IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


ඩ්‍රෝන ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?

රුසියාව අභ්‍යන්තරයේ පිහිටි ගුවන් හමුදා කඳවුරුවල තිබූ විවිධාකාරයේ උපාය මාර්ගික ගුවන් යානාවලට යුක්රේනය එල්ල කළ අභීත ඩ්‍රෝන ප්‍රහාරයෙන් නූතන යුද්ධෝපායන් වෙනස් වී ඇති බවට ප්‍රතික්ෂේප කළ නොහැකි තියුණු සාක්ෂියත් ඉදිරිපත් වෙයි.

මෙම සිද්ධි හට ගන්නේ සතුරු පෙරමුණෙන් කිලෝමීටර් සිය ගණනක් පසුපස හුදෙකලා සිදුවීම් ලෙස නොව ඊට වඩා මිනිසුන් රහිත ගුවන් යානා ක්ෂේත්‍රයේ බලගතු පරිනාමයක් පෙන්නුම් කිරීමක් ලෙසයි. වෙනස් අයුරකින් කිවහොත් ඩ්‍රෝන යාත්‍රාවෝ යුදමය මූලධර්ම ක්‍රමෝපාය හා සැබවින්ම ජාතික ආරක්ෂාව පවා නැවත අර්ථ දක්වති. භූගෝලීය වශයෙන් ප්‍රහාරයට ගොදුරු වීමේ අවදානම සහිත ඊටම ආවේනික ලක්ෂණ ඇති අභ්‍යන්තර ගැටුම් සම්බන්ධයෙන් සංකීර්ණ ඉතිහාසයක් පවතින්නා වූ ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මෙම සුසමාදර්ශී වෙනස තේරුම් ගැනීම හා ඊට අනුගතවීම හුදෙක් උපායමාර්ගක අවශ්‍යතාවක් පමණක් නොව එය පැවැත්මේ වැදගත් බවට අදාළ කාරණයක් ද වේ.

 

යුද බිමේ තාක්ෂණය

යුද කටයුතු සම්බන්ධ වෘත්තීය  ප්‍රවේනියකු ලෙස මම යුද්ධ භූමියේ තාක්ෂණයේ සංක්‍රාන්තිය බලය පළමු කොටම දැක ඇත්තෙමි. කෙසේ වුවද ඩ්‍රෝන තාක්ෂණයේ ආගමනය සහ ශීඝ්‍ර පැතිරීම ඔස්සේ නියෝජනය වනුයේ වෙඩි බෙහෙත් හඳුන්වාදීම හෝ ගුවන් යානය හඳුන්වාදීම හා සමාන වූ යෝධ පිම්මකි. යුක්රේනය ප්‍රහාර එල්ල කිරීම්වලින් විශේෂයෙන් ඇතැම් තීරණාත්මක කාරණයන් අවධාරණය කරයි. ප්‍රහාර එල්ල කරන පරාසය හා ඩ්‍රෝනවල නිශ්චිත හා නිරවද්‍යභාවය, සාම්ප්‍රදායික ගුවන් ආරක්ෂ ක්‍රම මග හැර යන්නට ඒවාට ඇති හැකියාව  ඉන් කිහිපයකි. සාපේක්ෂ වශයෙන් අඩු පිරිවැයක් ඒ සඳහා වැය වුවත් එවැනි මෙහෙයුම්වල ක්‍රමෝපාය බලපෑම ඉතා ඉහළය. කිසිදු ඉලක්කයක්, කෙතරම් ගැඹුරට විහිදී තිබුණත් හෝ කෙතරම් ආරක්ෂිත සේ පෙනුණත් විනාශකාරී සතුරන්ට කෙතරම් ප්‍රතිවිරෝධය දැක්වූවත් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම ඉදිරියේ ඒවායින් ඵලක් නොවන බව මෙම ප්‍රහාර වලින් අවධාරණය කොට දක්වයි.

 

ගුවනේ කෙරෙන යුද කටයුතුවල පරමාදර්ශ වෙනස්වීම

ඩ්‍රෝන තාක්ෂණය සොයා ගැනීම සහ වඩාත් නිවැරදිව කියන්නේ නම් එය පරිණත වීම හා පෘථුල ලෙස යොදා ගැනීමෙන් මූලික වශයෙන් ගුවනේ කෙරෙන යුද කටයුතුවල සියලු ගණනය කිරීම් වෙනස් කොට ඇත. සාම්ප්‍රදායික වශයෙන් ගුවනේ සුපිරි බලධාරීන් වූයේ මිනිසුන් සහිත ප්‍රහාරක ජෙට් යානාවලට සෑහෙන තරම් ආයෝජන කරන උසස් රේඩාර් ක්‍රම සහ ඉහළින්ම පුහුණුව ලද ගුවන් නියමුවන් හිමි වූ රටවල්ය. කෙසේ වුවද ඩ්‍රෝන යාත්‍රාවලින් ගුවනේ බලය ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක් වූයේය. කැපී පෙනෙන වාසි ඒවායින් පිරිනැමිණි.

 

පුද්ගල අවදානම අඩු කිරීම

ඩ්‍රෝන යාන පාලනය කරනුයේ දුරස්ථ පාලනයන් ගෙනි. ගුවන් නියමුවන් මරණයට පත්වීමේ අවදානම එයින් ඉවත්ව යයි.

 

පිරිවැය කාර්යක්ෂමතාව

මිනිසුන් යෙදවූ ගුවන් යානා හා සැසඳු විට ඩ්‍රෝන යානා ප්‍රසම්පාදනයට මෙහෙයුම් කිරීමට හා නඩත්තු කිරීමට යන්නේ අඩු වියදමක් බැවින් එය වඩා ලාභදායි වේ. එම නිසා පුළුල් පරාසයක රාජ්‍යයන්ට ඒවා වෙත පිවිසීමේ හැකියාව ලබයි. රාජ්‍ය නොවන කාරකයන්ට ඒවා යෙදවීමේ හැකියාව ලැබේ.

 

නොනැසී පැවැත්ම සහ එහා මෙහා යාමේ හැකියාව

දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ ඩ්‍රෝන යාත්‍රාවලට ගුවනේ රැඳී සිටිය හැකිය. නොනැසි පවතින ඒවාට ඔත්තු බැලීමේ කාර්යයත් ප්‍රහාර එල්ල කිරීමේ කාර්යයත් කළ හැකිය.

 

නිශ්චිත බව හා ඉලක්ක කිරීම

නවීන ඩ්‍රෝන යාත්‍රා උසස් ගණයේ සංවේදක වලින් හා නිශ්චිතව මග පෙන්වන මුනිස්සම් හා යුද උපකරණවලින් සන්නද්ධවී තිබේ. පාර්ශවික වශයෙන් අවම හානියක් සිදුකොට නිෂ්චිත ඉලක්කයකට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඒවාට ඇත.

 

රංචු වශයෙන් (මී මැසි පොදියක් සේ) උපායශීලී මෙහෙයුම් කිරීම

එකවර බහුවිධ ඩ්‍රෝන සමූහයක් යොදවා ගැනීමේ හැකියාව ඇත. නිරන්තරව ස්වායක්තව හෝ අර්ධ වශයෙන් ස්වායක්තව කටයුතු කිරීමේ හැකියාව ඒවාට ඇත. දැනට පවතින ගුවන් ආරක්ෂක පද්ධතිවලට ඒවායින් ශක්තිමත් අභියෝග එල්ල කෙරේ. ඒවා රාශි පිටින් වනසා දැමීම ඩ්‍රෝනවලට කළ හැකිය.

ගුවන් බලය තවදුරටත් සාම්ප්‍රදායික ගුවන් හමුදාවල එකම බලාධිපත්‍ය නොවන කල්හි මෙම වෙනස්වීම්වලින් අලුත් මෙහෙයුම් පරිසරයක් නිර්මාණය කරනු ලබයි.

 

අසම්මිතික යුද කටයුතු හා ඩ්‍රෝන තාක්ෂණය

වඩා දුර්වල කාරකයන් ප්‍රබලයන්ගේ දුර්වලතා වලින් ප්‍රයෝජන ගන්නට මාන බලමින් තාක්ෂණික වශයෙන් වැඩි දියුණු ප්‍රතිවාදින්ට ප්‍රහාර එල්ල කිරීමට පෙළෙඹෙන අසම්මිතික යුද කටයුතුවලට ඩ්‍රෝන තාක්ෂණය හොඳින් ගැලපේ. වානිජ වශයෙන් දැනටමත් අලෙවියට තිබෙන ඩ්‍රෝනවලින් රාජ්‍ය නොවන කාරකයන්ට සහ කැරළිකාර කණ්ඩායම්වලට තම කටයුතු දියුණු කර ගත හැකිය. විනාශකාරී අරමුණු සඳහා නවීකරණකොට තිබෙන මෙම ඩ්‍රෝනවල අසම්මිතික බලපෑම් ඇති කළ හැකිය.

පහත සඳහන් කටයුතු උදෙසා ඩ්‍රෝන භාවිත කළ හැකිවේ.

බුද්ධිමය තොරතුරු ඒකරාශි කිරීම

මිලිටරි ආයතනවල කෙරෙන රහස්‍ය සුපරීක්ෂණ, තීරණාත්මක යටිතල පහසුකම් හා ප්‍රභූ ගමන් බිමන් උදෙසා මෙම රහස්‍ය තොරතුරු ඒකරාශී කිරීම සිදු කෙරේ.

 

ඉලක්කගත ප්‍රහාර:

පුපුරන ද්‍රව්‍ය සුළු වශයෙන් යොදාගෙන ඇවිලුම් උපකරණ හෝ රසායනික / ජීව විද්‍යාත්මක කාරකවලින් කෙරේ.

 

මනෝ විද්‍යාත්මක යුද කටයුතු:

බාධාකාරී පියාසරයන් හෝ සුළු සිදුවීම් ඔස්සේ දෛනික දිවි පෙවෙත අවුල් කරන ආකාරයෙන් භීතිය නිර්මාණය කිරීම

 

හිරිහැර කිරීම හා කඩාකප්පල් ක්‍රියා:

ගුවන් තොටුපොළ වරාය හෝ බලාගාරවල අවුල් කිරීමේ

මෙහෙයුම් කටයුතු අඩු වියදමෙන් සහ පහසුවෙන් වාණිජ ඩ්‍රෝන අත්පත් කරගත හැකිවීමෙන් අදහස් වන්නේ ගුවන් හමුදා කඳවුරු ප්‍රහාර එල්ල කිරීමට පිවිසීමේ බාධක ක්‍රමයන් අඩුවන බවකි.

 

ත්‍රස්තවාදය යළි මතුවීමේ විභවතාව හා ඩ්‍රෝන තාක්ෂණයේ තර්ජන

ත්‍රස්තවාදය සමග පොර බැඳීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ වේදනාකාරී ඉතිහාසයකි. දශක ගණනාවක් පැවති යුද ගැටුම්වලින් උගත් පාඩම්වලින් රාජ්‍ය නොවන කාරකයන්ට හැඩ ගැසීමේ සඛ්‍යතාව හා ව්‍යාජ බව පැහැදිලිව දිස්වී තිබේ. ත්‍රස්ත කණ්ඩායම් යළි නැගිටීම හෝ අලුත් කණ්ඩායම් මතුවීම සිදුවන විට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගත හොත් එහි දී දරුණු තර්ජන හටගනී. විවිධ ආකාරයෙන් එහිදී ඩෝන භාවිත කළ හැකිය.

 

හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම

පුපුරන ද්‍රව්‍ය යොදා කුඩා ඩ්‍රෝන යොදා ඉන්ධන හල්, ධාවන තීරු සහ පාලන මධ්‍යස්ථානවල ඇති ගුවන් යානා ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇත. ඒවායින් සෑහෙන තරමේ හානි හා මානසික බලපෑම් ඇතිවීමට ඉඩ ඇත.

මිනීමැරුම්

ඉහළ වටිනාකමක් සහිත හමුදා හෝ දේශපාලන ඉලක්කවලට නිශ්චිතව නොවරදින ලෙස ප්‍රහාර එල්ල කිරීමට ඩ්‍රෝන භාවිත කිරීමට ඉඩ තිබේ.

තීරණාත්මක යටිතල පහසුකම් නියතවලට ප්‍රහාර එල්ල කිරීම

බලශක්ති ජාල, දුර සන්නිවේදන ජාල රටා, තෙල් පිරිපහදු හා ජල  පවිත්‍රාගාර ඩ්‍රෝන කඩාකප්පල්කාරී ප්‍රහාරයන්ට ගොදුරුවීමට ඉඩ තිබේ. ව්‍යාප්ත වූ ව්‍යසනයන් හා ආර්ථික ව්‍යාප්ත වූ ව්‍යසනයන් හා ආර්ථික වශයෙන් අඩපණ වීම්වලට තුඩුදිය හැකිය.

මහජන රැස්වීම්වලට බාධා පැමිණවීම

අත් පත්‍රිකා පහළට ඉසීම ප්‍රචාරක කටයුතු අඩපණ කිරීම හෝ මහජන උත්සවවල දී භීතිය ජනිත වන ආකාරයට හානිකර ද්‍රව කුඩා ප්‍රමාණයන්ගෙන්  උපයෝගිකර ගැනීම සිදුවිය හැකිය.

නීති විරෝධි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය

නීති විරෝධි මත්ද්‍රව්‍ය රටවල දේශ සීමා හරහා ගෙන යාමට ඩ්‍රෝන පහසුකම් ලබා ගැනීමට ඉඩ තිබේ. ඒ ඔස්සේ තවදුරටත් ආරක්ෂක අභියෝගයක් උත්සන්න වේ. වාණිජ ඩ්‍රෝන යන්ත්‍ර නවීකරණය කිරීම සාපේක්ෂ වශයෙන් පහසුවීම කරන කොට ගෙන මෙවැනි අරමුණුවලට යොදා ගැනීම සිදුවීමට ඉඩ ඇත. අනාගතයේදී මෙවැනි දේට පෙළඹීමට ඉඩ ඇති බැවින් ඒ සඳහා පූර්ව සූදානමකට ඉල්ලුම ඇති වේ.

 

එවැනි තර්ජනවලට ප්‍රතිවිරුද්ධ කටයුතු කිරීම උදෙසා යෝජනා

විවිධාකාරයෙන් ඇතිවිය හැකි ඩ්‍රෝන තරජනයන්ට විසඳුම් සෙවීමේ දී, තාක්ෂණික විසඳුම්, ප්‍රතිපත්ති හැඩගැස්වීම් සහ මානව ශක්‍යතාවන් ඉහළ නැංවීම ආදිය ඒකාබද්ධ කරගත් පරිපූර්ණ, බහු ආංශික ප්‍රවේශයක් යොදා ගැනීම අවශ්‍ය වේ.

ඩ්‍රෝන විරෝධි පද්ධතියක් සකසා යොදා ගැනීම:

ස්ථරායනය කරන ලද ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීම උදෙසා ආයෝජනය කළ යුතුවේ.

 

අනාවරණය

දියුණු රේඩාර්, ධ්වනි සංවේදක, ඩ්‍රෝන වර්ගිකරණය සහ හඳුනා ගැනීමට RF සංඥා සෝදිසි පද්ධති.

 

හඳුනා ගැනීම

ඉලෙක්ට්‍රෝ ද්‍රෘෂ්ටි  සහ ද්‍රෘශ්‍ය සහතික කරණය උදෙසා අධෝරත්ත කැමරා.

 

වැලැක්වීම

පාලන සංඥාවන්ට බාධා කිරීම උදෙසා අවහිර කිරීමේ පද්ධති, ඩ්‍රෝන නැවත හැරවීම හෝ බිම පතිත කිරීම උදෙසා ප්‍රයෝග තාක්ෂණ.

 

පියාසර තහනම් කලාප හෝ පියාසර සීමා කලාප ගොඩ නැගීම.

ගුවන් අවකාශයේ තීරණාත්මක යටිතල පහසුකම් හමුදාවන්ට අයත් ස්ථාපනයන් සහ සංවේදී ප්‍රදේශ අවට සීමා පනවන අහස් අවකාශය පැහැදිලිව නිර්වචනය/නිර්ණය කිරීම.

 

මහජනයා දැනුවත් කරන වැඩ පිළිවෙළ

ඩ්‍රෝන නියාමනයන් පිළිබඳව මහජනයාට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම හා තහනම් ඩ්‍රෝන භාවිතයෙන් ඇතිවිය හැකි අනතුරුදායක බව හා සැක සහිත  ක්‍රියාකාරකම් වාර්තා කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම.

 

නීතිය ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවක් වැඩි කිරීම තහනම් ඩ්‍රෝන හඳුනා ගැනීම, සෝදිසිකොට සොයා ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක කරන ආයතන පුහුණු කිරීම.

වර්තමානයේ  සහ අනාගතයේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට ඩ්‍රෝන තාක්ෂණය තර්ජනයක් වේද?

ශ්‍රී ලංකාවේ ඊට ආවේනික විශේෂිත භූගෝලිය ස්ථානගතවීම, සංචාරක ව්‍යාපාරයේ  උන්නතිය කෙරේ ශ්‍රී ලංකාව තබා ඇති විශ්වාසය සහ නාවික වෙළඳ මාර්ගයක පිහිටීමේ වැදගත්කම නිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඩ්‍රෝන ආශ්‍රිත තර්ජනවලට මුහුණ දිය හැකි බවට සැක කළ හැකිය. එසේම මෙම තර්ජන ස්ථික වුවත් නොව එය පරිනාමනයට ලක් වන්නකි. ඩෝන තාක්ෂණය  දියුණු වෙත්ම එම තාක්ෂණයෙන් ප්‍රයෝජන ගැනීමට මාන බැලීමේ හැකියාව පවතී.

 

අපට පහත සඳහන් දෑ අපේක්ෂා කළ හැකිය. ස්වායක්ත්‍ර බව සහ රංචු ලෙස ඒකරාශි වීමේ හැකියාව වැඩිවීම

අධික ස්වායක්ත බවකින් මෙහෙයුම් වන ඩ්‍රෝන යාත්‍රාවන්හි මානව පාලනය කෙරේ විශ්වාසය තැබීමේ අවශ්‍යතාව අඩුවී රංචු ලෙස දරන ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව වර්ධනය වී තිබේ. ඒවාට එරෙහිව ආරක්ෂාව සඳහා ගැනීම අතිශය අසීරුය.

 

කුඩා කිරීමට ලක්වීම හා රහස්‍යභාවය

ඉතා කුඩා වූ සෝදිසි කර ගැනීමට අසීරු ඩ්‍රෝන යාත්‍රාවන්, කුඩාකරණයට ලක්වීමේ විභවතාව සහිතය. එබැවින් ඒවාට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම වඩාත් අභියෝගාත්මක කාර්යයක් බවට පත්වේ.

 

ගෙනයා හැකි බර සම්බන්ධයෙන් දියුණුවට ලක්වීම

අධිතාක්ෂණයෙන් යුතු පුපුරන ද්‍රව්‍ය, ජීව /රසායන කාරක විවිධාකාරයෙන් බර ගෙන යා හැකිවීමේ විභවතාව වර්ධනය වීමත් විද්‍යුත් චුම්භක උපකරණ රැගෙන යාමේ හැකියාවත් වර්ධනය වී තිබේ.

 

කෘත්‍රිම බුද්ධිය (AI) එකතුවීම

කෘතිම බුද්ධියෙන් බල ගැන්වූ ඩ්‍රෝනවලට තනිවම තීරණ ගැනීමේ හැකියාවත්. ඉලක්ක හඳුනාගැනිමත්. වඩා සංකීර්ණ ආරක්ෂිත පියවර ගැනිමත් කළ හැකිය.

ශ්‍රී ලංකාව වර්තමාන තර්ජනවලට  ප්‍රතික්‍රියා දැක්විම පමණක් නොව අනාගතයේදි බලා පොරොත්තු විය හැකි අභියෝගවලට කල් තියා ප්‍රතික්‍රියා කිරීමත් කළ යුත්තේය. පර්‌යේෂණ උදෙසා ආයෝජන සිදු කරමින් සහ ගෝලීය  තාක්ෂණික දියුණුව ගැන අවධියෙන් පසුවීමත් ඩ්‍රෝන යන්හි ශක්‍යතාවන් හා ඊට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කළ යුතුය.

 

මර්මස්ථාන ප්‍රහාරවලට ගොදුරු විය හැකිය

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර භාවයට හා සමාජ යහ පැවැත්මට තීරණාත්මක ලෙස බලපාන යටිතල ව්‍යුහ ප්‍රහාරවලට ගොදුරවීමට ඉඩ තිබේ. පහත සඳහන් අංශ ඊට අයත්ය.

බළශක්ති අංශය බලාගාර, සම්ප්‍රේෂණ මාර්ග තෙල් ගබඩා පහසුකම් ඇති ස්ථානවලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙතැයි සැක කළ හැක්කේ එමගින් ජාතික බලශක්ති ජාලය හා ඉන්ධන සැපයුම අඩපණ කළ හැකි බැවිනි.

 

පරිවහණ කේන්ද්‍රස්ථාන

ගුවන් තොටුපොළ වරාය හා ප්‍රධාන මාර්ග දුම්රිය මාර්ග ජාල රටාවන් සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් වඩා වැදගත් වන නිසා ඒවාට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කොට කරන කඩාකප්පල් ක්‍රියාවලින් දැඩි ආර්ථික පාඩු හා මෙහෙයුම් අඩපණ වීම සිදුවිය හැකිය.

 

සන්නිවේදන ජාල රටා

සන්නිවේදන කුලුණු, දත්ත කේන්ද්‍රස්ථාන, දිය යටකේබල් ආදිය ජාතික සන්නිවේදනය හා ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැදගත් වේ. ඒවාට එල්ල කරන ප්‍රහාරයකින් තොරතුරු ප්‍රවාහයන්ට හා සම්බන්ධතාවන්ට දැඩි බලපෑම් එල්ල කළ හැකිවේ.

 

ජල සම්පාදන ක්‍රම

වේලි, ජලාශ්‍ර, ජල පවිත්‍රාගාර ආදිය මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් තීරණාත්මක වේ. ඩෝන ප්‍රහාරවලින් ජල මුලාශ්‍රවලට වස මුසු කළ හැකිය. ජලය දූෂණයට ලක් කළ හැකිය. නැතහොත් සැපයුමට බාධා පැමිණවිය හැකිය. 

 

සංචාරක ව්‍යාපාරය

අතිශය වැදගත් සංචාරක භූමි  ප්‍රදේශ,හෝටල් සහ  නිකේතන ප්‍රහාරයට ලක් විමේ ඉහළ ප්‍රවනතාවක් පවතී. ආරක්ෂාව සහිත ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව දිනා ඇති කීර්ති නාමයට ඩ්‍රෝන ප්‍රහාරවලින් දරුණු ලෙස හානිකළ හැකි වන අතර තීරණාත්මක ආදායම් ප්‍රවාහයක් වූ ඊට එය දරුණු ලෙස බලපානු ඇත. 

මෙකී වත්කම් ආරක්ෂා කිරීම උදෙසා බහු විධ ස්ථර සහිත ආරක්ෂණ අංශයන් ඩෝන සෝදිසිය සහ පද්ධතීන්ට බාධා කිරීම ඇසුරෙන් දැනට පවතින භෞතික ආරක්ෂණ පියවරවලට එක් විය යුතුවේ.

 

තාක්ෂණික වශයෙන් දියුණුව සහ ප්‍රතිවිරුද්ධ පියවර

ඩ්‍රෝන තාක්ෂණය හා ඊට ප්‍රතිවිරුද්ධ පියවර අතර අවි තරගය අඛණ්ඩව පවතී. ශ්‍රී ලංකාව ක්‍රියාකාරී ලෙස නවතම ඩ්‍රෝන විරෝධී තාක්ෂණය අනුගමනය කිරීම සහ ඊට හැඩ ගැසීම කළ යුතුවේ.

මෙහෙයවනු ලැබූ බලශක්ති ආයුධ (Directive Energy Weapons (DEW) ලේසර් සහ ඉහළින් බල ගැන්වුණු මයික්‍රොවේව් පද්ධතීන් ඔස්සේ ඩ්‍රෝන යාත්‍ර (විශේෂයෙන් සමූහ ලෙස රංචු ගැසුණ ඩ්‍රෝන නිහඬ කිරීම, නිශ්චිත ලෙස කළ හැකිවේ. පිරිවැයට සාපේක්ෂව එසේ නිෂ්ක්‍රීය කිරීම වඩාත් ඵලදායි වන්නේ

කෘත්‍රිම බුද්ධිය සහ යාන්ත්‍රික ඉගෙනුම: කෘත්‍රිම බුද්ධියට විශාල දත්ත කුලක සීග්‍රයෙන් විශ්ලේෂණය කිරීම, විෂම ඩ්‍රෝන හැසිරීම් හඳුනා ගැනීම සහ ප්‍රහාර පුරෝකථනය කිරීම පවා ​සෝදිසි පද්ධති ඇසුරෙන් කළ හැකි වේ.

සයිබර් යුද කටයුතු හැකියාවන්, සතුරු ඩ්‍රෝන යාත්‍රාවල පරිගණක පද්ධති හැක් කොට ඒවායේ පාලනය කිරීමේ නැතහොත් ඒවායේ විධාන හා පාලන පද්ධතිවලට බාධා කිරීම හැකියාව වර්ධනය කළ හැකි වේ.

භෞතික පහර දෙන Hard K ll විසඳුම්: විශේෂ බාධාකාරී ඩ්‍රෝන, ඩ්‍රෝන ප්‍රහාරක මිසයිල සහ මූනිස්සම් සහිත දියුණු කළ කුඩා අවි ඩ්‍රෝන යාත්‍රාවලට පහර දී බිම පතිත කිරීම සඳහා යොදා ගත හැකි වේ.

 

ගුවන් ආරක්ෂක පද්ධතිය සමග අන්තර්ග්‍රහණය වීම

ඩ්‍රෝන සෝදිසි කිරීම හා නිෂ්ක්‍රීය කිරීමේ හැකියාව දැනට පවතින ජාතික ගුවන් ආරක්ෂක ජාල රටාවට සාකල්‍යවාදී ප්‍රවේශයකින් ඒකාබද්ධ කළ යුතුවේ.

 

ප්‍රතිපත්ති හා නීතිමය රාමුව

ඩ්‍රෝනවලින් ඇතිවිය හැකි තර්ජන ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාවට පැහැදිලි පරිපූර්ණ ප්‍රතිපත්ති හා නීතිමය රාමුවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

එම නීතිමය රාමුව පහත කරුණු ආශ්‍රයෙන් පැවතිය යුතුවේ.

පුරවැසියන්ගේ ඩ්‍රෝන නියාමනය මෙහෙයුම් කරන්නන්ට බලපත්‍ර ලබාදීම, පියාසර  තහනම් කලාප හා නීති උල්ලංඝනය කිරීමේ දී පනවන දඬුවම් දැඩි ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවන් ඔස්සේ මෙම නියාමන පැනවිය යුතුවේ.

ආරක්ෂක හමුදා හා යුදමය භාවිතයන් උදෙසා ඩ්‍රෝන

නියැළීම සම්බන්ධයෙන් පැහැදිලි නීති ගොඩ නැගීම, ආචාර ධර්ම මාර්ගෝපදේශ සන්නද්ධ කළ සහ සෝදිසි ඩ්‍රෝන භාවිතයේ යාන්ත්‍රණය සහ වගවීම සම්බන්ධයෙන් ඇති කළ යුතුය.

 

ජාත්‍යන්තර නීති

ජාත්‍යන්තර මානුෂීය නීතියේ සංකුලතා සහ ඩ්‍රෝන මෙහෙයුම් සම්බන්ධ අවි ගැටුම්වලට අදාළ නීති වි​ශේෂයෙන් දේශසීමා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුය.

 

දත්තවල පෞද්ගලික රහස්‍ය භාවය හා සෝදිසිය

ජාතික ආරක්ෂාවේ අවශ්‍යතා සහ රටවැසියන් ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම එකවිට සෑම තැනම ඩ්‍රෝන සෝදිසි සිදුවන යුගයක අවශ්‍යතාවක් වන්නේය.

 

සයිබර් ආරක්ෂණ නීති

ඩ්‍රෝන පද්ධතිවල සයිබර් ප්‍රහාරයට ලක්විය හැකි ගැටලුවලට හා ඩ්‍රෝනවලට සම්බන්ධ ද්වේෂ සහගත ක්‍රියාකාරකම්වලට අදාළ විසඳුම් ලෙස මෙම නීති පැවතිය යුතුවේ.

 

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කලාපීය සහයෝගිතාව

ඩ්‍රෝන තර්ජනවල සංක්‍රාන්තිය ස්වභාවය පවතින තත්වය තුළ කලාපීය සහයෝගිතා ප්‍රයෝජනවත් වනවා පමණක් නොව එය අනිවාර්යෙන් තිබිය යුත්තක් වේ. ඉන්දියානු සාගර කලාපයේ සහ ඉන් ඔබ්බට ඇති හවුල් රටවල් සමග ශ්‍රී ලංකාව මේ සම්බ්නධයෙන් ක්‍රියාකාරීව නියැලිය යුත්තේ පහත සඳහන් කටයුතු උදෙසාය.

 

බුද්ධිමය තොරතුරු බෙදා හදා ගැනීම

සාමුහික පුහුණු අභ්‍යාස

තාක්ෂණික හුවමාරුව

ධාරිතා සහ සංඛ්‍යාත ගොඩනැගීම: කලාපයේ සම්පත් අඩු රටවලට මේ ඔස්සේ ඩ්‍රෝන විරෝධී හැකියාවන් වර්ධනය කිරීමට අවස්ථා සලසා දිය යුතුය. දාමයක දුර්වල පුරුක් හඳුනාගෙන කලාපීය ආක්ෂාවට එසේ සම්මුතිගත විය හැකිය.

නියාමනයන් සුසංගත කිරීම ජාත්‍යන්තර නීතියේ ඇති හිදස්වලින් ප්‍රයෝජන ගෙන නීති විරෝධි ඩ්‍රෝන භාවිතය වැළැක්වීමට නියාමන සුසංගත කිරීම අවශ්‍ය වේ.

සමුද්‍රීය බල ප්‍රදේශ දැනුවත් කිරීම: සැක කටයුතු ඩ්‍රෝන ක්‍රියාකාරකම් සාගර  ප්‍රදේශ වැළැක්වීම උදෙසා

නිර්දේශ: ඩ්‍රෝන යුද කටයුතුවල පරිනාමය වන පසුබිමත් එයින් ශ්‍රී ලංකාවට ඇතිවන විශේෂිත බලපෑම් ආදියත් පදනම් කරගෙන මම පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරන්නෙමි.

ඩ්‍රෝන තර්ජන ආශ්‍රිත ඇගයුම් කිරීම් හා ප්‍රතිචාර සම්බන්ධ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම

ඩ්‍රෝනවලට ප්‍රතිවිරුද්ධ තාක්ෂණ උදෙසා ප්‍රමුඛතාව දීම

ඩ්‍රෝන කේන්ද්‍රීය අවධානය සමග බුද්ධිමය සෝදිසි හා ඔත්තු බැලීමේ හැකියාවන් වර්ධනය කිරීම

නීතිමය හා නියාමන රාමුව ශක්තිමත් කිරීම

පුහුණු හා සංඛ්‍යාත ගොඩ නැගීම තීව්‍ර කිරීම

රාජ්‍ය – පෞද්ගලික හවුල් කාරිත්වය පෝෂණය කිරීම

කලාපීය සහයෝගිතාව නැංවීම

පර්යේෂණ හා සංවිධාන ප්‍රවර්ධන

නිත්‍ය ලෙස හා විධිමත් ප්‍රහාරයන්ට ගොදුරුවිය හැකි ජාතික වශයෙන් වැදගත් මර්මස්ථානවල ගොදුරුවීමේ හැකියාව ඇගයුම් කිරීම

ජාතික ආරක්ෂණ පද්ධතිය තුළට ඩ්‍රෝන විරෝධී ක්‍රමෝපාය ඇතුළත් කිරීම

(***)
2025 ජුනි 4 Daily Mirror පුවත්පතේ පළවූ
The Unseen Threat: Drone Warfare's Implications for Sri Lankas National Security
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (0)

ඩ්‍රෝන ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1316 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 491 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 587 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site