IMG-LOGO

2024 මැයි මස 26 වන ඉරිදා


දුම්රිය ඉතිහාසයේ ප‍්‍රථම ඛේදවාචකය

   89

 

ලංකාව යටත් කරගත් ඉංග‍්‍රීසි පාලකයින් ආරම්භයේ සිටම ප‍්‍රමුඛත්වය දුන්නේ වැවිලි ආර්ථීක ක‍්‍රමයකටය. කුරුඳු එන්සාල්, කරාබු නැටි වැනි දේශීය බෝග වලින් සෑහීමකට පත් නොවූ ඔවුහු කෝපි, කොකෝවා, තේ, රබර් ආර්ථිකයක් ගොඩ නැංවීමට සමත් වූහ. කටයුතු කළහ.

 


මුඩුබිම් පනත හා ගිනි අවියේ ශක්තියෙන් දේශීය ඉඩම් කොල්ලකාගනිමින් වතු ආර්ථිකයක් තහවුරුකර වතු පාලනයට සිය දේශයෙන් සුදු පාලකවරු ගෙන්වා ගත්හ.


මාර්ග හා ගමනා ගමන පහසුකම් ඉතා අවම නිසා වතු නිෂ්පාදන ප‍්‍රවාහනය මන්දගාමී විය. ගොන් කරත්ත හා අශ්ව කෝච්චි මගින් ප‍්‍රවාහනය කිරීමෙන් සිදුවෙන ප‍්‍රමාදය, අලාභය වතු පාලක සුද්දෝ පාලකයන්ට පෙන්වා දුන්හ. එහි ප‍්‍රතිඵලයක් ලෙස දුම්රිය සේවාවක යෝග්‍යතාවය වටහා ගත් සුදු ආණ්ඩුව ඒ සඳහා පිඹුරු පත් සකස් කළහ.

2
1864 වසරේදී කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගයක් ඉඳිකිරීම ආරම්භ කරන ලදී.


එම ඉඳිකිරීම් කටයුතු භාරවූයේ බි‍්‍රතාන්‍ය සමාගමකටය. එදවස සිදුවූ ප‍්‍රධානම සංවර්ධන ක‍්‍රියාවලිය ලෙස දුම්රිය මාර්ගය ඉදිකිරීම සැලකේ. එමෙන්ම ලක්වැසි ජනතාවට ද මෙය අලූත්ම අත්දැකීමකි. සංවර්ධන යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙත්දී මහා ඛේදවාචකයක්ද සිදුවිය. ඒ ලංකාවේ ප‍්‍රථම දුම්රිය අනතුරයි. මෙම ඛේදවාචකයට මූලික හේතුව වූයේ නොසැලකිලිමත් බවය.


කම්කරුවන් 36 දෙනෙකු ඉංග‍්‍රීසි ජාතික වැඩ මූලික වූ ජොර්ජ් ඉංග‍්‍රම් සමග දුම්රිය ඩක්කු ගැල් 16 හැලක ගිලී අතුරුදහන් විය. බරපතළ තුවාල ලබා දෙදෙනකු පමණක් දිවි ගලවා ගත්හ. පසුව ඩක්කු දෙකක් ආපසු ගොඩට ගන්නා ලදී. ඩක්කු 14 ක් හා එහි නැගී ගමන් කළ 37 දෙනා නැවත සොයා ගැනීමට නොහැකි වන ලෙස වගුරු බිමේ ගිලී මඩ අගාධය සමූහ මිනිවළක් බවට පත්විය.


මේ දුම්රිය අනතුර සිදුවූයේ කොළඹ සිට කි.මී. 11 ක් දුරින් පිහිටි ගොංගිතොට ප‍්‍රදේශයේදීය. අද එෙඬ්රමුල්ල දුම්රිය නැවතුම් පොළේ සිට රාගම දෙසට හමුවෙන පළමු යකඩ පාලම ඉඳිකර ඇති ප‍්‍රදේශය ආශ්‍රීතවය.


වසර 149 කට පෙර සිදුවූ ප‍්‍රථම දුම්රිය අනතුරේ තොරතුරු සොයා අපි එම ප‍්‍රදේශයට ගමන් කළෙමු.


හුණුපිටිය පසු කරමින් එන දුම්රිය මඟ මුතුරාජවෙල සීමා මායිමෙන් ඉදිවුවත්, එෙඬ්රමුල්ල පසු කරන විට දුම්රිය මග දෙපසම ඇත්තේ මුතුරාජ වෙලය. (හොරපෙ දක්වා) ගොංගිතොට ප‍්‍රදේශය නොපොහොවන හැල්ය.

 

1

 


මුතුරාජ වෙළ හරහා දුම්රිය මඟ ඉදිකිරීමට අඩි අට, නවය පළලට හා අඩි හතරක් හෝ පහක් උසට වේල්ලක් සකස් කළ යුතු විය. එෙඬ්රමුල්ල දක්වා දුම්රිය මග ඉඳිවී තිබේ. එතැන් සිට පස් පුරවන බිමේ ඩක්කු වලට හා එංජිමට ගමන් කළ හැකි අයුරින් තාවකාලිකව පීලි දමා පොළව සකස් කර තිබිණි.


එෙඬ්රමුල්ල දුම්රිය පොළ අසළ ත‍්‍රීරෝද රිය ගාලේ ඩබ්ලිව්.එස්. පේ‍්‍රමසිරි රියැදුරු මහතා පවසන්නේ ”අපේ වැඩිහිටියන් ගෙන් දැනගත් පරිදි රේල් පාර ඉදිකරන්න අවශ්‍ය පස් කපා ගෙන ඇත්තේ පරණ කන්ද හා වෙඩි කන්ද ප‍්‍රදේශයෙන් බවයි.


ඒ පස් ඩක්කුවලින් තමයි රේල්පාර ඉදිකරන තැනට ගෙනැවිත් දමන්නෙ. මේ මුතුරාජ වෙල වගුරු බිමයි. ගොංගිතොට ප‍්‍රදේශයේදී වගුරු බිම් මැදින් තමයි රේල් පාර ඉඳිවෙන්නෙ. ඒ හරියට කියන්නේ බම්බු හැල කියලයි. අඩි 40 ක 50 ක උණ ගහක් වුණත් ඒ වගුරේ ගිල්වන්න පුළුවන් කම නිසයි බම්බු හැල නම වැටිල තියෙන්නෙ.


මේ ප‍්‍රදේශයෙන් ගලා ගිය මහා ආර ඇළ දකුණට හරවා සුද්දො උන්ට පහසු තැනකින් විශාල යකඩ බෝක්කුවක් ඉඳිකර තමයි බම්බු හැල උඩින් රේල්පාර හදන්න ගත්තේ.


හැලේ තරම සුද්දො නිසියාකාරව දැනගෙන හිටියේ නැතිලූ. අද වගේ තාක්‍ෂණයත් තිබිලා නැහැ. රේල් පාරක් ඉඳිකිරීම ප‍්‍රදේශයට අලූත් දෙයක්. ඒ වගේම පුදුම වැඩක්. මේ නිසා අවට ගම්වලින් පවා සිය ගණන් සෙනඟ ඇවිත් තියෙනවා බලන්න. වගුරේ නියම තත්ත්වය පිළිබඳව සුද්දන්ට උපදෙස් දෙන්න ගිහිල්ලත් නැත්තේ අපේ මිනිසුන්ගේ උපදෙස් පිළිගන්නේ නැති නිසාලූ.


පොළොවට සම්බන්ධ ඉදිකිරීමක් නිසා බහිරව පූජාවක් හෝ අදාළ යාතු කර්ම නොතැබීම පිළිබඳව අපේ පැරැුන්නන් පුදුම වෙලා තියෙනවා. මේ නිසා මිනිස්සු කියා තියෙනවා මේක හරියන වැඩක් නොවේ, විපත්තියක් කියල. ඒ වගේම සිදුවුණේ අහස පොළව නුහුලන මහා විපතක්. ඛේදවාචකයක්.


අනතුර සිදුවූයේ 1865 ජනවාරි 14 සෙනසුරාදා දිනයේදීය. වේලාව දහවල් 12 ට පමණ ඇත. පස් අදින ඩක්කු පස් අදිමින් යෝජිත දුම්රිය මඟ පුරවා සකස් කරමින් සිටි මොහොතකි.


මාර්ගයේ වැඩ කරන සේවකයන්ට වැටුප් ගෙවීමට පැමිණි සිරා මාළු නයිදු නැමති ලිපිකරුවා තමන් පැමිණි ඩක්කුව නොසැලකිලිමත් ලෙස දුම්රිය මගේ නවතා තිබී ඇත. ඩක්කු සම්බන්ධ කරගත් දුම්රිය එංජිම කොළඹ දෙසට මුහුණලා ඩක්කු ගැල් 16 හා නියාමක මැදිරිය රාගම දෙසට සිටිනසේ තාවකාලිකව දැමූ පිලි මත පිටුපසට ධාවනය විය.


දැඩි අව්රශ්මිය හා තද දූවිල්ල නිසා පිටිපස නවතා තිබූ සිරා මාළු නයිදුගේ ඩක්කුව රියැදුරාට පෙනුණේ නැත. දුම්රිය නියාමක දුන් සංඥාව ද රියැදුරාට නොපෙනුණි, නොඇසිණි. ඒ තරමටම දූවිල්ල අවට වසා ගෙන තිබිණ.


පිටුපසට ධාවනය කළ දුම්රිය නයිදුගේ ඩක්කුවේ ගැටුණි. ඉවතට විසිවුණ නියාමකට බරපතළ තුවාල සිදුවිය. මේ ගැටීම නිසා එංජිමේ අමුණා තිබූ ගැල් 16 පීිලිපැන ඒ වේගයෙන්ම බම්බු හැලට පෙරළී ගිලී නොපෙනී ගියේය. කොන්ත‍්‍රාත්කරුගේ නියෝජිතයා ද හැලට ඇද වැටුණි.


මහර ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී ඞී. ද එස්. ජයසිංහ මහතා සඳහන් කළේ පීලි තාවකාලිකව පොළවට හිරකර ඒ මතින් ධාවනය වූ නිසා අනතුර භයානක වූ බවයි. අපේ සීයල නම් කියා තිබුණෙ කිසිදු චාරිත‍්‍ර වාරිත‍්‍රයක් නොකල නිසා භූමියට අධිපති දෙවි දේවතාවෝ කෝප වුණා කියලයි. ජෝර්ජ් ඉන්ග‍්‍රම් පෝමන් එකක් සේවකයින් 36 ක් ඉඳල තියෙනවා. කිසිම කෙනෙකුට පැන ගන්න ලැබී නැහැ. එගොඩ මිනිස්සු සිය ගණනක් බලා සිටිත් දී කාගේත් විලාප මැද සේවකයොයි, ගැල් 16 යි බම්බු හැලේ ගිලිල ගිහින්. කිසිම දෙයක් කරකියා ගන්න හැකිවෙලා නැහැ. හිස්වූ තැන පිරෙන්න මඩ තට්ටු ගලාගෙන ඇවිත් වගුර සමතලා වෙන්නම වැසී ගිහින්.

6


අනතුරට මූලික වූ අපරික්‍ෂාකාරී ලෙස ඩක්කුව නැවැත්වූ, සිරා මාළු නයිදු නැමති වැටුප් ලිපිකරු ආගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. පසුව පැමිණි ඉදිකිරීම් සමාගම වගුරේ ගිලී තිබූ ඩක්කු ගැල් දෙකක් ගොඩ ගන්නා ලදී. වසර 149 කට පෙර ප‍්‍රථම දුම්රිය අනතුර සිදු වූයේ ඒ අයුරිනි. කිසි කලකත් නොදුටු, නොඇසූ මෙවන් අනතුරක ආන්දෝලනය අවට ප‍්‍රදේශ පුරා ඊයක වේගයෙන් පැතිරිණි. ජන සන්නිපාතයක් ගලා ආවත් ඔවුන්ට දැක ගැනීමට හැකිවූයේ කිසිවක් නොසිදු වුවක් මෙන් නිසලව තිබූ බම්බු හැලේ මඩ ගොහොරුව පමණි.


දෙවෙනුව පැමිණි ඉඳිකිරීම් සමාගම මඬේ ගිලී අතුරුදහන් වූ කිහිප දෙනෙකුගේ සිරුරු කිහිපයක් ගොඩගැනීමට සමත් වූහ. අදාළ මරණ පරීක්‍ෂණය එම ස්ථානයේදීම පැවැත්විණි. මරණ පරීක්‍ෂණය සඳහා පැමිණි නිලධාරින්ට පැමිණ සිටි ජනතාව පාලනය කර ගැනීමට නොහැකි විය. ඒ ඔවුන් දැඩි ලෙස කෝපව සිටි බැවිනි.


ඞී. ද ඇස්. ජයසිංහ මහතා - මරණ පරීක්‍ෂණය කරන්න ඉඩ දුන්නෙ නැතිලූ. සුද්දන්ටත් හකුළුගෙන පලයව්. තොපේ මිනිවළත් මෙතනම හාරනවා කියා කෑ ගැසුවලූ. ජනතාවට එහෙම කේන්ති ගිහින් ඇත්තෙ ෆෝමන් සුද්දා හැරෙන්න මියගිය අනෙක් සේවකයින් සිංහල, දෙමළ, කොච්චි අය වීම නිසයි. වැඩිදෙනා සිංහලයින්. කලබලය සංසිඳවන්න මැ?ටි සෙබළුන් පවා ගෙන්නුවා කියලයි අපේ සීයල කියල තියෙන්නෙ.


මෙතැන කලබලය පිළිබඳව දැනගත් රාගම මිගෙල් මුදියන්සේ කියන ප‍්‍රභූවරයෙක් මෙතනට පැමිණ සෙනඟ හසුරුවා දුන් බවත් කියැවෙනවා. මරණ පරීක්‍ෂණය පවත්වා තියෙන්නේ ඉන් පසුවයි. ඒ කල සේවාවට සුදු පාලකයින් රාගම මිගෙල් මුදියන්සේට රාගම් පත්තුවේ මුහන්දිරම් තනතුර ලබා දුන් බවත් කියැවෙනවා.


ලංකාවේ දුම්රිය ගමන නැමති කවි පොතේ ඒ දුක්මුසු පුවත මෙසේ සඳහන් විය.


කඩ නොව සෙනඟ යොදවා මෙමග නෙක      ලෙස
වැඩ පළ කළේ පෙළ ගලපා රිය                 මෙලෙස
ඉඩ නොව සෙනඟ පුරවා දවසක                සවස
සැඩ නළ වේගයෙන් දුවමින් නොපසු           බෑස

 

එක්කුඩු රියෙකි සැපි තිබූ මෙමග තද           කොට
එක්විට පෙරළි ගැඹුරේ නිම් නැති               හැලට
නෙක්රුදු බිය මරණ පැමිණන දන             කැලට
දුක් මැද ගියෙමු දැක සිහිවී                    ගොංගිතොට

 


ඉතිහාසය වර්තමානයට ගෙන ඒම සඳහා දුම්රිය ගමනා ගමන අධිකාරී ආර්.ඒ.එල්. රත්නායක මහතාව මුණ ගැසිණි. ඒ මහතා විසින් අප, ප‍්‍රධාන පරිපාලන නිලධාරී (කාර්මික) එන්.ජේ.ඩබ්ලිව්.වයි. නානායක්කාර මහතාට යොමු කරන ලදී.


දුම්රිය මග ඉදිකරත් දී සිදු වූ ඛේදවාචකය හා පසු අවස්ථාවන් මාධ්‍ය මගින් හෝ මතුකරන්න  ඕනෑ සිදුවීමක් ලෙස පිළිගන්නා බව පැවසූ නානායක්කාර මහතා සඳහන් කළේ දෙපාර්තමේන්තුවේ විවිධ උත්සව හා සැමරුම්වල දී මියගිය අය සිහිපත් කරන බවයි. එය ප‍්‍රමාණවත් නැති බවත් පිළි ගන්නවා.
අනතුර සිදුවූ මාර්ගය සේවා සපයන්න පමණක් ඉදි කළ මාර්ගයක්ද, එසේ නැතිනම් පවතින මාර්ගයමද කියා ගැටළුවක් තියෙනවා. එෙඬ්රමුල්ල-හොරපේ අතරවූ සිදුවීමක් නිසා එම දුම්රිය නැවතුම් දෙපොළින් එකක අනතුරේ සංකේතයක් හෝ අනතුර සිදුවූ තැන සිහිවටනයක් හෝ ඉඳි කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන බවත් පැවැසීය.

 

M



අදහස් (0)

දුම්රිය ඉතිහාසයේ ප‍්‍රථම ඛේදවාචකය

නන්දනී Thursday, 29 January 2015 06:41 AM

හරිම අගනා ලිපියක් (දිල්)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 14 January 2015 04:11 PM

නොදන්නා දෙයක් ඒ වගේම වටිනා ලිපියක්.. තවත් මේ වගේ ලිපි පල කරන්න හැකියාව ලැබේවා....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි
2024 මැයි මස 25 245 1

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්


ජනපතිවරණයට උතුරු - දකුණ ඡන්ද සාධක
2024 මැයි මස 25 183 0

ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටපුරා අති බහුතරයකගේ සාම්ප්‍රද


පාසල් අසල මාර්ගවල රථවාහන පාලනයක් ඕනෑ
2024 මැයි මස 25 63 0

අනතුරු සිදු වන්නේ කල් ඇතිව දැනුම් දී නොවේ. එහෙත් ඇතැම් අනතුරු වළක්වාගත හැකිය. එයට එළැඹගත් සිහියෙන් ක්‍රියා තළ යුතුය. එසේම ඇතැම් අනතුරුවලට හේතුව නොසැලක


චිත්‍රපට අරමුදලක් වහාම ඕනෑ
2024 මැයි මස 24 400 0

ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’ යන සිනමා පටය නිර්මාණය ක


සංස්කෘතික විප්ලවයක අවශ්‍යතාව
2024 මැයි මස 24 193 4

ලෝක පූජිත භෞතික විද්‍යඥ සහ සාපේක්ෂතා න්‍යායේ නිර්මාතෘ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රකට ප්‍රකාශයක් පහත එන පරිදි ය. “නූතන ලෝකයේ විද්‍යාත්මක අවශ්‍යතා


ජාතික ආරක්ෂාවේ සූදානම නිරන්තරයෙන් අවශ්‍යයි
2024 මැයි මස 24 187 1

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ වැදගත්කම අවධාරණය කෙරෙන සිද්ධියක් පසුගිය දින කිහිපය පුරාම අප පුවත්පත වාර්තා කළේ ය. එම සිදුවීම නම්, ඉන්දියා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 946 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2492 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site