IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කතාකරන හැම ආරාධනයක්ම පිළිගන්න පුළුවන්ද?

 

 

 

 

 

 

චංචලා කොහොමද මේ දවස්වල තොරතුරු?

මේ දිනවල ජයසේකර අපොන්සුගේ ”තරු පබා” අලූත් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය සේපාලිකා ලෙස රඟපෑවා. ඒ වගේම ”රන්මිනිතැන්න” ටෙලි නාට්‍යයේ සුදු හාමිනේ චරිතය රඟපානවා. ගැමි චරිතයක් වන එය මා ඉතා ආසාවෙන් රඟපාන්නේ. සුමිත් ගල්හේනගේ ”රජවත්ත” ටෙලි නාට්‍යයේත්, මොහාන් නියාස්ගේ ”ඉසුරු විමන” ටෙලි නාට්‍යයේත් රඟපානවා. එක දිගටම ටෙලි නාට්‍ය ලැබී තිබෙනවා. ඒ හින්දා කාර්ය බහුලයි. ලබන වසරේ මුල ඉඳලා චිත‍්‍රපට රැුසක්ම ලැබී තිබෙනවා රඟපාන්න. ඒ හින්දා 2014 වසර මට නම් කාර්ය බහුල වසරක් වේවි කියා හිතනවා.
පහුගිය දවස්වල ”සීතා මං ආවා” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය හින්දා හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. සීතාට රඟපාන්න ගොඩාක් දෙනා බලාගෙන හිටියා. ඉතිං එය මට හිමිවීම මා ලැබූ වාසනාවක් විදිහටයි සළකන්නේ.

 

 

 

ඔයා කටකතාවලට බයද?

කොහෙත්ම නෑ. කටකතා කියන්නේ මඩ ප‍්‍රචාරනේ. මඩ ගොඬේ ජීවත්වෙමින් මඩ නාගෙන ඉන්න කෙනෙක් තමයි අනෙක් අයට මඩ ගහන්නේ. උගත්, වැදගත් අය තව කෙනකුට මඩ ගහන්නේවත් අපහසුතාවට පත් කරන්නේවත් නෑ. අඩු මානසිකත්වයෙන් යුත් කෙනෙක් තමයි අනෙක් අය අපහසුතාවට පත් කරන්නේ. එහෙම අයට අනිවාර්යෙන්ම මා අනුකම්පා කරනවා. මොකද අප හැමෝම මැරෙන මිනිස්සුනේ.

 

 

 

එහෙම නම් ඔයාට කලා ක්ෂේත‍්‍රයෙන් එහෙම එන අයුතු යෝජනාවලට මොන වගේ ප‍්‍රතිචාරද දක්වන්නේ?

අයුතු යෝජනා නම් එන්නේ නැති තරම්. හැබැයි ඉතිං ආදර යෝජනා නම් එනවා. ක්ෂේත‍්‍රයෙන් වගේම පිටිනුත් එනවා. ඒ වෙලාවට මම ඔවුන්ට පහදා දෙනවා. ඇත්තටම මේ වෙලාවේ වැඩ කරන්න විතරයි මගේ කැපවීම තිබෙන්නේ. රඟපෑමේ යෙදීම හැරෙන්න වෙන සම්බන්ධතාවලට කාලයක් මගෙන් නෑ. ඒ හින්දා ආදර යෝජනා ප‍්‍රතික්ෂ්ප කරනවා. හැබැයි ඉතිං හැමෝම එහෙම හිතන්නේ නෑ, ගොඩාක් දෙනා බුද්ධිමත් හින්දා මා කියන දේ පිළිගන්නවා. අනෙක ආදරයක් කරන්න මගේ හිතටත් ආදර හැඟුමක් එන්න  ඕනෑනේ. කතා කරන හැම ආරාධනාවක්ම පිළිගන්න අපට පුළුවන්ද?

 

 

 

ඔයාට චරිත දෙන්නම් කියලා ලිංගික බලපෑම්වලට හරි වෙන යෝජනාවලට හරි සමහරු ඇවිත් නැද්ද?

එහෙමනම් කවදාවත් මට සිද්ධවෙලා නෑ. ඒ අතින් මම වාසනාවන්ත නිළියක්. මම හරිම පරිස්සමින් ක්ෂේත‍්‍රයේ රැුඳී ඉන්නේ. මට නම් කිසිම චරිතයක් නිසා කිසිම බලපෑමක් කාගෙන්වත් එල්ලවුණේ නෑ. ඒ අතින් අධ්‍යක්ෂවරුන්ට මා ස්තුති කරනවා. අනෙක මා කලා ක්ෂේත‍්‍රයට ආවේ ආර්ථිකය ශක්තිමත් කරගෙනයි. ඒ හින්දා මා ගැන  දන්න අය ඔවැනි යෝජනා කරන්නේ නෑ.

අනෙක මම චරිත තෝරා බේරාගෙන කරන්නේ. ඒ හින්දා අනවශ්‍ය බලපෑමක් නෑ. මම අධ්‍යක්ෂවරුන්ට වගේම හැමෝටම ගරු කරනවා. මම කට්ට කාලා ආ කෙනෙක් නොවෙයි. කට්ට කනවා කියන්නේ මොකක්ද කියා දන්නෙත් නෑ. කලාවෙන් ජීවත්වෙන්න ගියොත් තමයි අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවෙන්නේ. සමහර අලූත් නිළියන්ට ඔය තත්ත්වය ඇතිවී තිබෙන බව මා දන්නවා. තමන් කරන්නේ කුමක්ද කියා මුලින් වටහා නොගත්තොත් දිගටම අඳුරේ තමයි ඉන්න වෙන්නේ.

 

 

 

අනවශ්‍ය දෙයකට ආවොත් ඔයා ඊට කොයි වගේ ප‍්‍රතිචාරයක්ද දක්වන්නේ?

මෙහෙමයි. මට තවම එහෙම අනවශ්‍ය දේ ආවේ නෑ. ආදරය විතරයි ඉල්ලාගෙන එන්නේ. මම කියන දේ මූණටම කියලා දාන කෙනෙක්. නැත්නම් මෙච්චර ගමනක් මට එන්න ලැබෙන්නේ නෑ. එහෙම නැතුව අද කාලේ වැඩ කරන්න අමාරුයි. මා ගැන දන්න අය ප‍්‍රශ්න ඇති කරන්නේ නෑ. ඒ කියලා මම රණ්ඩු වෙන්නෙක් නම් නොවෙයි  හරිද? මම හරි දේ හරියට දැකලා වැඩ කරන කෙනෙක්.

 

 

 

 

ඒ කියන්නේ ආදරය ඉල්ලාගෙන ආවත් ඔයා දැන්ම ඒ ගැන හිතන්නේ නෑ කියන එක නේද?

ඔව්. මේ කාලේ මම වැඩ කරන කාලේ. ඒ හින්දා රංගනයට හා ව්‍යාපාර පැත්තට තමයි වැඩි අවධානය යොමුවී තිබෙන්නේ. ගෙදර අයත් ඒක දන්නවා. ඒ හින්දා ලොකුවට බලපෑම් කරන්නේ නෑ. අනෙක ජීවිතේ හැමදේම වෙන්නේ සිදුවිය යුතු වෙලාවටයි. මම පෙර කර්ම තදින්ම විශ්වාස කරන කෙනෙක්. ඒ හින්දා දෛවය අනුව මගේ පෙම්වතා කවදා හරි ලැබේවි. ආදරය කරන්නත් ආදර හැඟුමක් ඇති වෙන්න  ඕනෑ. තවම එහෙම හැඟීමක් ඇති කෙනෙක් ලැබුණේ නෑ.

 

 

 

 

ඔයා විලාසිතාවලදී ඇඟ පේන්න ඇඳුම් අඳිනවා නේද? ඒ වෙලාවට යම් යම් අයගෙන් වැරැදි යෝජනා එන්න පුළුවන් නේද?

මම තැනට ඔබින විදිහට විලාසිතා කරන කෙනෙක්. පෞද්ගලික ජීවිතයේදී මම වැඩියෙන්ම අඳින්නේ ඩෙනිමයි ටී ෂර්ට් එකයි. හැබැයි චිත‍්‍රපටවල හා වෙනත් උත්සවවලදී මම කොටට අඳිනවා. එතැනදී ඇඟ නිරාවරණය වෙන්න පුළුවන්. නමුත් ඒක ඒ අවස්ථාවට විතරයි. මා හිතන්නේ එවැනි තැන්වල ඉන්න අය මා ගැන වැරැදියට හිතන්නේ නැතුව ඇති.

මෙහෙමයි සමහරුන්ට ඉතින් ආසාවක් ඇතිවෙන්න පුළුවන්. ඒක ඉතින් පෘථග්ජන ලක්ෂණයක්නේ. නමුත් ඉතින් මගේ මූණට ඇවිත් අහන්නේ නම් නෑ. මොකද මම කියන දේ මූණටම කියන කෙනෙක් හින්දා සමහරු බය ඇති අහන්න.

 

 

 

 

දිගටම රංගනයේ යෙදෙන්නද අදහස් කරන්නේ? එතකොට ව්‍යාපාරිකාවට මොකක් වෙයිද?

දිගටම ඉන්න අදහසක් නෑ. මට පුළුවන් තාක් කල් රඟපානවා. හරි වෙලාවේ එයින් මා ඉවත්වෙනවා. එහෙම කියලා  ඕනම චරිතයක් රඟපාන්නේ නෑ. චංචලාගේ නමට හානියක් නොවන දේ තමයි මා කරන්නේ. හැමදාම ව්‍යාපාරිකාව මා කෙරෙහි ජීවත්වෙනවා. මේ දෙක බැලන්ස් එකක් කරගෙන යන්නේ. ආර්ථිකය ශක්තිමත් නම් කලාකාරිනියකට හරි ලේසියි තමන්ගේ ගමන යන්න. ඒ හින්දා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මගේ එකම පැතුම හිනාවෙලා මැරෙන්නයි. ඒ තරම් සතුටක් මට තවත් නෑ.

චංචලා සමග කළ කතාබහේ අවසානයේ ඇය ගැන තව කිවයුතු දෙයක්ද තිබේ. එනම් පළමු වතාවට ලෝක වීඅයිපී :ඪෂඡු* සඟරාව නියෝජනය කළ එකම ශ්‍රී ලාංකීය කලාකාරිනිය ඇය වීමයි. ඒ විතරක්ද? ලොව ජනපි‍්‍රය ”කිලිං මී සොෆ්ට්ලී” ගීතය නව ආරකින් මුළු ලෝකයටම දැන් ගයන්නේ ඇයයි. මේ නිසාම චංචලා අද ලොව පුරා ද ජනපි‍්‍රය වී සිටින රුවැත්තියකි.

 

 



අදහස් (0)

කතාකරන හැම ආරාධනයක්ම පිළිගන්න පුළුවන්ද?

දිල් Monday, 30 December 2013 12:47 PM

හරිම ලස්සනයි ඔයා. ඉදිරි අනාගතයට සුභ පතනවා.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Saturday, 04 January 2014 04:12 AM

හරිම ලස්සනයි ඔයා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 247 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 199 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 140 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 255 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 426 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1049 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1011 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1440 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site