Rasavitha - 05.qxd

දෙවන ලෝක සංග‍්‍රාමයේ අමිහිරි මතකයන් මා තුළින් පහවී නැත. බොහෝ විට ඒ අමිහිරි සිද්ධී මා දුටු එසේම ඇසූ ඒවා වේ. මේ මතකයන් බොහෝ විට දැන සිටි මා හැර අපේ ගමේ වෙනත් බොහෝ අය අප හැරදා ගොස් ඇත. දෙවන ලෝක සංග‍්‍රාම කාලය තුළ මා විසින් අසන ලද හා දුටු බොහෝ දේ පිළිබඳව වාර්තා කොට තැබීම මැනවැයි මට සිතුණි. දෙවන ලෝක සංග‍්‍රාමයේ බියකරු අඳුරු සෙවණැලි බෙහෙවින් වැටී පැතිර තිබුණේ මා උපන් ගමටය. එය නමින් පිටිවැල්ල වේ. අපි එදා සිට ආදරයෙන් මතක් කළේ සුන්දර පිටිවැල්ල යනුවෙනි. පිටිවැල්ල මුහුදුබඩ ගම්මානයක් විය. මා ඉපදුණේ හැදුණේ වැඩුණේ ඒ ගම්මානයේය. එකී ගම ගාලූ නගරයේ සිට කොළඹ දෙසට සැතපුම් පහක් පමණ දුරින් පිහිටා ඇත. එය ඉතා කුඩා ගමකි. එහෙත් යුදමය අවශ්‍යතාවන් අතින් ඉතා වැදගත් වේ. ගමේ උතුරු මායිම වන්නේ මිත‍්‍ර හමුදාවන් රඳවා සිටි සුළු කඳවුරය. එහි තුළ යුද බටයින් මෙන්ම යුද සිරකරුවන්ද රඳවනු ලැබ තිබිණි. බස්නාහිර මායිම වශයෙන් පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයයි. මේ අනුව මායිම් දෙකක් වටවී ඇත්තේ යුදමය අතින් ඉතා වැදගත් සුළු භූමියකි. 1942 වසර වනවිට ඉන්දියානු සාගරය ජගත් ආක‍්‍රමණයන්ගේ දැවැන්ත සුළු යුද පිට්ටනි ලෙසින් පැවැතුණි. ඉන්දියන් සාගරයෙන් ගොඩ බිමට බසින ජපන් ආක‍්‍රමණිකයන්ට මිත‍්‍ර හමුදා නවාතැන් ගෙන සිටින සුළු කඳවුරට පහසුවෙන්ම ළඟා විය හැක්කේ අපේ ගම තුළිනි.

 


මේ අනුව, අපේ ගමේ යුදමය වැදගත්කම අති මහත්ය. මේ මායිම් දෙක Rasavitha - 05.qxdඅතර වන බිම් ප‍්‍රමාණය පළලින් සැතැපුම් කාලක් පමණ වේ. කවරදා හෝ ජපන් ආක‍්‍රමණයන් ඉන්දියන් සාගරයෙන් ගොඩබැස ගත්විට මගේ ගම පසුකර මිත‍්‍ර හමුදා නවාතැන්ගෙන සිටින හමුදා කඳවුරට දුවවිත් එක් හුස්මට ළඟාවිය හැකිය. මේ කරුණු සියල්ල එවකට පිටිවැල්ල ගම්වාසීන්ගේ සිත් තුළ සඳහන්ව නොතිබුණා නොවේ. ඒ හේතුවෙන්ම ඔවුන් තුළ මහත් බියක් හා සංතාපයක් නිතර ගැබ්ව තිබුණි. ගමේ දකුණ දෙස මායිම වූයේ ගිං ගඟය. උතුරු මායිම වූයේ ගාලූ කොළඹ මහ පාරේ සිට හමුදා කඳවුරට යන මහ පාරය. ගමේ වැඩි ජනගහනයක් වූයේ ධීවර කර්මාන්තයේ නියැළුණු පුද්ගයන්ය. ගිංගඟ ආශ‍්‍රිතව පිහිටා ඇති දොළ පාරවල් වෙති. කොටු සකස් කොට ඒවා තුළ පොල්ලෙලි පල් කොට කොහු කර්මාන්තයේ නියැළුණු අයද වෙති. ඔවුහු වැඩි වශයෙන්ම කාන්තා පක්ෂය වෙති. මම ඉපදුණු හැදුණු වැඩුණු ඒ ගම ඉතා ජනාකීර්ණ විය. එවකට බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයන්ව පැවැති අපේ රට බි‍්‍රතාන්‍ය හා වෙනත් යටත් විජිත රටවලින් බඳවා ගත් හමුදා භටයෝ හමුදා කඳවුරේ කඳවුරු ලා සිටියහ. හමුදා කඳවුරේ එක් මායිමක් වූයේ මගේ අම්මාගේ මහ ගෙදර පිහිටා ඇති ඉඩමය. විශාල දම්වැල් වැටකින් වෙන්වන මේ ඉඩම් දෙක අසලට හමුදා භටයෝ පැමිණෙති. ඔවුන් අතුරෙන් නැගෙනහිර අප‍්‍රිකානු රටවල්වලින් පැමිණ ඇති හමුදා භටයෝද වූහ. ඔවුහු තද කාල වර්ණයෙන් යුක්ත උස මහත පුද්ගලයෝ වූහ. ඔවුන් දැකීම ඉතා බිය ජනක වේ. අප ඔවුන් හැඳින්වූයේ ‘කාබේරි’ නමිනි. වෙනත් රටවලින්ද හමුදාවට බඳවා ගෙන ඇති සොල්දාදුවෝද එහි වූහ. විශේෂයෙන්ම බි‍්‍රතාන්‍ය, කැනඩාව,  ඕස්ටේ‍්‍රලියාව, නෙදර්ලන්තය ආදී රටවලින්ද බඳවා ගනු ලැබූ භටයන් පැහැපත් වර්ණයෙන් යුක්ත වූ අතර, ඔවුන් දැකීම කුඩා අප තුළ මහත් ප‍්‍රියමනාප ගතියක් ඇති කෙරිණ.

Rasavitha - 05.qxd


අප උගත් පාසලද පිහිටා තිබුණේ යුද්ද කඳවුරේ මායිම් වැටට යාවය. උදේ පාසල් යන අපට එකී සොල්දාදුවන් සටන් හරඹ පුහුණුවනු දැකීමට ලැබේ. තුවක්කු අතැතිව බිම වැතිරෙමින් බඩගා යමින් සුළු හරඹ පුහුණුවනු අපට ඉතා හුරුපුරුදු දර්ශනයක් විය. ඒ සමඟ පාසලේ භූමිය තුළ අපටද හරඹ පුහුණුවක් සෑම දිනකම පාසල පටන් ගැනීමට පෙරාතුව අපේ ගුරුවරු ආරම්භ කරති. ඒ පුහුණුව යුද කිරීමට නොව යුද්ධයෙන් වැලකී සිටීමට කරන ව්‍යායාමයකි. මෙය සෑම දිනකම පාසල පටන් ගැනීමට පෙර පටන් ගනු ලබයි. මෙසේ ඇසෙන, දකින, විඳනු ලබන සියලූ දෙයින්ද අප තුළ තරමක් දුරට යුද මානසිකත්වයක් ඇති කෙරේ. අපේ පිටිවැල්ල ගම ළඟදීම යම්කිසි ප‍්‍රභාරයකට ලක්විය හැකි බවත්, එයින් අපට ඉතා විනාශකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත්, අපගේ වැඩි මහල්ලන්ගේ කතා බහට සවන් දීමෙන් අපටද වැටහේ.


1942 සිංහල අවුරුදු කාලය ළඟාවීමත් සමඟ අපේ ගම තුළ ක‍්‍රමයෙන් ඉතා භීෂණකාරී මෙන්ම භයංකර තත්ත්වයක් ගොඩ නැගෙමින් තිබුණි. එම දිනයේ හිරු අවරට හෙමින් යාමත් සමඟ ගෙවල් තුළ පහන් එළි දැල්වීම සීමා කෙරුණි. විශේෂයෙන්ම වෙරළට ආසන්න පෙදෙසේ පහන් දැල්වීම කිසිසේත් නොකරන ලෙස හමුදාව තද නීති පනවා තිබුණි. මේ ඇඳිරි නීතිය හේතුවෙන් ජනයාට විවිධ අපහසුතා ඇතිවිය. බොහෝ දෙනෙකුගේ ධීවර කටයුතු ඇන හිටියේය. කුමන කටයුත්තකට හෝ මුහුදු වෙරළට යාම සීමා විය. වෙරළ දිගේ නිතර කළුවරේ ගමන් කරන සොල්දාදුවෝ මේ ඇඳිරි නීතිය තදින්ම ක‍්‍රියාත්මක කළෝය. අලෝකවත් කරනු ලැබ ඇති නිවෙස් කරා වහා පැමිණීමට ඔවුහු යුහුසුළු වූහ. මුහුදු වෙරළාසන්නව පෙදෙසේ මෙසේ ගමන් කරන සොල්දාදුවන්ගෙන් නිවෙස්වල වැසියන්ට මහත් කරදරවලට මුහුණදීමට සිදුවේ. එය බොහෝ සෙයින්ම සිදුවන්නේ අප‍්‍රිකානු රටවලින් පැමිණ කඳවුරේ ලැඟුම් ගෙන සිටින කළු ජාතික අප‍්‍රිකානු සොල්දාදුවන් ගෙනි. හිරු අවරට ගොස් ගොම්මන් වෙලාව ළං වෙනවාත් සමඟ මේ කාබේරි හෙවත් කාපිරි සොල්දාදුවෝ භීෂණය පටන් ගනිති. කළුවරේ සක්මන් කරන කාබේරි හෙවත් කාපිරි සොල්දාදුවන් තමන් සමීපයට පැමිණෙන තෙක් හඳුනා ගැනීමට නොහැකිය. මේ හේතුවෙන් ගම්මු සියලූදෙනා වේලාසනින්ම නිවෙස්වල දොරවල් වසා ගනිති. තරමක් ? බෝ වූ පසු මේ සොල්දාදුවෝ පරීක්ෂා කොට බලා නිවෙස්වලට ඇතුළුවීමට උත්සාහ කරති. මෙවන් අවස්ථාවලට බියෙන් නිවෙස් තුළ වැසියෝද එකී ආක‍්‍රමණයන්ට මුහුණ දීමට සූදානම්ව සිටිති. නිවෙස්වල සිටි වැසියන් එකී ආක‍්‍රමණයන්ට ආයුද වලින් පහරදී පලවා හැරී අවස්ථාද අසන්නට ලැබුණි. මේ ව්‍යසනයට මුහුණ දීමට සිදුවූයේ බොහෝ සෙයින්ම මුහුදු වෙරළ ආසන්නයේ ජීවත්වූ අපටය. එක් නිවසකට මෙවන් ආක‍්‍රමණයක් සිදුවන විට ඒ බව ගමේ අනෙක් අයටද දන්වා සිද්ධියට අවධිමත් කිරීම පිණිස නිවැසියෝ නිවෙස් තුළ ඇලූමිනියම් භාජන වලට ගසමින් නාද කරති. මේ භීෂණකාරී තත්ත්වය ටික දිනකින් පහව ගියේය. රටේ යුද තත්ත්වය වඩ වඩාත් ළංවෙනවාත් සමඟ එය සම්පූර්ණයෙන් කෙළවර විය.

30-Rasa-P5-01


තත්ත්වය මෙසේ තිබියදී සුළු කඳවුර ආශ‍්‍රිතව මුහුදු වෙරළ ආසන්නයේ ජීවත්වූ ජනයාට මෙන්ම ඒ ආසන්නව ගම්වල ජීවත්වූ වෙනත් වැසියන්ටද උදාවේගෙන එන සුළු - තත්ත්වය හේතුවෙන් කෑම බීම අතින් එතරම් හිඟයක් දැකීමට නොවීය. රටේ පාලනය සතුව තිබුණේ සිවිල් කොමසාරිස් වෙතය. බුස්ස කඳවුර ආසන්න ගම්වල කුඹුරු ආදිය පිහිටා තිබුණි. ඒවායින් ඉතා සීමිත වී ප‍්‍රමාණයක් බොහෝ දෙනාට ලැබුණි. එසේවූයේ එකී කුඹුරු බිම්වැසියන් සන්තකයේ පැවැතුණු හේතුවෙනි. එසේම තිරිඟු පිටිද ජනයා අතර බෙදාදීම සිදු කෙරුණි. එය සීමිත ප‍්‍රමාණයකට අනුවය. තිරිඟු පිටි වලින් රොටි තම්බාගෙන කෑම බොහෝ නිවෙස්වල සිදු කෙරුණි. දවල් කාලයේ මුහුදින් ලබාගන්නා මත්ස්‍ය සම්පත මේ ගම්මානවල වැසියන්ට ප‍්‍රමාණවත් අයුරින් ලැබුණි. බොහෝ නිවෙස්වල වැසියෝ මාළු හොද්ද සමඟ රොටී කෑමට පුරුදුව සිටියහ. පාන් පිළිස්සීම කරන බේකරි වලට සීමිත අයුරු තිරිඟු පිටි රජය විසින් ලබාදෙනු ලැබූ බැවින් බේකරි හිමියන් විසින් පවුලකට සීමිත ලෙස පාන් බෙදා දෙන ලදී. මේ අනුව ලැබෙන පරිදි මාළුත් සමඟ බේකරියෙන් සීමාකොට ලැබෙන පාන් ප‍්‍රමාණයද බුක්ති විඳීමට ජනතාව ක‍්‍රමයෙන් පුරුදු වූහ.

Rasavitha - 05.qxd


මේ හැරෙන්නට දෙල්, කොස් ආදිය කෑමට පුරුදුව සිටි ගම්වැසියන්ට ඒවා සුලබව ලැබුණි. ඒවා මිලදී ගැනීමටද එතරම් මුදලක් වැය කිරීමට ඔවුන්ට සිදු නොවීය. ජනයා අතර මුදල් ගැවසී තිබුණු හෙයින් දෙල්, කොස්, අල, බතල ආදිය මිලට ගෙන පොල් සහ මාළු හොඳි සමඟ කෑමට පුරුදු වී සිටි හෙයින් කෑම ආදිය සම්බන්ධයෙන් යුද්ධය හේතුවෙන් කෑමවලට හිඟයත්, අඩුපාඩුවත් දැකීමට නොතිබුණි. රජයෙන් ලබාදෙන කිරිපිටි වලින් විශාල භාජනයකට සාදා ගන්නා කිරි ගම්මුලාදෑනි මහතාගේ නිවසේදී දිනපතා බෙදා දෙන ලදී. ඒවා දෙනු ලැබුවේ පාසල් වියෙහි පසුවන සිසුන් ට පානය කිරීම පිණිසය.
මේ සියල්ල හේතුවෙන් පිටිවැල්ල සහ අසල ගම්වල ජනයාට කෑම බීම පිළිබඳ එතරම් හිඟයක් දැනුණේ නැත.


1941 දෙසැම්බර් මස 07 වන දින ජර්මනියටද කිසිදු දැන්වීමක් නොකොට සිංගප්පූරුවේ පර්ල්වරයාට ජපන් හමුදාව අතිමහත් ප‍්‍රහාරයක් එල්ල කළේය. ප‍්‍රහාරයට ලක්වූයේ ඇමරිකානු නැව් සහ නාවික හා ගුවන් හමුදා භටයින් විය. ඇමරිකාව එවකටත් යුද්ධයට අවතීර්ණ වී නොසිටියේය. මෙය ජපන් හමුදාව විසින් ඇමරිකාව යුද්ධයට ඇඳ ගැනීමේ ක‍්‍රියාවක් සේ දිස් විය. 2 වන ලෝක සංග‍්‍රාමය පිළිබඳව පසුකාලීනව විශ්ලේෂණාත්මකව සලකා බැලූවහොත් බොහෝ ලේඛකයන් මේ ක‍්‍රියාව සැලකුවේ ජපානය විසින් කරන ලද මහත් අඥාන සහ මෝඩ ක‍්‍රියාවක් ලෙසිනි.


සිංගප්පූරුවේ පර්ල් වරායේ නවතා තිබූ ඇමරිකානු යුද නවුකාවලට එල්ල කරන ලද ජපන් හමුදා ප‍්‍රහාරය මෙන්ම කරන ලද විශාල විනාශය පිළිබඳ ආරංචිය ලංකාව, ඉන්දියාව ආදී ආසන්න රටවල් තුළ වහා පැතිරී ගියේය. සිවිල් ජනයා තම තමන්ගේ ආරක්ෂාව තරකර ගනිමින් පසුවිය. පර්ල් වරයාට ප‍්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව බලගතු ජපන් නාවික හමුදාව ලංකාව ඉන්දියාව අන්දමන් ¥පත් මාලදිවයින ආශ‍්‍රිතව ගමන් කරමින් කුමන හෝ අවස්ථාවකදී ලංකාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට මාන බලමින් ඉන්දියන් සාගරයේ ලංකාවට දකුණු දෙසින් සැරිසරමින් පසුවන බව කොග්ගල ගුවන් තොටුපොළෙන් පිටත්ව අහසේ සැරි සැරූ ඔත්තු බැලූ ගුවන් නැවියා සැපයූ ආරංචිය ලංකාවේ නාවික හා ගුවන් හමුදාවන්ට වැදගත් ආරංචියක් විය. ලංකාවේ දෙවුන්දර තුඩුව සිට සැතැපුම් තුන්සියයක් පමණ දුරක ස්ථාන ගතව දකුණට හා ඊසාන දෙසට ජපන් නාවික හමුදාවන්හි ගමන් කරන බවට ඒ ආරංචියෙන් කියවුණේ. මේ ආරංචිය සැපයූ ගුවන් නැවියා කවරෙකුද යන්න දැන සිටියේ නැත. එසේ පසුවදී එවකට කැනඩාවේ අගමැතිව සිටි ලෙස්ටර් පියසර්න් මහතා ගුවන් කොමදෝරු බර්ෂෝල් මහතා වෙත එවන ලද ලිපියක් මඟින් හෙළි කළ පරිදි දෙවන වර ඔත්තු බැලීමට ගොස් ජපන් නාවික භටයකු විසින් වෙඩි තබනු ලැබ මුහුදට හෙලූ අහස්යානයේ සිටි ගුවන් නැවියා කැනේඩියානු ගුවන් හමුදාවට අයත් භටයකු බවය.

30-Rasa-P5-02

රත්මලාන ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ල

 


මේ සිද්ධිය සම්බන්ධයෙන් යුද සමයේ බි‍්‍රතාන්‍ය අගමැතිව සිටිමින් තම රට වෙනුවෙන් යුද කටයුතු මෙහෙයවූ සර් වින්ස්න්ට් චර්චිල් ජපන් හමුදාව දෙවුන්දරට ඔබ්බෙන් සැතපුම් තුන්සියයක පමණ දුරක සිට ලංකාව දෙසට ගමන් කරන බව ඇසීමෙන් හිටපු බි‍්‍රතාන්‍ය අගමැති චර්චිල් මහතා තුළ ඇතිවූ බිය සංකා ඔහු පසුව පැවැසුණු බවට වාර්තා වී ඇත. දෙවන ලෝක යුද සමයේ වින්සන්ට් චර්චිල් මැතිතුමා බි‍්‍රතාන්‍යයේ කොන්සර්වේටිව් පාක්ෂික අගමැති විය.


අති මහත් ලෝක යුද්ධයෙන් ජය ගැනීමට සර් වින්සන්ට් චර්චිල් මැතිතුමා මූලික විය. එකී මූලිකත්වයට ලොව මහජනතාව ඔහුට ස්තූතිය හා ගෞරවය පුදකළේය. එහෙත් දැවන්ත යුද්ධ ජයග‍්‍රහණයක් ළඟාකර දුන් වින්සන්ට් චර්චිල් මැතිතුමාට ඒ පිළිබඳව සතුටක් විඳගැනීමට එංගලන්තය තුළදී නොහැකි විය. යුද්ධය අවසන් වීමෙන් පසුව පැවැත්වූ මහා මැතිවරණයේදී ඔහුට එංගලන්තයේ අගමැතිකම අහිමි විය. මෙවන් අවස්ථාවකට මුහුණ දෙමින් සිටි වින්ස්ටන් චර්චිල් තුමාට ඇමරිකාවේ වොෂින්ටන් නුවර බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයෙන් රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට ආරාධනාවක් ලැබිණි. ඒ එහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙනි. ඒ අනුව චර්චිල් තුමා ආරාධනය පිළිගෙන වොෂින්ටන් නුවරට ගිය අතර, එහි තවත් බොහෝ ආරාධිත අමුත්තෝ වූහ. චර්චිල් තුමා රසවත් භෝජන සංග‍්‍රහයකින් පසුව පැමිණ සිටි අමුත්තන් සමඟ සාකච්ඡුාවකට සහභාගි විය. දැවැන්ත යුද ජයග‍්‍රහණයක් සතු කර ගැනීමට මූලික වූ මේ ප‍්‍රතාපවත් පුද්ගලයා සමඟ පැමිණ සිටි ආරාධිත අමුත්තෝ සාරවත් කතා බහකට සහභාගි වූහ. ඔවුන් විසින් ඔහුගෙන් අසන ලද ප‍්‍රශ්න විවිධ කරුණු මත වූ අතර, බොහෝ සෙයින්ම ඒවා පාදක වූයේ එවකට කෙළවරකොට විජයග‍්‍රාහී වූ ලෝක සංග‍්‍රමය පිළිබඳවය.

30-Rasa-P5-03


සර් වින්ස්ටන් චර්චිල් තුමාගෙන් අසන ලද ප‍්‍රශ්න අතුරෙන් ඉතා වැදගත් වූද, කාගේත් අවධානය දැඩි ලෙස යොමුවූද ප‍්‍රශ්නයක් විය. එය මෙසේ විය. අවසන් වූ යුද්ධ ක‍්‍රියාදාමය තුළදී ඔබට ඉතාමත් භයානක ලෙස පෙනුණද, එසේම හිතට වද දුන් මොහොත ලෙසද ඔබට පෙනී ගිය මොහොත කවරේද යන්නය. එහි රැුදී සිටි අමුත්තන් බොහෝ දෙනෙකුගේ සිත් තුළ පිළිතුර පිළිබඳව විවිධ අදහස් මතුවිය. සමහරුන් සිතුවේ ඔහුට එසේ වධ දුන් භයානක මොහොත 1940 වසරේදී පමණ ජර්මානුවන් විසින් දිගින් දිගටම රටවල් ආක‍්‍රමණය කරමින් කෙරුණ යුද ආක‍්‍රමණයන්ය. තවත් සමහරුන් සිතුවේ ඔහුට සිතට වධදුන් එක් භයානක මොහොත එලෙක්සන්ඩි‍්‍රයාව සහ කෛරෝ නුවර අල්ලා ගැනීමට රොෂ්වෙල් විසින් කරනු ලැබූ ගමන යනාදී වශයෙන් වූ විවිධ අවස්ථාවන්ය. නමුත් ඔහුගේ සිතට වධදුන් එකී භයානක මොහොත මෙවන් කිසිවක් නොවීය. චර්චිල් මැතිතුමාගේ සිතට වධදුන් එකී භයානක මොහොත කුමන මොහොතක් වීද යන්න දැනගැනීමට බලාපොරොත්තුව සිටි ඒ පිරිස දෙස බලා ඔහු මෙසේ පැවසුවේය.


‘‘මගේ සිතට වධදුන් මා තුළ දැඩි චකිතයක් ඇතිකළ එකී මොහොත අන් කිසිදු මොහොතක් නොව ලංකාව සහ එහි ඇති නාවික වරායන් අල්ලා ගැනීමට ජපාන නාවික බළ ඇණියක් ලංකාව දෙසට යාත‍්‍රා කරමින් සිටින පුවත මට දැනගැනීමට ලැබුණු මොහොතය. ජපන් හමුදාව විසින් ලංකාව සහ එහි ඇති නාවික වරායක් අල්ලා ගනු ලැබීම මුළු ඉන්දියන් සාගරයේම පාලනය ඔවුන් අතට පත්වීම වේ. ඔවුන් එසේ ලංකාව අල්ලා ගනිමින් ඉන්දියන් සාගරයේ පාලනය ජපනුන් අතට පත්කර ගැනීමෙන් සහ ජර්මනුන් ඊජිප්තුව අල්ලා ගැනීමෙන් සම්පූර්ණ යුද්ධයම ජර්මානුන් සහ ජපනුන්ගේ වාසියට පෙරළේ. එයින් මිත‍්‍ර හමුදාවල ජයග‍්‍රහණයේ අඳුරු සෙවණැලි වැටීම ශීඝ‍්‍රයෙන් සිදුවේ.


තවදුරටත් කරුණු දක්වමින් චර්චිල් මැතිතුමා පවසා සිටියේ ජපාන නාවික යාත‍්‍රා හමුදාව ලංකාව දෙසට ගමන් කරනු දැන ඇත්තේ කොග්ගල අහස් යාත‍්‍රා පථයෙන් ගුවන් ගතවූ ගුවන් නැවියකු බවත් ඒ වනවිට එකී නාවික යාත‍්‍රා හමුදාව ස්ථානගතව තිබුණේ දෙවුන්දර සිට සැතපුම් තුන්සියයක් ඈත මුහුදේයි. එකී ගුවන් නැවියා කවරකුද යන්න හඳුනා ගැනීමක් නැත. නාවික යාත‍්‍රා හමුදාව පිළිබඳව ආරංචිය වහා ගොඩබිමට දීමෙන් අනතුරුව ජපනුන් එකී ගුවන් යාත‍්‍රාවට වෙඩි තබා බිම හෙළන ලදී. එකී නිර්නාමික ගුවන් නැවියා ඉන්දියන් සාගරයට වැටී ඇති බව එතුමා තවදුරටත් පැවසුවේය. එතුමාට ලැබුණු මේ ආරංචිය නොවන්නට කිසිවකුගේ දැනුමක් නොමැතිව එකී ජපාන නාවික යාත‍්‍රා හමුදාව ලංකාවට පහරදී යටත් කරගන්නවාට කිසිදු සැකයක් නැති බව එතුමා තවදුරටත් පැවසීය.


ජපන් නාවික හමුදාවත් ලංකාව දෙසට ගමන් කරන ආරංචිය ලංකාව තුළ ඉක්මනින් පැතිරෙන්න වූයෙන් ආක‍්‍රමණික ප‍්‍රභාරයකට මුහුණ දීමට ලාංකික හමුදාවෝ වහා ක‍්‍රියා කළහ. මේ හේතුවෙන් රට තුළ ජනයා කඩි ගුලක් බඳු ක‍්‍රියාශීලි විය. බුස්ස හමුදා කඳවුරේ සොල්දාදුවෝ වෙරළාසන්නව සිදුකළ සංචාරක මුරසේවා වෙනුවට මුහුදු වෙරළාසන්නයේ ආරක්ෂක අගල් තැනීම ආරම්භ කළහ. ඒ සඳහාන් වෙරළ ආරක්ෂාව සඳහාත් අපේ ගම ආසන්නයේ පිහිටි හමුදා කඳවුරෙන් යුද භටයෝ වෙරළ දිගේ ස්ථානගත වූහ. මේ අවස්ථාව වනවිටත් යුද හමුදා භටයන්ගේ ක‍්‍රියාවන්ගෙන් ආරක්ෂාව පිණිස මගේ ගමේ එනම් පිටිවැල්ලේ පවුල් රාශියක් ගම අතහැර පදිංචිය සඳහා පිටිසර පළාත්වලට ගොස් තිබුණි. ජපන් නාවික හමුදා බළ ඇණිය අප ගම්පළාත දෙසට ගමන් කරන ආරංචිය යුද හමුදා කඳවුරට ළඟාවූ විගස පිටිවැල්ල ගමේ වෙරළාසන්නව පදිංචිව සිටින සියලූ ජනයාට නිවෙස්වලින් ඉවත්වී පදිංචිය සඳහා පිටිසර පළාත්වලට යන ලෙසත් හමුදා නිලධාරින්ගෙන් විධානයක් ලැබිණි.


එකී විධානය අනුව පැය විසි හතරක් ඇතුළත අනුගමනය කරන මෙන් පැනවිණ. ඒ අනුව අණට කීකරුවීමක් ලෙසින්ද තම තමන්ගේ ආරක්ෂාව පිණිසද ගම්වාසීහු සියලූ දෙනාම ගමේ නිවෙස්වලින් ඉවත්වී පිටිසර පෙදෙස්වලට ගියහ.


සිංගප්පූරුවේ පර්ල් වරයාව පහර දීමෙන් අනතුරුව මහත් උද්දාමයට පත් ජපන් නාවික හා ගුවන් හමුදාවෝ ඉන්දියන් සාගරයේ ස්වකීය අණසක පැතිරවීම පිණිස අවශ්‍ය ස්ථාන සොයමින් ඉන්දියන් සාගරයේ දකුණු දිසාවට ආශ‍්‍රිත ස්ථාන සොයමින් යාත‍්‍රා කිරීමට වූහ. එය නන්නත්තාරේ කරනු ලැබූ ගමනක් නොව පැහැදිලි අරමුණක් ඇතිව ස්වකීය අණසක පතුරවා ගැනීම සඳහා කරන ලද යුදමය ක‍්‍රියාවලියක් විය. මීට ඉහතින් දැක්වූ පරිදි ඒ සඳහා ඔවුන්ට ලංකාව ආක‍්‍රමණය කොට අල්ලා ගැනීමට ඉතා අවශ්‍ය විය. ජපන් ආක‍්‍රමණකයන්ගේ මේ අදහස ඉටුකර ගැනීම වැලැක්වීම අවශ්‍ය සෑම කි‍්‍රයාවක් ගැනීමට බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදාවෝ යුහුසුළු වූහ. මීට ඉහත දක්වන ලද පරිදි යම් හෙයකින් ජපන් ආක‍්‍රමණයන් ලංකාව ආක‍්‍රමණය කොට අල්ලා ගනු ලැබුවහොත් දකුණු ආසියාවේ සමුද්‍ර ආශ‍්‍රිත බලය ඔවුන් සතුවන්නේය.


ජපන් නාවික හා ගුවන් හමුදාවන්ගේ ආක‍්‍රමණය මැඩ පැවැත්වීම පිණිස ලංකාව තුළ ගුවන් හමුදාව රැුදවීමට සහ මිත‍්‍ර හමුදාවන් කටයුතුවල නියැළීම පහසු කරවීමට ප‍්‍රමාණවත් ගුවන් තොටුපොළවල් නොමැති බව මෙහි රැුඳී සිටි ගුවන් හමුදාපතිවරුන්ට පෙනී ගියේය. ලංකාවේ කොළඹ ආශ‍්‍රිතව ප‍්‍රධාන ගුවන් තොටුපළක් පිහිටා තිබුණේ රත්මලානේය. එයද යුදමය කටයුතු ආරම්භ වනතෙක් පැවතියේ හමුදා ගුවන් තොටුපළක් මෙන් නොව විදේශිකයන්ට ගමනා ගමනය සඳහාත් වානිජ කටයුතු පවත්වාගෙන යාම පිණිස උපයෝගී කරගත් තොටුපළක් වශයෙනි.


එසේ වුවද යුද කටයුතු ආරම්භ වීමත් සමඟ රත්මලාන ගුවන් තොටුපළ ක‍්‍රමයෙන් යුදමය කටයුතු සඳහා උපයෝගී කරගැනීමට ආරම්භ කෙරුණි. එසේ වුවද, ජපන් ආක‍්‍රමණයට තදින් මුහුණ දීම පිණිස ලංකාවේ කොළඹ ආශ‍්‍රිතව තවත් යුද ගුවන් තොටුපළක් තිබීමේ අවශ්‍යතාව එවකට ලංකාවේ යුද්ධමය කටයුතු සඳහා නියැළුණු ගුවන් හා නාවික හමුදා නායකයෝ පෙන්නා දුන්හ.


එවකට ලංකාවේ සිවිල් ආරක්ෂක කොමසාරිස් වශයෙන් කටයුතු කරන ලද්දේ පසුවදී ලංකාවේ ප‍්‍රථම ආණ්ඩුකාර පදවිය හෙබවූ සර් ඔලිවර් ගුණතිලක මහතා විසිනි. මේ අවශ්‍යතාවය ඔහු තදින් අවබෝධ කොට ගත්තේය. ඔහු අලූතින් ගුවන් තොටුපළක් කොළඹ නගරය තුළ ඉදිකිරීමට කටයුතු කිරීමට වහා යුහුසුළු විය. එවකට ලංකාවේ කෘෂිකර්ම හා ඉඩම් ඇමතිවරයා වූයේ පසුව හා ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය වූ මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතාය.

කොළඹ තුළ වහා ගුවන් තොටුපළක් ඉඳි කිරීමට ඔවුන් දෙදෙනා විසින් ආරම්භ කරන ලදී. ඒ සඳහා කොළඹ තුරඟ තරග පිටියට යටවී ඇති භූමි භාගය උපයෝගී කර ගැනීම ඔවුහු තීන්දු කළහ. මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මැතිතුමා, ඉඩම් ඇමතිව සිටි හෙයින් එකී තුරඟ තරග පිටිය පවරා ගැනීම පහසු විය. එසේ වුවද ගුවන් පථය තැනීම සඳහා එහි ඇතුළත් ඉඩම් ප‍්‍රමාණය දිගින් අඩු වූ හෙයින් තුරඟ තරග පිටියෙන් ඔබ්බෙහි පිහිටි ඉඩම්ද අත්පත් කර ගැනීමට සිදුවිය. කෙසේ වෙතත් ගුවන් පථය සඳහා දිගින් ප‍්‍රමාණවත් ඉඩම් ලබාගෙන මේ අලූතින් ගුවන් තොටුපළ සකස් කෙරුණි.


මේ අනුව රත්මලානේ පිහිටි ගුවන් තොටුපළට අමතරව කොළඹ නගර මධ්‍යයේ ජපන් ප‍්‍රහාරයකට මුහුණදීම මෙසේ තවත් ගුවන් තොටුපළක් ඉදි කෙරුණි. මීට අමතරව කොග්ගල ගුවන් තොටුපළද නවීකරණය කෙරුණි. එකී ගුවන් පථය ප‍්‍රමාණයෙන් ගුවන් යානයක් ගුවන් ගත කිරීමට දිගින් ප‍්‍රමාණවත් නොවූ හෙයින් ගුවන් පථය ප‍්‍රමාණවත් අයුරින් දිගු කිරීමට ගුවන් තොටුපළට යාව පිහිටි ඉඩම්ද ප‍්‍රමාණවත් අයුරින් අත්කර ගැනුණි. ගුවන් පථයට නැගෙනහිරින් පිහිටි කළපුව හේතුවෙන් එකී ගුවන් තොටුපළ ඉතා සුන්දර දසුනක් ඇති කළේය. ත‍්‍රිකුණාමලය පිහිටි ස්වාභාවික වරාය තුළ නැව් රාශියක් යුද සමයේ නවතා තිබුණි. එකී වරායේ පිහිටීමේ ස්වභාවයට හේතුවෙන් අහසින් බලන කෙනෙකුට එහි නවතා ඇති නැව් පැහැදිලිව නොපෙනුණි. යම් හෙයකින් එකී නැව් ගුවනින් සතුරු ප‍්‍රහාරයකට ලක් වුවහොත් ඒවායේ ආරක්ෂාව සඳහා අහස් යාත‍්‍රා නවතා තැබීමට තවත් ගුවන් තොටුපළක් වරාය ආසන්නයේ තනා භාවිතයේ තිබුණි. මේ අනුව අහසින් සිදුවිය හැකි පහරදීමකට මුහුණ දීමට අහස් යාත‍්‍රා සූදානම් කොට තැබීමට ගුවන් තොටුපළ කිහිපය සකස්ව තිබුණි.