනව කළ යුතු වැඩක්. 

අපේ වේදිකාවේ ප්‍රශ්නවලට විසඳුම්  තිබෙනවා. සමහර ඒවා හරි සරල දේවල්. ඒ ප්‍රශ්නත් අපි විසඳන්නේ නැති කමක් තමයි පසුගිය කාලෙම අපි දැක්කේ. දැනටත් තිබෙනවා මා හිතන්නේ ඉස්සරහට ඒවා  විසඳයි කියා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ජෝන්ද සිල්වා සමරු රඟහල තවම අපට ඉවර කරගන්න බැරිවෙලා තිබෙනවා. මේවාට වුවමනාව නැතිකම තමයි පේන්නේ. නාට්‍ය කලාව කාටවත් වුවමනාවක් නෑ. ඉතිං අපි  කීපදෙනෙකුගේ අවශ්‍යතාවට මෙය පවත්වාගෙන යන තත්වයට පත්වෙලා තිබෙන්නේ කොහොම හරි  කට්ට කාගෙන නාට්‍ය කරනවා. තරගය පවත්වනවා. අමාත්‍යාංශය කරන්නෙ ඒකයි. ඉතිං අර සුපුරුදු රාමුවට දිගටම සිද්ධ වෙනවා. ප්‍රශ්න විසඳන්න බැරිකම නොවෙයි තිබෙන්නේ. වුවමනාවක් හා උනන්දුවක් නැතිකමයි.

 අද දවසේ දී හොඳ නාට්‍ය අලුතෙන් වේදිකා ගත කරනවා. හොඳ නාට්‍ය බිහිවුණත් අනෙක්  පැත්තේ ප්‍රශ්නය ප්‍රේක්ෂකාගාරය නැතිකමයි. පහත් රසිකත්වයේ ඉන්නේ අපි ඒවා ගැන ලොකුවට කතා කරනවා. දේශන පටන් ගන්නවා. සංවාද, සාකච්ඡා තිබෙනවා. එතනින් එහාට ගම් මට්ටමට ගියාම එය  සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සංවිධායකවරු ඉල්ලන්නෙත් අධ්‍යාපන සිලබස් එකට තිබෙන නාට්‍ය හා හාස්‍ය නාට්‍ය විතරයි. සංවිධායකවරු විතරක් නොවෙයි ප්‍රේක්ෂකයෝ ඉල්ලන්නෙත් ඒවා. ඒක තමයි බරපතළ ගැටලුව. ඒක තමයි අපි හඹායන්න ඕනෑ.  ප්‍රේක්ෂකයන්ගේ රසඥතාවය  නැතුව ඒවා  හදන්නේ නැතුව දියුණු නාට්‍ය කලාවක් ගැන කතා කරන්න පුළුවන්ද? මම හැමදාම කියන්නේ ප්‍රේක්ෂකයන් හදන්න ඕනෑ. නැත්නම් ඔවුන් නොදියුණු නාට්‍ය ඉල්ලන්නේ? අපි කවුරු වෙනුවෙන් ද හොඳ නාට්‍ය හදන්නේ? ඒවා බලන්න ප්‍රේක්ෂකයෝ නැත්නම් ප්‍රේක්ෂකයාගේ රසඥතාවය දියුණු කරලා, හොඳ නාට්‍ය බලන්න පෙළැඹවීමක් තමයි කළ යුත්තේ. එහෙම නැතුව අපි කොච්චර නාට්‍ය හැදුවත් එය කොළඹට පමණක් සීමා වූ එකක් වෙනවා. අද තිබෙන්නේත් කොළඹට සීමා වූ නාට්‍ය කලාවක්.

 අවුරුදු 50ක් මම දැන්  ඇවිත් ඉන්නේ. ඉස්සරහටත් මම නාට්‍ය කරනවා. පුළුවන් තරම් මිනිස්සු මේ නාට්‍ය බලන්න ඕනෑ. නාට්‍ය බලන්න මිනිස්සු පෙළැඹවීම තමයි ඉතා වැදගත් වෙන්නේ. නාට්‍යකරුවන්ට ලොකුම ශක්තිය එන්නේ ප්‍රේක්ෂකයන් නාට්‍ය බලන්න ආවොත් තමයි හොඳ නාට්‍ය බලන්න ඒක තමයි ඉල්ලන්නේ.’’

(*** සමන්ත යහම්පත්)



අදහස් (1)

ප්‍රශ්න විසඳන්න ඕනෑකමක් නෑ

Nilantha Friday, 15 August 2025 10:23 PM

මේ විරූපී ජීවන අරගලය තුළ ඔබත් මමත් අප සියල්ලෝමත් "ඉත්තන්" හෝ "ඉත්තන් මෙහෙයවන ඉත්තන්" වී හමාරයි​. ලාභ සත්කාර අභියෝග මැද දරුපවුල ඉදිරියට එන්නේ ඒ නිසාමයි.. ​

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 636 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site