“මරණයට හේතුව කොකු පණු රෝගය. දරුවට හොඳටම මන්දපෝෂණය. පවුලේ අනිත් දරුවො හය දෙනාටත් ඉක්මණින් පණු බෙහෙත් දෙන්න. දරුවො හදන එක විතරක් නෙමෙයි, හදපු දරුවන් රැකගන්න එක ගැනත් හිතන්න.” මරණ පරික්ෂකවරිය මරණකරුගේ මවට කීවාය.
දරුවෝ හත්දෙනෙක්.
මම නැවත වරක් මියගිය දසමස් සිඟිත්තාගේ මව දෙස බැලිමි. දරුවන් හත්දෙනෙක්. ......එය විය හැක්කක් ද? ඇය තරුණය. දරිද්‍රතාවෙන් බැට කන බව බැලු බැල්මටම පෙනතෙත් ඇය තරුණය.
මා සිටියේ කොළඹ නාගරික මරණ පරික්ෂක ඉරේෂා සමරවීර මහත්මිය ඉදිරියේ ඇය විසින් පවත්වන මරණ පරික්ෂණයකට සවන්දෙමිනි.
වයස කියද මම මරණ පරික්ෂකවරියගේ සටහන් බැලිමි.
37 හැවිරිදි මවක්. දෙවියනි දැනටම දරුවන් හතක්. ඇය කෙසේ නම් සෞඛ්‍ය සම්පන්නව දරුවන් රැකබලා ගන්න ද?
දසමස් දරුවකුට කොකුපණු රෝගය වැළඳීම විශ්වාස කළ නොහැක්කකි. මන්ද යත් කොකු පණුවාට ඒ නම ලැබී ඇත්තේම මිනිස් සිරුරකට ඇතුල්වන්නේ යටිපතුලට කොක්ක ගැසීමෙන් වන බැවිනි. මාස දහයක දරුවෙකු යනු දෙපා බිම තබා ඇවිදින්නකු නොවේ. සාමාන්‍යයෙන් අත දරා සිටින නැත්නම් ආරක්ෂිත භූමියක බඩගා යන දරුවෙකි. මේ දරුවාට කොකු පණු රෝගය වැළඳී තිබුණේ නම් ඔහු බිම දමා තිබිය යුතුය. වැලි දූවිලිවල දවස ගත කල යුතුය.
කොකු පණු රෝගයෙන් මියගිය දසමස් දරුවාගේ තොරතුරු සොයා මම ඇගේ නිවසට ගියෙමි.
සියලු සැප සම්පතින් සපිරි ඇතැයි කියන කොළොම්පුරයේ ඇගේ නිවස පිහිටා තිබුණේ ග්‍රෑන්ඩ්පාස්හි එක්තරා වත්තකය. එද කුලී නිවසකි. ගඩොලින් බැඳි නිසා පැල්පතක් යැයි නොකියමි. එහෙත් අවම පහසුකම් ඇති ගෙවල් පේලියක එකක් වූ එහි හාත්පස පැතිර තිබුණේ දුප්පත්කම ම පමණි.
දෙමහලක් සේ යන්තම් ගඩොලින් බැඳ ඕනැවට එපාවට කපරාරු කළ ඇගේ කුලී මාළිගාවේ පහළ මහල වැසිකිලියත් මුළුතැන්ගේත් සදහා පමණක් වෙන්විය. එහි එක් මහළක පළල අඩි 9කි. දිග අඩි 11 කි. මසක කුලිය රුපියල් 7000 කි.
මේ නිවසේ ඉහළ මහලේ ඇයත් දරුවනුත් සැමියාත් වෙසෙයි. අවුරුදු 12, 11, 9, 7, 6, 3 ½, යන වයස් හි දරුවෝ ඇය වටා සිටියහ.
12 හැවිරිදි හා 9 හැවිරිදි වියේ පසුවූයේ දියණියෝය. අනෙක් සියලු දෙනා පුතුන් වේ. එයින් බාලයා වන දසමස් වූ පුතු කොකු පණු රෝගයට ගොදුරුව මෑතක මියගියේ මේ දුක්ඛිත ජීවිත ගැන මා ඉදිරියේ තොරතුරු තබමිනි.
අපි ඇයට ශමිලා කියමු. ඇගේ නම ගම ආගම හෝ ජාතිය ඔබ හා නොකියමි. එහෙත් ඇගේ කථාව ඔබ හා කියමි. ඒ උග්‍ර දරිද්‍රතාව ඇත්තේ කොළඹින් ඈත නොව කොළඹ නගරය තුළම බව තහවුරු කරනු සඳහාය.
ඇය මා හා කථාවට මුල පිරුවාය.
“මම කසාද බැන්දේ අවුරුදු 14 දි. මගේ අම්මට තමයි මාව කසාද බන්දල දෙන්න උවමනා වුණේ. අපි හිටියේ මීගමුවේ. මට දරුවන් තුන් දෙනෙක් හම්බ වුණා. එදාට එදාට කුලි වැඩ කරල අපි කරදරයක් නැතිව ජීවත් වුණා. ඒත් මම කොහොම කියන්නද මගේ අම්මා එක්ක මහත්තයාගේ තිබුනු ගණුදෙනුව මගේ අතටම අහුවුණා. මම දරුවො තුන්දෙනත් එක්ක මුළු පවුලම අම්මට දීල ඔළුව හැරුණු අතේ ආවා. ”
දෙවියනි..... ඇය හත් දරු මවකැයි මා මෙතෙක් සිතා සිටියත් එය වැරදිය. වයස 37 වනවිට ඇය දරුවන් දස දෙනෙකුට මවක වී සිටියාවත්ද... ?
ඉතින් .......
“මම ආයෙ එයාල ගැන හෙව්වේ නැහැ. මම කොළඹ ආවා. තැන තැන හිටියා. අක්කගෙ ගෙදර, නෑදෑ ගෙවල්වල, තැන තැන.... ඒ කාලෙ තමයි මේ මනුස්සයා මුණ ගැහුණේ. අපි කසාද බැඳල කුලී ගෙදරකට ආවා. මේ තුන්වෙනි කුලී ගෙදර.”
දරුවන් වැදීම පමණක් නොව වැදු දරුවන් හැදීම ද ශමිලා ගේ වගකීම විය. මීට පෙර විවාහකයෙක් වූ සැමියා ඒ විවාහයෙන් ලද දරුවන් තිදෙනා එම බිරිඳ ලඟ තබා පැමිණ තිබු අතර මේ විවාහයෙන් ලබන දරුවන් ශමිලා ලඟ තබා තවත් කාන්තාවක් විවාහ කර ගත්තාය. ඔහුගෙන් ඇයට ද දරුවන් තිදෙනෙකි.
“පව් මේ ගැහැණු” .මගේ සිතුවිල්ල එය වුවත් ශමිලා ගේ එවන් සිතුවිල්ලක් නොමැති බව තවදුරටත් කළ කතා බහේ දී හෙළිවිය.
“ මං කොහොම හරි දෙවේලක් දරුවන්ට දෙනවා. ගෙවල්වල වැඩ කරල, අහුවෙන කුලියක් කරල මොනවම හරි ගෙනත් දරුවන්ට දෙනවා. එයාලගෙ බඩ පුරවනවා. ඒත් ගෙවල් කුලී ගෙවන්න තමයි සල්ලි නැත්තේ. මාසෙකට හත්දාහක්. මට කොයින්ද එච්චර සල්ලියක්. මම යනවා සල්ලි තියෙන අයගෙ ගෙවල්වලට. ගිහින් කියනවා දෙවියන් ගෙ නමින් මට ගෙවල් කුලි ගෙවා ගන්න සල්ලි දෙන්න කියලා.
“දැන් මේ දවස්වල කොරෝනා නිසා ගෙවල්වලට යන්න බැහැ. මාස දෙකක කුලි ගෙවන්න එකතු වෙලා. කොහොමහරි ගෙවන්න ඕන.”
ඇය කිවාය. එහෙත් සැමියා ගැන කතාවක් නැත. දරුවන් පෝෂණය කරන්නට මවට මෙන්ම පියාට ද සමාන වගකීමක් තිබේ.
“එයා දරුවන්ට කන්න දෙන්න ගේන්නෙ නැද්ද?”
“කුලියක් කරපු දවසට කීයක් හරි දෙනවා. එයාට හරියට රස්සාවක් නැහැ.” දරුවන් රකින්නට තාත්තා ගේ සහයක් නොමැතිවීම වරදක් සේ ඇය නොදකින්නීය. වැලේ ගෙඩි වැලට බර නැතැයි කියන්නාක් මෙන් ඇය මට පිළිතුරු දුන්නාය.
දරුවන් වැදීම මෙන්ම හැදීම ද තමන් විසින් කළ යුතුය යන හැඟිම ඇය සතුය.
“දරුවො ඉස්කෝලෙ යනව ද ?”
“ලොකු දුව අස්කරගත්තා. අනිත් අය බලාගන්න එපායැ”
ලොකු දුව යැයි ඇය හැදින්වූ වැඩිමහල් දියණිය 12 හැවිරිදිය. වසර 16 දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය වී තිබෙන රටක මේ 12 හැවිරිදි දියණියට එකී නීතිය වලංගු නොවන්නේ ඇයි? ඇය ද මව මෙන් තවත් වසර කිහිපයකින් තමන්ට වඩා ඉතා වැඩිමහලු තැනැත්තෙක් සමග දීග යනු ඇතිද?
“ඉස්කෝලෙ යන අයට මේ දවස්වල ඔන්ලයින් උගන්නන්නෙ කොහොමද?”
“ඒව කොහොම කරන්න ද නෝනා? අපට කොයින්ද ස්මාට් පෝන්. ඉස්කෝලෙ පටන්ගත්තු දවසක ආයි යවනවා.”
ඔන්ලයින් අධ්‍යාපනය අහිමිවන දරුවන් ගැන ගස් උඩ නැගී සිග්නල් හොයන දරුවන් ගැන කිහිප විටක් තොරතුරු ලියුවත් කොළඹ සිටියදීම ඔන්ලයින් අධ්‍යාපනය අහිමිවන දරුවන් ඇතැයි මම ද නොසිතුවෙමි.
එහෙත් ඔවුන් ද අධ්‍යාපනය අහිමි දරුවන්ය. එකම පොදු ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන දරුවන්ය. සම බිමක තරඟ කිරීමට හිමිකම් නැත්තවුන්ය.
“මට එකක් කියන්න පුළුවන්. මම මේ දරුවන් බඩගින්නේ තියන්නේ නැහැ. ලොකු ලොකු දේවල් නොකලට මම කොහොම හරි බඩකට පුරවනවා”. ඇය යළිත් කිවාය.
වේලක් හැර වේලක් බඩකට පිරවීම තම යුතුකම බව සිතන ඇය එය කෙසේ හෝ ඉටු කරන බව කියන්නේ අභිමානයෙනි.
කොරෝනා මාරයා රටම වසාගත් සමයක එය මොන තරම් ආඩම්බර ප්‍රකාශයක්ද ?... එහෙත් එහි ඇති අභියෝගය සුළුපටු නොවේ. මක්නිසාද යත් ප්‍රතිශක්තිය යනු කුමක්දැයි ඔවුන් දන්නේවත් නැති බැවිනි.
ප්‍රතිශක්තිය කෙසේ වෙතතත් දරුවන් සියලු දෙනා මන්ද පෝෂණයෙන් පෙළෙන බවක් බැලු බැල්මට පෙනෙයි. ඔවුහු ප්‍රීතියෙන් කෙළිදෙලෙන් සිටින දරුවෝ නොවෙති. සියලු දේ දරුවන්ට යැයි කියන රටක ඔවුහු කිසිවක් හිමි නැති දරුවෝය.
එක රටක් එක නීතියක් ගැන කථා කරන රටක මේ දරුවන් කෙරෙහි ඒ නිති බලපාන්නේ නැත. හැම ගමකටම සිටින පවුල් සෞඛ්‍ය සේවිකාව මොවුන් ජීවත් වන කොට්ඨාශයටත් සිටින බවට සැක නැත. ගැබිණි මවුවරුන් හා අවුරුදු පහක් දක්වා දරුවන් ඇගේ පරික්ෂාව යටතේ සිටිය යුතුය. පවුල් සැලසුම් හා දරුවන්ගේ සෞඛ්‍යය ගැන ඇය වගකිව යුතුය. එහෙත් මේ දරුවන් කිසිවිටෙක එවන් නිලධාරියෙකුගේ ඇස ගැසුණු බවක් නොපෙනේ.
මේ කොළඹ සිටින මෙවන් වූ එකම පවුල මෙය නොවේ . අපේ ඇස නොගැසුණ මෙවන් පවුල් මෙන්ම මීටත් වඩා ශෝචනීය පවුල්වල කථා ඇත. බලධාරින් ගේ ඇස් මේ පවුල් වෙත යොමුවිය යුතුව ඇත. මේ දරුවන්ට ද ජාතියේ දරුවන්ට හිමි සහන ලැබිය යුතුමය.
මොවුන් වෙනුවෙන් යමක් කරන්නට සිතන විශේෂයෙන් ඔවුන් වෙනුවෙන් රජයේ වැඩ පිළිවෙල යටතේ යමක් සිදුකළ යුතුයැයි සිතන කවර හෝ කෙනෙකුට හෝ කණ්ඩායමකට ඔවුන් පිළිබඳ තොරතුරු දෙන්නට අප සුදානමින් සිටිමු.
සටහන. විනීතා එම් ගමගේ
2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා
නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි
පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දින සියයක් පැරැණි ජාතික ජන බලවේගය රජයට බලපා ඇති ගැටලුවලට වඩා බරපතළ අර්බුදයක ගිලී සිටියි.
“ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිබෙන්නේ දිළිඳු තත්වයකය. වෘත්තීය අභිමානයක් ඇත්තේම
පොදු ප්‍රවාහනය යනුවෙන් හැඳින්වෙන්නේ රටක සංචලතා (mobility) අවශ්‍යතා පොදුවේ සපයනු ලබන ක්‍රමයකට ය. සරලව කිවහොත් පොදුවේ ලබා දෙන ප්‍රවාහන සේවා මෙයින් අදහස් වේ. එ
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැක
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කොකු පණුවා දරිද්‍රතාවට කොක්ක ගසයි
ganegoda Sunday, 22 August 2021 11:40 AM
අපිට ඉන්නවා නේද ගම්වටේ දුවමින් ප්‍රශ්න විසඳන ජනාධිපතිකෙනෙක්.
lankaputhaTuesday, 24 August 2021 12:33 PM
සමහර ආගම් රටේ ලොකුම කොටස වීමට උත්සාහ කරන විට අනෙක් අය ඔවුන්ව ආරක්‍ෂා කිරීම සඳහා ගෙවිය යුතුද .. 3 වෙනි දරුවාට පසුව ස්ථීර සැත්කම කිරීමට නියම කාලය, එසේ නොමැතිනම් දෙමව්පියන්ට 4 වන දරුවා ලැබීමට අවශ්‍ය නම් එක් දරුවෙකුට මිලියන 5 ක තැන්පතුවක් නොමැති නම්. .
gamageTuesday, 24 August 2021 02:10 PM
ඔය ටිකවත් නොදැනද රටේ පාලනය බාරගත්තේ?