IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි අගනුවර දී අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු හමුවී ද්විපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගත්තේය. ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් අනුර කුමාර දිසානායක මහතා, එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය මෝදිට ඇරියුම් කළේය. ඒ ඇරියුම පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (4) මෙරටට පැමිණෙයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තායිලන්තයේ නිල සංචාරයක නියැළී සිටියේය. තායිලන්තයේ බැංකොක් අගනුවර බිම්ස්ටෙක් සමුළුවට අග්‍රාමාත්‍ය මෝදි සහභාගී විය. බිම්ස්ටෙක් යනු බෙංගාල බොක්ක අවට පිහිටි රටවල් හතක එකමුතුවය. බිම්ස්ටෙක් සාමාජිකත්වය ඉන්දියාවට පමණක් නොව, අප ශ්‍රී ලංකාවට ද හිමිය. සෙසු බිම්ස්ටෙක් සාමාජික රටවල් වන්නේ, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය, තායිලන්තයයි.

සාමාජික රටවල් අතර ආර්ථික වර්ධනය සහ සමාජ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම, අන්‍යොන්‍ය වශයෙන් හිතකර ආර්ථික, සමාජීය, තාක්ෂණික සහ විද්‍යාත්මක ක්ෂේත්‍රවල පොදු අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීම, සාමාජික රටවල් අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ ශක්තිමත් කිරීම බිම්ස්ටෙක් හවුලේ අරමුණ වෙයි.

පසුගිය දා ප්‍රබල භූමිකම්පා දෙකකින් මියන්මාරය සහ තායිලන්තය කැළැඹිණි. ජීවිත දේපළ හානි සිදුවිය. බිම්ස්ටෙක් සමුළුවේදී මේ බව සාකච්ඡා කෙරුණු අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, විපතට පත්වූවන් සඳහා අවශ්‍ය ආධාර නොකඩවා ලබා දීමට ඉන්දියාව ක්‍රියා කරන බවය.

බිම්ස්ටෙක් සමුළුවෙන් පසු අද (4) මෙරටට පැමිණෙන මෝදි මහතා, අනිද්දා (6) වනතුරු මෙරට රැඳී සිටීමට නියමිතය. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන්, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ඔහු හමුවීමට පැමිණෙන ලොව බලවත් රාජ්‍ය නායකයකු ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සැලකිය හැකිය.

අද ඇරඹෙන ශ්‍රී ලංකා සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු තවත් දේශපාලන නායකයන් කීප දෙනකු මුණ ගැසීමට නියමිතය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමටද නියමිතය.

ඊට අමතරව, ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටද නියමිතය. දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීම ද සිදුවෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග මෙම ශ්‍රී ලංකා සංචාරයට, ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකුද සහභාගී වනු ඇත.

අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකාවේ අපට ආගන්තුකයකු නොවෙයි. මෝදි මහතා පළමුවෙන් මෙරටට පැමිණියේ 2015 මාර්තු 13 සහ 14 වැනිදාය. එහිදී ද එවකට පැවැති රජය සමඟ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සිදුවිය. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති සඳහා සහයෝගය ලබා දීමට ඉන්දියාවේ කැමැත්ත ප්‍රකාශ කෙරුණි. ධීවර ගැටලු‍ පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.‍ මෝදි මහතා යාපනයේ සංචාරය කළ අතර, එහිදී යුද්ධයෙන් අවතැන් වූවන් සඳහා ඉන්දියාව විසින් ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතියක් ද විවෘත කළේය.

අග්‍රාමාත්‍ය මෝදිගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරය සිදු වූයේ 2017 වසරේ මැයි 11-12 දෙදිනය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එදා මෙරටට පැමිණියේ වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වුණු ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගී වීමටය. කොළඹ ගංගාරාම විහාරයේ පැවැති වෙසක් උත්සවයට සහභාගී වූ ඔහු, දියත උයනේ පිහිටි ජාත්‍යන්තර වෙසක් උත්සව කලාපය ද විවෘත කළේය. ඊට අමතරව, මෝදි මහතා දික්ඔය ප්‍රදේශයේ පිහිටි ඉන්දියාව විසින් ඉදිකරන ලද රෝහලක් ද විවෘත කළේය.

2019 ජුනි 09 වැනිදා අග්‍රාමාත්‍ය මෝදි පැය කීපයකට මෙරටට පැමිණියේය. ඒ පාස්කු ප්‍රහාරයෙන් පසුවය. කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා පැවැත්විණි.

 

(*** ලු‍සිත ජයමාන්න)



අදහස් (3)

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය

Gamini Friday, 04 April 2025 02:30 PM

මෝදිට සිංහල උගන්නලා යවයි වගේ...! 

:       3       2

chandima Saturday, 05 April 2025 04:36 AM

ගාමිණී, අර රනිල් වගේ කලිසම උස්ස උස්ස ඉංග්‍රීසියෙන් කතා කරනවා නම්ද හොඳ?

:       4       1

Gamini Monday, 07 April 2025 04:34 PM

චන්දිම, නැහැ අප්පුවා වගේ බොත්තම් වැරැදියට දාන එක තමයි හොඳම...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site