IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කිරි කැඳට වස මුසුකර පවුලක්ම ඝාතනය කළ ලීලාවතී

29_PAGE_08_T 

වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයට එද්දී ලීලාවතී අවුරුදු 14 ක පමණ තරමේ වයසක පසුවූවාය. කිරිකැඳවලට වස වර්ගයක් මුසුකර වයෝවෘද්ධ අඹුසැමි යුවළක් හා අත දරුවෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් ලීලාවතී රිමාන්ඞ්බාරයට පත්කරනු ලැබ ඇත්තේ ගල්කිස්ස අධිකරණය විසිනි.


මෙහෙකාරියක් ලෙස නිවසක සේවය කරමින් සිටියදී ඇය මේ අපරාධය කර තිබිණි.
වැඩිම කාලයක් සැකකාරියක් ලෙස රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටි කාන්තාව ලෙස බන්ධනාගාර ඉතිහාසයේ සනිටුහන්වී ඇත්තේද ලීලාවතීය.
ඇය රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටි කාලය වසර 18 කි.


වයෝවෘද්ධ අඹුසැමි යුවළක් හා කුඩා දරුවකු වස මුසු කරන ලද කිරි කැඳ පානය කිරීමට සලස්වා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් නඩු විභාගකරනු ලැබ ලීලාවතීට වසර 2 ක සිර දඬුවමක් ලබාදී ඇත්තේ ඇය රිමාන්ඞ්භාරයේ සිටි කාලයද සැලකිල්ලට ගනිමින්ය.
ඒ අනුව ඇය බන්ධනාගාරගතව සිටි සම්පූර්ණ කාලය වසර 20 ක් පමණ වෙයි.

f


විශ‍්‍රාමික බන්ධනාගාර ජේලර්වරියක වන කාන්ති පැස්කුවල් මහත්මිය මේ වකවානුවේ රාජකාරිකර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේය.
මේ නිසා ලීලාවතී නමැති මේ කාන්තාව හා කතාබහ කිරීමට පැස්කුවල් මහත්මියට අවස්ථාව ලැබී ඇත.


විශ‍්‍රාමික ජේලර් කාන්ති පැස්කුවල් මහත්මිය අද කියන්නට යන්නේ ලීලාවතී නමැති මේ කාන්තාව සිපිරිගෙට පැමිණීමට හේතුවූ කරුණු කාරණා ගැන හා ඇය එහිගත කළ ජීවිතය ගැනය.


අපි මෙතැන් සිට පැස්කුවල් මහත්මිය කියන කතාවට සවන් දෙමු.


ලීලාවතී කියන මේ තැනැත්තිය සැකකාරියක් විදිහට වැලිකඩ කාන්තා අංශයට එද්දී ඇයගේ වයස අවුරුදු 14 ක බාලවයස්කාරියක්. අකුරු ලියන්න පොතක් පතක් කියවාගන්න තියා තමාගේ නමවත් ලියන්න ඇය දන්නේ නැහැ. ඒ විතරක් නෙමේ උපන්ගමක් අම්මා තාත්තා සහෝදර සහෝදරියක් හෝ වෙන ඥාතියෙක් ගැන කියන්නටවත් ඇය දන්නේ නැහැ. ඇය කිසිම දිනක ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ.


මාමා කෙනෙක් ගෙදර වැඩට ගෙනත් ඇරලූ බව පමණක් ඇයට මතකයේ තිබුණා\ ඒත් ඒ මාමා ගැන කිසිවක් කීමටවත් ඇය දැන සිටියේ නැහැ. ලීලාවතී වැඩ කළ ගෙදර නෝනායි මහත්තයයි එයාගේ පොඩි දරුවයි තව වයසක නෝනෙකුයි මහත්තයෙකුයි හිටිය බව මා සමග පැවසුවා. ගෙදර දොරේ සියලූම වැඩපල කිරීමට අමතරව පොඩි දරුවා බලාගැනීමටත් ඇයට පැවරී තිබුණා. බාල වයසේ පසුවූ මේ ළමයා ගෙදර සේරම වැඩකර තිබෙනවා.


වැඩ කරපු ගෙදර හිටිය නෝනා නිතරම මේ කෙල්ලට වධහිංසා කර තිබෙනවා. පොඩි දෙයක් අතපසු වුණාම බොහොම දරුණු විදිහට පහරදී ඇති බව ඇය මා සමග පැවසුවා. මේ නිසා ලීලාවතී නෝනා ගැන ලොකු තරහකින් පසුවී තිබෙන බව ඇයගෙන් දැනගත්තා.


කිරිකැඳවලට වස මුසුකර මෙවැනි අපරාධයක් කිරීමට ලීලාවතී පෙළඹුනු ආකාරය ද ඇය විශ‍්‍රාමික ජේලර් පැස්කුවල් මහත්මිය සමග අකුරක් නෑර පවසා ඇත.


ඒ හා සම්බන්ධව තොරතුරු හෙළිකරමින් විශ‍්‍රාමික ජේලර්වරිය මෙසේ කීවාය.


මා වැඩ කරපු ගෙදර තවත් කෙල්ලක් වැඩට ගෙනාවා. ඒ කෙල්ල හොඳට වැඩ කරනවා. උඹට තමා බැරි කියමින් නෝනා මට වෙනදාටත් වඩා වධහිංසා කළා. හරියට කෑමක් බීමක් දුන්නෙත් නැහැ. ගොඩක් දවස්වලට මා බඩගින්නේ හිටියේ. අම්මා තාත්තා සහෝදර සහෝදරියක් ගැන දන්නේ නැති නිසා යන්න එන්න තැනක් තිබුණේ නැහැ. ඒ හින්දා සේරම කරදර හිරිහැර විඳගෙන හිටියා.


අලූතින් ගෙදර වැඩට ආපු කෙල්ල මට විරුද්ධව නිතරම හරියට කේලාම් කියන්න පටන්ගත්තා. ඒ කේලාම් අහලා නෝනා මට බනින්න ගහන්න පටන්ගත්තා. නෝනාට හොඳ පාඩමක් උගන්වන්නම් කියා මා හිතාගත්තා යැයි ලීලාවතී නමැත්තිය මා සමග කියා තිබෙනවා යැයිද පැස්කුවල් මහත්මිය පවසන්නීය.


ලීලාවතී නමැත්තිය බන්ධනාගාරගතව සිටියදී කී කතා ගැන විශ‍්‍රාමික ජේලර්වරිය මෙසේද කීවාය.


මම හිටිය ගෙදර හැමදාම වගේ උදේට බොන්න කිරිකැඳ හදනවා. ඒ හින්දා මම කළින් දවසේ ගෙදර තිබුණ වස බෝතලයක් අරගෙන එය හංගාගත්තා. ගෙදර වැඩට හිටිය අනිත් කෙල්ල මිදුල අතුගාමින් හිටියා. නෝනයි මහත්තයයි වැඩට ගිහින් හිටියේ. ඒ ගොල්ලන්ගේ පොඩි බබයි වයසක ජෝඩුවයි විතරක් ගෙදර හිටියා. මම ගේ අතුගාමින් ඉන්න ගමන් වස බෝතලය අරගෙන ගිහින් කිරිකැඳ හදා තිබුන භාජනයට දැම්මා. නෝනා ගෙදර ආපුවාම කිරි කැඳ බොන නිසා තමා මේ වගේ දෙයක් කළේ.


මාව පස්සේ පොලිසියෙන් ඇවිත් අල්ලාගෙන ගියා. මේකි කොළ කැඳ වලට වහදාලා දරුපැටියෙකුයි වයසක දෙන්නෙකුයි මරලා කියමින් පොලිසියේ මහත්වරු මට හොඳටම බැන්නා. එතකොට තමා දැනගත්තේ පොඩි බබා හා ගෙදර හිටිය වයසක නෝනයි මහත්තයයි මැරිලා තියෙන්නේ කියා. මම මේ වගේ දෙයක් කළේ නෝනා සිහිනැති වෙයි කියා හිතාගෙන. කාවත් මරන්න හිතාගෙන මෙහෙම දෙයක් කළේ නැහැ. මේ වගේ දෙයක් කළාම නෝනා මට්ටුවෙයි කියා මා නිතරම කල්පනා කළා.


සැකකාරියක් ලෙස වසර 18 ක කාලයක්ද වසර දෙකක් සිර දඬුවමක්ද අධිකරණය මගින් නියම කිරීමෙන් පසු ලීලාවතී බන්ධනාගාරයේ කාන්තා අංශයේ ගත කළ ආකාරය ගැනද විශ‍්‍රාමික ජේලර් පැස්කුවල් මහත්මිය හෙළිකළාය.


මේ පැස්කුවල් මහත්මිය හෙළිකළ ඒ කතාවයි.


අවුරුදු 18 ක් රිමාන්ඞ්භාරයේ සිටීම සැලකිල්ලට ගනිමින් අධිකරණය ලීලාවතීට මේ ත‍්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 2 ක සිර දඬුවමක් නියම කළා. වැඩිම කාලයක් රිමාන්ඞ් භාරයේ සිටි කාන්තාව ලෙස බන්ධනාගාර ඉතිහාසයට එක්වී තිබෙන්නේ ඇයයි. ලීලාවතීට අකුරු ලියන්න කියන්න බැරි නිසා සාක්ෂරතාවය වැඩි දියුණු කරන බන්ධනාගාරයේ තියෙන පන්තියට යොමු කළා. නමුත් වැඩක් වුණේ නැහැ.


වෘත්තීය උපදේශිකා මල්ලිකා පීරිස් මහත්මිය යටතේ ලීලාවතී ලණු ඇඹරීම, රෙදි විවීම වාගේ වැඩ පුහුණුවුනා. ඇය ඒවා හොඳට ඉගෙන ගත්තා.

පොහොයට සිල් ගැනීමට යොමුකළා. එක සැරයක් සිල්ගත්තාට පස්සේ නිතරම නෝනා ආයෙත් සිල්ගන්නේ කවදාද කියා අහනවා. ඊට පස්සේ ඇය හැම පොහොයකටම නොවරදවාම සිල් සමාදන්වුනා. බණ අහන්න පවා ඇය ලොකු ඇල්මක් දැක්වූවා.


ලීලාවතීට වසර 2 ක සිර දඬුවමක් ලැබෙන්න කළින් සැකකාරියක් වශයෙන් අවුරුදු 18 ක්ම බන්ධනාගාරයේ හිටිය බව මම මුලින්ම කිව්වානේ. ඒ කාලයේ  ඕනෑම ඇඳුමක් ඇඳින්න පුළුවනි. ඇය ලස්සනට අඳින්න පළඳින්න හරිම ආශාවක් දැක්වූවා. කොණ්ඩය එහෙම ලස්සනට පීරලා කොණ්ඩ කටු ගහගෙන ඉන්නත් ඇය හරිම ආසයි. බන්ධනාගාරයේ ගතකළ අවුරුදු 20 කාලයේ ඇයගේ කියා කිසිම කෙනෙක් බලන්න ආවේ නැහැ. හිර ගෙදරින් නිදහස් වෙලා ගිය කාන්තාවෝ ඉඳහිට ඇය බලන්න ආවා. ඒ එද්දී ලස්සන ඇඳුම් පැළඳුම් ඇයට ගෙනත් දුන්නා. කොණ්ඩ කටුත් ගෙනවිත් දුන්නා. ඒ විතරක් නෙමේ කෑම බීමත් ගෙනාවා. හිර දඬුවම් නියම වුණාට පස්සේ බන්ධනාගාරයෙන් දෙන හිරකාරියනට නියමිත ඇඳුම තමා ඇයටත් ලැබුණේ.


බන්ධනාගාර නිලධාරිනියන්ට ඇය කට පුරාම නෝනේ කියා කතා කළා. බන්ධනාගාර නිලධාරීන් හා නිලධාරිනියන් එක්ක ගැටුම් ඇතිකරගත්තේ නැහැ. හිරකාරියන් පවා ඇයට හරිම ආදරෙයි. ඇයට අනුකම්පා කළා.


බන්ධනාගාරයේ හිටිය හිරකාරියන් හා සැකකාරියන් හුඟදෙනෙක් ඇයගේ නම ලීලාවතී කියා දැනගෙන හිටියේ නැහැ. හැම කෙනෙක්ම ඇය හැඳින්වූයේ කිරිකැඳ කියා. කිරිකැඳ කියා කතා කළාම ඇය ළඟට එනවා. නෝනේ මම මෙතැනින් පිටවෙලා යන්නේ කවදාද කියා ඇය නිතරම බන්ධනාගාර නිලධාරිනියන්ගෙන් ඇසුවා. මගෙනුත් එහෙම අහපු වාර අනන්තයි, අප‍්‍රමාණයි. කවුරුහරි දැක්කාම කියන්නේ අනේ මාව මෙතැනින් අරන් යන්නකෝ කියායි. ඇයට දින වකවානු ගැන කිසිම මතකයක් අවබෝධයක් නැහැ.


සිර දඬුවම් විඳින්න කළින් ඒ අවුරුදු 18 ක් රිමාන්ඞ් බාරයේ හිටියා. ලීලාවතීට සිද්ධවුණේ ඇප ලබාදුන්නාට ඇප තියන්න කිසිම කෙනෙක් නැති නිසයි. ගල්කිස්ස උසාවියේ ඒකාලයේ ඇතිවූ ගින්නකින් ඇයගේ නඩුවේ ගොනුවද පිළිස්සී තිබීමත් තවත් හේතුවක්වී තිබුණ නිසා දැනගැනීමට ලැබුණා යැයි විශ‍්‍රාමික ජේලර්වරිය වසර ගණනාවකට එහා සිදුවූ අතීතය මෙනෙහි කරමින් පැවසුවාය.


වසර දෙකක සිර දඬුවම ඉවර වුණාට පස්සේ ලීලාවතීට මොකද වුණේ කියා මම පැස්කුවල් මහත්මියගෙන් විමසුවෙමි.


සිර දඬුවම නිමාවුනාට පස්සේ ඇයට යන්න එන්න කිසිම තැනක් තිබුණේ නැහැ. බන්ධනාගාර නිලධාරිනියක් ඇය ගැන අනුකම්පා කර ඒ නිලධාරිනියගේ ගෙදර කැන්ඳගෙන ගියා. ලීලාවතී බොහොම හොඳට ඒ ගෙදර හිටියා. ඇය ගැන ඊට පස්සේ මට නම් කිසිම ආරංචියක් ලැබුණේ නැති බව විශ‍්‍රාමික ජේලර් කාන්ති පැස්කුවල් මහත්මිය පැවසුවාය.


m



අදහස් (0)

කිරි කැඳට වස මුසුකර පවුලක්ම ඝාතනය කළ ලීලාවතී

දිලිප් Wednesday, 03 December 2014 10:06 AM

මේ වගේ මිනිස්සු යහමඟට ගන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි (නි)

:       0       0

වාසනා Monday, 08 December 2014 08:27 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සංජය Sunday, 07 December 2014 06:25 AM

බාල වයස්කාරියක් සේවයේ යෙදවීම. එයාට වධ හිංසා කිරීමට විරුද්ධව අනෙක් පාර්ශවයට දඬුවම් දී මේ දැරියට වන්දි ලබා නොදුන්නේ අැයි ?(බ)

:       0       0

චමිලා Wednesday, 03 December 2014 09:51 PM

මෙවැනි දේ හෙළිදරවු කිරීම ගැන ඔබට බොහොම ස්තූතියි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site