රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ තොරතුරු සමහරක් ප්‍රකාශයට පත්වී තිබේ. ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ එම ප්‍රතිසංස්කරණ පිළිබඳ කෙටුම්පත මෙම සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
හඳුන්වාදීමට නියමිත ප්‍රතිසංස්කරණවල දී ඉතිහාසය සහ සෞන්දර්යය විෂයයන් පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි චෝදනාවක් නැගුණ අතර ඒ සම්බන්ධයෙන් විශාල විරෝධතාවක් රජයට එරෙහිව ගොඩ නැගි තිබුණි. ජාතික ජනබලවේග රජය බිහි කිරීමේ දී ප්‍රබල කාර්යභාරයක් ඉටු කළේ යැයි සැලකෙන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ “එවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට සූදානම් වන මේ රජයට හෙණ වදින්න ඕනෑ” යනුවෙනි. එවැනි මතවලින් පැහැදිලි වන්නේ රජය කඩිමුඩියේ හඳුන්වාදෙන බවට ප්‍රකාශ කර ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳ විවිධ අංශවලින් ගොඩනැගෙන මහා විරෝධතාව පිළිබඳව තොරතුරුය.
සෞන්දර්ය විෂයය ශාස්ත්‍රීය විෂයයන් සමග සිසුන්ගේ මානසික සහ ශාරීරික සමබරතාව ආරක්ෂා කර ගනිමින් අධ්‍යාපනයේ නියැළීමට අවස්ථාව සලසන විෂය ක්ෂේත්‍රයකි. ඉතිහාසය රටේ සහ ලෝකයේ දේශපාලන, සමාජ සහ සංස්කෘතික විකාශය සිසුන්ට අවබෝධ කරදෙන විෂය ක්ෂේත්‍රයකි. සමහර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී ඉතිහාසය විෂය පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කර දැමූ අවස්ථා මීට පෙර ද වාර්තා විය. එසේ වුව ද රටේ විද්වතුන් ඉතිහාසය විෂයය ඉගැන්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් එය කප්පාදු කර දැමීමට එරෙහිව ගෙන ගිය විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසය විෂයය නැවත වරක් පාසල් විෂය මාලාවට එකතු කිරීමට සිදුවිය. සෑහෙන කලක් නිරුපද්‍රිතව පාසල් විෂය අතර පැවතීමට එයට ඉඩ ලැබුණු නමුත් දැන් නැවත වරක් ‘ඉතිහාසය කප්පාදුව’ පිළිබඳව සංවාදයක් ගොඩ නැගීම සඳහා මේ රජය විසින් ඉඩ සලසනු ලැබ තිබෙන බවක් හැඟේ.
පාසල් විෂය මාලාවේ ප්‍රතිසංස්කරණ ඇතිවිය යුත්තේ රටේ ජාතික සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන සේ සිසු දැනුම සහ කුසලතා ප්‍රවර්ධනය සහ විනයානුකූල අනාගත පරපුරක් බිහි කිරීම වැනි අරමුණු මුල් කරගෙනය. එබැවින් එය කඩිමුඩියේ ක්‍රියාත්මක කළ යුතු කාර්යයක් නොවේ. බුද්ධිමතුන්, අධ්‍යාපනඥයන්, ගුරුවරුන්, මවුපියන් සහ ව්‍යාපාරික ප්‍රජාව ආදිය සම්බන්ධ කරගෙන සැලසුම්සහගත වැඩපිළිවෙළක් ඔස්සේ නිගමනවලට එළැඹිය යුතු ක්‍රියාවලියකි. එසේ වුව ද රජය එවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය නොකර ඉතා කෙටි කලකින් මෙවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට අදහස් කරනුයේ කුමන හේතුවක් නිසා ද යන්න තේරුම් ගැනීමට නොහැකිය. රජයේ ප්‍රතිසංස්කරණ මහජනතාවට දැන ගැනීමට ඉඩ සැලසෙන සේ ඒවා ප්‍රසිද්ධියට පත් නොකර, අධ්‍යාපනයට සම්බන්ධ විවිධ අංශවල අදහස් හා මතවාදවලට ඉඩක් සැලසීමකින් තොරව, ඉතා කෙටි කලකින් ඒවා ක්‍රියාකත්මක කිරීමට යෑම පිළිබඳව මහජනතාව තුළ සැකයක්, අවිශ්වාසයක් මෙන්ම විරෝධතාවක් ද ගොඩනැගීම අපේක්ෂා කළ යුත්තකි.
මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ එකම ගැටලුව ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් නව වැනි ශ්‍රේණියේ සිට අදාළ වන විෂය මාලාවෙන් ඉවත් කිරීම පමණක් නොවේ. අග්‍රාමාත්‍යතුමිය මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ නව ප්‍රතිසංස්කරණවලින් එම විෂයයන් ඉවත් කිරීමක් සිදු නොවන බවයි. එසේ වුව ද ඍජුව ඉවත් කිරීමක් සිදු නොවුණ ද අනියමින් එම විෂයයන් ඉවත් කිරීමට කටයුතු සලසා ඇතැයි අගමැතිනියට ප්‍රතිචාර දක්වමින් ඇතැමෙක් ප්‍රකාශ කරති. මෙවැනි ගැටලු ඇතිවීමට මූලිකම හේතුව ප්‍රමාණවත් කතිකාවකින් තොරව එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට සූදානම් වීමත් ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රමාණවත් තරමින් අදාළ අංශ හෝ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු නොකිරීමත් යැයි සිතිය හැකිය.
මුළු පාසල් විෂය පද්ධතියම සහ රටේ ද්විතියික අධ්‍යාපන මට්ටම දක්වා වූ අධ්‍යාපන ක්‍රමය ද විශාල පරිවර්තනයකට බඳුන් කෙරෙන වෙනස්කම් හඳුන්වා දිය යුතුව ඇත්තේ හැකිතාක් දුරට ඊට අදාළ ආයතනවල සහ පාර්ශවකරුවන්ගේ එකඟතාව මතය. ඉතා කුඩා ප්‍රතිසංස්කරණ පවා හඳුන්වා දීමට දැරූ උත්සාහයේ දී ඇති වූ ප්‍රතිවිරෝධතා හඳුනා ගැනීමට වත්මන් රජයට හැකි වූයේ නම් මෙවැනි පියවරකට නොඑළැඹෙනු ඇත. කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මේ වසරේ සිට දේශීය සිසුන් ඇතුළත් කර නොගන්නා බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට දන්වනු ලැබීය. ඒ වනවිට දේශීය සිසුන් බඳවා ගැනීම සඳහා එම විශ්වවිද්‍යාලය විසින් තම වෙබ් අඩවියේ දැන්වීම් පළකර තිබුණ ද ඇමැතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසු එම දැන්වීම් සංශෝධනය කරනු ලැබීය. එසේ වුව ද ඉන් කෙටි කාලයකට පසු දේශීය සිසුන් එම පීඨයට බඳවා නොගැනීමට රජය විසින් ගනු ලැබ තිබූ තීරණය වෙනස් කළ අතර ඒ අනුව විශ්වවිද්‍යාල වෙබ් අඩවි දැන්වීම ද වෙනස් කර ඇත. එයට හේතුව රජයේ එම තීන්දුවට එරෙහිව ගොඩනැගුණු විරෝධතාය. එවැනි තත්වයක් තිබිය දී ඒවා අත්දැකීම් බවට පත්කර නොගනිමින් දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අත තබා ඇත්තේ එවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට උත්සාහ කරන විවිධ රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙයවීම යටතේ ද යන ප්‍රශ්නය පැන නගී.
නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කර ගැනීම තම මූලික පරමාර්ථය කර ගත්තාවූත් ඒ සඳහා විවිධ කැප කිරීම් සහ සිය සාමාජිකයන්ගේ ජීවිත පවා කැප කළ ජනතා විමුක්ති පෙරමුණට එම අරමුණු ක්‍රියාවට නැංවීම සඳහා දැන් අවස්ථාව සැලසී තිබේ. මේ වනවිට නිදහස් අධ්‍යාපන ක්‍රමය බිඳ වැටී ඇති අතර පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවලට සහභාගි නොවී මුදල් ගෙවා ටියුෂන් පන්තිවලට යෑමට සිදුවන අධ්‍යාපන ක්‍රමයක් දැන් බිහිවී තිබේ.
නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නාමිකව ක්‍රියාත්මක වෙද්දී සෑම පාසල් සිසුවකුගේම මවුපියන්ට උපකාරක පන්ති සඳහා විශාල වියදමක් දැරීමට සිදුව ඇත. පාසල් සිසුන්ට දිවා රෑ නොබලා පාසලට ද, පෞද්ගලික පන්තිවලට ද සහභාගිවීමට සිදුවීම නිසා අධ්‍යාපනය හේතුවෙන් මානසික පීඩනයට, ආතතියට සිසුන් ගොදුරු වන තත්වයක් නිර්මාණය වී ඇත. රජය මුලින්ම අවධානය යොමු කළ යුත්තේ යළිත් රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය පෙර පැවැති තත්වයෙන්ම තහවුරු කිරීම පිළිබඳවය. පාසල් විෂය මාලා සංශෝධනය ඇති කළ යුත්තේ ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් සහ නවීන විෂය මාලා සහ අධ්‍යාපන ක්‍රමවේද පිළිබඳව ගැඹුරු හැදෑරීමකින් පසුවය. එවැනි තත්වයක් තුළ මහජනතාවගේ බලාපොරොත්තුව වී ඇත්තේ රජය නැවත වරක් රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තහවුරු කිරීමට මුලින්ම කටයුතු කරනු ඇතැයි යන්න පිළිබඳව ය.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා,
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,
සුනන්ද මද්දුම බණ්ඩාර
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දඩි බිඩි ප්‍රතිසංස්කරණ කාගේ වුවමනාවටද?
Rata Perata Monday, 28 July 2025 04:46 PM
කොහොමද හලෝ දඩිබිඩි වෙන්නේ? මේවා දැන් අවුරුදු 35ක විතර ඉඳලා කරන්න තටමන ඒවනේ...